"දාර්ශනික තලයකදී පෘතුවිය මත සිදුවීමක් විග්‍රහකරන විට කෙනෙකුට කේජු කැබැල්ලක් ආහාරයට ගන්නා වැනි සැහැල්ලුවක් දැනෙන විට තවකෙකුට කුඩා යකඩ කැබැල්ලක් හපාගිලින්නට සිදුවී ඇතුවාසේ මහත් අපහසුවක් දැනීම හරිම අපූරු අත්දැකීම" වරක් කැලිෆෝනියානු සරසවියක ආරාධිත දේශනයකට සහභාගී වෙමින් දර්ශනය පිලිබද ප්‍රකට ප්‍රංශ මහාචාර්යවරයෙකු පැවසුවේ සභාවේ සියල්ලන්ම සිනාහවක ගිල්වමින්ය. මා මීට වසර පහකට පමන පෙර ලෝක තොරතුරු කෞතුගාරය නැරබීමකට ගිය අවස්තාවකදී එම ඓතිහාසික දේශනය නැවත අසන්නට අවස්තාවක් ලැබිනි. සමහර විටක මෙය කියවන ඔබ සමහර විටක එම දේශනය තබා එම මහාචාර්යවරයා විශ්වවිද්‍යාල සිසුවෙකුවවත් සිටින්නට පෙර කාලයේ වෙසෙන්නෙකු වන්නට ඉඩ ඇත. සමහර විටක ඔබ මෙම අපූරු මතවාදයන් ගොඩ නැගෙන්නට අවැසි සමාජීයකාරනා ගොඩනැගෙන කාලයක වෙසෙන්නෙකුද වන්නට ඉඩ ඇත.
එම ප්‍රාතමික යුගයේදී පරිගණකය හුදු රාජකාරී සහය උපකරනයක්ව පැවතුනි.ප්‍රාතමික දත්ත ගොනු හැසිරවීම එයට අයත්ව තිබූ ප්‍රධානතම කාරනයව පැවතුනි. කොටින්ම පවසන්නේනම් පරිගණකයකට අත්පත්කරගතව හැකිවතිබූ දත්තගොනු හැසිරවීමේ සංකීර්න සක්‍යතාවයෙන් අතිමත් අල්පයක් පමනක් භාවිතාකරමින් තිබූ යුගයක් විය. තවත් අතකින් ඉතාම ප්‍රාතමික මිනිස් ස්වභාවයන් මුදාහරින්නට අවැසි අවකාශය ලබාදෙන පරිගණක ක්‍රීඩා බහුලවම පැවති යුගයක් විය.එසේම එකිනෙක ඈදුනු පරිගණක පද්ධති විසින් ගොඩනැගූ අන්තර්ජාලය මත ඉදිවූ සයිබර් අවකාශය වැඩි ප්‍රතිශතයකින් මිනිස් සාරධර්ම වලට වඩා පහතින් පැවති යුගයක් විය. සැගවීසිටිමින් තම ප්‍රමිතියකින් තොර ස්වභාවයන් මුදා හරින්නට තෝතැන්නක්වී තිබිනි. සරලව පවසන්නේ නම් සැකය හා අවිස්වාශය වැනිවූ බහුල සමාජ ස්වභවයක් සමග පරිගණකය සාමාන්‍ය ජීවිතයට පිවිසෙමින් තිබිනි.
www.itlknews.tk
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...