මයික්‍රොසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධතිය අන් සියලුම සංස්කරනයන්ට වහා හාත් පසින්ම වෙනස් වනු ඇත. කර්නලයේ සිට ක්ලවුඩ් දක්වා, නැතිනම් සම්පූර්නයෙන්ම වෙනස් මගක් ගනු ඇත. ඒ.ආර්.එම්. ප්‍රොසසරය සමග හොදින් එකගව වැඩකරන්නටත්,ජංගම උපාංග සමග උපරිම කාර්යක්ශමතාවයෙන් වැඩ කරන්නටත්, සමස්ත පද්ධතියම මෙනුගත පහසු හැසිරීම් අවස්තාවන් වලින් සමන්විත පරිගනක මෙහෙවුම් පද්ධතිවලට මීලග පරම්පරා වෙනස රැගෙන එනු ඇති බවටයි කාගේත් බලා පොරොත්තුව වී ඇත්තේ.
මයික්‍රොසොෆ්ට් ආයතනයේ මීලග යුගයේ ප්‍රමුක බලාපොරොත්තුව "ටැබ්ලට්" බව තවදුරටත් රහසක් නොවේ. ඒ.ආර්.එම්. ප්‍රොසසරයට උපරිම සහයෝගය මෙන්ම උපරිම අඩුම බලය වැයකින් ක්‍රියාත්මකවීමේ හැකියාව අනිවාර්ය වෙනුඇති බවට බලාපොරොත්තු විය හැකිය. අනිත් අතින් ස්පර්ශක තිර භාවිතයට පැමින දසකයකට ආසන්න වූවත් මෙහෙයුම් පද්ධතියක් ලෙස ඒවා ගැන ලොකු බලපොරොත්තුවක් මෙතෙක් භාතවූ කිසිදු ප්‍රධාන සංස්කරනයකින් පලනොවිනි. මීලග මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය ස්පර්ශකතිර වලට වැඩිසමීපබව මූලික වනු ඇත. ලොගින් ස්ක්‍රීනය, ටාස්ක් මැනේජරය,මෙන්ම බ්‍රවුසරය ස්පර්ශක මෙහෙයුම් වලට වැඩි නැබුරුතාවයක් දක්වනු ඇත. පසුගිය දිනවලදී අන්තර්ජාලය වෙත නොනිල ලෙස පිවිස තිබූ වින්8 වලපෙර සංස්කරනයේ ස්පර්ශක තිර මිත්‍ර බව පැහැදිලිව දකින්නට ලැබුනු බවයි කියවෙන්නේ. පාස්වර්ඩ් පිවිසුම් ක්‍රමය වෙනුවට විකල්ප ක්‍රමවේද භාවිතයට නව මෙහෙයුම් පද්ධතිය නැබුරුවනු ඇති බවයි බලා පොරොත්තුව වී ඇත්තේ.
රිබන් ආකාරයේ මෙනු පද්ධති භාවිතයට පැමිනෙනු ඇත.එසේ මුත් පලවන ඉගිවලින් කියවෙන්නේ භාවිතාකරන්නාගේ සිත් පරිදි වින් 7 වල මෙනු පද්ධති වලට සමාන මෙනු පද්ධතියක් තෝරා ගැනීමේ අවස්තාවද ලැබෙනු ඇති බවයි. ටාස්ක් මැනේජර් වල කාර්යභාරය බෙහෙවින් වෙනස්වනු ඇත්තේ දැනටවඩා පහසුවෙන් ක්‍රියාත්මකවෙමින් පවතින "ක්‍රියාත්මකයක්" නතර කර දැමීමේ හැකියාව ලැබෙනු ඇති බවයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ.බොහෝ විට දැනට සැගවී පවතින"ක්‍රියාත්මකයන් " පවා පහසුවෙන් නවතා දැමීමේ හැකියාව ලැබෙනු ඇත. (මෙම ලිපියේ පසු සංස්කරනයක් බලපොරොත්තුවන්න)
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...