අන්තර්ජාලය තුල සමහරුන් ව්‍යාජ පුද්ගලත්වයන්ගෙන් පෙනී සිටින්නේ වියහැකි හානීන් ගෙන් ගැලවි සිටින්නටය.තවත් සමහරුන් ව්‍යාජ පුද්ගලත්වයන් තුල සැගවී සිටින්නේ තමන් අන්තර්ජාලය තුලදී කරන කියන දේ සදහා වගකීමෙන් වැලකී සිටීම සදහාය. මූලිකව සලකන කල මොවුන් දෙවර්ගයම සයිබර් අවකාශය සදහා කරන්නේ අනර්තයකි. දෙවනුව එම අනර්තය ඉහල මට්ටමක හෝ පහල මට්ටමක විය හැක. ෆේස්බුක් සමාජ ජාලය ගැන සලකන විට මෙම තත්වට හොදින් දැකිය හැක. සමහරුන් තම කාර්යාලයේ ආසන්නතම මේසවල සිටින පිරිස ඇරෙන්නට වෙන කිසිවෙක් සමග සමාජ ජාලා ස්වභාවයේ මිතුරු කමක් ගොඩනගා ගන්නට අකමැති වෙයි. තවත් කොටසක් කරනුයේ තමන්ගේ සත්‍ය පුද්ගලත්වයට අමතරව ව්‍යාජ පුද්ගලත්වයන් දෙක තුනක් හෝ වැඩි ගනනක් පවත්වාගෙන යයි. තමන්තුල ඇති පහත් ආශා පද්ධතිය මුදා හරින්නට මෙම ව්‍යාජ පුද්ගලත්වයන් ප්‍රයෝජනයට ගනී.සමහර විටක ලංකාව වැනි රටවල මෙම තත්වය වඩාත් දරුනු ලෙස බලපානවා විය හැක. එක් දෙසකින් සාම්ප්‍රදායික සංස්කෘතික සීමා නැගී සිටින විට අන්දෙසින් විවෘතවූ මාධ්‍යන් ඔස්සේ ලිහිල්වූ සංස්කෘතික රටා ගලා එයි.
ගූගල් ආයතනය අන්තර්ජාල භාවිතා කරන්නන් සදහා මීලග යුගය රැගෙන එන්නට තීර්නය කර ඇතුවා සේය. කොටින්ම "අන්තර්ජාලය යනු සත්‍ය ලෝකයේ මිනිස් නියෝජනයේ තාක්ශනික සංස්කරනයක් මිස , සංකෘතික හෝ වෙනයම් හේතුවක් මත ව්‍යාකුලවූ මිනිස් සිතුම් පැතුම් ගලායවන්නට ඇති මාධ්‍යක් නොවිය යුතුය" යන්නට මොනයම් හේතුවක් නිසා හෝ මුල් තැනක් දීමට තීර්නය කර තිබීම ඉතා ධනාත්මක තීර්නයකි.
ගූගල්+ පුද්ගලත්වයන් ගැන ගූගල් ආයතනයෙන් දිනෙන් දින ගලා එන තොරතුරුවලින් මේ බව වඩ වඩාත් තහවුරු වෙයි.අලුත්ම පුවතකින් කියවෙන්නේ ව්‍යාජ පුද්ගලත්වයන් තහවුරු කර ගැනීම සදහා ස්වංක්‍රීය ක්‍රම වේදයක් දියත් කරන්න්ට යන බවකි. ඔවුන් පවසන්නේ හැකි ඉක්මනින් තම සංකේත නාමයන් තමන්ගේ ස්වභාවික නාමය දෙසට වෙනස් කර ගන්නා ලෙසය.එසේ නොකලහොත් දැනුම්දීමකින් තොරව ඔබේ ගූගල්+ පුද්ගලත්වය ඉවත් කරන්නට සිදුවනු ඇති බවය. ගූගල් ආයතනය පවසා සිටින්නේ "ගූගල්+ තුල අපට අවශ්‍ය වන්නේ සැබැ මිනිසුන් ගේ නියෝජනයකි. ඔබේ හිතවතුන් ඔබව අමතන සැබෑ නාමය අපට අවශ්‍යවී ඇත්තේ ඒ නිසාය" කියාය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...