2011-10-31

ව්‍යාජ ආරක්ශක මෘදුකාංග.....

ව්‍යාජ ආරක්ශක මෘදුකාංග පැතිරවීම හරහා අනිසි මුදල් ඉපයීම පසුගිය කාලයේ අන්තර්ජාලය තුල බහුලව සිදුවූ කාරනයක්ව පැවතිනි. ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක්වන කැස්පර්ස්කි ආයතනයට අනූව නම් පසුගිය ජූනි මාසයේ   මෙම ආකාරයේ පහරදීම් දිනකට 50,000 හා 60,000 අතර පැවති අතර  එය මේවන විට දිනකට පහරදීම් 10,000 දක්වා පහත වැටී ඇති බවටයි පවසන්නේ. නීතියේ  ක්‍රියාකාරීත්වයත් , සෙයුම් යන්ත්‍රවල පෙරීම් ඇල්ගොරිතමයන්ගේ දියුනුවීමත් මේ සදහා ප්‍රධානතම සාධකයන් ලෙස එම ආයතනය පෙන්වා දෙනවා.එසේම ආරක්ශක මෘදුකාංග සමගම් වල ක්ෂනික ප්‍රතිචාරයන්ද වැඩිදුරටත් ඔවුන් දක්වා සිටිනවා.
          රුසියානු බලධරයන් අත්වඩංගුවට ගත් රුසියානු ජාතික "පාවෙල්"  නැමැත්තා ව්‍යාජ ආරක්ශක මෘදුකාංග පැතිරවීමේ ඉහලින්ම සිටි අයෙකු ලෙසයි වාර්ථාවන්නේ. මීට අමතරව ඇමරිකාවෙන් හා යුක්ක්‍රේනයන් කිහිපවිටකම සොයාගත් හා නවතා දමන ලද සර්වර් මට්ටමේ පරිගණක පද්ධති ඉහත තත්වය පාලනයවීමේලා බලපාන්නට ඇති බවටයි කරුනු පලවන්නේ.
        කැස්පර්ස්කි ආයතනය වැඩිදුරටත් පවසන්නේ නව ප්‍රවනතා කිහිපයක් යලිත් වාර්ථා වෙමින් පවතින බවයි. අතාර්කික ලෙස මතුව එන ආරක්ශක අනතුරු ඇගවීම් ගැන කල්පනාකාරීවන ලෙසත් අපහැදිලි ආරක්ශක මෘදුකාංග සදහා මුදල් ගෙවීමෙන් වලකින ලෙස මෙන්ම අව්‍යාජ ආරක්ශක මෘදුකාංගයක් භාවිතයට ගැනීමට කල්පනාකාරී වන ලෙසටත් ඔවුන් අවවාදකර සිටිනවා.

2011-10-30

අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට......

ආශ්‍රම ජීවිතයේ බොහෝ දේ වචන තුලින් බෙදාගන්නට  අතිශය අපහසුය. වචන මොනතරම්න් සීමිත දේවල්ද යන්න බොහෝ හදාරනන් පවසා ඇත්තේ ඇයිදැයි මම නොදනිමි. ආශ්‍රම ගූමියේ සිට දෙවනි කදුබෑවුම මත්තේ පිහිටි ගම්මානයේ නිවසක එලිපත්තේ පිහිටි මැටියෙන් තැනූ  උස් තැනක රාත්‍රිය ගත කරන මොහොතක් විය එය. නගරට ආසන්න එම ගම්මානයේ මා රත්‍රියේ නවාතැන් ගත් නිවැසට ඉදිරියෙන් ඇත්තේ බෞද්ධ ස්ථානයකි. ඒ මාවතේඅන ඊට මදක් දුරින් දුප්පත් ගෙවතු හිමියෙකුගේ  මස් සදහා ඇති කරන කුකුලු  ගොවිපොලක් පැහැදිලි අපහැදිලි නෙත් මනයේ දෑකීමි.දහමේ  යතාර්තය එක මොහොතකදී මට හැගුනේ මෙසේය. දහම නෙත්මානයේ පෙනිපෙනී තවකෙකු විසින්  සුලු ලාබයක් තකා බෙලි සිද ලන්නේ ඔවුන්ගේය."මහත්  අහංකාර මගේ  පෘතිවි යහලුවන් මම ගැන මම අතිශය දුක් වෙමි."

" ඔවු, ඒක හරිම අපූරු පරිනාමයක්. හරිම වෙගවත් එකක් උනා.....

පලමුව එය භාවිතාකරන උපකරනය මත පදනම් විය. ඒ වූ කලී මෙහි ප්‍රාතමිකම යුගය විය. එය පොලවට ගැටගසා තිබෙන උපකරනයක්ව පැවතීම තත්වය වඩාත් ප්‍රාතමික කරන්නක් විය. වරක් ප්‍රකට විද්‍යාප්‍රබන්දකරුවෙකු එහි පරිනාමය විස්තරකලේ මෙලෙසය " ඔවු, ඒක හරිම අපූරු පරිනාමයක්. හරිම වෙගවත් එකක් උනා වාගේම ඩාවින් මහත්තයා හිටියානම් මොනාවා කියාවිදැයි සිතා ගන්නට බැරිවේවි. ගලක් වලාකුලක් වීම, හරිම පුදුමාකාරයි". කාලයාත් සමග මෙම ගල මදින් මද සැහැල්ලු වන්නට විය. එක්තර සීමාවකදී අවශ්‍යතාවයේ සුලග එය ජංගම උපකරනයක් බවට පත්කලේය. එසේවූ මුත් එය උපකරනයෙන් ස්වායන්ත වන්නට දශකයකට වඩා කාලය ගනු ලැබිනි. අවසානයේ එය සිදුවිය තමන්ගේ පෞද්ගලික වාහනයේ පැති වීදුරුවේ සිට මුලුතැන්ගෙයි ආහාර සකස්කරන්නට උපයෝගී කරගන්නා මේසයේ මතුපිට තලය දක්වා එය නිදහස් විනි.ඇත්තෙන්ම එය එතැනින් නතර නොවිනි. එදිනෙදා ජීවිතය අවට තිබූ බොහෝ ඝන දැ දත්ත ගොනු බවට පත්කලේය.

2011-10-29

ෆයර් ෆොක්ස් මතට පී.ඩී.එෆ් කියවනයක්......

ෆයර් ෆොක්ස් භාවිතාකරන ඔබට  පී.ඩී.එෆ් ගොනුවක් විවෘතකර ගැනීම සදහා අවශ්‍ය මෘදු සහය නැවත විවෘතකිරීමකින් තොරව භාවිතාකලහැකි ප්ලගීනයක් ලෙස මෙවන විට ලබා ගත හැකි බවටයි තොරතුරු පලවෙන්නේ. ඔවුන් පවසනවා මෙම මෘදු සහය සමග පාලන හැකියාවන් ලෙස පි‍ටු ඉදිරියට හා පසු පසට ගමන්කල හැකියාවත් පි‍ටු විශාල කිරීම හා කුඩා කිරීමේ හැකියාවත් සේම මුද්‍රනය සදහා ආදීවන පහසුකම් හිමිවන බවයි.පහත ලිපිනය ඔස්සේ පිවිස එම මෘදු ඇමිනුම ඔබටත් ලබා ගත හැකිවනු ඇත.

http://andreasgal.github.com/pdf.js/extensions/firefox/pdf.js.xpi

දත්ත මිනිසා......

"දාර්ශනික තලයකදී පෘතුවිය මත සිදුවීමක් විග්‍රහකරන විට කෙනෙකුට කේජු කැබැල්ලක් ආහාරයට ගන්නා වැනි සැහැල්ලුවක් දැනෙන විට තවකෙකුට කුඩා යකඩ කැබැල්ලක් හපාගිලින්නට සිදුවී ඇතුවාසේ මහත් අපහසුවක් දැනීම හරිම අපූරු අත්දැකීම" වරක් කැලිෆෝනියානු සරසවියක ආරාධිත දේශනයකට සහභාගී වෙමින් දර්ශනය පිලිබද ප්‍රකට ප්‍රංශ මහාචාර්යවරයෙකු පැවසුවේ සභාවේ සියල්ලන්ම සිනාහවක ගිල්වමින්ය. මා මීට වසර පහකට පමන පෙර ලෝක තොරතුරු කෞතුගාරය නැරබීමකට ගිය අවස්තාවකදී එම ඓතිහාසික දේශනය නැවත අසන්නට අවස්තාවක් ලැබිනි. සමහර විටක මෙය කියවන ඔබ  සමහර විටක එම දේශනය තබා එම මහාචාර්යවරයා විශ්වවිද්‍යාල සිසුවෙකුවවත් සිටින්නට පෙර කාලයේ වෙසෙන්නෙකු වන්නට ඉඩ ඇත. සමහර විටක ඔබ මෙම අපූරු මතවාදයන් ගොඩ නැගෙන්නට අවැසි සමාජීයකාරනා  ගොඩනැගෙන කාලයක වෙසෙන්නෙකුද වන්නට ඉඩ ඇත.
                         එම ප්‍රාතමික යුගයේදී පරිගණකය හුදු රාජකාරී සහය උපකරනයක්ව පැවතුනි.ප්‍රාතමික දත්ත ගොනු හැසිරවීම එයට අයත්ව තිබූ ප්‍රධානතම කාරනයව පැවතුනි. කොටින්ම පවසන්නේනම් පරිගණකයකට අත්පත්කරගතව හැකිවතිබූ දත්තගොනු හැසිරවීමේ සංකීර්න සක්‍යතාවයෙන් අතිමත් අල්පයක් පමනක් භාවිතාකරමින් තිබූ යුගයක් විය. තවත් අතකින් ඉතාම ප්‍රාතමික මිනිස් ස්වභාවයන් මුදාහරින්නට අවැසි අවකාශය ලබාදෙන පරිගණක ක්‍රීඩා බහුලවම පැවති යුගයක් විය.එසේම එකිනෙක ඈදුනු පරිගණක පද්ධති විසින් ගොඩනැගූ අන්තර්ජාලය මත ඉදිවූ සයිබර් අවකාශය වැඩි ප්‍රතිශතයකින් මිනිස් සාරධර්ම වලට වඩා පහතින් පැවති යුගයක් විය. සැගවීසිටිමින් තම ප්‍රමිතියකින් තොර  ස්වභාවයන් මුදා හරින්නට ‍තෝතැන්නක්වී තිබිනි. සරලව පවසන්නේ නම් සැකය හා අවිස්වාශය වැනිවූ බහුල සමාජ ස්වභවයක් සමග පරිගණකය සාමාන්‍ය ජීවිතයට පිවිසෙමින් තිබිනි.
www.itlknews.tk

ෆේස්බුක් ආරක්ශාව සම්බන්දයෙනි.......

