2011-08-31

වින්ඩෝස් 8 සමග "අයි.එස්.ඕ" ගොනු භාවිතය පහසුවන බව

වින්ඩෝස් 8 සමග එලිදකින්නට නියමිත නවතම අංග පිලිබදව දිනෙන් දින පලවීම් සිදුවෙනු දකින්නට පුලුවන්.සයිබර් අවකාශයට එක්වූ නවතම පුවතකින් කියවෙන්නේ වින් 8 සමග "අයි.එස්.ඕ" නොහොත් "ඉමේජ්" ෆයිල් සදහා අතර මැදි මෘදුකාංග සහයක් උවමනා නොවුනු ඇති බවයි. දැනට භාවිතා වන වින් 7 දක්වා වන සියලුම මෙහෙයුම් පද්ධති වලට කෙලින්ම "අයි.එස්.ඕ" ගොනුවක් සමග කටයුතු කල නොහැකි අතර ඒ සදහා භාහිර මෘදුකාංගයක සහය අවශ්‍ය වන අතර වින් 8 වලදී  මෙම  ෆයිලයක්  මත ක්ලික් කල විට  වර්චුවල් උපාංගයක් නිර්මානයවී මෙහෙයුම් පද්ධතිය තුලදීම ධාවන කල හැකිවනු ඇති බවයි සටහන් වන්නේ.

විකිලීක්ස් වෙත සයිබර් ප්‍රහාරයක්

විකිලීක්ස් වෙබ් අඩවිය වෙත එල්ලවූ සයිබර් පහරදීමක් නිසා ඊයේ දිනය තුල පැය කිහිපයක් සදහා බිඳවැටී තිබුන බවට වාර්ථා වෙනවා. ආයතනය තම ‍ටුවිටර් තුලින් ප්‍රකාශකර සිටියේ තම වෙබ් අඩවිය තාවකලික බිදවැටීමකට ලක්වී ඇති බවත් විකල්ප ඩොමේනයන් භාවිතා කරමින් තම සේවාව ලබා ගත හැකි බවත්ය. පැය තුනකට පසුව ඔවුන්ගේ ‍ටුවිටර් ගිනුම තුල පලවූ වේ තම වෙබ් අඩවිය නැවත යතා තත්වයට පත්වි ඇති බවයි. පසුව පලවූ තවත් ‍ටුවිටරයකින් කිය වූනේ එම පහරදීම පසුගිය දිනවලදී ඔවුන් පලකල එක්සත් ජනපද ඉඅහල මට්ටමේ ලිපි කිහිපයක් සදහා සිදුවූ ප්‍රතිචාරයක් විය හැකි බවකි.

2011-08-29

සමාජ ජාලා ධනාත්මක සමාජ මෙහෙවරක.....

ගෙවීගිය සතියේ ඇමරිකානු රතුකුරුස ප්‍රකාශයෙකු කියා සිටියේ ඇමරිකානු ජනතාව පොදු ආපදා අවස්තාවලදී වැඩි වැඩියෙන් සමාජ ජාලා වෙත තම අවදානය යොමු කරමින් සිටින බවකි.ඇමරිකාව මුහුන දෙමින් තිබෙන වර්තමාන ව්‍යසනය සමග එම ප්‍රකාශය වඩාත් සත්‍යවෙමින් පවතින බවයි පලවන වාර්ථාවලින් කියවෙන්නේ. එරට බලධාරීන් ජනතාව වෙත අලුත්ම තොරතුරු සංනිවේදනය කිරීමේදී ෆේස්බුක්, ‍ටුවිටර්, හා ගූගල්+ දැඩිලෙස යොදා ගන්නා බවත් මෙතෙක් භාවිතාවූ අන් සියලුම මාධ්‍ය වලට වඩා සමාජ ජාලා වල සේවය එරට ජනතාවද තම අලුත්ම තොරතුරු හුවමාරුව සදහා භාවිතා කරමින් සිටින බවටත් සටහන්වනවා.
                      ආපදා තත්වය උදා වෙත්ම එරට රතුකුරුසය විසින් එලබෙමින්  පවතින තත්වය සදහා ජනතාව සූදානම් වනයුරු දැක්වෙන ෆේස්බුක් ඇල්බමයක් නිර්මානය කර ප්‍රසිද්ධ කර තිබූ අතර එරට බලධාරීන්ද ජනතාව දැනුවත් කරනුවස් උපදෙස් වීඩියෝ කිහිපයක්ම සමාජ ජාලාවෙත මුදා හැර තිබූ බවයි වාර්ථාවුනේ. ‍ටුවිටර් තුලින්ද නිරන්තරයෙන් අලුත් තත්වයන් ගැන  ජනතාව දැනුවත් කල බවට කිය වෙනවා.

2011-08-26

වින් 8 වලදී වින්ඩෝස් එක්ස්ප්ලොරා වෙත වෙනස්කම් ‍රැසක්.......

මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ වින් 7 තුල සිදුවන ක්‍රියා කාරකම් වලින් සියයට පනහක් දත්ත ගොනු ,කොපි කිරීම්, වෙන  ස්ථානයකට ‍රැගෙන යාම්, නැවත නම් කිරීම් හා මකාදැමීම් යන මූලික ක්‍රියාකාරකම වලින් සමන්විත වන බවයි. තම නව මෙහෙයුම් පද්ධතියත් සමග මෙම ක්‍රියා කාරකම් සදහා සැලකිය යුතු වෙනස් ‍රැගෙන එන්නට ඔවුන් බලාපොරොත්තු වන බවටයි පැවසෙන්නේ.
     උදාහරනයක් ලෙස ඔවුන් දක්වා සිටින්නේ  "කොපි" වැනි ක්‍රියාකාරකමක් සදහා  එකවර සමාන්තර ක්‍රියාකාරකම් කිහිපයක් භාවිතා කරන්නා ඇරබුව හොත් ඒ සියල්ල එකම කවුලුවක් මතට ස්වංක්‍රීයව පැමිනෙන අතර වැඩි වේගයක් හා නිවරදි බවක් සදහා තාක්ශනික වෙනස් කම් කිහිපයක්ද හදුන්වාදීමට තමන් කටයුතු කරන බවයි.
                     එසේම මෙම ක්‍රියා කාරකම් සදහා විවෘතවන කවුලුවෙහි එක් එක් ක්‍රියා කාරකම දැක්වෙන සටහනට වෙන වෙනම වැඩි විස්තර ලබා ගත හැකි ආකාරයේ පහසුකමක් ලැබෙබ අතර ඒ තුලින් වේගය ප්‍රස්ථාර ආශ්‍රිතව භාවිතා කරන්නාහට දැක ගත හැකිවනු ඇති බවටයි කියවෙන්නේ.

දසවසරක සේවා කාලය සමරන xp තවමත් ඉදිරියෙනි.....

2001 අගෝස්තු මස 24 වන දින ප්‍රතම වතාවට මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් එක්ස්.පී. නම්  මෙහෙයුම් පද්ධතිය එලිදක්වන ලදී. තවමත් ලෝකයේ ජනංප්‍රියම මෙහෙයුම්පද්ධතිය ලෙසට  එක්ස්.පී. සලකන අතර මේ මොහොත වන විටත් ලොකයේ භාවිතාවන පරිගනක වලින් හරි අඩක මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතාවන බවට සැලකේ. කෙසේ නමුත් මයික්‍රසොෆ්ට් ආයතනය  මෙම දසවස් සැමරුම සදහා කිසිදු නිල ප්‍රතිචාරයක් නොදැක්වූ බවටයි වාර්තා වන්නේ.
       හදාරනන් පවසන්නේ එක්ස් පී වල දෙවන "සර්විස් පැකය"  2004 අගෝස්තු නිකුත්වූ අතර, ලොව වැඩිම අවධානය දිනා ගැනීමට එය සමත්වූ බවයි. මෙම සංස්කරනය මෙහෙයුම්පද්ධතියට තීරනාත්මක වෙනස් කම් කිහිපයක් ‍රැගෙන ආබවත් ආරක්ශාව අතින් සිදුවූ දියුනු වීම් විශේෂයෙන් කැපී පෙනුන බවයි බවසන්නේ.
                පසුගිය මාසයේ මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර සිටියේ එක්ස්.පී. මෙහෙයුම් පද්ධතියට සමුදෙන්නට කාලය පැමින ඇති බවත් වින් 7 ඒ සදහා සාර්ථක විකල්පයක්ද බවයි. එක්ස්.පී. හි අවසන් සේවා ගොනු සංස්කරනය වෙත තමන් සපයන සේවාවන් 2014 අප්‍රේල් මාසයෙන් අවසන් වන බවයි ඔවුන් පවසා සිටින්නේ.

2011-08-25

ව්‍යාජ පුද්ගලභාවයන්ට ගූගල්+ වෙතින් දැඩි ප්‍රතිචාර!!!!

 අන්තර්ජාලය තුල සමහරුන් ව්‍යාජ පුද්ගලත්වයන්ගෙන් පෙනී සිටින්නේ වියහැකි හානීන් ගෙන් ගැලවි සිටින්නටය.තවත් සමහරුන් ව්‍යාජ පුද්ගලත්වයන්  තුල සැගවී සිටින්නේ තමන් අන්තර්ජාලය තුලදී කරන කියන දේ සදහා වගකීමෙන් වැලකී සිටීම සදහාය. මූලිකව සලකන කල මොවුන් දෙවර්ගයම සයිබර් අවකාශය සදහා කරන්නේ අනර්තයකි. දෙවනුව එම අනර්තය ඉහල මට්ටමක හෝ පහල මට්ටමක විය හැක. ෆේස්බුක් සමාජ ජාලය ගැන සලකන විට මෙම තත්වට හොදින් දැකිය හැක. සමහරුන් තම කාර්යාලයේ ආසන්නතම මේසවල සිටින පිරිස ඇරෙන්නට වෙන කිසිවෙක් සමග සමාජ ජාලා ස්වභාවයේ මිතුරු කමක් ගොඩනගා ගන්නට  අකමැති වෙයි. තවත් කොටසක් කරනුයේ තමන්ගේ සත්‍ය පුද්ගලත්වයට අමතරව ව්‍යාජ පුද්ගලත්වයන් දෙක තුනක් හෝ වැඩි ගනනක් පවත්වාගෙන යයි. තමන්තුල ඇති පහත් ආශා පද්ධතිය මුදා හරින්නට මෙම ව්‍යාජ පුද්ගලත්වයන් ප්‍රයෝජනයට ගනී.සමහර විටක ලංකාව වැනි රටවල මෙම තත්වය වඩාත් දරුනු ලෙස බලපානවා විය හැක. එක් දෙසකින් සාම්ප්‍රදායික සංස්කෘතික සීමා නැගී සිටින විට අන්දෙසින් විවෘතවූ  මාධ්‍යන් ඔස්සේ ලිහිල්වූ සංස්කෘතික රටා ගලා එයි.
              ගූගල් ආයතනය අන්තර්ජාල භාවිතා කරන්නන් සදහා මීලග යුගය ‍රැගෙන එන්නට තීර්නය කර ඇතුවා සේය. කොටින්ම "අන්තර්ජාලය යනු සත්‍ය ලෝකයේ මිනිස් නියෝජනයේ තාක්ශනික සංස්කරනයක් මිස , සංකෘතික හෝ වෙනයම් හේතුවක් මත ව්‍යාකුලවූ මිනිස් සිතුම් පැතුම් ගලායවන්නට ඇති මාධ්‍යක් නොවිය යුතුය" යන්නට මොනයම් හේතුවක් නිසා හෝ මුල් තැනක් දීමට තීර්නය කර තිබීම ඉතා ධනාත්මක තීර්නයකි.
      ගූගල්+ පුද්ගලත්වයන් ගැන ගූගල් ආයතනයෙන් දිනෙන් දින ගලා එන තොරතුරුවලින් මේ බව වඩ වඩාත් තහවුරු වෙයි.අලුත්ම පුවතකින් කියවෙන්නේ ව්‍යාජ පුද්ගලත්වයන් තහවුරු කර ගැනීම සදහා ස්වංක්‍රීය ක්‍රම වේදයක් දියත් කරන්න්ට යන බවකි. ඔවුන් පවසන්නේ හැකි ඉක්මනින් තම සංකේත නාමයන් තමන්ගේ ස්වභාවික නාමය දෙසට වෙනස් කර ගන්නා ලෙසය.එසේ නොකලහොත් දැනුම්දීමකින් තොරව ඔබේ ගූගල්+ පුද්ගලත්වය ඉවත් කරන්නට සිදුවනු ඇති බවය. ගූගල් ආයතනය පවසා සිටින්නේ "ගූගල්+ තුල අපට අවශ්‍ය වන්නේ සැබැ මිනිසුන් ගේ නියෝජනයකි. ඔබේ හිතවතුන් ඔබව අමතන සැබෑ නාමය අපට අවශ්‍යවී ඇත්තේ ඒ නිසාය" කියාය.

