ගූගල් ආයතනය පවසන්නේ වෙබ් අඩවිආශ්‍රිත හානිකර මෘදුකාංග හදුනා ගැනීම ඉතාම අපහසු කටයුත්තක් වෙමින් ඇති බවය. මැතකදී නිකුත්වූ අධ්‍යනවාර්ථාවකින් ඔවුන් පවසා සිටින්නේ ප්‍රතිවෛරස සමාගම් තම ක්‍රමවේදයන්ගේ පැහැදිලි වෙනසකට යායුතුව ඇති බවකි.වසර හතරක් තුල මිලියන 8ක වෙබ් අඩවි වල මිලියන 160 වෙබ් පිටු විස්ලේශනයෙන් සැකසුනු ගූගල් වල ආරක්ශිත වෙබ් සැරිසර සේවාව තුලින් භාවිතා කරන්නන් හට ආසාදිත වෙබ් අඩවි පිලිබද අනතුරු ඇගවීම් ගූගල් ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් සෙයුම් යන්ත්‍රවලදී ලබ දෙමින් සිටිනවා
ගූගල් ආයතනය පවසන්නේ තමන් දිනකට මිලියන 3ක ආසාදිතයැයි සැක කෙරෙන වෙබ් අඩවි පිලිබද අනතුරු ඇගවීම් මිලියන 400 වෙබ් අඩවි භාවිතා කරන්නන් හට ලබා දෙමින් සිටින බවයි. පහරදෙන්නන් ගේ දිනෙන් දින සංකීර්න වෙමින් තිබෙන ක්‍රමවේද හමුවේ තම හදුනා ගැනීමෙ ක්‍රම වේදයන් පිලිබදව සතුටු විය නොහැකි තත්වයක් උදා වෙමින් පවතින බවයි ඔවුන්පවසන්නේ.
ඔවුන් වෙබ් අඩවිවල නිරෝගී භාවය නිර්නය කිරීම සදහා ක්‍රමවේද කිහිපයක් අනුගමනය කරමින් සිටී. වර්චුවල් ආකාරයේ වෙබ් සරන්නෙකු වෙබ් අඩවිතුලට ඇතුලු කර එම වෙබ් අඩවිතුලින් ලබ දෙන ප්‍රතිචාර පිලිබද පිලිබද වාර්ථාවක් ලබා ගැනීම ඉන් එක් ක්‍රමයකි. අනෙත් ක්‍රම අතර වෙබ් අඩවි "රෑන්කිං" හා වෙබ් අඩවියේ පරිසරය පිලිබද හැදෑරීමත් ප්‍රතිවෛරස මෘදුකාංගවල පිහිට ලබා ගැනීමත් සිදුවන බවයි පවසා සිටින්නේ.
නියමිත් ලෙස යවත්කාලීන නොවූ මෘදුකාංග භාවිතය ගැන ඉහල මට්ටමක අනතුරු ඇගවීමක් ඔවුන් දක්වා සිටිනවා. බොහෝ පහරදෙන්නන් පිරිසක් මෘදුකාංගවල මෙම දුර්වල ප්‍රයෝජනයට ගැනීමට බලා සිටින බවත් අනෙක ලෙස "ව්‍යාජ සමජ සබදතා" ඔස්සේ තම ඉලක්ක ලබා ගැනීම මේ දිනවල බහුලව භාවිතවන අනෙකුත් ක්‍රවේදයලෙසත් ඔවුන් පවසනවා." වෛරස සිග්නේචර්" ක්‍රමවේදයද අර්බුදයකට ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ. පහරදෙන්නන් සමහර අවස්තාවලදී "පැක්" කරන ලද කෝඩ් භාවිතා කිරීම නිසා ප්‍රති වෛරස වලට හදුනාගැනීමට ගතවන කාලය යලිත් වෙනසක් ලබා ගැනීමට ඔවුන් ප්‍රයෝජනයට ගන්නා බවයි කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...