ෆේස්බුක් ආයතනය තම භාවිතාකරන්නෙකු ගිනුමට ඇතුලුවන මොහොතේ සිටම ඔහුගේ දත්ත වල සුරක්ශිතතාවය සදහා බොහෝ පියවර ‍රැගන ඇත.ආරම්භයේදීම ලබාගතහැකි ආරක්ශක පියවරක් වන්නේ  https:// තත්වයේ සබද තාවයක් පෙර පිවිසීමකදී අවදිකරවා ගෙන තිබීමය.මෙය ගිනුමේ සැකසුම් පි‍ටුවෙන් ලබාගත හැකි පහසු කමකි. ඉන් අනතුරුව සම්පූර්න ෆේස්බුක් භාවිතකාලය සදහාම ආරක්ශාවක් ලැබෙනු ඇත. දෙවන පියවර ලෙස සටහන්කල හැක්කේ සියලු භාවිතාකරන්නන්හට ලැබෙන අවස්ථාවක් වන ආරක්ශක ප්‍රශනයක් හා පිලිතුරක් තොරා ගැනීමය. එලෙසම තම ජංගම දුරකතනය ඔස්සේ තම අනන්‍යතාවය තහවුරුකෙරෙන අන්දමේ පනිවිඩයක් ලබාගතහැකිවනසේ සැකසුම් සකස්කරතැබීම වැදගත් විය හැක. එක්වරක් පමනක් භාවිතකල හැකි අවසර පදයක් 3266 ඔස්සේ ලබාගත හැකිවීමද හොද ආරක්ශක පියවරක් වනු ඇත. ඔබගේ පිවිසුම් උපකරනයේ අනන්‍යතාවයද තීරනාත්මක සාධකයක් බවට පත්කරන්නට හැකියාවක් ඇත. එම පහසුව අවදිකරවා ගැනීමේ අනතුරුව නොහදුනන හෝ නව උපකරනයක් ඔස්සේ ගිනුමට පිවිසෙන්නට තැත්කරන විට ඔබ ජංගම දුරකථනයවෙත ලැබෙන තහවුරු පදයක් ඇතුලු කරන්නට වනසේ සැකසුම් සකස්කරගන්නට හැකිවනු ඇත. තවත් ආරක්ශක  භාවිතාවක් ලෙස පිවිසුම් ස්ථානය තහවුරු කිරීමේ අවස්ථාව දැක්විය හැක. මෙම පියවරවල් සියල්ල ගිනුමට පිවිසීමේ ක්‍රියාවලිය හා සැබැදුන ඒවාවේ.
                                                                     ගිනුමතුලදී ගතහැකි පියවරවල් ලෙස , තවත් භාවිතාකරන්නෙකුගේ සැක සහිත හැසිරීමක් දු‍ටුවිට "action " බටනය ඔස්සේ පිවිස පියවරක් ගතහැකිවනු ඇත. ෆේස්බුක් ආයතනය ඡායාරූප "ඩී.එන්.ඒ" ක්‍රම වේදය ඔස්සේ "බ්ලැක් ලිස්ට්" එකක් පවත්වාගෙන යනු ලබයි.ඒ තුලින් දෛනිකව වෙබ් අඩවිය වෙත නංවන්නට උත්සාහ කරන මිලියන ගනනක ඡයාරූ පෙරීමකට ලක්කරමින් අසභ්‍ය හා අනෙකුත් අනවසර දේ ඉවත්කරනු ඇත. භාහිර පවතින වීඩියෝවකට ඇති සබදතාවයක් ඔබ ලවා අවදිකරවා ගැනීමෙන්  අනතුරුව අහිතකර අඩවියක් වෙත ඔබ‍රැගෙන යන්නට කරන උත්සාහයන් එම සබැදීයාව පෙර පිරිස්සීමකට ලක් කිරීමෙන් අවම කරන්නට ක්‍රියා කර ඇත. ඇප්ලිකේෂනයන්ගේ හැසිරීම නිරීක්ශනය කරන ක්‍රමවේදය ඔස්සේ අනතුරුදායක ඇප්ලිකේශනයන් පිලිබද අනතුරු ඇගවීමේ ෆේස්බුක් ක්‍රමවේදය ඔස්සේ සහය වනු ඇත.

අනතුරට පත්වන ෆේස්බුක් ගිනුම් සදහා නව විසදුමක්....

ෆේස්බුක් ආයතනය විසින් තම භාවිතාකරන්නෙකුගේ ගිනුමක් ආක්‍රමනයකට ලක්වූ මොහොතකදී යතාතත්වයට පත්කර ගැනීමේදී උපකාර කරගත හැකි ආකාරයේ නවාංගයක් හදුන්වාදෙමින් සිටින බවටයි තොරතුරු පලවන්නේ. යම් පහරදෙන්නෙකු ෆේස්බුක් ගිනුමකට අතුලුවූ මොහොතේම බහුලවම ගන්නා පියවරක් වන්නේ අදාල ගිනුමේ රහස්පදය හා භාවිත නාමය වෙනස් කිරීමයි. මේ සදහා ෆේස්බුක් ආයතනය අලුතින් හදුන්වාදෙමින් සිටින ක්‍රමවේදයේදී සිදුවන්නේ ඔබේ ගිනුම හොදින් පවතින කාලයේදී අවස්ථාවක් ලබාදෙනු ලබනවා ඔබට වඩාත්ම විස්වාශය තැබිය හැකි  මිතුරන් කිහිපදෙනෙකු ආයතනයට යෝජනා කරන්නට. අනතුරුව යම් මොහොතක ඔබේ ගිනුම ආක්‍රමනයකට හසුව පිවිසෙන්නට නොහැකි මොහොතක් උදා වුවහොත් ෆේස්බුක් ආයතය විසින් පෙර ඔබ හදුන්ව දුන් මිතුරන් වෙත යොමු කරන රහස් පදය භාවිතා කරමින් ගැටලුව නිරාකරනය කරගන්නට හැකිවනු ඇති බවටයි ආයතනය පවසන්නේ. පලවන වාර්ථාවලට අනූව දිනකට ෆේස්බුක් ගිනුම් 600000 පමන ආයතනය විසින් සැකසහිත පිවිසීම් වලට උත්සාහයන් නිසා  අඩපන කරන්නට සිදුවන බවටයි වාර්ථාවන්නේ.
  (සවිස්තර ලිපියක් බලාපොරොත්තුවන්න)

2011-10-28

ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතක්....

ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතකින් පැවසෙන්නේ සාමන්‍යයෙන් තමන්ගේ මිතුරන් නොවන කෙනෙකුට පවා පහර දෙන්නට හැකිවන ආකාරයේ දුර්වල තාවයක් හමුවී ඇති බවයි. මේ සදහා ෆේස්බුක්හි බහුලව භාවිතාවන පහසුකමක් වන මැසේජ් පහසු කම යොදාගත හැකි බවටයි පැවසෙන්නේ. සාමාන්‍යයෙන්  ".exe" නැතිනම් ක්‍රියාකාරීත්වයක් සහිත ෆයිලයන් මෙම මැසේජ් පහසුකම තුල හුවමාරුවට ඉඩ නොලැබෙනමුත් පහරදෙන්නෙකුට එම ‍ෆිල්ටරය නොමග යැවීමක් භාවිතා කරමින් හානිකර ක්‍රියාකාරීත්වයක් සහිත ගොනුවක් ෆේස්බුක්හි ඔනෑම භාවිතාකරන්නෙකු වෙත යවිය හැකි මට්ටමේදුර්වලතාවයක් භාවිතාකරමින් බවයි පැවසෙන්නේ.
  මේ පිලිබදව අදහස් දක්වමින් ෆේස්බුක් අඩවියේ ආරක්ශක විධායකවරයෙකු පවසා ඇත්තේ, මෙවැනි ආකාරයේ පහරදීමකට දෙවන තලයේ දැනුමක් අවශ්‍ය බවත් අනිත් අතින් වරකට එක් පනිවිඩයකට වඩා යැවීමටද නොහැකිවන බවයි. අනිත් අතින් මෙම ආකාරයේ පහරදීම් වෙබ් අඩවි මූලික ඊමේල් ගිනුම් සදහාද පොදුබවත් මෙවන් ප්‍රහාරයක් සාර්තක කරගන්නට නම් අතිරේක ආරක්ශක ක්‍රමවේදයන් කිහිපයක්ම පසුකරන්නට සිදුවන බවත්ය.

ගූගල්+ සෙමින් මුත් හොදින් වර්ධනයවෙමින් පවතින බවට......

පසුගිය මාසය හා සලකන විටදී  මෙම මාසයතුල ගූගල්+ භාවිතය ඉහල යාමක් වාර්ථාවන බවටයි කරුනු පලවන්නේ. කෙසේ නමුත්  එම වර්ධනය ගූගල්+ ඉහලම වෙබ් අඩවි 10 තුලට ඇතුලුවන්නට තරම් නොසෑහෙන බවටයි කිය වෙන්නේ. පසුගිය සතිය වන විටත් ගූගල්+ අඩවිය ස්ථාන ගතව තිබුනේ 13 වන ස්ථානයේ බවයි එහි සටහන් වන්නේ.වැඩි දුරටත් සටහන් වන්නේ සැප්තැම්බර් මාසය හා සලකන විට ඔක්තෝබර් මාසයතුල 30% වර්ධනයක් ගූගල්+ ලබාගන්නට සමත්ව ඇති බවත් දල ලෙස සලකන විට සතියකට මිලියන හයක පමන සපැමිනීම් වෙබ් අඩවිය වෙත ලැබෙමින් පවතින බවයි. භාවිතාකරන්නන් අඩවිය මත ගතකරන කාලයද 5% වර්ධනය වී ඇති බවටත් කියවෙනවා. නිරීක්ශකයින් පවසන්නේ ගූගල්+ අඩවිය වෙත ගූගල් ආයතනය් දී ඇති ප්‍රමුකතාවය තවතවත් වර්ධනය කරන්නට ආයතනය ක්‍රියා කරනු ඇතැයි අනුමාන කල හැකි බවයි.

චීන අනවසර පිවිසෙන්නන් පිරිසක්.........

පසුගියදා පලවූ වාර්ථාවකට අනූව 2007 හා 2008 යන වසරයන්හිදී චීන ජාතික අනවසර පිවිසෙන්නන් පිරිසක්  ඇමරිකානු සැටලයිට් දෙකක පාලනය සදහා සාර්තක පිවිසීමක් කරන්නට සමත්වූ බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ සැටලයිට් දෙකෙහිම සම්පූර්න පාලනය අත්පත් කරගන්නට හැකියාව තිබුනද තමන් එසේ නොකරන්නට තීර්නය කල බවයි. ඇමරිකානු නාසා ආයතනය පාලනය යටතේ මෙම උපකරන පැවතිය බවටයි තොරතුරු පලවන්නේ. 2008 ජූනි මස විනාඩි දෙකක් තුලත් ඔක්තෝබර් මස විනාඩි නමයක කාලයකුත් තවත් අවස්ථාවකදී විනාඩි 12ක පමන කාලයක් සදහා තමන් සාර්තකව පිවිසීම් කල බවට ඔවුන් පවසා සිටිනවා.චීන රජය මෙම සිද්ධිය හා කිසිදු සම්බන්දයක් නොමැති බවට පැවසෙන බවටත් එම වාර්ථාව දක්වා සිටිනවා.

2011-10-27

ක්‍රෝම් 15.0.874.102 සංස්කරනය...

සුපුරුදු සය සති නිකුතු රටාවට අනූව ගූගල් වෙබ් පිරික්සනයේ  පහලොස්වන සංස්කරනය බීටා තත්වයේ සිට පූර්න සංස්කරනයක් ලෙස එලිදක්වනු ලැබුවා. ක්‍රෝම් 15.0.874.102 සංස්කරනය තුල නවාංග රාශියක් දැකිය නොහැකි වුවද හදුනා ගෙන තිබූ දුර්වලතා රාශියක් සකසා තිබෙනවා.
         ටැබ් පි‍ටුව නැවත සකසා ඇති අතර නව සැකසීමත් සමග වැඩිවේගයකින් ප්‍රියතම වෙබ් අඩවි අතර සරන්නටත් ඇප්ස් භාවිතාවටත් ඉඩ කඩ සලසාඇති බව දකින්නට පුලුවන් . "ක්‍රෝම් වෙබ් ස්ටෝර්" නැවත සකසා ඇති අතර පහසුවෙන් "ඇප්ස් හා එක්ස්ටෙන්ෂන්"  තොරා ගන්නටත් ස්ථාපනයටත්  හැකිවී තිබෙනු දැකිය හැකියි.ගූගල්+ ප්‍රොෆයිලයන් වඩාත් සුරක්ශිතව භාවිතයට ඉඩ කඩ සලසමින් හදුන්වා දි ඇති නව මුහුනත "ස්ටෝර්" තුල දැකිය හැකි නව අංගයක් වනවා. හදුනා ගෙනතිබූ ඉහල මට්ටමේ දුර්වලතා එකොලහක් ඇතුලුව දුර්වලතා 17 සදහා පිලිසකර ලබාදී ඇති බවට තොරතුරු පලවී තිබුනා.
http://www.google.com/chrome/index.html

ෆේස්බුක් ස්වීඩනයට.....