අද පුවත් කෙටියෙන්....

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උලලේ ආරක්ශාව වැලසීමට දත්ත ගතවී ඇති අපරාධකරුවන් හදුනාගැනීමේදී "මුහුනුවර හදුනා ගැනීමේ" මෘදුකාංගය  භාවිත කිරිමට තීර්නය කර ඇතිබවට එක්සත් රාජධානිය ආරක්ශක අංශ වෙතින් පලවෙන නිවේදනයක සදහන් වනවා. ඔවුන් පවසන්නේ දැනට භාවිතාවෙමින් පවතින ඡායාරූප ක්‍රම වේදයට අමතරව මෙම මෘදුකාංගය භාවිතා වෙන බවත්ය. පසුගිය සතියේ පැවති කලබලකාරීත්වය මෙම මෘදුකාංගය සාර්ථකව අත්හදා බලන්නට අවස්තාවක් වූ බවත් ඔවුන් ප්‍රකාශකරනවා.

නන්නාදුනන සයිබර් පහර දෙන්නන්ගේ කන්ඩායමකින් නිවේදනය වන්නේ එලබෙන නොවැම්බර් මස 5 වන දින ඔවුන් ෆේස්බුක් වෙබ් අඩවිය අවසන් කර දමන්නට තීර්නය කර ඇති බවකි. ඔවුන් පවසන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය තම භාවිතා කරන්නන්ගේ තොරතුරු රජයේ ආයතන වෙත අලවි කරනා බවයි.

අවවාදයයි: දරුවන්ට සමාජ ජාල අහිතකර විය හැක....

ඇමරිකාවේ කොලොම්බියානු සරසවියකින් නිකුත්වූ වාර්ථාවකින් පැවසෙන්නේ  "ඇබ්බැහි" වීමක ස්වරූපයෙන් ෆේස්බුක් , මයි ස්පේස්  හා වෙනත් සමාන සමජ අඩවිවෙත යනෙන දරුවන් ගැන දෙමා පියන්ගේ වැඩි අවදානයක් ලබා දීම වැදගත් බවයි. ඔවුන් පවසන්නේ  බොහෝ විට මෙම දරුවන් සම දරුවන්ට වඩා නොකලයුතුදෑ සදහා වැඩි පෙලබවීමක් දක්වන බවට තම දත්ත වාර්ථා පෙන්වන බවයි. ඇල්කොහොල් භාවිතය දුම්වැට් භාවිතය ඔවුන් උදාහරන ලෙස පෙන්වා සිටිනවා.
                       ඇමරිකානු පරිසරය තුල සිදුකල මෙම අධ්‍යනය තුලින් ඔවුන් පවසන්නේ, සමජ ජාලා හා ඇසුරක් නොපවත්වන දරුවන් හා සසදන කල  දුම් වැටි සදහා  නැබුරුතාවය පස් ගුනටක් වන බවත්, තුන් ගුනයක නැබුරුතාවයක් මත්පැන් සදහාත් ඇති බවයි.

+1 තවත් හැඩ වෙන හැඩයි..........

ගූගල්+1 බටනයත් ගූගල්+ අඩවියත් යනු ඉතා හොදින් එකිනෙකට බැදුනු ගූගල් වෙහින් මැතකදී දුන් හදුන්වාදීම් දෙකකි. ඇත්තෙන්ම +1 බටනය යනු ගූගල්හි "සෙයුම් ප්‍රථිපල" වලට නව මානයක් ‍රැගෙන ආවේය. වෙනස් අයුරකින් පවසන්නේ නම් නිරපේක්ශ ප්‍රතිපල සාපේක්ශ කලේය. භාවිතා කරන්නෙකුගේ කෝනයෙන් නම් ප්‍රථිපල වඩාත් සමීප කලේය.
               ගූගල්+ බටනයට තවත් මදක් අවකාශය පුලුල් කර දී ඇත. ඒ අනූව +1 බටනය භාවිතයේදී ඒ සමගම විවෘතවන "හදිසි කඩා හැලෙන" කවුලුවක් තුලින්  භාවිතා කරන්නා ගෙන් විමසා සිටින්නේ "මේගැන ඔබේ මත පලකිරීම ඔබේ ගූගල් අවකාශයතුල මොන අනු අවකාශයට අදාල කරගත යුතු දැයි" කියාය. ඒ අනූව ගූගල්+ හි සබදතා කවයක් ‍තෝරන්නාක් මෙන්  අදාල වපසරියක් ‍තෝරගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත.
                    එසේම මෙම හදුන්වාදිම වඩාත් අර්ථවත් කරනු සදහා ගූගල් ආයතනය, ඉහත ආකාරයේ +1 එකතුකිරීමකට එම අවස්ථවේ එම අඩවියෙහි කුඩා පින්තූරයක්ද , අදාල අඩවියට සබදතාවයද එක් කරන්නට කටයුතු යොදා ඇති බවයි වාර්ථාවන්නේ.මෙම නවාංගය එලබෙන සතිය වනවිට ක්‍රමානුකූලව භාවිතාකරනන් වෙත මුදා හැරීමට කටයුතු යොදා ඇතිබවයි ගූගල් ආයතනය පවසන්නේ. 

2011-08-23

2008 හදුන්වාදෙන ලද යු.එස්.බී 3.0 ඊට පෙර යු.එස්.බී දෘඩාංග හා සසදන කල.....

2008 හදුන්වාදෙන ලද යු.එස්.බී 3.0 ඊට පෙර යු.එස්.බී දෘඩාංග හා සසදන කල සැලකිය යුතු තරමේ වැඩි දත්ත හුවමාරු වේගයක්  නොපෙන්වන ලදී. නමුත් සලකිය යුතු මට්ටමක වැය ශක්තිය කලමනා කරනයකරන බවක් පෙන් විය. ඒසේ බැටරියක පැවැත්මට හිතකර ස්වභාවයක් පෙන් විය. 2015 පමන වනවිට සියලු පරිගණක යු.එස්.බී.3.0 සබදතාවයක් සමග  වෙළදපොලට පැමිනෙනු ඇති බවටයි දැනටමත් අනාවැකි පලවෙමින් තිබෙන්නේ. එම වසර තුල පමනක් බිලියන 2 කට අධික යු.එස්.බී 3.0  ආශ්‍රිත උපකරන වෙළද පොලට  එනු ඇතැයි දැනටමත් අනාවැකි පලවී තිබෙනවා.
               වින් 8 පිලිබදව වන සටහන් අතර යු.එස්.බී3.0 සමග උපරිම සහයෝගයෙන් කටයුතු කරන්නට හැකිවන ලෙස නිර්මානය වනු ඇති බවටයි සටහන්වන්නේ. වැඩි කාර්යක්ශමතාවය සදහා  දෘඩාංගමය වෙනසක් ගැනද සලකාබලමින් සිටින බවත්, මේ වනවිටත් ලෝකය පුරා භාවිත වෙනින් ඇති බිලියන 10 අධික යු.එස්.බී උපකරන ගැනද නොසලකා හරින්නට බැරි බවත් අනිවාර්යෙන් වින්8 සමග යු.එස්.බී පෙර සංස්කරනද හොදින් ක්‍රියාත්මක වන්නට වග බලා ගන්නා බවටයි ඔවුන් පවසන්නේ. යු.එස්.බී මෘදුකාංගයේ වෙනසක් ගැනද දැනට සලකා බැලෙන මින් ඇති බවයි වැඩිදුරටත් වාර්ථ වෙන්නේ.

හානිකර මෘදුකාංග තම මූලික අවධානය පරිගණකයේ සිට ජංගම උපකරන වෙතට.......

හානිකර මෘදුකාංග  තම මූලික අවධානය පරිගණකයේ සිට ජංගම උපකරන වෙතට යොමු වෙමින් පවතින බවයි පැවසෙන්නේ. දහස් ගනනක් භාවිතා කරන්නන් තම ජංගම දුරකතන වෙත "ට්‍රෝජන් හෝස්" වර්ගයේ  ආසාදිත මෘදුකාංග බාගතකරගනිමින් ස්ථාපනය කර ගන්නා අතර ඔවුන් නොදැනුවත්වම තම දුර කතන අංකවල සිට බොහෝ දත්තයන් දුර බැහැර පිහිටි සර්වරයන් වෙත ලබා දෙමින් සිටින බවයි කියවෙන්නේ. ගූගල් ආයතනය දෛනිකව මෙම හානිකර මෘදුකාංග වලකමින් මුල්මෘදුකාංගය වෙත යාවත් කාලීනයන් නිකුත් කරමින් සිටින බවයි සටහන්වන්නේ.
              "ඇන්ඩ්‍රොයිඩ්" වෙත මෙම හානිකර මෘදුකාංග තනන්නන් වැඩි කැමැත්තක් දක්වන්නේ පහසුවෙන් තමන් හානිකර මෘදුකාංග කොටස් එක් කරමින් කල ඇප්ලිකේශනයන් ජනංප්‍රිය නාමයන් මදක් වෙනස් කරමින් එම මෘදුකාංග ජාලයන් වෙත පහසුවෙන් මුදා හරින්නට  හැකිවීම නිසා බවයි මේ පිලිබද හදාරන්නන් පවසන්නේ.
                    ඔවුන් පවසන්නේ ඔබ ලබා ගන්නා මෘදුකාංගවල විස්තර පැහැදිලි කර ගන්නා ලෙසත්, ආගන්තුක නිශ්පාදන හෝ අත්හදා බැලීමේ සංස්කරනයන් ගැන සැලකිලිමත් වන ලෙසත් අවවාද කරන අතර එය ස්ථාපනයේදී ඒය විසින් ඇසුරු කිරීම සදහා අවසර පතන අදාල නොවන අංගයන් ගැනත් සැලකිමත් වන ලෙස පවසා විටිනවා.

අපි යාලු නොවී ආශ්‍රය කරමුද?? හරියට ගූගල්+ වගේ!!!!!!

ෆේස්බුක් වෙත වැරදුනු තැන් ඉතා සියුම් ලෙස ගූගල්+ හදාරා ඇතිසේය. ‍ටුවිටර් වල යහපත් ලක්ෂන හොදින් හදාරාද ඇති සේය. ෆේස්බුක් වලදී මෙන් නොව ඔබට යමෙකු හා තොරතුරු හුවමාරු සබදතාවයක් සදහා දෙදෙනාම එකගවන "යාලුකමක්" උවමනා වන්නේ නැත. එවිට ඔබට තොරතුරු හුවමාරු කර ගන්නා සගයෙකුට අනවශ්‍ය බලපෑමක් ඔබ වෙත ගෙනෙන්නද නොහැකිය. විචාරකයන් පවසන්නේ සාපේක්ෂව ගූගල්+ යනු සමජ ජාලාවල මිලග පරම්පරාවේ ආරම්භය ‍රැගෙන විත් ඇතුවා කියාය.
       තවමත් ඇරයුම් පදනම මත පමනක් භාවිතා කරන්නන් කැදවා ගන්නා ගූගල්+  සමාජ ජාලය සීමිත භාවිතා කරන්නන් සංක්‍යාවක් මත පවතින අතර පසුගිය ජූලිමස තුල පමනක් ෆේස්බුක් අඩවිය වෙත එක්සත් ජනපදභාවිතා කරන්නන් මිලියන 162 ආගිය බවයි සටහන් වන්නේ. අවසාන ලෙස පැවසෙන්නේ තවමත් ලෝකයේ අංක එකේ  සමාජ ජාලය ෆේස්බුක් බවයි.

2011-08-22

වින්ඩෝස් එක්ස්.පී භාවිතා කරනන්හට අනතුරු අගවා සිටිනවා........

මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් එක්ස්.පී භාවිතා කරනන්හට අනතුරු අගවා සිටිනවා තව දින 1000 අඩු කාලයක් තුලදී තම ආයතනය එය සදහා නිකුත් කරන යාවත්කාලීනයන් අවසාන වන බවට. 2014.04.08 දිනෙන් පසුව එක්ස්.පී මෙහෙයුම් පද්දතිය අත්හැර දමනු ලැබූ මෙහෙයුම් පද්ධතියක් වන අතර හානිකර මෘදුකාංග වලට ගොදුරුවීමේ අනතුර ඉදිරියේ සම්පූර්නයෙන් නිරාවරනයවන බවත් පවසා සිටිනවා.
     ලෝකයපුරා පරිගණක මිලියන ගනනකට සාර්තක ලෙස සේවාය සැපයු මෙම මෙහෙයුම් පද්ධතිය සදහා වින් 7 විකල්පය සාර්තක වනු ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ. මේ වනවිට ලොකය පුරා පරිගණකවලින් 51% එක්ස්.පී. භාවිතා වන අතර වින් 7 27%ක භාවිතා වන බවයි සටහන් වන්නේ. පවතින දත්තමත කරන ගනනයන් වලින් පැවසෙන්නේ 2012 මැදභාගය ආසන්න වනවිට වින්7 වල භාවිත ප්‍රතිශතය එක්ස්.පී ඉක්මවා යනු ඇති බවයි

20 වසර සපිරුන "ලිනක්ස්"

 ලිනක්ස් යනු නිදහස් හා නොමිලේ ලබාගත හැකි මෙහෙයුම් පද්ධතියකි. පසුගිය 18 වන දින "ලිනක්ස්" තම 20 වන සංවත්සරය සමරනු ලැබුවා. 1991 අගෝස්තු මස පලමු සංස්කරනය නිකුත්කරන විට තමගේ අරමුන වූවේ විනෝදය පමනක්ම වූ බවයි කලකට ඉහතදී අදහස් දැක්වීමකදී මෙහි නිර්මාතෲ පවසා තිබුනේ.
         සියයට හැත්තැපහක්ම  ලෝකයේ තොග වෙළද පොලවල් වල මේ වන විට භාවිතා වන්නේ  "ලිනක්ස්" බවයි ප්‍රකශවන්නේ. එසේම ප්‍රකට පෙලේ  "සර්වර්" රාශියක්ම ලිනක්ස් භාවිතා කරමින් සිටින බවයි සටහන් වන්නේ. ඒවා අතර "ඇමසෝන්"  "ෆේස්බුක්" "‍ටුවිටර්"  "ගුගල්" සර්වර්ස් ඇති බවයි කියවෙන්නේ. එසේම ලොවපුරා 95%  "සුපර්මාකට්" වල මෙන්ම "ස්වංක්‍රීය ටෙලර්" යන්ත්‍රවලද  තම මෘදුකාංගය භාවිතා වෙමින් පවතින බවයි සටහන්වන්නේ. "උබුන්‍ටු" යනු වැඩියෙන්ම ලිනක්ස්  මෘදුකාංගය ඩෙස්ක් ටොප් වෙත ‍රැගෙන ආ නොයෝජිතයා ලෙසයි සලකන්නේ . ජංගම උපකරන ගැන සලකන විට ඇන්රොයිඩ් නොසලකා හැරිය නොහැකි බවයි සටහන් වන්නේ. පහත දැක්වෙන සටහන ඔබ වෙතට වැඩි අවබෝදයක් ‍රැගෙන එනු ඇත.

දවස පුරා අලුත්වන කෙටි පුවත්(8/22)


 
වසර හයක කාලයක් තිස්සේ මිනිස් පැය මිලියන ගනනක උත්සාහයක ප්‍රථිපලයක් ලෙස අයි.බි.එම්
 ආයතනය මූලිකව මිනිස් මොලයට සමාන සිලිකන් චිප් පත් දෙකක් නිපදවා ඇති බවට තොරතුරු පලවෙනවා. අයි.බී.එම් හි 45 නැනෝමිටර් චිප් පත් දෙකක් ලෙස සකස් වී ඇති මේවා 10 මෙගා හර්ට්ස්. 256 ඩිගිටල් නිව් රෝන වලින් සමන්විත බවයි පැවසෙන්නේ.
                     මනසේ මූලික ස්වභාවයක් වන "අනුමාන කිරීම, අත්හදා බැලීම ,නිගමනය" ක්‍රමවේදය අනූව ක්‍රියාත්මකවීමට සමත්කමක් මෙම චිප් පත් සමග වේයැයි ඔවුන් පවසා සිටිනවා.1956 සිට ක්‍රියාත්මක "කෘතීම බුද්ධිය"සම්බන්ද අත්හදා බැලීම් මාලාවකින් තමන් අත්කර ගත් මහත් ජයක්ග්‍රහනයක් ලෙස ඔවුන් මෙම අවස්තාව දක්වා සිටිනවා.

ක්‍රෝම් වර්ධනය වෙද්දී ෆයර්ෆොක්ස් ලිස්සා යමින් සිටිනවාද???

කලකට ඉහත මගේ ප්‍රියතම වෙබ් බ්‍රවුසරය වූවේ ෆයර්ෆොක්ස්ය. නමුත් වර්තමනයේ වැඩි භාවිතයක් මා අතින් ලැබෙන්නේ ක්‍රෝම් බ්‍රවුසරයයි. මට හැගෙන අකාරයටනම්  ආරක්ශාව අතින් ක්‍රෝම් ඉදිරියෙයැයි සිතෙන නිසා වියයුතුය.ක්‍රෝම් බ්‍රවුසරය "ජාවා" ඇප්ලටයක් ධාවනයට පෙර පෙර භාවිතාකරන්නාගේ එකගතාවය ඉල්ලීම එක් ප්‍රධාන හේතුවකි. කලකට ඉහත සංස්කරන වල මෙම උපාංගය නොතිබිනි. නමුත් පහර දෙන්නන්ගේ ‍තෝතැන්නක් බවට ජාවා ක්‍රියාත්මකයන් පත්වෙනවාත් සමග ගූගල් ආයතනය් මෙම පියවර ගෙන තිබුනි.ක්‍රෝම් 13 වන සංස්කරනය නැතිනම් දැනට ඇති අවසන් සංස්කරනය තුල මෙම ගුනාංගය ඉතා හොදින් දියුනුකර ඇත.
   මැත දිනයකදී මා මාගේ තවත් පරිගනකයක් දුරස්තව පාලනය කරන්නට උත්සාහා ගත්විටකදී ගූගල් ක්‍රොම් එම මෘදුකාංගය ධාවනය අත්හිටවන ලදී. විමසිල්ලෙන් බලන විට කාරනය පැහැදිලි විය. එම මෘදුකාංගය ධාවනයට උවමනා ජාවා කොටස්වල පැරනි සංස්කරනය නිසා බව ක්‍රොම් විසින් දන්වා තිබිනි. ස්වංක්‍රීයව යාවත්කාලීන පි‍ටුවකට සම්බන්දවෙනවාට වඩා භාවිතා කරන්නා ඒ පිලිබදව දැනුවත් කිරීම හොද ගුනාංගයක් ලෙස මට හැගිනි.

2011-08-21

වින් 8 ගැන පලවන ආරංචිවල හැටියට නම්.............

  මයික්‍රොසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධතිය  අන් සියලුම සංස්කරනයන්ට වහා හාත් පසින්ම වෙනස් වනු ඇත. කර්නලයේ සිට ක්ලවුඩ් දක්වා, නැතිනම් සම්පූර්නයෙන්ම වෙනස් මගක් ගනු ඇත. ඒ.ආර්.එම්. ප්‍රොසසරය සමග හොදින් එකගව වැඩකරන්නටත්,ජංගම උපාංග සමග උපරිම කාර්යක්ශමතාවයෙන් වැඩ කරන්නටත්, සමස්ත පද්ධතියම මෙනුගත පහසු හැසිරීම්  අවස්තාවන්  වලින් සමන්විත පරිගනක මෙහෙවුම් පද්ධතිවලට මීලග පරම්පරා වෙනස ‍රැගෙන එනු ඇති බවටයි කාගේත් බලා පොරොත්තුව වී ඇත්තේ.
          මයික්‍රොසොෆ්ට් ආයතනයේ මීලග යුගයේ ප්‍රමුක බලාපොරොත්තුව "ටැබ්ලට්"  බව තවදුරටත් රහසක් නොවේ. ඒ.ආර්.එම්. ප්‍රොසසරයට උපරිම සහයෝගය මෙන්ම උපරිම අඩුම බලය වැයකින් ක්‍රියාත්මකවීමේ හැකියාව  අනිවාර්ය වෙනුඇති බවට බලාපොරොත්තු විය හැකිය.  අනිත් අතින් ස්පර්ශක තිර භාවිතයට පැමින දසකයකට ආසන්න වූවත් මෙහෙයුම් පද්ධතියක් ලෙස ඒවා ගැන ලොකු බලපොරොත්තුවක් මෙතෙක් භාතවූ කිසිදු ප්‍රධාන සංස්කරනයකින් පලනොවිනි. මීලග මයික්‍රොසොෆ්ට්  මෙහෙයුම් පද්ධතිය ස්පර්ශකතිර වලට වැඩිසමීපබව මූලික වනු ඇත. ලොගින් ස්ක්‍රීනය, ටාස්ක් මැනේජරය,මෙන්ම බ්‍රවුසරය ස්පර්ශක මෙහෙයුම් වලට වැඩි නැබුරුතාවයක් දක්වනු ඇත. පසුගිය දිනවලදී අන්තර්ජාලය වෙත නොනිල ලෙස පිවිස තිබූ වින්8 වලපෙර සංස්කරනයේ ස්පර්ශක තිර මිත්‍ර බව පැහැදිලිව දකින්නට ලැබුනු බවයි කියවෙන්නේ. පාස්වර්ඩ් පිවිසුම් ක්‍රමය වෙනුවට විකල්ප ක්‍රමවේද භාවිතයට නව මෙහෙයුම් පද්ධතිය  නැබුරුවනු ඇති බවයි බලා පොරොත්තුව වී ඇත්තේ.
  
                                               රිබන් ආකාරයේ  මෙනු පද්ධති භාවිතයට පැමිනෙනු ඇත.එසේ මුත් පලවන  ඉගිවලින් කියවෙන්නේ භාවිතාකරන්නාගේ සිත් පරිදි වින් 7 වල මෙනු පද්ධති වලට සමාන මෙනු පද්ධතියක් ‍තෝරා ගැනීමේ අවස්තාවද ලැබෙනු ඇති බවයි. ටාස්ක් මැනේජර් වල කාර්යභාරය බෙහෙවින් වෙනස්වනු ඇත්තේ දැනටවඩා පහසුවෙන් ක්‍රියාත්මකවෙමින් පවතින "ක්‍රියාත්මකයක්" නතර කර දැමීමේ හැකියාව ලැබෙනු ඇති බවයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ.බොහෝ විට දැනට සැගවී පවතින"ක්‍රියාත්මකයන් " පවා පහසුවෙන් නවතා දැමීමේ හැකියාව ලැබෙනු ඇත. (මෙම ලිපියේ පසු සංස්කරනයක් බලපොරොත්තුවන්න)

ගූගල්+ ආරම්භයේ සිටම පුද්ගල අව්‍යාජත්වය කෙරෙහි දැඩි අවධානයකින්....

