ව්‍යාජ ආරක්ශක මෘදුකාංග පැතිරවීම හරහා අනිසි මුදල් ඉපයීම පසුගිය කාලයේ අන්තර්ජාලය තුල බහුලව සිදුවූ කාරනයක්ව පැවතිනි. ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක්වන කැස්පර්ස්කි ආයතනයට අනූව නම් පසුගිය ජූනි මාසයේ මෙම ආකාරයේ පහරදීම් දිනකට 50,000 හා 60,000 අතර පැවති අතර එය මේවන විට දිනකට පහරදීම් 10,000 දක්වා පහත වැටී ඇති බවටයි පවසන්නේ. නීතියේ ක්‍රියාකාරීත්වයත් , සෙයුම් යන්ත්‍රවල පෙරීම් ඇල්ගොරිතමයන්ගේ දියුනුවීමත් මේ සදහා ප්‍රධානතම සාධකයන් ලෙස එම ආයතනය පෙන්වා දෙනවා.එසේම ආරක්ශක මෘදුකාංග සමගම් වල ක්ෂනික ප්‍රතිචාරයන්ද වැඩිදුරටත් ඔවුන් දක්වා සිටිනවා.
රුසියානු බලධරයන් අත්වඩංගුවට ගත් රුසියානු ජාතික "පාවෙල්" නැමැත්තා ව්‍යාජ ආරක්ශක මෘදුකාංග පැතිරවීමේ ඉහලින්ම සිටි අයෙකු ලෙසයි වාර්ථාවන්නේ. මීට අමතරව ඇමරිකාවෙන් හා යුක්ක්‍රේනයන් කිහිපවිටකම සොයාගත් හා නවතා දමන ලද සර්වර් මට්ටමේ පරිගණක පද්ධති ඉහත තත්වය පාලනයවීමේලා බලපාන්නට ඇති බවටයි කරුනු පලවන්නේ.
කැස්පර්ස්කි ආයතනය වැඩිදුරටත් පවසන්නේ නව ප්‍රවනතා කිහිපයක් යලිත් වාර්ථා වෙමින් පවතින බවයි. අතාර්කික ලෙස මතුව එන ආරක්ශක අනතුරු ඇගවීම් ගැන කල්පනාකාරීවන ලෙසත් අපහැදිලි ආරක්ශක මෘදුකාංග සදහා මුදල් ගෙවීමෙන් වලකින ලෙස මෙන්ම අව්‍යාජ ආරක්ශක මෘදුකාංගයක් භාවිතයට ගැනීමට කල්පනාකාරී වන ලෙසටත් ඔවුන් අවවාදකර සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...