පලවන වාර්ථාවකින් පැවසෙන්නේ ලොව අංක එකේ සමාජ ජාලාව ප්‍රතම වරට ඇමරිකාවෙන් බැහැර තවත් නිවස්නක් ගොඩ නගන්නට තීර්නය කර ඇති බවයි. ස්වීඩනයේ ආක්ටික් කලපයට සැතපුම් 60ක තරම දුරකින් මෙම නව  නිවස්න ඉදිකරන්නට තීරනය කර ඇති බවටයි කියවෙන්නේ. දැනට සැලසුම් කර ඇත්තේ සර්වර ශාලා තුනක් ලෙස වන අතර මේ සදහා පාපන්දු ක්‍රීඩා පිටි 11 පමන ඉඩ කඩක් වෙන්කර ඇති බව කියවෙනවා.
    අවට පරිසරයේ අඩු උෂ්නත්වය සර්වරයන්ගේ පැවැත්මට බෙහෙවින් හිතකර වනු ඇති බවට හා එම භූමිභාගයට නුදුරින් ගලායන  විශාල ගංගාව  ජල විදුලිය සපයා ගැනීමේදී සහය කරගන්නට  වන බලාපොරොත්තුව මෙම තීර්නයට ප්‍රධාන ලෙස බලපාන බවටයි කියවෙන්නේ.වසර 2012 දී පමන මෙම  ඉදිකිරීම නිම කරන්නට සැලසුම් කර ඇති බවටත් එහි කියවෙනවා. මෙවන් පදනමක් මත ගූගල් ආයතනයද 2009දී තම සර්වරයක් ඉදිකරන්නට  තීරනය කල බවටත් එහි සටහන් වනවා.

ගූගල් මැප් මතට ව්‍යාපාරික ස්ථාන ලේයරයකුත්.........

පසුගිය මැයිමාසයේ ගූගල් ආයතනය පවසා සිටියේ ගූගල් මැප් මතට ව්‍යාපාරික ස්ථාන හා කාර්යාල පිලිබද සවිස්තර ‍රැගෙන එන්නට බලා පොරොත්තු වන බවයි. මේ වන විට අත්හදා බැලීමේ මට්ටමින් ගූගල් මැප් මත එම නවාංගය දිග හැරෙමින් බවට තොරතුරු පලවනවා.
     ආයතනය පවසන්නේ තම ආයතනය ගූගල් මැප් මතට ‍රැගෙන යන්නට කැමත්තේනම් හිමිකරුවන් මුලින්ම ඔන් ලයින් පෝරමයක් පිරවීමෙන් අනතුරුව ගූගල් ඡායාරූප ශිපියෙකු සමග පෙර යොදා ගත් වෙලාවක්දී තම ආයතන රිසිලෙස  ඡායාරුප ගත කොට ගත හැකිවන ලෙස කටයුතු යොදා ඇති බවයි.

ඔෆ්ෆීස් 2007 සදහා තෙවන සර්විස් පැකය නිකුත්වේ

මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆ්‍ෆිස්2007 සදහා ලබාදෙන "සමූහ යාවත්කාලීනය" පසුගියදා නිකුත්කල බවට තොරතුරු වාර්ථා වෙනවා.මෙගා බයිට් 351 කින් යුත් මෙම සර්විස් පැකය 2009දී ලබා දුන් දෙවන සර්විස් පැකයට පසු ලබා දෙන හා අවසාන සර්විස් පැකය වීමට බොහෝ දුරට ඉබ ඇති බවටයි පැවසෙන්නේ.ඉදිරි දින 90 වක කාලයක් සදහා තොරාලබාගත "ඔප්ශනල්" යාවත්කාලීනයක් ලෙස මෙය පවතින්නට නියමිත බවටයි තොරතුරු කියවෙන්නේ.

2011-10-26

එක්ස්.පී භාවිත්යේ අවමවීම මාස10ට 10%කි

"කරුනාකර ඔබ සමුගන්න".මේ වනවිට මයික්‍රසොෆ්ට් ආයතනයට  "එක්ස්.පී" මෙහෙයුම් පද්ධතිය වෙත පවසන්නට ඉතිරිව ඇත්තේ එපමනකි. දහවසරක තම සේවාකාලය සපුරා ඇති එම මෙහෙයුම් පද්ධතියට තම නවීන සගයා වන වින්ඩෝස් 7 වෙත හෝ අතිනවීනතම  සගයා වන්නට කල් බලමින් සිටින වින්ඩෝස් 8 සදහා ඉඩ ලබා දෙන්නට කාලය උදාව ඇති බවට නොයකුත් ඉගි පලකරමින් සිටී. දත්ත හදරන ආයතනයකට අනූව 2011 සැප්තැම්බර් මාසයේ සහය අවසන් කරන ලද එක්ස්.පී වල භාවිතය ගතවූ මාස 10 තුලදී ඩෙස්ටොප් භාවිතා ප්‍රතිශතය අඩුවී ඇත්තේ 10%ක් පමනී. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ 2014 අප්‍රේල් වන විට දැනට සහයදෙන එක්ස්.පී හි අවසන් සංස්කරනයද අත්හැර දමන්නට නියමිත බවයි.
          මයික්‍රසොෆ්ට් ආයතනය නොනිල ලෙස පවසන්නේ, "ඔබේ දුරකතනය වෙනස් වී නැතිද? , ඔබගේ ප්‍රියතම සංගීත කන්ඩායම වෙනස් වී නැතිද? , හොදයි, අඩුම වශයෙන් ඔබේ හිසකේ මෝස්තරය කොපමන වෙනස් වී ඇතිද? එසේනම් එක්ස්.පී භාවිතාකරමින් නොසිට වින්ඩෝස් 7 වලට වෙනස්වී වෙනස පිලිගන්නට කාලය උදාවී තිබේ" ලෙසය.ව්යින් නොනැවතී එම වෙනසේ අවශ්‍යතාවය ඒත්තු ගන්වන්නට පෙර කී අදහස චිත්‍රනයද කර තිබිනි. ඉහලින් දැක්වෙන්නේ එම සටහනයි.

ක්‍රෝම් ආරක්ශිත බව ගූගල් ආයතනය පවසයි

ගූගල් ක්‍රෝම්වල දරුනු මට්ටමේ දුර්වලතාවයක් හදුනාගෙන ඇති බවට තොරතුරු පලවෙනවා. යම් යම් අවස්තාවලදී මෙම දුර්වලතාවය ප්‍රයෝජනයට ගනිමින් වින්ඩෝස් භාවිතාවන පරිගණක වලට හානිකර මෘදුකාංග ඇතුලු කරන්නට අවස්තාවක් ඇති බවටයි එයින් කියවෙන්නේ. ගූගල් ආයතනය තවමත් හානිකර තත්වයේ දුර්වලතාවයක් ලෙස මෙය නම්කර නැති නමුත් "සැක සහිත හැසිරීමක් ඇති " කාන්ඩයට අයිති දුර්වලතාවයක් ලෙස දක්වා ඇතිබවටයි කරුනු පලවන්නේ.
                          ඩී.එල්.එල් භාවිතයේදී ඇතිව තිබූ සංකීරනතා සලකා මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලය ඔස්සේම යාවත්කාලීනයන් නිකුත්කර ඇති අතර එම ප්‍රමානය ගනනින් මාස 13ක් තිස්සේ ප්‍රමනයෙන් 17 ලෙස සටහන් වනවා. කෙසේ වෙතත් ගූගල් ක්‍රොම්වල ක්‍රියාත්මක "සැන්ඩ් බොක්ස්" තාක්ශනය ඔස්සේ ඉතිරි පද්ධතියෙන් හුදකලාව ක්‍රියාත්මක වීමේදී මෙම දුර්වලතාවය හානිකරන්නෙකුට ලැබෙන බවටයි තොරතුරු පවසන්නේ. ගූගල් ක්‍රොම් බ්‍රවුසරයේ  සර්ච් ඇන්ජිනය ලෙස යාහූ හෝ බින් යොදා ගැනීම මෙම තත්වයතුල වඩාත් හිතකර පියවරක් වියහැකි බවට හදරන්නන් පවසා සිටිනවා.

2011-10-24

පරිගනකයට මෙවන් තාක්ශනික පරිනාමයක් ගැන සිහිනෙන්වත් ඔවුනට

"වසර සියදහස් ගනනක් තිස්සේ විවිධාකාරවූ ආගමික නායකයින් මෙන්ම සමාජ සංවිධාන  යහපත් සිතුවිල්ලක වටිනාකම ගැන මිනිස් වර්ගයා එකග කර ගන්නට ගත් උත්සාහයේ ප්‍රථිපලය ඉතාම අඩු ප්‍රතිශතයකට සීමා විනි. ටීටා පරිගණක යුගය සියල්ල වෙනස් කලේ මහත් වේගයකිනි. ඉතාම අවසනාවන්තම වූ අඩුම මිනිස් ප්‍රතිශතයක් හැරුන විට සියල්ලන්ටම යතාර්තය තවදුරටත් මග හැරිය නොහැකි කාලය එය ‍රැගෙන ආවේය. මිනිස් සිරුරක අසාමාන්‍ය ලෙස උෂ්නත්වය වැඩිවීම මැන ගන්නට "උණ ක‍ටුවක්" නිර්මානය කරගෙන තිබුනද මිනිස් මනසක අයහපත් සිතුවිලි ප්‍රමානය මැන ගන්නට උපකරනයක්  නොතිබීම "යක්ෂයාට" මහත් අවකාශයක් නිර්මානය කරදී තිබිනි". ඔහුගේ ප්‍රියතම ලේඛකයෙකු කරතිබූ සටහන කිසිදිනක අමතක නොවුනු ඇත.පරිගණක භාවිතය මුල් යුගවලදී දෘඩ අකුරු පුවරුවක සීමිත ලබාදීම් සදහා පමනක්  සංවේදී වී තිබූ  පරිගණකය ඉතාසියුම් ලෙස මොලය තුල හට ගන්නා විද්‍යුත් රටාවන් වටහා ගන්නට දියුනුවීම පෘතුවිය මත අධ්‍යාත්මික විප්ලවයක් නිර්මානය කලාය. තවත් විචාරකයෙකු පවසා තිබුනේ " අතීතයේ මිනිසුන් සිතුවේ විද්‍යාවේ දියුනුව මිනිසා අධ්‍යාත්මික අතින් වඩ වඩාත් පිරිහෙවන්නක් බවයි.ටීටා පරිගණකය සියල්ල වෙනස් කලේ හරිම අපූරු ආකාරයකටයි. සරලව පවසන්නේ නම් මිනිසාට මුනුන බලන්නට කන්නාඩියක් ලැබුනා සේම මනස බලන්නටත් කන්නාඩියක් ලැබී ඇතුවා සේය." සමහර විටක  අතීතයයේ සිටින යමෙකු මෙය කියවන්නේනම් යම් අපහසුතාවයකට පත්වන්නට ඉඩ ඇත.ලෝහ හා ප්ලාස්ටික් වලින් තැනු කැල්කියුලේටරයට හා රූපවාහිනියට වඩා මදක් දියුනු උපකරනයක් ලෙසට ඔවුන්ගේ ජීවිතවලට සමීපවතිබූ පරිගනකයට මෙවන් තාක්ශනික පරිනාමයක් ගැන සිහිනෙන්වත් ඔවුනට සිතා ගන්නට බැරිවෙනු ඇත.
  http://itlk.web.officelive.com/dataman.aspx

පෘතුවිය මත ශිෂ්ඨ මිනිස් ඉතිහාසයේ කවරදාවත් අත්නොවිදි තරමේ නිදහස් නිර්මානශීලී මිනිසා බිහිවිය

