මොසිල්ලා ආයතනය පවසන්නේ තම නව ෆයර්ෆොක්ස් සංස්කරනයත් සමග වෙනස්කම් රාශියක් ඉදිරිපත්කර ඇති බවය. ඒවා අතරින් වැදගත්ම කරුනු හතරක් පිලිබදව ඔවුන් අවධාරනය කර සිටිනවා.
ෆයර්ෆොක්ස් 4 වන සංස්කරනය සමග ආරම්භක වේගයෙහි සැලකිය යුතු වෙනසක් ඔබවෙත රැගෙන විත් ඇතිබවයි ඔවුන් පවසන්නේ. ෆයර්ෆොක්ස් හි පැනරොමා භාවිතා කරන්නෙක්නෙම් මෙම වෙනස වඩාත් හොදින් ඔබට වටහාගත හැකිවනු ඇති බවයි පවසන්නේ.තාක්ෂනිකව මෙම මතය පිලිබද ප්‍රතිමතවාද තිබුනද, භාවිතාකරන්නෙකුගේ කෝනයෙන් සලකන විට එය සත්‍යබවයි පැවසිය හැක්කේ.
වෙබ් ලිපිනය "ඇඩ්‍රස් බාර්" එක මත දිස්වීමේදී එම වෙබ් අඩවියේ "ඩොමේන්" නාමය ඉස්මතු කොට පෙන්වීම සමහර අවස්තාවදී සයිබර් අපරාධකරුවෙකුට ඔබව නොමග යවන්නට ගන්නා උත්සාහයක් මගහැර ගන්නට ඔබට සහය වෙනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ.
අවදානම් වෙබ් අඩවි මගහැර යාමට අවශ්‍ය පහසුකම් අතින් නවතම අංගයන් මෙම සංස්කරනයට එක්කර ඇති බවයි පවසන්නේ. වැරදීමකින් අවදානම් වෙබ් අඩවියකට පිවිසෙන්නට ඇති අවස්ථාවන් මගහැරීමට උවමනා සැදීම් සකස් කරගැනීම භාවිතා කරන්නාටම අවස්තාවක් සලදීම ඔවුන් දක්වා තිබෙනවා.මේ සදහා ඇඩ්‍රස් බාර් එකෙහි about:permissions සටහන් කිරීමෙන් ආරම්භකල හැකි බවයි ඔවුන් සටහන් කර සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...