පරිගණකයේ සාමය බිදදැමීමට හානිකර මෘදුකාංග හැම විටම සැදී පැහැදී සිටී. එය පරිගණකයේ නිරෝගී පැවැත්ම කඩාබිද දැමීමේ සිට එය තුල හුවමාරූවෙමින් පවතින දත්ත සොරාගෙන තවකෙකු අතට පත්කිරීම දක්වා වූ විවිධ ස්වරූප ගත හැක.සමහර විටක මේවා පරිගණකය සම්පූර්නයෙන් අත්පත් කර ගැනීම දක්වා ඉදිරියට ගොස් භාවිතා කරන්නා සම්පූර්නයෙන් අපහසුතාවයට පත්කර දැමීම දක්වා දරුනු විය හැක.
පරිගණකය අවදිවීමේ ක්‍රියාවලිය සම්පූර්න වීමට සමහර විට "වරුවකට" වඩා මදක් අඩුවෙන් කාලය ගැනීම, ඔබේ දත්තයන් තවකෙකු අතට පත්කිරීම මෙන්ම යතුරුකරනයේ සෑම සෙලවීමක්ම තවකෙකු අතට පත්කිරීම , ආසාදිත බ්‍රවුසරය නිතරම ව්‍යාජ වෙබ් අඩවි වෙත ඔබව ගෙනයාම, අනවසරයෙන් කඩාවදින වෙළද දැන්වීම් මෙන්ම ඩෙස්ටොප්ය මත සිදුවන අතාර්කික ක්‍රියා මේව අතර සමහරකි.
හදාරන්නන්ට අනූව මේ සදහා ඇති හොදම හා පලමු විසදුම අවදියෙන් සිටීමය."ඔවුන් සැමවිම ඔබවෙතට එන්නේ මනාව සරසන ලද තෑග්ගකට මුවා වී විය හැක. නොමිලේ ලබාදෙන වටිනා මෘදුකාංගයක සිට දැනටමත් ඔබ ජයක්ග්‍රහනය කර ඇති ලොතරැයියක මුල් ත්‍යාගය ලබා ගන්නට වුවමනා විස්තර ඇති වෙබ් ඩවියේ ලිපිනය අවදිකරවා ගැනීම දක්වා වූ බොහෝ දේ විය හැක.සරලව පවසන්නේ නම් ඔවුනට ඔබේ පරිගණකයට ගොඩවැදීමට උවමනා අවසරය ලබාගන්නට විවිධ දේ කරනු ඇත.
"බ්‍රවුසරය ඔබ වෙත මහත් යහපත් දේ මෙන්ම අයහපත් දේ රැගෙන ඒමේ දොරටුවයි." පිලිගත් හා මනාව යාවත්කාලීන කරන ලද බ්‍රවුසරයක් භාවිතා කිරීම ආරක්ශාවීමේ තවත් ප්‍රධාන පියවරක් වනු ඇත.එසේම නොයෙකුත් පහසුකම් ලබාදෙන බවට පොරොන්දුවෙමින් පැමිනෙන්නට උත්සාහ කරන ප්ලගීනයන් ගැන කල්පනාකාරීවීම ඉතා වැදගත් විය හැක.
ආරක්ශක මෘදුකාංගය තෙවන තැනෙහි ලා විසුලුවක් ලෙස සමහර විටක ඔබට හැගෙනු ඇත. එහෙත් හදාරන්නන් පවසන්නේ අනතුරු වලින් මහත් ප්‍රමානයක් මේ වනවිට පරිගණකයට ගොඩ වදින්නේ භාවිතාකරන්නාගේ පූර්න බල අවසරය මත වීම ආරක්ශක මෘදුකාංග අසරන කරන්නක් බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...