සමහර විට අතීත්යේ නම් මෙම කාරනාව අදාලවන්නට ඇත්තේ ජීව විද්‍යාවට වන්නට ඇත. තව දුරටත් මිනිස් ජාන තාක්ශනය ඔස්සේ දක්ශ යැයි සම්මත වූ මිනිසුන්ගේ පිටපත් සොයා යාමේ ගමන අඩාලවන්නට බීටා පරිගනක පද්ධතියේ සපැමිනීම තීරනාත්මකම කාරනාව විය.දත්ත මිනිස් තාක්ශනය ඔස්සේ වසරක පුහුනු කාලයක අවසානයේ ලෝකය පවත්වාගෙන යාමේ ව්‍යුහයට  අවැසි තනතුරුවලට අදාල බුද්ධි රටා වලින් සමන්විත දත්ත මිනිසුන්ව නිර්මානය කරගන්නට හැකිවිය. මුලදී නිර්මාපකයින් එරෙහි වුවද මිනිස් ස්වභාවයන්වූ නිදිමත කම්මැලිකම වැනි මිනිස් ස්වභාවයන් හට පසුකාලීනව එකගවූවේ මිනිස් විවිධත්වය විචිත්‍ර ශිෂ්ථාචාර නිර්මානය වීමේ පදනම බව වටහා ගැනීමත් සමගය. ලෝකය පුරා ස්ථාන පහක පමන පිහිටා ඇති විසල් දත්ත ගබඩා වල මෙම මිනිස් දත්ත පිටපත් තැන්පත් කර තැබුවේ එහි හිමිකරුගේ සම්පූර්න නෛතික හා සදාචාරත්මක අයිතියට යටත්වය.ලෝකයේම මිනිස්ශ්‍රම අවශ්‍යතාවෙන් අතිමහත් ප්‍රතිශතයක්ම ස්වංක්‍රීය උපකරන වලට භාරවීමත් සමග පෘතුවිය මත ශිෂ්ඨ මිනිස් ඉතිහාසයේ කවරදාවත් අත්නොවිදි තරමේ නිදහස් නිර්මානශීලී  මිනිසා බිහිවිය.
(දත්ත මිනිසා නම් කුරුකිරීම කියවන්නට http://itlk.web.officelive.com/dataman.aspx )

මයික්‍රසොෆ්ට් යු ටියුබ් චැනලයට අනවසර පිවිසීමක්

සෙසම් ස්ට්‍රීට් වලට අයත් යු ටියුබ්  චැනලය පසුගිය සතියේ අනවසර පිවිසීමකට ලක්වූ අතර එහි තිබූ සාමාන්‍ය චලන පට ඉවත්කර ඒ වෙනුවට අසැබි චලන පට රදවා තිබූ බවට තොරතුරු පලවුනා.පලවන නවතම පුවතකට අනුව මයික්‍රසොෆ්ට් වල යු ටියුබ් චැනලය වෙත සිදුකල අනවසර පිවිසීමකින් අනතුරුව එහිතිබූ මයික්‍රසොෆ්ට් හි සියලු චලන පට ඉවත්කොට පනිවිඩ කිහිපයක් පමනක් රදවා ඇති බවයි.පසුව කියවුනේ තත්වය පාලනය කර ඇති බවයි.

2011-10-23

ඔහු විද්‍යාව කලාව හා තාක්ශනය එකට මුසුකොට නිශ්පාදනයක් බවට පත්කලාය

බොහෝ අයවලුන්ට වසර 5600 කාලයක් ලැබුනද කරන්නට තබා සිතන්නටත් නොහැකි තරමේ සොදුරු දායාදයන් කිහිපයක්ම ලෝකයට උරුමකල ඔහු වසර 56ක කෙටි ජීවන සංචාරය පසුගියදාක අවසන් කලාය. ඇපල් ආයතනයේ නිර්මාතෘතුමන් හට තම ගෞරවය පලකරමින් ලොව සිවු දෙසින් ඩිජිටල් පනිවිඩ මිලියනයකට වඩා තමන් වෙත ලැබී ඇති බවටයි ආයතනය පවසන්නේ. සියලුම ඇපල් හා සම්බන්දිත ආයතන පසුගියදා පැය කිහිපයකට වසා දමමින් එවායේ සියලුම සේවකයින්ට එතුමන්හට ගෞරවකරන්නට අවස්තාව සැලසූ බවටත් පුවත් පලවෙනවා. එතුමන්ගේ ජීවිත කාර්ය අගයමින් එන් අයෙක් යොමුකර තිබූ පනිවිඩයකින් කියවුනේ, " ඔහු විද්‍යාව කලාව හා තාක්ශනය එකට මුසුකොට නිශ්පාදනයක් බවට පත්කලාය.එය සජීවි අංගයක් බවට පත්කර අපගේ එදිනෙදා ජීවිතවලට එකතුකලාය..." වැනි තේරුමකි.

නරක අයද ඉදහිට හොද වැඩ කරනු ඇත.....

නන්නාදුනන සයිබර් පහරදෙන්නන්ගේ කන්ඩායම විසින් කුඩාදරුවන්ගේ අසැබි දර්ශන අඩංගු චලනපට හුවමාරුව සදහ ඉඩ සලසන වෙබ් අඩවි 40 කට වඩා වසාදමන්නට සමත්වී ඇති බවට තොරතුරු පලවෙනවා. ඉන් නොනැවතී ඔවුහු ඒවා භාවිතා කරන්නන්ගේ තොරතුරු සයිබර් අවකාශයට මුදා හැරීමටද කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ.සාමාන්‍ය සෙයුම් යන්ත්‍ර වල හසුනොවන  ආකාරයේ හා "පියර් ‍ටු පියර්" ආකාරයේ දත්ත ගොනු හුවමාරු කරගන්නා වෙබඩවි කිහිපයක්ම බිද දමා ආදාල සර්වර් හදුනා ගන්නටත් ඔවුන් සමත්ව ඇති බවත් වාර්ථා පවසනවා. ඉන් අනතුරුව අදාල සර්වර් වලට ඔවුන් පවසා ඇත්තේ අදාල නෛතික නොවන දත්ත ගොනු සර්වර් වලින් ඉවත් කරන ලෙසත් නැතහොත් එම සර්වර් කරා භාවිතකරන්නන්ට ලගා විය නොහැකි ලෙස අඩපන කරන්නට තමන් ක්‍රියා කරන බවයි.

2011-10-22

සයිබර් අපරාධකරුවන්ට අනූව ඔබව ඇ.ඩො. 2.398 දක්වා වටී...

සියල්ලටම මිලක් ඇති බව සමහරුන්ගේ මතයකි. සියල්ලටම මිලක් නියම කරන්නට සිදුවීම  සංස්කෘතියේ දුර්වලතාවයක ලක්ෂනයකැයි වරක් විද්වතෙකු සටහන් කරන ලදී. කෙසේ වුවත් කැස්පර්ස්කි නම් ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගම පවසන්නේ සෑම සයිබර් හැසිරෙන්නෙකුටම සයිබර් අපරාධකරුවන්ට අනූව මිලක්  ඇති බවකි. ඔබේ නයවර පතේ තොරතුරු වේවා ෆේස්බුක්  ගිනුමේ තොරතුරු වේවා මේ සියල්ල සදහාම ඇති වටිනාකම සලකන විට දලවශයෙන් එක් සයිබර් පුද්ගලයෙකුගේ දත්තවල වල ඇමරිකානු ඩොලර් 2.398 වටිනාකමකි.
      එක් එක් අංගවල ලැබී ඇති මිල දර්ශනයට අනූව, බොට්නෙට් ආකාරයේ ගොදුරුවීමක් සහිත පරිගණකයක වටිනාකම ඩොලර් 3 කි, අනවසර ලෙස ඊමේල් ගිනුමකට පිවිසීම සදහා මිල ඩොලර් 20 කි, සමාජජාලා ගිනුමකට පිවිසුම් දත්ත ගොනුවේ  වටිනාමක ඩොලර් 200 දක්වා විය හැකි බවටයි පැවසෙන්නේ.ඉහත දැක්වෙන සටහන හැදෑරීමෙන් වැඩි විස්තර ඔබට සපයා ගත හැකිවනු ඇත.

ජීමේල් ලස්සනට හා පිලිවලට ඉන්න තීර්නයකරයි......

ජිමේල්හි ප්‍රධාන මුහුනතට අලුත් පෙනුමක් ‍රැගෙන වෙනස්වීම්  කිහිපයක්ම පැමිනෙන්නට නියමිත බවටයි තොරතුරු පලවන්නේ.ආයතනය පවසන්නේ පිරිසිදු පැහැදිලි බවක් නව වෙනස්කම් සමග පැමිනෙනු ඇති බවය. තිරයමත ප්‍රධාන මුහුනතෙහි ප්‍රමානය රිසිලෙස වෙනස් කලහැකිවන ලෙස නම්‍ය බවකුත්, තේමාවන් සදහා අති පැහදිලි රූ සටහනකින් සරසන්නට මෙන්ම  කෙටි කථාබහ පි‍ටුව වඩාත් කාර්යක්ශම හා ප්‍රොෆයිල් රුව යෙදීමෙන් වඩාත් සජීවී කරන්නටත්  නව වෙනස් කම් සමත්වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. මීට අමතරව ඔවුන් පවසනසනවා ජීමෙල් ගිනුමේ සෙයුම් (සර්ච්) අංගය වැඩි දියුනුකර ඇති බවත් ‍ෆිල්ටර්ස් එකතු කිරීම තුලින් වඩාත් හරවත් ප්‍රථිපල ලබා ගන්නට හැකිවනු ඇති බවත්ය. කෙසේ නමුත් විචාරකයින් නම්  දක්වා සිටින්නේ ඉහත නවාංග වලට අමතරව සියුම්ලෙස ගීමෙල් ගිනුම වෙත වෙළද දැන්වීම් රිංගවන්නටත් ආයතනය කටයුතු කරමින් සිටින බවකි.

2011-10-21

ඇඩෝබි ප්ලැෂ්ප්ලේයරය අනවසරයෙන් ඔබ ලෝකයට විවරකරයි.....

ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ සැකසුම් දුර්වලතාවයක් භාවිතා කරමින් භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ඔහුගේ වෙබ් කැමරාව හෝ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරන්නට සමත් ආකාරයේ "සයිබර් නොහික්මීමක්"  පසුගිය දිනවල කථා බහට ලක්විනි. "ක්ලික්ජැකින්" ලෙස හදුන්වන මෙම ආකාරයේ පහරදීමකදී භාවිතාකරන්නා නොමග යවමින්  ඔහුගෙන් ලබාගන්නා ක්ලික් පනගැන්වීමක් තුලින් මෙම ක්‍රියාත්මකබව ආරම්භකිරීම පහර දෙන්නාගේ උපංක්‍රමය වන බවටයි පැවසෙන්නේ. 2008 වසරේදීද මේ ආකාරයේ පහරදීමක් ගැන තොරතුරු හෙලිවූ අතර එහිදී ප්ලැෂ්ප්ලේයරයේ සෙටින්වල වෙනස් කමක් භාවිතාකරමින් අඩෝබිවෙබ් අඩවියේදී අදෘශ්‍ය අයිෆ්‍රේමයක් පනගන්වාගෙන ඒ තුලින් වෙබ්කැමරාව හා මයික්‍රෆෝනය විවෘතකර ගැනුනි. ඇඩොබි ආයතන මීට පිලියම්ලෙස "ප්ලැෂ් ප්ලේයර් සෙටින් සකසන පි‍ටුව" විවෘතවීමේ ක්‍රමවේදය වෙනස් කරන ලදී. මැතකදී වාර්ථාවන පහරදීම සදහාද යොදාගන්නේ පෙර දුර්වලතාවයම වන අතර වෙන ආකාරයකට එම දුර්වලතාවය යොදා ගැනීමක් ලෙස බවයි පලවන වාර්ථා පවසන්නේ. ඇඩොබි ආයතනය් හැකි ඉක්මනින් මෙම දුර්වලතාවය අවසන්කිරීම සදහා කටයුතු යොදමින් සිටින බවටයි පැවසෙන්නේ.

2011-10-20

අල්ට්‍රාබුක් වින්8 සමග ලබන වසරේදී වෙළද පොලට......

ඉන්ටෙල් ආයතනය පවසනවා ලබන වසරේදී අල්ට්‍රාබුක් ලැප්ටොප් පරිගණකයන් වින්ඩෝස් 8 සමග වෙළද පොලට නිකුත්වීමට නියමිත බව. අල්ට්‍රාබුක් මෝස්තරයන් 60 කට වඩා ප්‍රමානයක් දැනට සැලසුම් කොට ඇති බවත් ඉන් මෝස්තර 11 හෝ වැඩි ප්‍රමානයක් මෙම වසර අවසානයට පෙර නිකුත්කිරීමට නියමිත බවටත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
         වින්ඩෝස් 8 සමග නිකුත්වීමට නියමිත වීමට අමතරව මීලග පරම්පරාවේ ප්‍රොසෙසර් තාක්ශනය ‍රැගත් කෝර් ප්‍රොසෙසරයකින් එය සමන්විතවීමට නියමිත බවයි පැවසෙන්නේ. ඉහල මට්ටමක ක්‍රියාකාරීත්වයක් හා වැඩිදියුනු මට්ටමේ ග්‍රැ‍ෆික් භාවිතාවක් ඉන් බලා පොරොත්තු විය හැකි බවටයි ඔවුන් බලපොරොත්තු පලකරන්නේ. සිහින් හා සැහැල්ලු බවින් යුත් මෙම ලැප්ටොප් පරිගනකයන් ටැබ්ලට් ආකාරයේ ස්වබාවයෙන්ද යුක්තවීම වෙලදපොලතුල වැඩිඅවදානයක් ලබා ගන්නට සමත්වනු ඇති බවයි ඔවුන්ගේ අදහස වන්නේ.දිගු බැටරි ආයුකාලය හා ස්පර්ෂක තිර පහසුව ආදියෙන්ද එය සමන් විත වනු ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා.

