Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-21
ඇඩෝබි ප්ලැෂ්ප්ලේයරය අනවසරයෙන් ඔබ ලෝකයට විවරකරයි.....
ඇඩොබේ ප්ලැෂ් ප්ලේයරයේ සැකසුම් දුර්වලතාවයක් භාවිතා කරමින් භාවිතාකරන්නාට නොහැගෙන ලෙස ඔහුගේ වෙබ් කැමරාව හෝ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරන්නට සමත් ආකාරයේ "සයිබර් නොහික්මීමක්" පසුගිය දිනවල කථා බහට ලක්විනි. "ක්ලික්ජැකින්" ලෙස හදුන්වන මෙම ආකාරයේ පහරදීමකදී භාවිතාකරන්නා නොමග යවමින් ඔහුගෙන් ලබාගන්නා ක්ලික් පනගැන්වීමක් තුලින් මෙම ක්‍රියාත්මකබව ආරම්භකිරීම පහර දෙන්නාගේ උපංක්‍රමය වන බවටයි පැවසෙන්නේ. 2008 වසරේදීද මේ ආකාරයේ පහරදීමක් ගැන තොරතුරු හෙලිවූ අතර එහිදී ප්ලැෂ්ප්ලේයරයේ සෙටින්වල වෙනස් කමක් භාවිතාකරමින් අඩෝබිවෙබ් අඩවියේදී අදෘශ්‍ය අයිෆ්‍රේමයක් පනගන්වාගෙන ඒ තුලින් වෙබ්කැමරාව හා මයික්‍රෆෝනය විවෘතකර ගැනුනි. ඇඩොබි ආයතන මීට පිලියම්ලෙස "ප්ලැෂ් ප්ලේයර් සෙටින් සකසන පිටුව" විවෘතවීමේ ක්‍රමවේදය වෙනස් කරන ලදී. මැතකදී වාර්ථාවන පහරදීම සදහාද යොදාගන්නේ පෙර දුර්වලතාවයම වන අතර වෙන ආකාරයකට එම දුර්වලතාවය යොදා ගැනීමක් ලෙස බවයි පලවන වාර්ථා පවසන්නේ. ඇඩොබි ආයතනය් හැකි ඉක්මනින් මෙම දුර්වලතාවය අවසන්කිරීම සදහා කටයුතු යොදමින් සිටින බවටයි පැවසෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...