සමාජ ජාලා අඩවි වෙත යන එන්නන් බොහෝ විට තමන් ඇසුරු කරන කතා බහ කරන අයවලුන්ගේ අන්‍යතාවය ගැන සැක පල කරති. තවත් අතකින් සයිබර් පහරදීම් වලදී ප්‍රමුකත්වයක් ව්‍යාජ මිනිස් නියෝජනයන් ඔස්සේ ‍රැස් කර ගන්නා දත්ත මත කරන සිදුකරන සයිබර් අපරාධ වලට ලැබී ඇත. දැනටමත් හොදින්ම දන්නා අය ඇසුරු කරන්නට නම් සමාජ ජාලා අවැසි වන්නේද නැත. ඒ සදහා "ස්කයිප්"  වල සිට බොහෝ සේවා ඇත.ෆේස්බුක් හි මෙම අව්‍යාජ පුද්ගලයන් සොයා ගැනීමේ ක්‍රමවේදය අසාර්තක බව එහි ගැවසෙන සිංහල අනන්‍යතා කිහිපයක් තොරා ගෙන හැදැරීමෙන් ඔබටද වටාහා ගත හැකි වනු ඇත.
                  ගූගල්+ ආරම්භයේ සිටම පුද්ගල අව්‍යාජත්වය කෙරෙහි දැඩි අවධානයකින් කටයුතු කරනු දක්නට ලැබිනි. මේ දිනවලදී හදුන්වාදෙමින් සිටින නවාංගයක්  තුලින්ද මෙම කටයුත්තට වඩ වඩාත් ප්‍රමුකත්වය දෙමින්  සිටී. එනම් පුද්ගල අනන්‍යතා තහවුරුකර ගැනීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දෙමින් තිබීමයි. වඩත් ජනංප්‍රිය පුද්ගල අනන්‍යතාවල සිට ක්‍රමයෙන් පහතට හදුන්වාදෙමින් ඇති මෙම ක්‍රමවේදය ඔස්සේ ඔබේ අනන්‍යතාවය තහවුරුවූ විට ගූගල්+ හි ෆ්‍රොෆයිලයේ ඔබේ නමට ඉදිරියෙන් කුඩා "හරි" ලකුනක් දිස්වන අතර ඒ මතට කර්සරය ගෙන ගිය විට  එම නාමය තහවුරු කරගත් බවට වචන දෙකක වැකියක්  දිස්වෙනු ඇති බවයි සටහන් වන්නේ.

2011-08-20

සයිබර් ප්‍රහාර හදුනා ගැනීම සංකීර්න වෙමින් පවතිනවා

ගූගල් ආයතනය පවසන්නේ වෙබ් අඩවිආශ්‍රිත හානිකර මෘදුකාංග හදුනා ගැනීම ඉතාම අපහසු කටයුත්තක් වෙමින් ඇති බවය. මැතකදී නිකුත්වූ  අධ්‍යනවාර්ථාවකින් ඔවුන් පවසා සිටින්නේ ප්‍රතිවෛරස සමාගම් තම ක්‍රමවේදයන්ගේ පැහැදිලි වෙනසකට යායුතුව ඇති බවකි.වසර හතරක් තුල මිලියන 8ක වෙබ් අඩවි  වල මිලියන 160 වෙබ් පි‍ටු විස්ලේශනයෙන් සැකසුනු ගූගල් වල ආරක්ශිත වෙබ් සැරිසර සේවාව තුලින් භාවිතා කරන්නන් හට ආසාදිත වෙබ් අඩවි පිලිබද අනතුරු ඇගවීම් ගූගල් ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් සෙයුම් යන්ත්‍රවලදී ලබ දෙමින් සිටිනවා
                      ගූගල් ආයතනය පවසන්නේ තමන් දිනකට මිලියන 3ක ආසාදිතයැයි සැක කෙරෙන වෙබ් අඩවි පිලිබද අනතුරු ඇගවීම් මිලියන 400 වෙබ් අඩවි භාවිතා කරන්නන් හට ලබා දෙමින් සිටින බවයි. පහරදෙන්නන් ගේ දිනෙන් දින සංකීර්න වෙමින් තිබෙන ක්‍රමවේද හමුවේ තම හදුනා ගැනීමෙ ක්‍රම වේදයන් පිලිබදව සතු‍ටු විය නොහැකි තත්වයක් උදා වෙමින් පවතින බවයි ඔවුන්පවසන්නේ.
                ඔවුන් වෙබ් අඩවිවල නිරෝගී භාවය නිර්නය කිරීම සදහා ක්‍රමවේද කිහිපයක් අනුගමනය කරමින් සිටී. වර්චුවල් ආකාරයේ වෙබ් සරන්නෙකු වෙබ් අඩවිතුලට ඇතුලු කර එම වෙබ් අඩවිතුලින් ලබ දෙන ප්‍රතිචාර පිලිබද පිලිබද වාර්ථාවක් ලබා ගැනීම ඉන් එක් ක්‍රමයකි. අනෙත් ක්‍රම අතර වෙබ් අඩවි "රෑන්කිං" හා වෙබ් අඩවියේ පරිසරය පිලිබද හැදෑරීමත් ප්‍රතිවෛරස මෘදුකාංගවල පිහිට ලබා ගැනීමත් සිදුවන බවයි පවසා සිටින්නේ.
                  නියමිත් ලෙස යවත්කාලීන නොවූ මෘදුකාංග භාවිතය ගැන ඉහල මට්ටමක අනතුරු ඇගවීමක් ඔවුන් දක්වා සිටිනවා. බොහෝ පහරදෙන්නන් පිරිසක් මෘදුකාංගවල මෙම දුර්වල ප්‍රයෝජනයට ගැනීමට බලා සිටින බවත් අනෙක ලෙස "ව්‍යාජ සමජ සබදතා" ඔස්සේ තම ඉලක්ක ලබා ගැනීම මේ දිනවල බහුලව භාවිතවන අනෙකුත් ක්‍රවේදයලෙසත් ඔවුන් පවසනවා." වෛරස සිග්නේචර්" ක්‍රමවේදයද අර්බුදයකට ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ. පහරදෙන්නන් සමහර අවස්තාවලදී "පැක්" කරන ලද කෝඩ් භාවිතා කිරීම නිසා ප්‍රති වෛරස වලට හදුනාගැනීමට ගතවන කාලය යලිත් වෙනසක් ලබා ගැනීමට ඔවුන් ප්‍රයෝජනයට ගන්නා බවයි කියවෙන්නේ.

ෆයර්ෆොක්ස් 7 බීටා සමග දැනෙන වෙනසක්......

 අප ෆයර්ෆොක්ස් 7බීටා සමග බ්‍රවුසරයේ මතක භාවිතය දැනෙන වෙනසක් කරා ‍රැගෙන විත් තිබෙනවා. සංඛ්‍යාත්මකව පවසන්නේ නම්  20% හා 50% අතර වෙනසක් ‍රැගෙන විත් තිබෙනවා. එසේම  මතකය කලමනාකරනය පිලිබදවද වෙනසක් ඇති කර තිබෙනවා."ජාවා ස්ක්‍රිප්ට්"  අනවශ්‍ය ඉතිරිවීම් ඉවත්කිරීමේ ක්‍රමවේදය දියුනු කිරීම තුලින්.  මෙම වෙනස් කම් තුලින් අපට හැකිවෙලා තිබෙනවා ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය බොහෝ සෙයින් අඩුකරන්නට එසේම ආරම්භක කාලය මෙන්ම වෙබ් පි‍ටුවක් වෙතට පිවිසීමේ කාලයද බොහෝ සෙයින් අඩුකර තිබෙනවා. වැඩි ටැබ් ගනනක් විවෘතව ඇති විටක මෙන්ම වැඩිධාවන කලයකදී පවා ක්‍රියාත්මක වේගය හා තත්වය ඉහල මට්ටමක තබා ගන්නට අපට හැකිවෙලා තිබෙනවා. අවසානයේ මොසිල්ලා ආයතනය පවසා සිටින්නේ  සැප්තැම්බර් මස 27 වන විට ෆයර්ෆොක්ස් 7 හි අවසන් සංස්කරනය ඉදිරි පත් කරන්නට තමන් බලා පොරොත්තු වන බවයි.

ජර්මනියෙන් ෆේස්බුක් "ලයික්" බටනයට තහනමක්

ජර්මානු අභ්‍යන්තර ප්‍රදේශයක බලධාරීන් විසින් තම වැසියන් වෙත නිකුත් කර ඇති නිවේදනයකින් කියවෙන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් හි "ලයික්" උපාංගය භාවිතය නවතා දමන ලෙසත්, නැතිනම් දඩ ගෙවීමකට සූදානම් වෙන ලෙසත්ය.මෙම නිලධාරීන් පවසා සිටින්නේ 'ලයික්' බටනයේ ක්‍රියා කරීත්වය එරට අභන්තර දත්ත සුරකිමේ මෙන්ම යුරෝපා දත්ත සු‍රැකීමේ නීතී රීතීන් වලට පටහැනිව යමින් සිටින බවට තමන්හට හැගී යන බැවින් මෙම පියවර ගත් බවය.
         මීට පිලිතුරු ලෙස ෆේස්බුක්හි බලධාරියෙකු ප්‍රකාශකර සිටියේ  දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක මෙම අංගය කිසිසේත්ම යුරෝපානු නීති රීතීන් උල්ලංගනය කරන බවට තමන් පිලි නොගන්නා බවත්, "ලයික්" බටනයේ ක්‍රියා කාරීත්වය භාවිත කරන්නන්හට යමක් ගැන තීර්නය ගැනීමේදී තම හිත මිතුරන්ගේ ඒ පිලිබදව ඇති කැමත්ත අකමැත්ත දැන ගැනීමෙන් මහත් සේවාවක් කරන බවය.තවදුරටත් පවසා සිටියේ කිසිවෙකු තම ගිනුමකට ඇතුලුනොවී "ලයික්" බටනය භාවිතා කල විට ආයතනය තුලට ‍රැස්වෙන එකම දත්ත්ය ව්න්නේ ඔහුගේ "අයි.පී" ලිපිනය පමනක් වන බවය.
           මීට පෙරද ෆේස්බුක් ආයතනය හදුන්වා දුන්  "ෆොටෝ ටැග්" අංගය සමගද ජර්මානු බලධාරීන් එකග නොවීමේ ගැටලුවක් ඇතිවූයේ එයද යුරෝපානු දත්ත සු‍රැකීමේ නීතිරීති ඉක්මවා යාමක් ලෙසය.

සුන්දරය නමුත් හරි සැරය, මම ගූගල්+.

ජුලි අවසාන භාගයේ ගූගල් වෙතින් නිකුත්වූ නිවේදනයකින් පැවසුනේ අලුතිම නුකුත්වූ ගූගල්+ යාවත්කාලීනයත් සමග  තම සමාජ ජාලයේ නාමයන් සම්බන්දයෙන් පවතින සීමාවන් කඩකරනන් ගේ ගිනුම් අත්හිටවීමට පෙර අවවාදයක් ලබා දෙනු ඇති බවයි. එසේම ගූගල්+ අන්වර්ත නාම භාවිතය ගැන පැහැදිලිකිරීම්ද  ඇතුලත්වී තිබිනි.
        ඉන් පසුව පැවසුනේ අවවාදයත් සමග නිවැරදී වීමට අවස්තාවක්ද ලබා දෙන බවය. අනිත් අතින් ගිනුමේ ක්‍රියා කාරීත්වය ගැනද සොයා බලන බවකි. ප්‍රොෆයිලය ගැන විමසීමේදී ස්පැම් හෝ අවභාවිතයක යෙදෙන බව හැගෙන්නේනම් කිසිදු සමාවකින් තොරව ගිනුම වසා දමන බවය.
    ප්‍රොෆයිල් නාමය තුල අස්වාභාවික සංකේත භාවිතය , කන්ඩායම් හෝ  ව්‍යාපාරික ගිනුම ඇරබුම මෙන්ම අනෙකෙකුගේ නාමයක් භාවිතය ඔබේ ගූගල්+ ප්‍රොෆයිලය අහිමි වන්නට  අනෙකුත් හේතුවිය හැකි බවයි පවසන්නේ. එවන් විටකදීද අවවාදයත් සමග මූලික නීති රීති සවිස්තර ඇතුලත් පි‍ටුවකට සැබදියාවක්ද ලබා දෙනු ඇත. කෙසේ මුත් ගූගල්+ තුල ප්‍රොෆයිලයක් අත්හිටවීම එයට අදාල ජිමෙල් ගිනුමට හෝ අනෙකුත් සේවා ගිනුම් වල බල නොපාන බවත් කියා සිටිනවා.

2011-08-19

මයික්‍රසොෆ්ට් "ඔන් ලයින්" "ට්‍රැකින්" තාක්ශනික යාන්ත්‍රනය අත්හිටවූ බව.....

මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ ඔවුන්ගේ "ඔන් ලයින්"  "ට්‍රැකින්"  තාක්ශනික යාන්ත්‍රනය අත්හිටවූ බවයි. ඔවුන්ගේ www.MSN.com වෙබ්  අඩවිය වෙත  යනෙන්නන් පිලිබදව තොරතුරු ‍රැස්කිරීමේ යන්ත්‍රනය භාවිතා කරන්නාගේ බ්‍රවුසරය තුල කුකීස් හා අනෙකුත් දත්ත මකාදැමු පසුව පවා ක්‍රියාත්මක තරමේ ප්‍රබල යාන්ත්‍රනයක් බවයි සටහන්වන්නේ.
    ආයතනයේ ඉහල පෙලේ නිලධාරියෙකු පවසා තිබුනේ මෙම "සුපර් කුකීස්"  අඩපන කර දමන්නට ක්ශනික ක්‍රියා මාර්ග ගත් බවයි.මේ ගැන හැදැරීමක්කල පර්යේක්ෂකයා පවසා සිටියේ ඉලක්කගත දැන්වීම් කරනය සදහා දත්ත ‍රැස් කරන ආයතන අතරින් මයික්‍රොසොෆ්ට් ආයතනය ඉහලම තැනක සිටින බවට තමන්ට තහවුරුවී ඇති බවයි.

"ඩෙස්ටොප් ගැජට්"


වින්ඩෝස් 7 භාවිතයට සපැමින දෙවසරක් ගෙවී ඇත. ඒසේ මුත් තාමත් භාවිතකරන්නන් විසින් බහුලව භාවිතානොකරන පහසුකම් රාශියක් ඇතිබවයි හදාරන්නන් පවසන්නේ. මේවා අතර ඔබේ පරිගනකයේ  අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ දත්ත සටහන් පහසුවෙන් ලබා දෙන,තවත් විටක පාස් වර්ඩ් නිර්මානය කරදීමේදී සහය වන අදීවූ "ඩෙස්ටොප් ගැජට්"  රාශියක් ඇති  බවයි ඔවුන් පවස්න්නේ. මෙවා අතරින කිහිපයක් මයික්‍රොසොෆ්ට් ආයතනයේම නිර්මාන වන අතර තෙවන පාර්ශවයන් විසින් නිර්මානය කරන ලද තවත් රාශියක් ඇති අතර මේවා සියල්ල "මයික්‍රොසොෆ්ට් ලයිව් ගැලරි" තුලින් පහසුවෙන් නොමිලේ බාගත කල හැකි බවයි සටහන් වන්නේ.පහත දැක්වෙනුයේ  සමස්තයක් ලෙස පරිගණකයේ අභ්‍යන්තර තත්වය පිලිබදව දත්ත රශිය කින් ඔබ දැනුවත් කරනු ලබන එවැනි කුඩා මෘදුකාංගයකි. ස්ථාපනයෙන් පසු කුඩා අයිකනයක් පමනක් ඔබේ ඩෙස්ටොප් එක මතට පැමිනියද , අයිකනය ක්ලික් කිරීමෙන් දිග හැරෙන කවුලුව තුල ඔබේ පරිගනකය පිලිබද බොහෝ තොරතුරු ඔබට කියනු ඇත. .මෙම ලිපිනය ඔස්සේ පිවිසි ඔබටත් මෙම මෘදුකාංගය බාගත කරගනු හැකි වනු ඇත.         

ගූගල් මැප් සේවාව මතට කාලගුන තොරතුරුද එක්වෙයි..

ගූගල් ආයතනය නිකුත්කල නිවේදනයකට අනූව ඔවුන්ගේ ප්‍රදාන පෙලේ සේවාවක් වන "ගූගල් මැප් " මතට කාලගුන තොරතුරු ඇතුලත් ස්තරයක්ද එක්වන බවට කියවෙනවා. නිවසින් පිටතට සිදුවන ගමන් බිමන් වලදී මෙම තොරතුරු ගොන්න ඔබට බොහෝ උපකාරී වනු ඇති බවයි ඔවුන් බලා පොරොත්තු වන්නේ. මෙම ස්තරය මත කාලගුන තොරතුරු උෂ්නත්ව තොරතුරු ආදිය  ඇතුලත්වන අතර, නිශ්චිත තැනක් "ක්ලික්" කිරිම තුලින් වැඩිපුර විස්තර සහිත කවුලුවක් වෙත යොමුවන ලෙසට මෙය නිර්මානය වී ඇති බවටයි තොරතුරු පලවන්නේ. මීට අමතරව වම් අත දිසාවෙන් වැඩි තොරතුරු ලබා ගත හැකි වන අතර අනෙකුත් සේවාවලදී මෙන් නොව මෙම නවාංගය එකවර සියල්ලන් වෙතම මුදා හැර ඇති බවටයි තොරතුරු පලවෙන්නේ

ෆේස්බුක් වෙතින් ආරක්ශක උපදෙස් මාලාවක්.......

 ෆේස්බුක් ආයතනය මගින් පි‍ටු 20කින් සමන්විත  ආරක්ශක උපදෙස් අඩංගු මගපෙන්වන්නෙකු නිකුත් කොට ඇති බවටයි කරුනු පලවන්නේ. කුඩා දරුවන්, ගුරුවරුන් හා දෙමා පියන් ඉලක්ක කර ගනිමින් මෙම උපදෙස් මාලාව නිර්මානය වී ඇති බවටයි ඔවුන් පවසන්නේ.
                  සුරක්ශිත අවසර පදයක් නිර්මානය කර ගැනීමේ සිට පහරදීම් වලට ගොදුරු නොවීමට වැදගත් විය හැකි බොහෝ කරුනු මෙහි අඩංගුවන අතර ෆැස්බුක් අඩවිය හදුන්වාදී ඇති නවතම ආරක්ශක උපාංග ක්‍රියාත්මකකර ගන්නා ආකාරයත්, ෆේස්බුක් අඩවිය හා භාවිතා කරන්නාගේ සබදතාවය සුරක්ශිත කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැනත් මෙන්ම එක් වරක් පමනක් භාවිත කලහැකි අවසර පද ගැන මෙන්ම ගිනුමට ඇතුලුවීමේ නිවේදනයන් ලබා ගන්නා ආකරයත් ප්‍රහාරයකට ලක්වූ ගිනුමක් ප්‍රකෘති තත්වයට ගෙන ඒමට උපදෙස්ද මෙහි අඩංගු බවයි කිය වෙන්නේ.
               පසුගිය කාලය තුල සමාජ අඩවි බොහෝ සයිබර් ප්‍රහාරකයන්ගේ ඉලක්ක බවත පත්වූ අතර, මෙසේ අනවසර ලෙස අත්පත්කර ගන්නා පෞද්ගලික දත්තයන් උපයෝගී කර ගනිමින් විවිධ ආකාරයේ හිරිහැර  කිරීම් ගැන නිරන්තර වාර්ථා පලවෙමින් තිබුනා.
මෙම සබදතාවය ඔස්සේ පිවිස එහි පිටපතක් ඔබටද ලබා ගත හැකිවනු ඇත

ගූගල්+ වෙතට යු ටියුබ් සබදතාවයද පැමිනෙයි


ගූගල්+ වෙතට තවත් ගූගල් නිශ්පාදනයක් අද දින සිට එක් වන බවට එම ආයතනය නිවේදනය කර සිටිනවා. ඒ අනූව  Hangout  වීඩියෝ කථා බහකට තම වීඩියෝ බෙදා හදා ගැනීමේ අවස්තාවද හිමිවන බවයි ඔවුන් පවසන්නේ. යු ටියුබ් හි වීඩියෝ ගොනුවක් අනෙකුන් සමග බෙදා හදා ගැනිමට ඇති  අවස්තාවේදී තවත් ‍තෝරා ගැනීමක් ලෙස මෙම අවස්තාව සකස් කොට තිබෙනවා. ගූගල්+ පසුගිය ජූනි මාසයේ හදුන්වා දීමත් සමග භාවිතා කරන්නන්හට  තම වීඩියෝ  මිතුරන් සමග බෙදා ගැනීමේ අවස්තාව හිමි උනද කෙලින්ම ‍ටු ටියුබ් අඩවිය වෙතට මෙසේ බටනයක් ගෙන ඒමෙන් ෆේස්බුක් වෙත තවත් අභියෝගයක් එල්ලකර ඇති බවයි පැවසෙන්නේ.

සැන්ඩි බ්‍රිජ් ප්‍රොසෙසරයන්ගේ මිල පහතට

ඉන්ටෙල් ආයතනය පවසා සිටින්නේ එලබෙන මාසයේ සිට මධ්‍යම හා සාමන්‍ය මට්ටමේ සැන්ඩි බ්‍රිජ් ප්‍රොසෙසරයන්ගේ මිල පහත දැමීමට නියමිත බවයි.පහත දැක්වෙනුයේ එම මිල වෙනස් වීම් ගැන දැනට පලවී ඇති මිල දර්ශනයයි.එසේම නව ප්‍රොසෙසර් නිශ්පාදන කිහිපයක්ම ලබන වසරේදී හදුන්වා දීමටත් සැලසුම් කර ඇති බවටත් තොරතුරු පලවී තිබුනා.
Core i3 2120: $138 down to $117 (October) Core i5 2390T: $195 down to $184 (September) Core i5 2400S: $195 down to $184 (September) Core i5 2405S: $205 down to $201 (September) Core i5 2500S: $216 down to $205 (September) Core i5 2500T: $216 down to $205 (September) Core i7: 2600S: $306 down to $294 (September) Pentium G630: $75 down to $64 (October) Pentium G850: $86 down to $75 (October

2011-08-18

වින් 8 පුවත්

වින්8 හි නවාංග හා තොරතුරු පිටනොවීමට උපරිම පියවර ගෙන ඇතිබවටයි කියවෙන්නේ. ලබන මස පැවත්වීමට නියමිත  හමුවකදී වින් 8 සංවර්ධනය වෙමින් පවතින පෙර සංස්කරනයක් ඉදිරිපත්වෙනු ඇතැයි විස්වාස කෙරෙමින් පවතිනවා. අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වීම වැලක්වීම සදහා මෙම සංස්කරනය ස්ථාපනය සදහා වෙනම  අංක යතුරක් යෙදියයුතු වන බවයි පැවසෙන්නේ. එසේම මීට පෙර නිකුත්වූ පෙර සංස්කරන අංක යතුරු මේ සදහා වලංගු නොවන බවයි කියවෙන්නේ. තවදුරටත් රහසිගත් අභාවය සුරක්ශිත කිරීම සදහා ඩී.එල්.එල් ගොනු සදහා පිවිසීමේ හැකියාවන්ද අහුරා ඇති බවත් මෙම නව පෙර සංස්කරනය නව බූට් අප් මුහුනතකින්  හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි පෙර සංස්කරනයකින්ද සමන්විත වන බවටයි දැනට හෙලිවමින් පවතින තොරතුරුවලින් කියවෙනේ.

නව ෆයර්ෆොක්ස් සංස්කරනයත් සමග

මොසිල්ලා ආයතනය පවසන්නේ තම නව ෆයර්ෆොක්ස් සංස්කරනයත් සමග වෙනස්කම් රාශියක් ඉදිරිපත්කර ඇති බවය. ඒවා අතරින් වැදගත්ම කරුනු හතරක් පිලිබදව ඔවුන් අවධාරනය කර සිටිනවා.
     ෆයර්ෆොක්ස් 4 වන සංස්කරනය සමග ආරම්භක වේගයෙහි සැලකිය යුතු වෙනසක් ඔබවෙත ‍රැගෙන විත් ඇතිබවයි ඔවුන් පවසන්නේ. ෆයර්ෆොක්ස් හි පැනරොමා  භාවිතා කරන්නෙක්නෙම්  මෙම වෙනස වඩාත් හොදින් ඔබට වටහාගත හැකිවනු ඇති බවයි පවසන්නේ.තාක්ෂනිකව මෙම මතය පිලිබද ප්‍රතිමතවාද තිබුනද, භාවිතාකරන්නෙකුගේ කෝනයෙන් සලකන විට එය සත්‍යබවයි පැවසිය හැක්කේ.
                වෙබ් ලිපිනය "ඇඩ්‍රස් බාර්" එක මත දිස්වීමේදී  එම වෙබ් අඩවියේ "ඩොමේන්" නාමය ඉස්මතු කොට පෙන්වීම සමහර අවස්තාවදී සයිබර් අපරාධකරුවෙකුට ඔබව නොමග යවන්නට ගන්නා උත්සාහයක් මගහැර ගන්නට ඔබට සහය වෙනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ.                                      
                            අවදානම් වෙබ් අඩවි මගහැර යාමට අවශ්‍ය පහසුකම් අතින් නවතම අංගයන් මෙම සංස්කරනයට එක්කර ඇති බවයි පවසන්නේ. වැරදීමකින් අවදානම් වෙබ් අඩවියකට පිවිසෙන්නට ඇති අවස්ථාවන් මගහැරීමට උවමනා සැදීම් සකස් කරගැනීම භාවිතා කරන්නාටම අවස්තාවක් සලදීම ඔවුන් දක්වා තිබෙනවා.මේ සදහා ඇඩ්‍රස් බාර් එකෙහි about:permissions සටහන් කිරීමෙන් ආරම්භකල හැකි බවයි ඔවුන් සටහන් කර සිටින්නේ.