2011-10-19

වින්8 පුවත්..

වින්8 සමග පැමිනෙන්නට නියමිත අරම්භක තිරය ගැන විවිද මතවාද පලවුනද සමස්තයක් ලෙස බොහෝ භාවිතාකරන්නන්ගේ කැමැත්ත දිනා ගෙන ඇති බවටයි කරුනු පලවන්නේ.එම ආරම්භක තිරය හා බැදී එන අනෙකුත් අංගයන් අතර "සෙයුම් අංගය" බොහෝ දෙනාගේ කැමැත්ත දීනාගෙන ඇති තවත් අංගයක් ලෙසටයි සටහන්වන්නේ. වින්7 වලදී භාවිතාකරන්නන්ගේ බොහෝ කැමැත්ත ලබාගත් ආරම්භක සෙයුම් අංගයේ වැඩි දියුනුවක් ලෙසටයි මෙම නව අංගය ගැන සටහන් වන්නේ. වින්8 ආරම්භක සෙයුම් අංගයේ ප්‍රතිපල කොටස් තුනකට වෙන්කර පෙන්වන අතර ඒවා  "ඇප්ස්" , "සෙටින්ස්" හා "ෆයිල්ස්" ලෙස ගොනුවන බවටයි පැවසෙන්නේ.ඒ අනූව වින්7 වලදීට වඩා සාර්තකව ගොනුවූ ප්‍රථිපල ලබා ගන්නට හැකිවනු ඇති බවටයි විස්වාසය පලවන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනය නව මෙහෙයුම් පද්ධතියත් සමග භාවිතා කරන්නන් වැඩි ඇප්ස් භාවිතාවකට පෙලබෙනු ඇති බවට තබා ඇති විස්වාසය එම ප්‍රථිපල ගොනුවල ප්‍රථම ගොනුකිරීම "ඇප්ස්" වලට ලබා දීමෙන් පැවසෙන බවටත් විචාරකයින් පවසා සිටිනවා.

දත්ත මිනිසා

..........කාල අපගමන යන්ත්‍රනය ඔස්සේ යම් වැරදීමකින් මෙම සටහන වසර දෙදහස් දහය වැනි කාලයකට ගියහොත් වියහැකි ආකූලත්වය සලකා යම් පැහැදිලි කිරීමකට යායුතු යැයි සිතෙන නිසාම දත්ත මිනිසා මෙසේ පැහැදිලි කල හැක. වසර දෙදහස් පහලොව පමන වන විට පරිගනකය සම්පූර්නයෙන් ජංගම උපකරනයක් බවට පත්විය. තවත් අතකින් පරිගණකය අන්තර්ජාලය සම්බන්ද කරන උපකරනයක් බවට පමනක් ඌනනය විය. වලාකුලු තාක්ශනය නැතිනම් ක්ලවුඩ් තාක්ශනය ඉතිරි සියල්ල බාරගන්නට ඉදිරිපත්විය. ක්‍රමයෙන් ඊලග වසර පහ හය සමග පරිගණකය තවත් පරිනාමය විය. අකුරු පුවරුවකින් දෙන උපදෙසක සිට අයිකනයන් අවදිකිරීමක් දක්වාත් ඉන් අනතුරුව කුඩා කැමරාවක් ඔස්සේ මිනිස් අංග චලන හදුනා ගැනීමක් දක්වාත් හා සමාන්තරව ස්පර්ශක තිරය මත දිවෙන අගිලිතුඩු දක්වාත් අවසානයේ හිසමත පලදින කුඩා උපකරනය දක්වාත් සරල සැහැල්ලු විය. ටීටා පරිගණක යුගය උදාව මෙසේ සටහන් කල හැක. එය තවදුරටත් මිනිස් සිරුරෙන් මහත් වෑයමකින් ලබා දෙන මෙහෙයවීමක් බලා පොරොත්තු නොවිනි. සිතුවිලි තරංගයක් සමග සබදතාවය ඇරබුම පරිගණක තාක්ශනයේ විශාලතම වෙනස සටහන් කලාය.......
(මතු සම්බන්දයි..)

ගූගල් සෙයුම් ප්‍රථිපල වඩාත් සුරක්ෂිතවේ....

මින් ඉදිරියට ගූගල් ගිනුමක් තුලින් ඔබ ගූගල් සෙයුම් යන්ත්‍රය භාවිතා කරන විට ඔබ පරිගණකය හා  ගූගල් සෙයුම් යන්ත්‍රයේ සර්වරය අතර සම්බන්දතාවය එන්ක්‍රිප්ට් නොහොත් සුරක්ශිත මට්ටමේ සබද තාවයක් වන බවට ගූගල් ආයතනය නිවේදනය කර සිටිනවා. ගූගල් ගිනුමෙන් පිටත සිට හෝ ගිනුමක් නොමැති අවස්ථාවලදී පෙර මෙන් සාමාන්‍ය සබදතාවයකට පිසෙනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. පසුගිය වසරේ ජනවාරී මාසයේ සිට ගූගල් හි ජීමේල් ගිනුම් සදහා මෙම එස්.එස්.එල් සබදතා ක්‍රම වේදය හදුන්වා දුන් අතර ඉන් අනතුරුව වෙබ් ආයතන කිහිපයක්ම මෙම තත්වයට එකතුවූ බවට තොරතුරු පලවෙනවා.

2011-10-18

"ලිනක්ස්"

මීට විසි වසරකට පෙර මුලින්ම "ලිනක්ස්"  මෙහෙයුම් මෘදුකාංගය හදුන්වා දෙන විට එය මෙතරම් ප්‍රචලිත වනු ඇතැයි නොසිතන්නට ඇත. "ඒක හුදෙක් විනෝදාංසයක් පමනයි.එහි ඉන් එහාට යමක් වේයැයි සිතිය නොහැකියි".1991 අගෝස්තු 25 වනදින ඔහුතැබූ සටහනක සදහන්ව තිබිනි. ඉන්ටෙල් 80386 ප්‍රොසෙසරයක් සහිත පරිගණකයක එය සාර්තකව ධාවනය කරවීම ඔහුගේ ඉලක්කය වී තිබිනි.
                අදවන විට මෙම මෙහෙයුම් පද්ධතිය සියලුම පාහේ නවීන පරිගණකමය උපකරන සදහා හොදින් පැකසුනු සංස්කරනයන් ගෙන් සමන්වී ඇත.පරිගනක උපකරන නිශ්පාදන ක්ෂේත්‍රයේ සියල්ලන්ගේම පාහේ යහපත් ප්‍රතිචාර ලබා ගන්නට සමත්ව ඇත. රෙඩ් හැට්  නොහොත් වෙළද සංස්කරනය ඩොලර් බිලියන 7.3ක ස්ථාවරයක් ලබා ගෙන ඇත. ගතවූ විසි වසර තුල එදිරිකරුවන්ද බිහිවී නැතුවාම නොවේ. මයික්‍රසොෆ්ට් ආයතනය ඉන් ඉදිරියෙන්ම සිටී.තාක්ශනික මෙන්ම ආර්තිකමය  බාදා බොහොමයක් පසුකරන්නට සිදුවිය. මයික්‍රසොෆ්ට් ආයතනය  පවසන්නේ මේ වනවිට ලිනක්ස්  විසින් තමන්ගේ පේටන්ට් අයිතීන් 200 කට වඩා උල්ලංගනය කර ඇති බවකි.
                 විචාරකයින්ට අනූව මයික්‍රසොෆ්ට් ආයතනයේ මෙහෙයුම් පද්ධති  අන්තර්ජාලය හා සැසදෙන්නට කල්මරමින් සිටින විට ලිනක්ස් බෙහෙවින් ඉදිරියෙන් සිටි බවකි." ආරම්භයේ සිටම ලිනක්ස් තුල අන්තර්ජාල මිත්‍ර බවක් දක්නට ලැබුනා" ඔවුහු පවසා සිටී. ලොවපුරා බොහෝ වැඩසටහන් සම්පාදකවරුන්ට එය සම්පතක්ව ඇත.අන්තර්ජාලය තුලින් එය නොමිලේ ලාබාගන්නටත් එහි වෙනස් කම් ඇති කරමින් අත්හදා බලන්නටත් පමනක් නොව තම අත්දැකීම් අනිකුන් හා බෙදා ගන්නටත් අවස්තාව සැලසී ඇත.
                  අන්තර්ජාලය සමග ලිනක්ස් වල ඇති සබදතාවය බොහෝ පුලුල් එකක්, එය වෙබ් සර්වර්ස්, ඊමේල් සර්වර්ස් , මෙන්ම දත්ත ගබඩා බොහොමයක ක්‍රියාත්මක වෙමින් සිටිනවා.සෙයුම් යන්ත්‍ර අතරසියයට 66ක නියෝජනයක් හිමිකරගෙන සිටින ගූගල් සර්වර් තුල දිවෙන්නේ ලිනක්ස් වීමේ එය හොදින් ඔප්පු වනවා. යාහු තුල මෙන්ම බින් තුලද අඩුවැඩි ලෙස යම් නියෝජනයක් දරන්නට ලිනක්ස් වලට හැකිවෙලා තිබෙනවා.
                     කෙසේ වෙතත් තීරනාත්මක බොහෝ තැන්වල ලිනක්ස් තම සාර්තකත්වය පෙන්නුම් කරමින් සිටියද සාමාන්‍ය භාවිතාකරන්නන්  වෙත සාර්ථකව ලගාවීමට නොහැකිව තිබීම සැලකිය යුතු කරුනකි. සමහර නිශ්පාදකයින් තම පරිගණක යන්ත්‍රයන් වෙළද පොලට නිකුත් කිරීමේදී ලිනක්ස් ස්ථාපනය කරම  නිකුත් කලද භාවිතාකරන්නන් ඒ වෙත ආකර්ශනය වීමේ විශාල අඩුවක් පවතින බවටයි පැවසෙන්නේ. පාරිභාෂිකව පවසන්නේ නම් "ක්ලයන්ට් සයිඩ් ඔ.එස්" එකක් ලෙස අසාර්තකව පවතින බවයි දත්තයන් පවසමින් සිටින්නේ. ලිනක්ස් සංස්කරයක් වන උබුන්‍ටු නිර්මාපකයින් පවසන්නේ 2015 වනවිට තම මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නන්ගේ ප්‍රමානය මිලියන 200 ඉක්මවා යනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

2011-10-17

දේශනයකින් බිදක්............

සයිබර් අවකාශය ගල්යුගය පසුකරමින් සිටින බවයි පැවසෙන්නේ. නිවසේ පරිගණක කාමරයේ හෝ විසිත්ත කාබරයේ මේසයක් මත කලු ගලක් මෙන් වැතිරසිටි පෞද්ගලික පරිගණකයට රෝද ලැබී ඇතිවා සේය. එය දැන් සංචාරක යුගයට පිවිස ඇතිවා සේය.වින්ඩෝස් 8 හි ස්ථාවර වීමත් සමග තොරතුරු අවකශයේ ගල් යුගයට අපට ස්ථිරලෙසම ආයුබෝවන් කියන්නට හැකිවේනු ඇත.
                 පසුගිය සමයේ තොරතුරු අවකාශය ඉහලින් සිටි යෝධ සෙවනැල්ලක් අපගෙන් සමු ගත්තාය. හදාරන්නන්ගේ ආයතනයක විවෘත දේශනයකට සහභාගී වෙමින් විද්වතා මෙසේද  ප්‍රකාශ කලාය."මොහොතකට හිතන්න , සයිබර් අවකාශයේ පහලින්ම තියන ප්ලාස්ටික් කැබලි ලෝහ කැබලි නැතිනම් විදුලිධාරා  එහෙමත් නැතිනම් සංනිවේදන තරංග ධාරා ගැන අමතක කර එය විෂයක් ලෙස සලකමින් එය ගමන් කරන දිශාව ගැන. ඔබට වැටහේවි මේ යෝධ තාක්ශනික චින්තකයාගේ වචන බවට නොපෙරලුනු දැක්මක් හෙට දවසෙත් අපව පාලනය කරන බව".

