2013-10-11

මයික්‍රසොෆ්ට් වෙතින් tracking cookies සදහා විකල්පයක්!!!!

  වෙබ් අඩවියක් වෙත තම බ්‍රවුසරය ඔස්සේ පිවිසෙන විට එම වෙබ් අඩවිය වෙතින් බ්‍රවුසරය මත තැන්පත් කරන "cookies" ඔස්සේ භාවිතාකරන්නා හදාරන්නට අවස්ථවක් ලබා ගන්නා බවට වන චෝදනාව තවමත් වලංගුය. පලවන නවතම පුවතක් පවසා සිටින්නේ මයික්‍රසොෆ්ට් සමාගම වඩාත් සංකීර්න ක්‍රමවේදයක් ඔස්සේ තම භාවිතා කරන්නන් හැදැරීමට දරන උත්සාහයක් පිලිබදව තම අවධානය යොමු කර ඇති බවයි.එම ආයතනය බොහෝ කලක සිට මේවන් අත්හදා බැලීමක නිරතව ඇති බවට පවසන එම පුවත Xbox සමගද එය අත්හදා බලා ඇති බවටයි පවසා සිටින්නේ.මයික්‍රසොෆ්ට් සමාගම මෙම පුවත නිල ලෙස පිලිගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැති අතර ඔවුන් එම තත්වය පැහැදිලිකර සිටින්නේ දැනට භාවිතාවන Cookies ඉක්මවා යමින් භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වයටත් ගරු කෙරෙන වෙනත් ක්‍රමවේදයක් දියුනු කිරීමට තමන්ට අවශ්‍ය බවකි.
              මයික්‍රසොෆ්ට් සමාගම "Do Not Track" වෙතට සහය පලකරන ස්ථවරයක සිටින අතර තම නව වෙබ් බ්‍රවුසර සංස්කරන ඔස්සේ default මට්ටමෛන් එයට සහය පලකරන සැකසුම් සහිතව පැමිනීම පසුගිය කාලයේ මහත් කථා බහට ලක්වූවක් වූවා. W3C දෙසින්ද මෙම භාවිතාවන් ගැන නව ප්‍රමිතීන් ගෙන ඒමට අවධානය යොමුකර ඇති බවටයි වාර්ථා වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...