ඔබ සිතනවාට වඩා ඔබ අන්තර්ජාලයේදී නිරාවරනය වී ඇත

ඔබ අන්තර්ජාලය තුලින් ඊමේලයක් යවන විට ඔබ දැනුවත්ව ඔබ පිලිබද යවනු ලබන තොරතුරු වලට අමතරව තවත් තොරතු ප්‍රමානයක් එම ඊමේලය සමග යැවෙන බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. මෙම තොරතුරු ගොන්න අතරින් වැදගත්ම කොටසක් ලෙස ඔබේ අයි.පී. ලිපිනයත්, ඔබේ ලිපිය අවසාන ඉලක්කය වෙත ලාගාවීමේදී පසුකරන සියලුම සර්වර් පිලිබද විස්තරත් මේ සමග යැවෙනවා. සාමාන්‍ය භාවිතයේදී දැකගත නොහැකිසේ සැගවී මෙම තොරතුරු තුල සමහර විටක එය පසුකරන සියලුම සර්වර්ස් පිලිබද සම්පූර්න ඩී.එන්.එස්. තොරතුරු  අඩංගුවන අතර ඒතුලින් ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරුවා ගැනත් ඔබ සිටින ස්තානය ගැනත් බොහෝ කරුනු හෙලිකර ගත හැකිවනවා.
           සදාචාරත්මක අනවසර පිවිසෙන්නෙකු යොදවා ගනිමින් කල අත්හදා බැලීමකදී  ඔහු පවසා සිටියේ , "මූලිකවම මට පැවසිය හැකියි ඔබ මෙම ඊමේලය යැවීම සදහා භාවිතාකල මෘදුකාංගය කුමක්ද කියා.අමතකකරන්නට එපා ඔබ ඒ සදහා යොදාගෙන තිබුනේ පැරනි මෘදුකාංගයක් නම්  සියල්ල මට තවත් පහසු වෙන බව.හැබැයි මේ සියල්ලටත් වඩා දරුනුම තත්වයක් ඔබ වෙත යොමුවිය හැක්කේ පැරනි වෙබ් බ්‍රවුසරයක් භාවිතයෙන් බව කිව යුතුම වෙනවා. එවිට පහසුවෙන්ම මෙම ඊමේල් සිදුරුකර අපට උවමනා වන හානිකර මෘදුකාංගයක් ඇතුලුකර හැකි වනවා. ආයතන හා පුද්ගලයන් හට තර්ජනාත්මක ඊමේල් යොමුකරනන් බොහෝ විට නිරුපද්‍රිත වන්නේ ඒවා නොසලකා හැරීම නිසා මිස අන්කිසිවක් නිසා නොවන බවනම් පැහැදිලිව පැවසිය යුතුයි."

සමාජ හානිකර ෆේස්බුක් පලකිරීමට හතර වසරක් සිපිරිගෙට....

පසුගියදා එක්සත්ජනපදය තුල සිදුවූ සමාජ කැලබීමට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් ෆේස්බුක් සමාජ ජාලයේ පලකීරීම් සම්බන්දයෙන් චෝදනා ලැබ සිටි විසි හැවරිදි හා විසිදෙහැවිරිදි තරුනයන් දෙදෙනා සදහා එරට අධිකරනයෙන් වසර හතරක සිරදඩුවමක් නියමවූ බවට තොරතුරු වාර්ථා වෙනවා. මෙම සිදුවීම සම්බන්දයෙන් එක්සත්ජනපද අගමැති වරයා එරට පාර්ලිමේන්තුවට පවසා තිබුනේ සමාජ නොසන්සුන්තා පැනනගින විට සමජ ජාලා වල ක්‍රියා කාරීත්වය තාවකාලිකව අත්හිටවීම ගැන සලකාබලන්නට සිදුව ඇති බවයි."නිදහස් තොරතුරු ගලනය සමාජ හිතකර කාරනවලට වාගේම සමාජ අහිතකර කටයුතු වලටද යොදාගන්නා බව අප අමතක නොකලයුතුයි" එහිදී එතුමා ප්‍රකාශ කර තිබුනා.

සයිබර් අපරාධ කරුවන්ගේ වැඩි අවධානයක් සමාජ ජාලාවෙත

සයිබර් අපරාධ කරුවන්ගේ වැඩි අවධානයක් සමාජ ජාලාවෙත යොමුවෙමින් පවතින බවට තොරතුරු හෙලිවෙමින් පවතිනවා
. පසුගිය සංගනනයකදී හෙලිවූයේ සයිබර් ප්‍රහාරයන්ට ලක්වීමේ ප්‍රවනතාවය 18% දක්වා වැඩිවී ඇති බවයි. පසුගිය වසරේ ප්‍රතිශතය වූවේ 13% වන අතර 2009දී එම ප්‍රතිශතය 8%ක්ව පැවතුනා. එන්සත් ජනපදයෙන්,එක්සත් රාජදානියෙන් හා ඔස්ට්‍රේලියාවෙන් තොරාගත් සමාජ ජාලා භාවිතා කරන්නන් 4000 මේ ගනනය සදහා යොදවාගෙන තිබුනා.
එක්සත් රාජදානිය ගැන පමනක් සලකා බලද්දී මෙම වසරේ
15%ක් හා පසුගිය වසරේ 12% කුත් 2009 වසරේ 6% ලෙස සයිබර් අපරාධ කරුවන්ගේ ග්‍රහනයට ලක්වීම් සටහන්ව තිබුනා. එක්සත්ජන පදය ගැන සලකා බලද්දී "අපහසුතාවයන්ට ලක්වූ මිතුරෙකුට පිහිට වන්නට " ලෙස කෙරෙන ව්‍යාජ ඉල්ලීම් වලට එකගවීම තුලින් ගොදුරු බවට පත්වීම් වල වර්ධනයක් පෙන්වන බවයි කියවෙන්නේ.
මෙම තත්වය ගැන අදහස් පලකරමින් හදාරන්නෙකු පවසා සිටින්නේ පසුගිය මාස නමය ගැන පමනක් සලකා බලන විට කූබ්ෆේස් නම් වෛරසයේ පමනක් විවිද සංස්කරනයන්
4000 පමන හදුනා ගන්නට හැකිවූ බවයි.තරමක හෝ මෙම තත්වය පාලනය වන්නට ප්‍රධාන සාදකයක් වී ඇත්තේ භාවිතා කරන්නන් වැඩි වැඩියෙන් තමතන්ගේ ගිනුම්වල සැකසුම් ගැන අවධානය ලක්කිරීමට පටන් ගැනීම බවයි මෙම විමසුමේ දී ‍රැස්වූ දත්ත දෙස බලන විට වැටහෙන්නේ. 2009 වසර වනවිට භාවිතාකරන්නන්ගෙන් 37% තම ගිනුමේ ආරක්ශක සැකසුම් ගැන නොසලකුවද මේ වනවිට එම ප්‍රතිශතය 8% දක්වා පහත වැටී ඇති බවටයි එක්සත්ජනපදය ගැන සැලකූවිට වැට හෙන්නේ. එක්සත්‍රාජදානිය සලකන විට එය 31% සිට 9% දක්වා පහත වැටී තිබුනා.
මෙම පිරිස අතරින්
54% ඇබ්බැහියක් ලෙස මෙම අඩවි භාවිතා කරන බවට හෙලිවන අතර 46% දිනකට කීපවරක්ම මෙම අඩවිකරා ඇතුලු වන බවටයි කරුනු හෙලි වන්නේ. 42% තම මොබයිල් උපකරන වලින් සමාජ අඩවි වලට පිවිසෙන අතර 18% පවසා සිටින්නේ තමන් දිනකට එක්වරක් පමනක් තම සමාජ ජාල ගිනුමට ඇතුලුව බවකි.

2011-08-17

ජීවිත ඩිජිටල් කරනය.........

පුරුදු අත්හැරීම යනු  සරල කාරනාවක් නොවන බව පැහැදිලිය. එනමුත් බොහෝ පිරිස් අදවන විට සරල හා පහසුවෙන් කරගත හැකි බොහෝ කාරනා සදහා සුපුරුදු අපහසු පරන මවත ඔස්සේම යමින් තම කාලයත් ශක්තියත් වැයකරගන්නා ආකාරය දකින විට සමහර තවකෙකුට  අපහසුතාවයක් ඇතිනොවන්නේම නොවේ.ඔබ සතුව පරිගණකයක් ඇත්නම් එය භාවිතයෙන් ජීවිතයට ලංකරගත හැකි පහසුකම් කිහිපයක් ගැන සලකා බලන්නට අප උත්සාහකරමු යැයි මම ඔබට ආරාධනා කරනු කැමැත්තෙමි.
                                                ඩිජිටල්කරනය ඔබේ ජීවිතයට බොහෝ පහසුකම් ‍රැගෙන එන්නට  සූදානම්ව සිටී. සරල උදාහරනයකින් මෙසේ අරබමු. ඡායාරූප ගත කරන ලද අතීත මතක සටහන් සමග නැවත අතීතය වෙත පියනැගීම කාලයකට වතාවක් හෝ බොහෝ දෙනෙකුගේ පුරුද්දකි. වඩාත් රසවත්ව හා පහසුවෙන් එවැනි අතීත මතකයක කිමිදෙන්නට ඔබේ පරිගනකය සුදානමින් සිටී. ස්කෑනරයක් සමගින් ඔබේ ඡායාරූපවල මෘදු පිටපත් පරිගනකයට ගත හැක. මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් නොමිලේම බාගතකල හැකි කුඩා මෘදුකාංගයක් වන "මූවි මේකර්" මගින් ඔබකැමති පිලිවලකට මෙම ඡායාරූප පෙල ගස්වාගැනීම සදහා සරල පරිගණක භාවිත  දැනුම සෑහෙන බව ඔබටම මද උත්සාහයක් තුලින් වැටහෙනු ඇත. එම අතීත සිදුවීමට ගැලපෙන නාද රටාවක්ද එක්කිරීමෙන් අපූරු චලන රූ පටයක් නිර්මානය කරගැනීමෙන් වැඩි වින්දනයක් ඔබවෙත ලගා කර ගන්නට හැකිවනු ඇත.එසේම "ලයිව් පොටෝ ගැලරි" තුලින්ද ඔබට කැමති අයුරකින් මෙවා පෙලගස්වා ගත හැක.සීඩී හෝ ඩීවීඩී තැටියකට මෙම සැමරුම් පිටපත් කර ගැනීමෙන් රූපවාහිනී යන්ත්‍රයෙන් පසසුවෙන් පවුලේ සියල්ලන්ටම එකවර රසවිදින්නට අවස්තාව උදා වෙනු ඇත.
                                          සමහරුන් සති අන්ත පුවත් මිලදී ගන්නේම එලබෙන සතියේ රූපවාහිනි වැඩසටහන් පෙල ලබා ගැනීම සදහාය. එනමුත් සැම රූපවාහිනී නාලිකාවකම වෙබ් අඩවි වලට පිවිසීමෙන් පහසුවෙන් වැඩසටහන් පෙල ගැස්ම ලබා ගත හැකිවා මෙන්ම හදිස්සියේ සිදුවන සංශෝදනයන්ද සහිතව ඒවා ලබා ගත හැකිවනු ඇත. කලකට වතාවක් නිවසේ භාවිතාකරන උපකරන වෙනස් කරන්නෙක් නම් ඒවායි අමතර ලාභයක් ලබා ගන්නට පුවත්පත් වලට දැන්වීම් සකසමින් හා භාරදෙමින් වෙහෙසනවා වෙනුවට අන්තර්ජාලයට පිවිස ලුහුඬු දැන්වීම් නොමිලේ පලකරන වෙබ් අඩවියක පහසුවෙන් ඇතුලත් කල හැකිය.සමහර විටක ඔබ  වැරදි තීරනයක ඉන්නවා විය හැක. එනම් ඔබ සිතනවාට වඩා පිරිසක් මේ වනවිටත් අන්තර්ජාලය භාවිතා කරනවා සේම දෛනිකව විශාල පිරිසක් අන්තර්ජාල භාවිතයට පිවිසෙමින් සිටින සිටින බවයි ඒ. දුර බැහැර සිටින හිතවතෙකුට දුරකතන ඇමතුමක් ඔස්සේ ලගාවෙන්නට ඔබ වැයකරන ඉතිරිකර දෙන්නට "ස්කයිප්" හෝ "වින්ඩෝස් ලයිව්" ඔබට උපකාරී වනු ඇත.
   @@@@දිගු ලිපිපෙලක ආරම්භයකි@@@