වින්ඩෝස් 8 පුවත්......

පසුගියදා පැවති "ඩෙල්" ආයතනය සම්බන්ද  හමුවකදී වින්8 පිලිබද නවතම තොරතුරු කිහිපයක් මුල්වරට මයික්‍රසොෆ්ට් ආයතනයේ ඉහල පෙලේ අයෙකුගෙන් හෙලිකෙරුනා.  ඉන් එක කරුනක් වූවේ ඔබ යම්වෙලාවක් ඔබගේ පරිගණකයෙන් බැහැරව සිටින විට පැමිනෙන "ලොක්" මුහුනත " ශාන්තිමත් කදුකරයක දර්ශනයක සමන්විත වන බවයි. එනමුත් තවමත් ඔබවෙත පැමින ඇති ඊමේල් පිලිබද  සටහනක් හා සමජජාලාවල යාවත්කාලීනයන් පිලිබද තොරතුරු වලින් එම තිරය පසක සමන්විත වන්නේ නැවත ඔබ පැමිනෙන විටම ඔබ බලපොරොත්තුවන්නන් පිලිබද ඔබව දැනුවත් කිරීමට යැයි ඔහු පවසා සිටිනවා.
         මෙට්‍රො මූලික පිවිසුම් මුහුනත භාවිතාකරන්නාගේ කැමැත්ත පරිදි නැවත පිලියල කරගත හැකිවන බවත් දැනටමත් මෙම මෙට්‍රො මුහුනත ගැන භාවිතා කරන්නන්ගෙන් බොහෝ පැමිනිලි හා යෝජනා ලැබෙමින් පවතින බවත් මූලික වෙනස්කම් පවා අවසාන සංස්කරනය තුලදී බලාපොරොත්තුවියහැකි බවටත් ඉගි පලකරනු ලැබුවා.මෙහිදී වින්ඩෝස්8 සර්වරය මතට පිවිසීමේදී පහසුබව හා සරල බව පහදාදෙනු ලැබුවා. අවසන් ලෙස ඔවුන් ඉල්ලා සිටිනු ලැබුවේ නව මෙහෙයුම් පද්ධතිය ගැන චෝදනා හා යෝජනා ගැන ආයතන විවෘතව සිටින බවයි

2011-10-16

දත්ත හුවමාරුවේදී තප්පරයකට ගිගා බයිට් දහයක වේගයක්

පරිගණකය වෙත සම්බන්ද වන උපකරනයක් හා දත්ත හුවමාරුවේදී  තප්පරයකට ගිගා බයිට් දහයක වේගයක් යනු  අපූර්ව අත්දැකීමක් වනු ඇත. මීලග පරම්පරාව නියෝජනය කරන තන්ඩබෝල්ට් තාක්ශනය සහිත පරිගණකයන් ලබන ජනවාරී වනවිට වෙළද පොලවෙතට නිකුත්කරන්නට තමන්ට හැකිවනු ඇති බවටයි ප්‍රධාන පෙලේ පරිගණක නිශ්පදකයින්  කිහිපදෙනෙකුම දැනට බලාපොරොත්තුව පලකොට ඇත්තේ. ඔවුන් නව තාක්ශනයේ හැකියා වපසරිය පැහැදිලි කරන්නේ "මෙම නව තාක්ශනයත් සමග අති සුපැහැදිලි මට්ටමේ සම්පූර්න  චලන පටයක් තප්පර 30ක පමන වෙලාවක් ඇතුලත හුවමාරුකරන්නට හැකිවනු ඇත" කියාය. ඉන්ටෙල් ආයතනය පසුගියදාක කල ප්‍රදර්ශනීය ඉදිරිපත් කිරීමක දී  චලන පට හතරක්  තප්පරයටමෙගා බයිට් 700 වේගයකින් "සොලිඩ් ස්ටේට්"  මට්ටමේ උපකරනයක් සමග හුවමාරුකොට පෙන්වූ බවට වාර්ථා පලවී තිබුනා.
                 ඉන්ටෙල් ආයතනයේ හිමිත්වයක් සහිත මෙම නවතාක්ශනය යු.එස්.බී. 3.0 තාක්ශනයට සාර්තක විකල්පයක් ලෙස විචාරකයින් දක්වා සිටිනවා. තවමත් මෙම තාක්ශනය හා සහයෝගය දක්වන උපකරන  ඇත්තේ අඩු ප්‍රමානයක් වූවද නුදුරේදීම තත්වය වෙනස් වනු ඇතැයි බලාපොරොත්තුවනවා. වැඩිදුරටත් ඉන්ටෙල් ආයතනය පවසන්නේ "පී.සී.අයි. එක්ස්ප්‍රස් හා ඩිස්ප්ලේ පොර්ට්" ප්‍රොටකොලයන් සමග තම නව තාක්ශනය සාර්තකව සහයෝගයෙන් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේ නිකුත්වන්නට නියමිත තම නව ප්‍රොසෙසරය සමගද මෙම තාක්ශනය සහයෝගයෙන් කටයුතු කරන බවට පොරොන්දු පලකොට සිටිනවා.

2011-10-15

වින්8 හි නව ටාස්ක් මැනේජරය.....

නව මෙහෙයුම් පද්ධතිය බොහෝ වෙනස්කම් ‍රැගෙන එන්නට පොරොන්දු වෙමින් ඇත. පෙර ගමන්කරුවාද ඒවග සනාතකරන බොහෝ දේ ‍රැගෙන විත් ඇති බවට පෙනෙන්නට ඇත. සරල භාවිතකරන්නෙකුට මෙහෙයුම් පද්ධතිය තුලට සරල අතපෙවීමකට ලැබෙන අපූරු කවුලුවක් වන් "ටාස්ක් මැනේජරයද" මේ නවතාවය පෙන් වන බවට බොහෝ කරුනු ‍රැගෙන විත් ඇත. කෙටියෙන් පවසන්නේ නම් ඔවුන් පවසන සරල හා සැහැල්ලු බව ටාස්ක් මැනේජරය තුලින්ද දැක ගත හැකිය.
                                         මයික්‍රසොෆ්ට් ආයතනය පවන්නේ වින් 7  භාවිතාකරන්නන් හා ටාස්ක් මැනේජරය භාවිතය අතර හැදෑරීමේදී ලබා ගත් ප්‍රධානතම දත්තය වන්නේ ඔවුන්ගෙන් සියයට 85ක්ම භාවිත ඉලක්කය වී ඇත්තේ "ඇප්ලිකේෂන් හා ප්‍රෝසස් ටැබය " බවයි. බොහෝ විට ඔවුනට අවශ්‍ය වී තිබුනේ  ප්‍රතිචාර නොදක්වන මෘදු වැඩසටහන් නවතා දැමීම බවයි.


    නව ටාස්ක්බාරය විවෘත කල සැනින් ඔබට පෙනෙනුයේ එම මොහොතේ ධාවනය වෙමින් පවතින ප්‍රෝග්‍රැමයන්ගේ සටහනකි. පෙරදී මෙන් නව කවුලුව තුල ටැබයන් නැත. සරලව එම ප්‍රෝග්‍රැමය ඉදිරියෙන් ගැටලුවක් ඇති විටකදී "ප්‍රතිචාර නොදක්වයි" වැනි සටහනක් පමනක් දොස්වනු ඇත. ඒ තුලින්  භාවිතා කරන්නෙකු "කිල් ටාස්ක්" ‍තෝරා ගත හොත්  නැවත අනතුරු ඇගවීමකින් තොරව අදාල ප්‍රෝග්‍රැමය නවතාලනු ලබයි. යමෙකුට වැඩි විස්තර අවැසි විටකදී පමනක් "මෝර් ඩීටේල්ස්" බටනය සමග වැඩි විස්තර දැක ගත හැකිවනු ඇත.

    

තෙවන පරම්පරාවේ ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරය......

තෙවන පරම්පරාවේ ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරයක් "IVY bridge"  නමින්  නිකුත්වන බවටයි පැවසෙන්නේ. දෙවන පරම්පරවේ ප්‍රොසෙසරයක් ලෙස සැලකෙන "සැන්ඩි බ්‍රිජ්" ප්‍රොසෙසරය මෙන් දෙගුනයක ක්‍රියාකාරී බවක් සමාන වොට් ප්‍රමානයක් ලබා දීමේදී ලබා ගත හැකි ලෙස ඔවුන් මෙම නිශ්පාදනය හදුන්වා දෙනවා. දිගු බැටරි ආයුකාලයක් උසස් ග්‍ර‍ෆික්  ප්‍රතිපලයක් ඔවුන් පවසා සිටිනවා.
                 ප්‍රොසෙසරය භාවිතා කරන ක්‍රමවේදය අනූව බල භාවිතාව ස්ථිරව තබා ගෙන වැඩි කාර්යක්ශමතාවයක් හෝ කාර්යක්ශමතාවය ස්ථිරව තබගෙන අඩු බල භාවිතාවක් කරා යාමේ හැකියාවක් නව ප්‍රොසෙසරය සමග ලැබෙන බවටත් ඔවුන් පවසා සිටිනවා. 22 නැනෝ මිටර් තාක්ශනය තුල නිපදවා ඇති මෙම ප්‍රොසෙසරය තන්ඩබෝල්ට් හා යු.එස්.බී. 3.0 සදහා සහය දක්වනු ඇති බවත් 2012 මුල් භාගය වන විට වෙළද පොල වෙතට පැමිනෙන්නට  නියමිත බවත් පවසා සිටිනවා.

වින්8 පුවත්

මයික්‍රසොෆ්ට් ආයතනය මුලින්ම තවමත් සංකේතාත්මක නමකින් හදුන්වන වින්ඩෝස් 8 ගැන ඉගියක් පල කරනු ලැබුවේ මෙම වසර ආරම්භයේදීමය. ඒ ජනවාරී මාසයේ පවත්වන ලද ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික  දැක්මේදීය. ඉන් පසුව නැවතත් මෙම මාතෘකාව මතුපිටට පැමිනියේ පසුගිය ජූනි මාසයේ ඩී9 සම්මන්ත්‍රනයත් සමගය. එහිදී ඔවුන් පොරොන්දුවූ පරිදි ඔක්තෝබර් මාසයේ පවත්වන ලද සංවර්ධකයින්ගේ හමුවේදී සැහෙන දුරකට පැහැදිලි අදහසක් වින්ඩෝස් 8 ගැන එලිදක්වන ලදී.
 මේ වන විට වින්ඩෝස් 8 හි පෙර සංස්කරනයක් නිකුත්කොට ඇත. ජංගම ස්වභාවය ඉහල උපකරන ඉලක්කකොටගෙන නිර්මානය වී ඇති මෙම නව මෙහෙයුම් පද්ධතිය ස්පර්ශක තිර භාවිතයට වැඩි නැබුරුවක් සහිත බව ප්‍රධාන තැනක් ගනී. "මෙතෙක් ඔබ භාවිතාකල ම්ව්හ්ව්යුම් පද්ධතිවලට වඩා වෙනස් අත්දැකීමක් " එය ඔබට ගෙන එනු ඇති බවට ඔවුන් පවසන්නේ ඒ නිසා විය යුතුය.
               නව ලොගින් මුහුනත තුලින්ම වෙනසක ස්වභාවය පෙන්වයි. පෙර භාවිතා වූ ලොගීන මුහුනත  සාපේක්ශකව "ලිහිල් " මුහුනතක් ඔවුන් ලබා දී ඇත. එහි පසුබිම වෙනස් කල හැක. දිනය හා කාලය ස්තීරවම දිස් වෙනු ඇත. ඔබගේ සැලසුම් වලට අදාලව මීලග යොදා ගැනීම එහි දිස්වනු ඇත. ඔබ වෙත ලැබී ඇති  නව ඊමේල් ප්‍රමානය එහි දිස්වෙනු ඇත. එපමනක් නොව සුපුරුදුසම්ප්‍රධායික ලොගීන් මුහුනත කරා යන්නට පවා එහි පහසුකම් දක්වා ඇත.
     "ස්ටාර්ට්" මුහුනත තුලදී ටයිල් ආකාරයෙන්  පිවිසිය හැකි ප්‍රෝග්‍රැමයන් දක්වනු ඇත. එය අයිකනයක් , රූපයක්  හෝ විස්තරයක් විය හැකියී. විජෙට්‍ටුවන්  හෝ  ඇප්ස් එනම් මයික්‍රසොෆ්ට්  "වර්ඩ්ස්" හෝ "පවර් පොයින්ට්" විය හැකියි. ස්පර්ශක තිර භාවිතය ප්‍රමුකකොට සැලකීම ප්‍රධාන ලෙස දැක්වෙන හොදම උදාහරනයක් නම් ආකාර දෙකකින් තිර යතුරු පුවරු හදුන්වා දීමය . එකක් නම්  පූර්න තිර වන අතර අනෙක අඩතිර ප්‍රමානවලින් තොරා ගත හැකිව ඇත. නව ස්ටාර්ට් මුහුනත ජාවා හා එච්.ටී.එම්.එල් 5 වලින් නිමවා ඇත. ඇප්ස් නිර්මානය සදහා හොදින් මෙම ගොඩ නැංවීම් සමග සහයදෙන මෙම ගොඩනැංවීම් සමග භාවිතා කරන උපකරනයෙ මූලික බවින් මිදී ඇති අතර පූර්න තිර ඇප්ස් වැඩි පහසුවක් ගෙනෙනු ඇත.
     (මතු සම්බන්දයි)

ප්ලැෂ් වෙනුවට "රූට්කිට්" ආකාරයේ මෘදුකාංගයක් .......

