පුරුදු අත්හැරීම යනු සරල කාරනාවක් නොවන බව පැහැදිලිය. එනමුත් බොහෝ පිරිස් අදවන විට සරල හා පහසුවෙන් කරගත හැකි බොහෝ කාරනා සදහා සුපුරුදු අපහසු පරන මවත ඔස්සේම යමින් තම කාලයත් ශක්තියත් වැයකරගන්නා ආකාරය දකින විට සමහර තවකෙකුට අපහසුතාවයක් ඇතිනොවන්නේම නොවේ.ඔබ සතුව පරිගණකයක් ඇත්නම් එය භාවිතයෙන් ජීවිතයට ලංකරගත හැකි පහසුකම් කිහිපයක් ගැන සලකා බලන්නට අප උත්සාහකරමු යැයි මම ඔබට ආරාධනා කරනු කැමැත්තෙමි.
ඩිජිටල්කරනය ඔබේ ජීවිතයට බොහෝ පහසුකම් රැගෙන එන්නට සූදානම්ව සිටී. සරල උදාහරනයකින් මෙසේ අරබමු. ඡායාරූප ගත කරන ලද අතීත මතක සටහන් සමග නැවත අතීතය වෙත පියනැගීම කාලයකට වතාවක් හෝ බොහෝ දෙනෙකුගේ පුරුද්දකි. වඩාත් රසවත්ව හා පහසුවෙන් එවැනි අතීත මතකයක කිමිදෙන්නට ඔබේ පරිගනකය සුදානමින් සිටී. ස්කෑනරයක් සමගින් ඔබේ ඡායාරූපවල මෘදු පිටපත් පරිගනකයට ගත හැක. මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් නොමිලේම බාගතකල හැකි කුඩා මෘදුකාංගයක් වන "මූවි මේකර්" මගින් ඔබකැමති පිලිවලකට මෙම ඡායාරූප පෙල ගස්වාගැනීම සදහා සරල පරිගණක භාවිත දැනුම සෑහෙන බව ඔබටම මද උත්සාහයක් තුලින් වැටහෙනු ඇත. එම අතීත සිදුවීමට ගැලපෙන නාද රටාවක්ද එක්කිරීමෙන් අපූරු චලන රූ පටයක් නිර්මානය කරගැනීමෙන් වැඩි වින්දනයක් ඔබවෙත ලගා කර ගන්නට හැකිවනු ඇත.එසේම "ලයිව් පොටෝ ගැලරි" තුලින්ද ඔබට කැමති අයුරකින් මෙවා පෙලගස්වා ගත හැක.සීඩී හෝ ඩීවීඩී තැටියකට මෙම සැමරුම් පිටපත් කර ගැනීමෙන් රූපවාහිනී යන්ත්‍රයෙන් පසසුවෙන් පවුලේ සියල්ලන්ටම එකවර රසවිදින්නට අවස්තාව උදා වෙනු ඇත.
සමහරුන් සති අන්ත පුවත් මිලදී ගන්නේම එලබෙන සතියේ රූපවාහිනි වැඩසටහන් පෙල ලබා ගැනීම සදහාය. එනමුත් සැම රූපවාහිනී නාලිකාවකම වෙබ් අඩවි වලට පිවිසීමෙන් පහසුවෙන් වැඩසටහන් පෙල ගැස්ම ලබා ගත හැකිවා මෙන්ම හදිස්සියේ සිදුවන සංශෝදනයන්ද සහිතව ඒවා ලබා ගත හැකිවනු ඇත. කලකට වතාවක් නිවසේ භාවිතාකරන උපකරන වෙනස් කරන්නෙක් නම් ඒවායි අමතර ලාභයක් ලබා ගන්නට පුවත්පත් වලට දැන්වීම් සකසමින් හා භාරදෙමින් වෙහෙසනවා වෙනුවට අන්තර්ජාලයට පිවිස ලුහුඬු දැන්වීම් නොමිලේ පලකරන වෙබ් අඩවියක පහසුවෙන් ඇතුලත් කල හැකිය.සමහර විටක ඔබ වැරදි තීරනයක ඉන්නවා විය හැක. එනම් ඔබ සිතනවාට වඩා පිරිසක් මේ වනවිටත් අන්තර්ජාලය භාවිතා කරනවා සේම දෛනිකව විශාල පිරිසක් අන්තර්ජාල භාවිතයට පිවිසෙමින් සිටින සිටින බවයි ඒ. දුර බැහැර සිටින හිතවතෙකුට දුරකතන ඇමතුමක් ඔස්සේ ලගාවෙන්නට ඔබ වැයකරන ඉතිරිකර දෙන්නට "ස්කයිප්" හෝ "වින්ඩෝස් ලයිව්" ඔබට උපකාරී වනු ඇත.
@@@@දිගු ලිපිපෙලක ආරම්භයකි@@@
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...