ගූගල්+ ගැන විමසුමක්


සාර්තක සමාජ ජාලාවක් යනු ඩොලර් බිලියන ගනනක ආදායම උපදවන ව්‍යාපාරයකි. ෆේස්බුක් යනු මැත කාලය තුල මෙම වෙලඳ පොලෙහි ඉහලින්ම වැජබෙන වෙබ් අඩවිය වන්නේ මිලියන 750 සක්‍රීය භාවිතාකරන්නන් පිරිසක් තමන් සතුකර ගනිමිනි.වාර්ථාවන ආකාරයට මෙම වසර සදහා මේ වනවිට ඩොලර් බිලියන එකක ආදායමක්  ෆේස්බුක් ආයතනය හිමිකරගෙන ඇත.ඉතා මෑත වාර්ථා පවසන්නේ ෆේස්බුක්හි වර්ධන වේගය මද පසුබෑමකට ලක්ව ඇති බවකි. ‍ටුවිටර් අඩවිය මිලියන 106කට අදික ගිනුම් ප්‍රමානයක් දරන අතර දිනකට නව ගිනුම් 300,000 වේගයකින් වර්දනය වෙමින් පවතින අඩවියකි.
              ගූගල් ආයතනය මෙම වෙළද පොලට පිවිසෙන්නට කීපවතාවක්ම උත්සාහ කරනලදී.  ෆේස්බුක් හා අනෙකුත් සමාන්තර සමාජ ජාලා වෙබ් අඩවි අඩවි වූ "‍ටුවිටර්" "මයි ස්පේස්" හා සසදන කල එම උත්සාහයන් සියල්ලම අසාර්තක විය. අවසානයේ ගූගල්+ සමග තම උත්සාහය දියත්කල අතර දැනට සාර්ථක වර්ධනයක් හිමි කරගනිමින් සිටින බවටයි වාර්ථා පලවෙමින් ඇත්තේ.
                   ගූගල්+ වෙබ් අඩවියට පිවිසුන වහාම ඔබවෙත ආරාධනා කරනුයේ දැනට වෙනත් අඩවිවල සිටිනා හිතමිතුරන් ගූගල්+ හි  සබදතා ගොනු කවයන් වෙත ‍රැගෙන එන ලෙසය. ෆේස්බුක් වලදීමෙන් සියලු සබදතා එකම තලයක ක්‍රියාත්මක වෙනවා වෙනුවට විවිද සබදතා  වල ස්වභාවය අනූව විවිද සබදතා කව වලට  වෙන් කරගනිමින් සබදා පැවැත්වීමේ අවස්ථාව ලබාදෙනු ඇත. එතැන් සිට ගූගල්+ මත ඔබ තබන සටහනක් යොමුවන්නේ මොන මොන සබදතා ගොනුවලටද යන්න ඔබට පාලනය කරන්නට අවස්තාව හිමිවේ. ප්‍රායෝගිකව සලකන විට මෙය ෆේස්බුක් වලට වඩා දැනෙන මට්ටමේ ප්‍රගතියකි.
                   ගූගල්+ හි "නිවස" , "ඡායා රූප", "ඔබේ දත්තගොනුව" හා "සබදතා කව" ලෙස ප්‍රධාන යොමුකිරීම් හතරක් සදහා බොත්තම් හතරක් දැක ගත හැකිවනු ඇත. නිවස යොමුකිරීම ඔස්සේ ඉදිරියට ගිය විට ඔබට හමුවන්නේ ප්‍රදාන ගලා යාමේ පි‍ටුවයි. ඔබත් ඇතුලු ඔබේ හිතවතුන් තම සබදතා කවවල අවසර සීමාවන්ට යටත්ව සියලු පලකිරීම් මෙතැනදී ඔබට හමුවනු ඇත. "ඡායාරූප" බටනය ඔබව යොමු කරනුයේ ඔබේ මිතුරන් ඔබත් සමග බෙදාහදා ගන්නා ඡායාරූප ගොන්න වෙතටය. ගූගල් හි තවත් සේවාවක් වන පිකාසා ගිනුම හරහාද ඔබට ඔබේ මතක රූ සටහන් මේ වෙත කැදවාගෙන එන්නට හැකිවනු ඇත.
            ගූගල්+ යනු හුදකලා සමාජ ජාලා අඩවියක් නොවේ. ගූගල් වෙතින් පිරිනැමෙන සියලු සේවා හා සම්බන්දිත ස්ථානයක් වෙනු ඇත.

මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් සමාජ ජාලාවක්?

අද වන විට ගූගල් ආයතනය සතු සමාජ ජාලාව ගූගල්+ වන අතර ඇපල් සමාගමද වෙනම  සමාජ ජාලාවක් පවත්වාගෙන යයි. ප්‍රධාන පෙලේ සමාගම් ලෙස සලකන විට ඉතිරිව ඇත්තේ මයික්‍රසොෆ්ට් සමාගම පමනි. ඔවුන් සතුව තවමත් තමන්ගේ ලෙස සැලකිය හැකි සමාජ ජාලාවක්  නොමැත. තමන්ගේම කියා සමාජජාලාවක් එලිනොදැක්වීමේ තීරනයක ඔවුන් සිටිනවායෙයි  විස්වාසයක් අපට ගොඩනගා ගත නොහැකි වනුයේ පසුගියදාක අහබුලෙස අන්තර්ජාලයට  එක්ව තිබූ පරේක්ශන ව්‍යාපෘතියක ආකෘතියක් අප දු‍ටු නිසාවෙනි. එය ...... නමින් සංකේතාත්මක නාමයකින් හදුන්වා තිබිනි. වහා ක්‍රියාත්මකවූ මයික්‍රොසොෆ්ට් ආයතනය එය අන්තර්ජාලයෙන් ඉවත්කර දැමුවේ එය අභ්‍යන්තර ව්‍යාපෘතියක් ලෙස පවසමිනි. සමහර විටක එය අනගතයේ  බිං වෙත සම්බන්දවන සමාජ ජාලය විය හැක.
       2009 වසරේ මයික්‍රොසොෆ්ට් ආයතනය "වයින්" නමින් සමජ ජාලාවක් හදුන්වාදුනි. අද ගූගල්+ වල දකින්නට ලැබෙන සබදතා වලලු ආකෘතිය එහි තිබිනි. එසේම එම සීමාවන් ඉක්මවා යමින් ක්ශනික අවස්තාවකදී ප්‍රයෝජනයට ගත හැකි ආරක්ශිත දැලක ස්වභාවයේ අංගයක්ද එයට එක් කර තිබිනි. භූමිකම්පාවකදී හෝ ජල ගැල්මක්වැනි අවස්තාවකදී පහසුවෙන් හා ක්ශනයෙන් තම හිතවතුන්වෙත යැවිය හැකි  කෙටි පනිවිඩ ක්‍රමයක් ලෙස  එය සකස් කර තිබිනි. කෙසේ නමුත් 2010 මුල්භාගයේදී මෙම උත්සාහය අත්හැර දැමුනි.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා තවමත් ඉදිරියෙනි

වසරකට පෙර තත්වය හා සලකන විට ගූගල් ක්‍රොම් වෙබ් පිරික්සනය අහිතකර මෘදුකාංගයේ අහිතකර වෙබ් අඩවි හදුනා ගැනීමේ හැකියාව පැවතියාට වඩා හතර ගුනයකින්  වර්ධනය වී ඇති බවයි සටහන් වන්නේ. එසේම ෆයර්ෆොක්ස් 4 සලකන විට පසුගිය වසරට වඩා  අවවර්ධනයක් පෙන්නුම් කරන බවටයි සටහන් වන්නේ. මෙම සතියේ නිකුත්වූ මෙම වාර්ථාවට අනූව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 තවමත් ඉදිරියෙන් සිටින බවයි කියවෙන්නේ.
     ක්‍රෝම්වල මෙම ප්‍රගතිය සමග වුවත් පරේක්ශන මට්ටමේදී අහිතකර වෙබ් අඩවි වලකාලීමේ  ප්‍රතිශතය 13.2% ලෙස පෙන්වන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 මෙම ප්‍රතිශතය මෙන් 7.5 ගුනයක හැකියාවක් පෙන්වූ බවයි සටහන් වන්නේ.මෙම සටහනට අනූව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 අහිතකර වෙබඩවි ලිපිනයන් සදහා අනතුරු ඇගවීමේ හැකියාව 96% පවතින බවට සටහන් වනවා. සමාජ අඩවි අහිතකර මෘදුකාංග ගැන සලකන විට ඒවාට එරෙහි වැඩිම ප්‍රතිශක්තියක් පෙන්නුම් කරන්නේද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බවයි සටහන් වන්නේ. (සවිස්තර ලිපියක් www.itlkweb.tk  වෙබ් අඩවිය ඔස්සේ පසුව බලාපොරොත්තුවන්න)

2011-08-16

ඔබගේ පරිගනකයේ "ස්ක්‍රීන්" එකේහි වර්ණ සැකැස්ම……..……

FWEFWEF

ඔබගේ පරිගනකයේ "ස්ක්‍රීන්" එකේහි වර්ණ සැකැස්ම තීර්නයවන සාධක කිහිපයකි. ඔබ භාවිතාකරන මොනිටරය, ග්‍රැ‍ෆික් කාර්ඩ් පතෙහි සැකසුම,අවට ආලෝක තත්වය මේවායින් කිහිපයකි. සම්මත සැකසුමෙන් බැහැරව ඔබේ වර්න සංයෝජනය පවත්වා ගැනීමෙන් ප්‍රතිපලය වන්නේ ඔබේ මොනිටරය  මත හොදින් වර්නවත් තත්වයක පවතිනවාසේ පෙනෙන පෙනෙන ඡායාරූපයක් වෙනත් මොනිටරයකදී අසාර්තකවීමයි. ඔබ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නෙක්නම් එම මෙහෙයුම් පද්ධතිය සමගම එන මෘදු උපාංගයක්  ඔබට සහයවනු ඇත. මෙම උපාංගය භාවිතය සදහා ඔබ කල යුත්තේ "ස්ටාර්ට්" බටනය තුලින් ඇතුලුවී DCCW යන්න සටහන් කර එය ස්තිර කිරීමයි. අනතුරුව දිග හැරෙන යොමුව තුලින් සම්මතයට සාපේක්ශව ඔබේ සැකැස්ම උදාහරන මගින්ම වටහා ගෙන ඔබටම සකසා ගත හැකිවනු ඇත.

සොර සිතැත්තන්ද සමහර විට ත්‍යාග ලබති.......

ඔබ ඔබේ නිවසට අනවසරයෙන් ඇතුලුවෙන්නන්ට මුදල් ගෙවන්නෙක්ද? ඔබනීති ගරුක මහත්මයෙක් ලෙස පවසනාවා ඇත්තේ "නැත" යන්න විය යුතුය. එහෙත් කීර්තිමත් ආයතන එසේ කරන බව ඔබ දන්නවද? නම් වලින්ම පවසන්නේ නම් "ගූගල්" හා "එච්.පී" ආයතන එසේ කරන බවයි  තොරතුරු අනාවරනය වන්නේ. තම දුර්වලතාවයන් ප්‍රයෝජනයට  ගනිමින් අනවසර පිවිසීම් අත්හදා බලන්නන් හට මුදල් ත්‍යාග මොවුන් පිරිනමන්නේ තරගයට මෙන්යැයි කියවෙනවා.
       කීර්තිමත් තවත් ආයතනයක් ලෙස සැලකෙන මයික්‍රොසොෆ්ට් ආයතනයනම් අනවසර පිවිසෙන්නන් දෙස බලන්නේ වෙනත් කෝනයකින් බවයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ මෙවැනි උපංක්‍රම යොදා ගත යුත්තේ මෙම අයුතු ක්‍රියාවන්හි යෙදෙන්නන්  අනාවරනය කරගැනීම සදහා බවයි. මෙම ආයතනය පවසන්නේ සමහර මෙම අයුතු පිවිසෙන්නන් ආයතනය වෙති මුදල් ලබා ගන්නා ගමන්ම සයිබමය මංපහරන්නන් වෙතත් මෙම තොරතුරු අලවි කරමින් ද්විත්ව ස්වරූපයකින් වැඩ කරන බවයි.