ලොව ප්‍රකටතම අන්තර්ජාල සෙයුම් යන්ත්‍ර දෙකක් වන යාහූ හා බිං වල  "ප්ලැෂ් ප්ලේයර්" සෙවීමේදී ලැබෙන  ප්‍රථිපල සටහනේ ඉහලින්ම දැක්වෙන "අනුග්‍රහක"  ප්‍රතිපලවලට අනූව ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරය ලබා ගන්නට උත්සාහ කිරීමේදී සොයන්නාව යොමුවන්නේ දරුනු ගනයේ රූට්කිට් ආකරයේ හානිකර මෘදුකාංගයක් පතුරවන ව්‍යාජ ආකාරයේ වෙබ් අඩවියකට බවයි සටහන් වන්නේ.හදාරන්නන් වැඩිදුරටත් පවසන්නේ ඉවත්කිරීමට අපහසු ආකාරයේ රූට්කිට් ආකාරයේ හානිකර මෘදුකාංගයක් ලෙස හදුනා ගෙන ඇති මෙම මෘදුකාංගයෙන් ආසාදනය වුවහොත් එකම විසදුම වන්නේ ෆොර්මැටයකට යාම විය හැකි බවයි.

2011-10-12

"සීරෝ-ඩේ" හිතුවතරම් බියකරු නැතිලු.....

මයික්‍රොසොෆ්ට් ආයතනයෙන්  නිකුත්වූ නිවේදනයකින් පැවසෙන්නේ "සීරෝ ඩේ" ආකාරයේ අනතුරුවලට ලක්වීමේ ප්‍රතිශතය පෙර උපකල්පනය කලාට වඩා බෙහෙවින් අඩු බවයි. ලොව පුරා පද්ධති මිලියන 600 කට වඩා ආශ්‍රයෙන් කල විස්ලේශනයකින් අනතුරුව මෙම තීර්නයට එලබුන බවටයි ඔවුන් පවසා සිටින්නේ. සාම්ප්‍රදායික පහරදීම් ක්‍රමවේදවලින් වන හානි ප්‍රමානය මීට බෙහෙවින් ඉදිරියෙන් බවයි ඔවුන් පවසන්නේ.
         මයික්‍රසොෆ්ට් නවතම ආරක්ශක වාර්ථාවලට අනූව 2011 මුල්භාගයතුලදී සිදුවී ඇති  පහරදීම් වල ප්‍රතිශතයක් ලෙස සලකන  විට සියයට එකකටත් වඩා අඩුමට්ටමක "සීරෝ-ඩේ" පහරදීම් පවතින බවටයි කියවන්නේ.එම වාර්ථාවට අනූව සමාජ තාක්ශන ආකාරයේ පහරදීම් සියයට හතලිස් පහක් ලෙස වාර්ථාවන බවත් ඉතිරියෙන් වැඩි ප්‍රමානයක් වින් 32 හා "ඔටෝ රන්" ආකාරයේ පහරදීම් ලෙසයි සටහන් වන්නේ.

වින්ඩෝස් 8 පෙර සංස්කරනය භාවිතය (1)


දැනට පලවන තොරතුරු වලට අනූව 2012  දෙවන භාගය වන තෙක් වින්ඩෝස් 8 හි අවසන් සංස්කරනය නිකුත් නොවනු ඇත. එසේ මුත් මෑතකදී  මයික්රොසොෆ්ට් ආයතනය විසින් "සංවර්ධකයන් සදහා වන පෙර සංස්කරනයක්" නිකුත් කරන ලදී. එය මේ වනවිට මයික්රොසොෆ්ට් වෙබ් අඩවියෙන් නොමිලේ ඔනෑම අයෙකුට ලබාගත හැකිව ඇත.
මද ගැටලු කාරීබවක් මෙන්ම අසම්පූර්න බවකින් යුත් මෙම සංස්කරනය සහය දක්වනුයේ පූර්න ස්ථාපනයකට පමනී. ස්ථාපනය කල පසු මෙම පෙර සංස්කරනය පරිගණකයෙන් ඉවත්කිරීමට නම් බොහෝ විට  එම දෘඩාංග තැටි කොටස  සදහා ෆෝර්මැටයකට යාමට සිදුවනම අතර සදහා මයික්රසොෆ්ට් ආයතනයේ තාක්ශනික සහයක් බලාපොරොත්තු නොවිය යුතුය.
වින්ඩෝස් 7 ධාවනය කලහැකි මට්ටමේ ඔනෑම පරිගණකයකට වින්ඩෝස් 8 පෙර සංස්කරනය ස්ථාපනය කල හැනිවන අතර එහි අඩංගුවෙතැයි පැවසෙන සමහර නවාංගයන් අත්හදා බැලීමේ අවස්තාව මේ තුලින් ලබා ගත හැකිවනු ඇත. මෙහිදී ඔබ සතුව වෙනම දෘඩංග තැටියක් නැතිනම් නොමිලේ ලබා ගත හැකි  "වර්චුවල් බොක්ස්" මෘදුකාංගයක් ඇසුරෙන් පහසුවෙන් දැනට ඔබ භාවිතා කරන පරිගණකය මතම සිට මෙම වින්ඩෝස් 8 අතදැකීම ලබා ගන්නට හැකිවනු ඇත.
http://msdn.microsoft.com/en-us/windows/apps/br229516
  ඔස්සේ පිවිස මයික්රොසොෆ්ට් ආයතනයේ වෙබ් අඩවියෙන් මෙම වින් 8 සංස්කරනය ලබා ගත  හැකිවන අතර බිට්-32 හෝ  64 සංස්කරන අතරින් ඔබට අවශ්‍ය සංස්කරනය තොර ගත යුතුවන අතර 64 බිට් සංස්කරනය ගිගා බයිට් 3.6 කින්ද 32 බිට් සංස්කරනය  ගිගා බයිට් 2.8 කින්ද සමන්විත වනු ඇත. මෙම ලබා ගැනුම අයි.එස්.ඔ ආකාරයේ ගොනුවක් වන අතර එය පරිගණකයට ස්ථාපනය කිරීම සදහා ප්‍රතමයෙන් ඩී.වී.ඩී තැටියකට ස්ථාපනය කල හැකි මට්ටමේ ගොනුවක් ලෙස සකස් කර ගත යුතු වනවා.

 මෙම වින්8 පෙර සංස්කරන ස්ථාපනය  වර්චුවල් බොක්ස් ආකාරයේ ස්ථාපනයක් සදහා නම් අදාල මෘදුකාංගය www.virtualbox.org නම් වෙබ් අඩවියෙන් නොමිලේම ලබා ගත හැකිවන අතර වඩාත්ම නවීන සංස්කරනය ලබා ගැනීම වැඩි පහසුවක් වනු ඇත.

2011-10-11

අප යුග අන්තරයක් පසුකරමින් සිටින්නෝ වෙමු

එය මදක් වෙහෙසකාරී කාරනාවක් බව සැබෑමුත් කාලය හා දුර  සංකල්පයන් තීරනාත්මක නොවන සාධකයක් ලෙස ගනන් ගැනෙන මීලග මිනිස් යුගයේ පෙර ගමන් කරුවන් වීමේ වාසනාව ලද්දෝ වෙමු. ලෝක ව්‍යාප්ත ජාලය මෙම ක්‍රියාවලිය දෙයක් ලෙස හදුනා ගත්විට දී ඇති නාමයවේ. මීට වසර 25කට පමන පෙර ".කොම්" ලෙස ලෝකයේ ප්‍රතම පෞද්ගලික ආයතන අන්තර්ජාලය තුල ස්ථාන ගත වන විට නොසිතූ තරමේ සාර්ථකතවයක් අද වනවිට අත්පත් කරගෙන ඇත. අදවන විට ඩොමේනයන් මිලියන 200 කට වඩා අන්තර්ජාලයතුල ස්ථානගත වීමෙන්ම එය සනාතවේ.
                                                                                          අන්තර්ජාලය සංනිවේදනය උඩු යටිකුරු කර ඇත. පුවත් ප්‍රචාරනය , වෙළද කටයුතු,  තම සාම්ප්‍රධායික සීමා ඉක්මවා යන්නේ හදිසියේම ත‍ටු ලැබුනාක් මෙනි. පැරනි සම්ප්‍රධායික පුවත් ගලන වේගය මත තම ස්ථාවරයන් සකසාගෙන සිටි බොහෝ නායකයින් තම පරම හතුරා ලෙස අන්තර්ජාලය දෙස බලන්නට පුරුදු වී ඇත්තේ මේ නිසා විය යුතුය. පසුගිය කාලයතුල ලොව විවිධ දෙසින් වාර්ථා වූ සමාජ සෙලවීම් වලදී  සමාජ ජාලා ප්‍රමුඛ භූමිකාවක් නිරූපනය වනු දැකිය හැකි විය.

2011-10-10

ඒක හරිම විසිතුරු අත්දැකීමක්…

හමායන සුලංරොද සොලවන අතුකොල නිසා නැගෙන හඬ ඇරෙන්න පරිසරය නිහඬවෙනකොට,පෙරදිග කඳු සිකර අතරින් අහස්කුසට නැගෙන හිරුමඩල අපරදිග කඳුසිකර අතර සැගවගියාම අවසන්වන දවසට අවනතව ගතකරන නිකලැල් ජීවිතය හරිම ශාන්තිමත්.දිනාගන්න බැරිඋනු ජීවිතයට එරෙහියව නොවේ , එතැන දිනා ගන්නතරම් දෙයක් නැතිබව තේරුම් ගියනිසා එකගවුනු නිසා, එදිනෙදා ජීවිතයේදී පසිදුරන් ඔස්සේ ගලා එන හිස් උත්තේජන තවදුරටත් ජීවිතය ප්‍රබොදමත් නොකරන නිසා එකග උනු, සමහර විට අරුත් සුන් බව තෙරුම් ගත්තත් මුක්කුගසමින් අමාරුවෙන් පවත්වාගෙන යන ජීවිතයයට වඩා නිර්භයව වෙනසට එකගවුනු නිසා ලබා ගත් ජීවිතය. ඒක හරිම විසිතුරු අත්දැකීමක්…………………………

කොටින්ම මොහොතකට දැහැන් ගත වෙන්න……..

