පරිගණකය වෙත සම්බන්ද වන උපකරනයක් හා දත්ත හුවමාරුවේදී තප්පරයකට ගිගා බයිට් දහයක වේගයක් යනු අපූර්ව අත්දැකීමක් වනු ඇත. මීලග පරම්පරාව නියෝජනය කරන තන්ඩබෝල්ට් තාක්ශනය සහිත පරිගණකයන් ලබන ජනවාරී වනවිට වෙළද පොලවෙතට නිකුත්කරන්නට තමන්ට හැකිවනු ඇති බවටයි ප්‍රධාන පෙලේ පරිගණක නිශ්පදකයින් කිහිපදෙනෙකුම දැනට බලාපොරොත්තුව පලකොට ඇත්තේ. ඔවුන් නව තාක්ශනයේ හැකියා වපසරිය පැහැදිලි කරන්නේ "මෙම නව තාක්ශනයත් සමග අති සුපැහැදිලි මට්ටමේ සම්පූර්න චලන පටයක් තප්පර 30ක පමන වෙලාවක් ඇතුලත හුවමාරුකරන්නට හැකිවනු ඇත" කියාය. ඉන්ටෙල් ආයතනය පසුගියදාක කල ප්‍රදර්ශනීය ඉදිරිපත් කිරීමක දී චලන පට හතරක් තප්පරයටමෙගා බයිට් 700 වේගයකින් "සොලිඩ් ස්ටේට්" මට්ටමේ උපකරනයක් සමග හුවමාරුකොට පෙන්වූ බවට වාර්ථා පලවී තිබුනා.
ඉන්ටෙල් ආයතනයේ හිමිත්වයක් සහිත මෙම නවතාක්ශනය යු.එස්.බී. 3.0 තාක්ශනයට සාර්තක විකල්පයක් ලෙස විචාරකයින් දක්වා සිටිනවා. තවමත් මෙම තාක්ශනය හා සහයෝගය දක්වන උපකරන ඇත්තේ අඩු ප්‍රමානයක් වූවද නුදුරේදීම තත්වය වෙනස් වනු ඇතැයි බලාපොරොත්තුවනවා. වැඩිදුරටත් ඉන්ටෙල් ආයතනය පවසන්නේ "පී.සී.අයි. එක්ස්ප්‍රස් හා ඩිස්ප්ලේ පොර්ට්" ප්‍රොටකොලයන් සමග තම නව තාක්ශනය සාර්තකව සහයෝගයෙන් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේ නිකුත්වන්නට නියමිත තම නව ප්‍රොසෙසරය සමගද මෙම තාක්ශනය සහයෝගයෙන් කටයුතු කරන බවට පොරොන්දු පලකොට සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...