මයික්‍රසොෆ්ට් ආයතනය මුලින්ම තවමත් සංකේතාත්මක නමකින් හදුන්වන වින්ඩෝස් 8 ගැන ඉගියක් පල කරනු ලැබුවේ මෙම වසර ආරම්භයේදීමය. ඒ ජනවාරී මාසයේ පවත්වන ලද ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික දැක්මේදීය. ඉන් පසුව නැවතත් මෙම මාතෘකාව මතුපිටට පැමිනියේ පසුගිය ජූනි මාසයේ ඩී9 සම්මන්ත්‍රනයත් සමගය. එහිදී ඔවුන් පොරොන්දුවූ පරිදි ඔක්තෝබර් මාසයේ පවත්වන ලද සංවර්ධකයින්ගේ හමුවේදී සැහෙන දුරකට පැහැදිලි අදහසක් වින්ඩෝස් 8 ගැන එලිදක්වන ලදී.
මේ වන විට වින්ඩෝස් 8 හි පෙර සංස්කරනයක් නිකුත්කොට ඇත. ජංගම ස්වභාවය ඉහල උපකරන ඉලක්කකොටගෙන නිර්මානය වී ඇති මෙම නව මෙහෙයුම් පද්ධතිය ස්පර්ශක තිර භාවිතයට වැඩි නැබුරුවක් සහිත බව ප්‍රධාන තැනක් ගනී. "මෙතෙක් ඔබ භාවිතාකල ම්ව්හ්ව්යුම් පද්ධතිවලට වඩා වෙනස් අත්දැකීමක් " එය ඔබට ගෙන එනු ඇති බවට ඔවුන් පවසන්නේ ඒ නිසා විය යුතුය.
නව ලොගින් මුහුනත තුලින්ම වෙනසක ස්වභාවය පෙන්වයි. පෙර භාවිතා වූ ලොගීන මුහුනත සාපේක්ශකව "ලිහිල් " මුහුනතක් ඔවුන් ලබා දී ඇත. එහි පසුබිම වෙනස් කල හැක. දිනය හා කාලය ස්තීරවම දිස් වෙනු ඇත. ඔබගේ සැලසුම් වලට අදාලව මීලග යොදා ගැනීම එහි දිස්වනු ඇත. ඔබ වෙත ලැබී ඇති නව ඊමේල් ප්‍රමානය එහි දිස්වෙනු ඇත. එපමනක් නොව සුපුරුදුසම්ප්‍රධායික ලොගීන් මුහුනත කරා යන්නට පවා එහි පහසුකම් දක්වා ඇත.
"ස්ටාර්ට්" මුහුනත තුලදී ටයිල් ආකාරයෙන් පිවිසිය හැකි ප්‍රෝග්‍රැමයන් දක්වනු ඇත. එය අයිකනයක් , රූපයක් හෝ විස්තරයක් විය හැකියී. විජෙට්‍ටුවන් හෝ ඇප්ස් එනම් මයික්‍රසොෆ්ට් "වර්ඩ්ස්" හෝ "පවර් පොයින්ට්" විය හැකියි. ස්පර්ශක තිර භාවිතය ප්‍රමුකකොට සැලකීම ප්‍රධාන ලෙස දැක්වෙන හොදම උදාහරනයක් නම් ආකාර දෙකකින් තිර යතුරු පුවරු හදුන්වා දීමය . එකක් නම් පූර්න තිර වන අතර අනෙක අඩතිර ප්‍රමානවලින් තොරා ගත හැකිව ඇත. නව ස්ටාර්ට් මුහුනත ජාවා හා එච්.ටී.එම්.එල් 5 වලින් නිමවා ඇත. ඇප්ස් නිර්මානය සදහා හොදින් මෙම ගොඩ නැංවීම් සමග සහයදෙන මෙම ගොඩනැංවීම් සමග භාවිතා කරන උපකරනයෙ මූලික බවින් මිදී ඇති අතර පූර්න තිර ඇප්ස් වැඩි පහසුවක් ගෙනෙනු ඇත.
(මතු සම්බන්දයි)
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-15
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...