අනන්තයට විහිදිලායන විශාල කදුහෙල් අතරින් නිදහසේ ඇවිදයන්න, අතරින් පතර හමුවෙන තුරුගොමු අතරින් නැගෙන කුරුලුහඬ කන් පුරා විදගන්න,කඩමන්ඩියට බොහෝ දුර බැහැර ඉදන් එන ඉදහිටක හමුවෙන මිනිසෙක් එක්ක මොහොතකට හිනාවෙන්න,මීදුම් සලුව ඉදහිටක මෑත් කරලා සැන්දෑ හිරුඑලිය විදගන්න තැත් කරන නෙත්මානයට විහිදිලා යන කදු සිකර මවන අපූරු දසුන් සිත්පුරා විදගන්න. ජීවිතය පුරාවට මමව වසාගෙන සිටි මමත්වයේ සිතුවිලි රටා ඈතට පාවෙලා යන සුදුම සුදු වලාකුලු එක්ක මොහොතකට පාකරලා සමහර අයට කවදාවත්ම හමුනොවන,තවත් අයට ඉදහිල හමුවෙන මම කියන ලේ ඇටමස් ගොන්න විනිවිද දකින්න…… .

ඒ අපූරු මිනිසා.......

"ඔහු ව්‍යාපාරිකයෙකු බව සැබවි. එනමුත් ඊටත් වඩා ඔහු පෘතුවි වැසියන්ගේ සංනිවේදන රටාවට වඩාත් ප්‍රායෝගික හැරවුම් කිහිපයක්ම ‍රැගෙන ආ නිර්මානශීලී අපූරු මිනිසෙකු වූ බව ද සැබවි."  එම දේශකයා මෙසේද පවසා සිටියේය. " ඔහුට මම ගෞරව කරන්නට හේතු තුනක් මූලිකව දු‍ටුවෙමි. පලමු වැන්න මෙම විසල් ධනවත් හා නිර්මාන ශීලී මිනිසා මිය ගිය ගියේ තම පවුලේ සියලුම සාමාජිකයන් මැදිකරගෙන යැයි පලවූ වාර්ථාව මටනම් ඔහු සාර්තක මිනිසෙක් ලෙස ජීවිතය අවසන් කරන්නට හැකිවූ වාසනාවන්තයෙකු බවට හොදම සාධකයකි. දෙවැන්න, වරක් මාධ්‍ය හමුවකදී විචාරකයා මෙසේ ඇසුවාය. ඔබ වර්ථමාන පරිගණක හා සංනිවේදන ලෝකයට මහත් ප්‍රායෝගික වෙනස්කම් රාශියක් ‍රැගෙන ආවෙක්ය. ඔබ ලෝකය පහසු කල අයෙකැයි මම කියමි.මේ ගැන ඔබට කියන්නට ඇත්තේ කුමක්ද? මේ අපූරු මිනිසා  මෙසේ සරල පිලිතුරක් දුන්නාය , මට මේ ගැන ඒ ආකාරයේ හැගීමක් නැත. මට වැදගත්  ලෙස හැගෙන්නේ  මගේ පවුලේ ජීවිතය ගැන පමනී. තවත් විටටකදී විචාරකයා වෙලදනාමයේ කීර්තිමත් බව ගැන කතා කල විටකදී පවසා සිටියේ, "එක් නිශ්පාදනයක් සාර්තකව අවසන් යැයි  වැටහුනු සැනින් ඒ සතුටත් සමග ඊලග නිශ්පාදනයට යොමුවීම මගේ සිරිතයි.මේවා සාර්ථක කර ගන්නට දක්ශ සහයකයින් රාශියක් ලබන්නට තරම් මම වාසනාවන්ත වූ බවනම් කිව යුතුමයි"

වින් 8 පුවත්.......

ඔවුන් මෙසේ පවසයි,"ඔබ වින්ඩෝස් 7 ධාවනය කල  ඔනෑම තැනක වින්ඩෝස් 8  ධාවනය කල හැකිවනු ඇත. අත්තෙන්ම  අපි පොරොන්දුවෙනවා නවාංගත් සමග වඩාත් පහසුවෙන් එය ධාවනය කරන්නට හැකිවන බවට". මයික්‍රසොෆ්ට් ආයතනයේ වින්ඩෝස් 8 නිර්මානය සදහා වෙහෙසෙන පිරිස අතරින් අයෙක් පසුගිදා ප්‍රකාශ කර සිටියේ , මතක කලමනාකරනය අතින් ලබා ගන්නා වැඩි කාර්යක්ශමතාවය මෙම වෙනසට ප්‍රධාන සාදකයක් වනු ඇති බවයි. ගිගා බයිට් එකක හෝ දෙකක මතක  ඉඩක් තුල එකවර භාවිතාවන් දෙකක් හෝ තුනක් ධාවනයට මේ තුලින් පහසුවෙන් හැකිවනු ඇති බවටයි  බලාපොරොත්තු පල වන්නේ.
                                   වැඩි ‍රැම් මතක භාවිතය යනු ශක්ති භාවිතයද ඉහලට ගෙන යාමක්. ජංගම ස්වභාවයෙන් යුත් උපකරන වෙත නැබුරුවේදී එය තීරනාත්මක සාධකයක්. වින් 8 සමග ‍රැම් මතකයේ ‍රැදෙන සමාන (ඩුප්ලිකේටයන්) ගොනු භාවිතය අවම කරන්නට අප කටයුතු කරනවා. මේ නිසා සමහර විට අපිට හැකිවනවා මතකභාවිතය තුල මෙගා බයිට සියගනනක් ඉතිරි කර ගන්නට. තවත් අතකින් අප උත්සාහ කර තිබෙනවා අවශ්‍ය වන තුරු අමතර සේවාවන් නතර කර තබන්නට උදාහරනයක් ලෙස "ප්ලග් ඇන්ඩ් ප්ලේ" වැනි සේවාවන් ක්‍රියාත්මක වන්නේ අමතර උපකරනයක් පරිගණකයට එක්කල විටකදී පමනක් වනු ඇති.මෙට්‍රෝ භාවිතයත් සමග මෙගා බයිට් 23 පමන දල ඉතිරියක් මතකය තුලින් ලබා ගත හැකිවෙලා තිබෙනවා යැයිද ඔවුන් කියා සිටිනවා.

ගූගල් ක්‍රොම් සමග දුරස්ත ඩෙස්ටොප් එකක් බෙදා හදා ගන්නට.

ගූගල් ක්‍රෝම් සමග නොබෝදා එක්වූ නවාංගයකින්  දුරස්ථ ඩෙස්ටොපයක් සමග පහසුවෙන් තම ඩෙස්ටොපය බෙදා හදා ගැනීමේ හැකියාව භාවිතා කරන්නාහට ලැබෙන බවටයි පැවසෙන්නේ. වින්ඩෝස් , ලිනක්ස් , මැක් ඔ.එස් , හෝ ක්‍රෝම්බුක්  ආදී වන මෙහෙයුම් පද්දතිවල විවිධත්වයෙන් බාදාවක් නොවන අතර අදාල පරිගණක දෙකම ගූගල් ක්‍රෝම් භාවිතා ක්‍රන්නේ නම් මෙම නවාංගය භාවිතා කරන්නන හැකිවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. තවමත් බීටා සංස්කරනයකින් නිකුත්ව ඇති මෙම මෘදුකාංගය දුරස්ථ පරිගණකයක් පාලනය කිරීමට  වන හැකියාව දක්වා වර්ධනය කරන්නට බලා පොරොත්තුවන වන බවයි ඔවුන් පවසන්නේ.

ඔෆ්‍ෆිස් 2007 සදහා තෙවන හා අවසාන සර්විස් පැකය......

මයික්‍රොසොෆ්ට් ආයතනය් වෙතින් නිකුත්වූ පුවතකින් කියවෙන්නේ ඔෆ්ෆීස් 2007 සදහා වන තෙවන හා අවසන් සර්විස් පැකය මෙමස නිකුත්වීමට නියමිත බවය. 2007 වසරේ ජනවාරීමස මුලින්ම වෙළදපොලට නිකුත් කරනු ලැබූ ඔෆ්ෆීස් 2007 මෘදුකාංගය සදහා ආරක්ශක යාවත් කාලීන පිලිසකරයන් පමනක් ඉදිරි වසර 5 තුල නිකුත්වීමට නියමිත බවයි කිය වෙන්නේ. ඒ අනුව මයික්‍රොසොෆ්ට් ආයතනය සමග විශේෂ  එකගතාවයක් ඇති  විය්‍යාපාර සදහා පමනක් ඉදිරි කාලය තුල ආරක්ශක නොවන දුර්වලතවයන් සදහා වන යාවත්කාලීනයන් නිකුත් කරන්නට නියමිත බවටයි සටහන් වන්නේ.
                මයික්‍රසොෆ්ට් ආයතනයේ නව ක්‍රම වේදයට අනුව මෙම සර්විස් පැක්3 යාවත්කාලිනය ප්‍රතම මාස තුන තුලදී භාවිතා කරන්නා විසින් අන්තර්ජාලයෙන් ලබා ගෙන තම පරිගනකයේ ස්ථාපනය කරගත යුතු ආකාරයට ලබා දෙන බවත් ඉන් අනතුරුව ස්වංක්‍රීය යාවත්කාලීනයක් ලෙස  මුදා හරින්නට කටයුතු කරන බවටත් පැවසෙනවා. ඔෆ්ෆීස් 2007 සදහා එස්.පී 2  සර්විස් පැකය නිකුත් කරනු ලැබුවේ 2009  බවයි පැවසෙන්නේ.

2011-10-07

පරිගණක භාවිතාකරන්නන්ගේ මීලග පරම්පරව......

තවදුරටත් එය එකතැනක රදවා තැබිය නොහැකි තරමට ජීවිතයට සම්බන්ද වී අහවරය. ප්‍රායෝගිකව සලකන්නේ නම් එය නිවසේ තබා කෙටි නිවාඩුවකට යාමට වාහනයට ගොඩවීම ජීවිතයෙන් කොටසක් ගෙදර තබා  යනවා වැනිය. විද්වතුන් මේ සදහා විසදුම් දෙකක් ඉදිරිපත් කලාය.එකක් නම් ඔයතරම් කිට්‍ටුවන්නට එපා කියාය. අනෙක නම් සරල සැහැල්ලු උපකරණයක් බවට පත් කරගෙන යනෙන තැන ‍රැගෙන යාමය. කෙසේ නමුත් එය ජීවිතයට ‍රැගෙන එන පහසුව ඉදිරියේ පලමු විසදුම අතාර්කික එකක් විය. දෙවන විසදුම ඉදිරියට පැමින තිබේ.
                          මයික්‍රොසොෆ්ට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ තම ඉදිරි නිශ්පාදනවල ප්‍රධාන ඉලක්කය ජංගම ගතියෙන් වැඩි පරිගනක වෙත යොමුවන බවයි.සැහැල්ලු බර හා සරල නිර්මානය එය ජීවිතකරා වැඩි වැඩියෙන් ලංවනු ඇති බවයි නිශ්පාදකයින්ද පවසන්නේ. කීබෝඩය හා මවුසය තවදුරටත් භාවිතාවේදී අත්‍යාවශ්‍ය උපකරන නොවීම තීරනාත්මක සාධකයක් වනු ඇති බවටයි විද්වතුන් ගේ මතය වන්නේ.වින්ඩෝස් 8 සමග එන ටැබ්ලටය දෙවන පරම්පරාවේ භාවිතා කරන්නන් සදහා ආරම්භය ලබා දී ඇති බවටයි ප්‍රවීනයන් පවසන්නේ.
      ඇපල් හා ගූගල් ආයතනවල මීලග මෙහෙයුම් පද්ධති නව ප්‍රවනතාවයට එකගවන බවට පෙන්නුම් කෙරෙමින් පවතිනවා. පරිගණක ක්‍රිඩා මෙන්ම ඇප්ලිකේෂනයන් මෙන්ම ආශ්‍රිත මාධ්‍ය භාවිතාවන්ද නව ප්‍රවනතාවයට එක්වෙමින් ඇති බවයි වෙලදපොල නව නිශ්පාදන වලින් හෙලිවෙමින් ඇත්තේ. සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතවන් වන පුවත්පත් මෙන්ම වාර ප්‍රකාශන සගරා කාලාපයන් පවා "ටැබ්ලටය එකග"  සංස්කරනයන් නිකුත්කිරීමට පටන්ගෙන තිබීම දැකිය හැකි බවයි පැවසෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...