ඉන්ටෙල් සමාගම විසින් නිකුත් කර තිබූ අචල දෘඩ තැටි320 නිශ්පාදනයේ.........

ඉන්ටෙල් සමාගම විසින් නිකුත් කර තිබූ අචල දෘඩ තැටි320 නිශ්පාදනයේ මන්දගාමී විමේ හා  දත්ත අස්ථානගත වීමේ දුර්වලතාවයන් සදහා උපකරනයේ ප්‍රාතමික මට්ටමේ මෘදුකාංග සදහා යාවත්කාලීනයන් නිකුත්කරන බවට ප්‍රකාශවෙනවා.පරිගණකය ප්‍රතිආරම්භයේදී  අචල දෘඩ තැටිවල ධාරිතාවය පිලිබදව වැරදි සංක්‍යාවක් පෙන්වීමේ දුර්වලතාවය පිලිබදවද මෙම යාවත්කාලීනයේදී අවධානය යොමුවනු ඇති බවටයි කියවෙන්නේ.මෙම යාවත්කාලීනය සදහා කල් ගතවීම පිලිබදව අදහස් දක්වන සමගමේ ප්‍රකාශකයෙකු ඉතා සුලු මට්ටමක පැමිනිලි සංක්‍යාවක් තිබීමත් වඩාත් නිවැරදි යාවත්කාලිනයන් අත්හදා බැලිම් සදහාත් වැඩිකාලයක් ගතවු බවත් පවසා සිටිනවා.මෙම අචලදෘඩ තැටි 320 නිශ්පාදනය මුලින්ම වෙළඳපලට නිකුත්කරනු ලැබූයේ පසුගිය මාර්තු මාසයේ බවයි සටහන්වන්නේ.නිශ්පාදනය නිකුත්කල මුල්ම යුගයේද පැමිනිලි රාශියක් ලැබුනු බවත් කියවෙනවා.

ෆයර් ෆොක්ස් ඉදිරියේදී සංස්කරන අංකයකින් තොරව..........

මොසිල්ලා වෙතින් නිකුත්වූ නිවේදනයකට අනූව  මින් ඉදිරියට ඔවුන් ක්‍රෝම් ආකාරයේ පිලිවෙතක් අනුගමනය කරමින් වෙබ් පිරීක්සනයන් සංස්කරන අංකනයන්ගෙන් තොරව නිකුත්කිරීමට කටයුතු කරන බවට සටහන් වනවා. ඔවුන් පවසන්නේ ඇත්තෙන්ම සංස්කරන අංකයක්  සටහන් වන මුත් මින් ඉදිරියේදී එය සාමාන්‍ය භාවිතා කරන්නන්හට දැක ගත නොහැකිවන බවත්  මෘදුකාංග සංවර්ධනය කරන්නන් පරිගනක හා ලෝලයින් සදහා පමනක් දැකගත හැකිවන සේ සගවා තැබෙන බවත්ය. සාමන්‍ය භාවිතා කරන්නන් සදහා අදාල වෙනූයේ අවසාන යාවත්කාලීනය නිකුත්වූ දිනය හා  අදාල මෘදුකාංගය අවසන් වරට එය ලබාගෙන ඇත්ද නැතිද යන්න පමනක් වන බවයි සටහන් වන්නේ.

ඇඩෝබි වෙතින් නව මෘදුකාංගයක පෙර සංස්කරනයක්


ඇඩෝබි ආයතන විසින් වෙබ් අඩවි නිර්මානය කරන්නන් සදහා නවතම හදුන්වා දීමක් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම  තවමත් අත්හදාබැලීමේ මට්ටමේ ඇති මෘදුකාංගය භාවිතයේදී  "කෝඩ්" භාවිතා කිරීම දැනුමක් අවශ්‍ය නොවන බවයි.තවමත් සංකේතාත්මක නාමයක් යටතේ ඇති මෙම පෙර සංස්කරනය අඩෝබි හි "එයාර්" තලය මත ක්‍රියාත්මක බවයි පවසන්නේ. සරල පියවර හතරකින් සමන්විත ක්‍රියා දාමයක් තුල මෙම මෘදුකාංගය විසින් ඔබේ වෙබ් අඩවිය නිර්මානයකර ප්‍රසිද්ධ කිරීම දක්වා කටයුතු කරනු අති බවයි සටහන් වන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස මෙම මෘදුකාංගයේ අත්හදා බැලීමේ පෙර සංස්කරනයක් ඔබටත් ලබා ගත හැකිවනු ඇත.

2011-08-15

"ස්පයි අයි" නමින් හදුන්වන ට්‍රොජන් වර්ගයේ මෘදුකාංගය.............

"ස්පයි අයි" නමින් හදුන්වන ට්‍රොජන් වර්ගයේ මෘදුකාංගය ගැන කල්පනාකාරීවන ලෙස  "ඔන් ලයින්" බැංකු කටයුතුවල යෙදෙන්නන් වෙත අනතුරු අගවා සිටිනවා. ඔවුන් පවසන්නේ වඩාත් මිනිස් හැසිරීම් ස්වරුපයකින් හැසිරෙමින් මෙම මෘදුකාංගය පහසුවෙන්ම බැංකු පරිගණක ආරක්ශක ක්‍රවේදයන් මගහැරීමට සමත්වන බවට කරුනු හෙලි වෙමින් පවතින බවයි.
                  පසුගිය අප්‍රේල් මාසයෙදී ප්‍රථමයෙන් සහදුනා ගත් මෙම මෘදුකාංගය විසින් සොරා ගන්නා ගිනුම් තොරතුරු උපයෝගීකරගනිමින් ගිනුම්වලට පිවිස ස්වංක්‍රීයව තම  ගිනුම් වෙත මුදල් හුවමාරුකරන්නට සමත් වන බවයි සටහන් වන්නේ. මෙම මෘදුකාංග නිපද වීමේදී බොහෝ ආරක්ශක ක්‍රමවේදයන් භාවිතාකරන අස්වාභාවික වේගවත් බව හදුනා ගැනීම වැනි තත්වයන් සාර්තක ලෙස මග හැර ඇති බවත් තවත් විටක වැරදීමකින් ඔබේ ගිනුමට බැරවී ඇති මුදල් ප්‍රමානයක් නැවත නියමිත් ගිනුමට බැරකරන ලෙස ඉල්ලා එවනු ලබන කෙටි පනිවිඩ ගැනද කල්පනාකාරී වන ලෙසද පවසා සිටිනවා.

කැස්පර්ස්කි ආරක්ශක මෘදුකාංගයේ 2012 සදහා වන සංස්කරනය නිකුත්වේ

කැස්පර්ස්කි අයතනය තම ආරක්ශක මෘදුකාංගයේ 2012 සදහා වන සංස්කරනය නිකුත්කර ඇති බවට වාර්ථාවෙනවා. මෘදුකාංගයේ ප්‍රධාන කවුලුවේ ස්වභාවයේ සිටම පහසු භාවිතය හා සියුම් ධාවනය සදහා අවශ්‍ය තාක්ශනික අංගයන්ගේ දක්වා වන බොහෝ දියුනු කිරීම් වලින් නව සංස්කරනය සමන්විත වන බවයි ඔවුන් පවසා සිටින්නේ. නව සංස්කරනය සමග එන ප්‍රධානතම අංගයක් ලෙස ඔවුන් ප්‍රකාශකර සිටින්නේ "ක්ලවුඩ්" තාක්ශනික දත්ත ගබඩාව හා සාමාන්‍ය යාවත්කාලීන දත්ත ගබඩාව සමග සහයෝගයෙන් කටයුතු කරමින් වැඩි හා සියුම් ලෙස තම සේවාදායක පරිගණකය වෙත වඩාත් සාර්තක ආරක්ශාවක් සලසන්නට නව සංස්කරනයට සමත්වනු ඇති බවයි.
      වැඩිදියුනු කරන ලද " සෑන්ඩ් බොක්ස්" උපාංගය සමග අන්තර්ජාල භාවිතයට අදාල  අංග කිහිපයක් මෙවර වැඩිදියුනු කර ඇති බවට සටහන්වනවා. ගූගල් ක්‍රොම් සදහා වෙබ් ලිපින පෙරනයක් මෙන්ම තීරනාත්මක පද්ධති කඩා වැටීමකදී පහසු නැවත දිගහැරුමකට යා හැකි බවකින්ද මෙවර සංස්කරනය සමන්විත බවයි ප්‍රකාශවෙන්නේ.කෙසේමුත් ආරම්භක සෙයුම්යාන්ත්‍රනයේ මන්දගාමී බවක්ද තම සොයා බැලීම් වලදී දැකගත හැකිවූ බවයි ස්වාධීන නිරීක්ශකයින් පිරිසකගේ අදහස් දැක්වීමක සටහන්ව තිබුනේ.

ඔබේ සැදෑ තේ කෝප්පයේ බාහිර පෘෂ්ටය අන්තර්ජාලයේ තිරය බවට පත් වන විට..........

ඔබේ සැදෑ තේ කෝප්පයේ බාහිර පෘෂ්ටය අන්තර්ජාලයේ තිරය බවට පත් වන විට එයට දමනු ලබන උනුසුම් තේ මිශ්‍රනයේ උනුසුම එම සබදතාවය පවත්වාගෙන යාමට අවැසි ශක්තිය ලබදෙනු ඇත. ඔබේ සමගමේ මීලග නිශ්පාදනය ගැන කෙරෙන වෙබ් පි‍ටුවේ ආකෘතිය වලාකුලු මෘදුකාංගයක් ඇසුරින් නිමවා සමාගමේ නිර්මාන ශිල්පියාවෙත යවන්නට හොදම අවස්තාව, ඔබේ ගෙවත්තේ මලින් ගැවසුනු තුරු ගොමුවක් යට ඉදිවුනු අසුනේ සිටින විට දැනෙන සැහැල්ලුවත් ප්‍රනීත තේ රසය කයට ගෙනෙන ප්‍රබෝධයත් උදා කර දෙනු ඇත. (එක් කලක හොදටෝම හිනා යන විසුලු සේ පෙනුන සිතුවිලි රටා තවත් කලක සැබෑ භෞතිකයන් බවට පත්ව තිබෙන අයුරු දකින විට මහත් පුදුමයක් දැනේ.)

මයික්‍රොසොෆ්ට් ආරක්ශාව අතින් ඉහලට....

ලොව ප්‍රධානතම ආරක්ශක මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි ආයතනය මෑතකදී නිකුත් කල වාර්ථාවකට අනූව මයික්‍රසොෆ්ට් සමාගමේ නිශ්පාදන කිසිවක් ලොව වඩාත් අනාරක්ශිත මෘදුකාංග ලයිස්තුගත කිරීමෙදි ප්‍රතම 10 තුලට ඇතුලත් නොවන බවට සටහන් වනවා. එම සටහනට අනූව ඉතිහාසයේ ප්‍රතම වතාවට මෙම ඉවත්වීම සිදුවී ඇති බවයි සටහන් වන්නේ.ඇඩොබේ හා ඔරකල් සමගම්වලට අදාල නිශ්පාදන මෙම ලයිස්තුගත කිරීමේ ප්‍රතම ස්ථාන 10 තුලට ඇතුලත්ව තිබෙන බවයි සටහන් වන්නේ. ඔවුනට අනූව මයික්‍රසොෆ්ට් නිශ්පාදන වල මෙම ආරක්ශිත තත්වයට මූලික හේතුන්වන්නේ වැඩි වැඩියෙන් නියමිත පරිදි භාවිතා කරන්නන් තම මෘදුකාංග යාවත් කාලීන කිරීමත්, වින් 7 භාවිතයට වැඩියෙන් පෙලබවීමත් ලෙස සටහන් වනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...