2012-04-30

හානිකර බව පැතිරීමේදී කාමුක අඩිවි පරයා ආගමික අඩවි ඉහලට.....


ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගමක් පසුගියදා පවසා සිටියේ හානිකර බව පතුරන වෙබ් අඩවි ලෙසට ඉහලින්ම සදහන්ව තිබූ කාමුක වෙබ් අඩවි වෙනුවට ආගමික හා මතවාදී වෙබ් අඩවි එම ස්ථානය අත්පත් කරගමින් සිටිනු දක්නට ලැබෙන බවකි.එසේම පහර දෙන්නන් ගේ වැඩි අවදානයක් ලබා ගනිමින්  සිටින මොබයිල් උපකරන සමග ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක ගත වීමේ වැඩි ප්‍රවනතාවයක් ලබමින් සිටින බවකි.
                   එම ආයතනය පවසන්නේ ආගමික අඩවි වල හානිකර බවේ සාමාන්‍ය 115 ලෙසට හදුනා ගන්නා විට කාමුක අඩවි වල හානිකර බවේ සාමාන්‍ය අඩවියකට 25 ලෙසට ගනනය වෙමින් පවතින බවයි. එසේම ඔවුන් පවසන්නේ කාමුක අඩවි වල ආසාදිත බව සියයට 2.4 වන විට බ්ලොග් අඩවි වල සියයට 20 ලෙසට හදුනා ගනිමින් සිටින බවයි. ඔවුන් උපකල්පනය කරමින් සිටින්නේ ආගමික අඩවි වලට වඩා කාමුක අඩවි වල හිමිකරුවන් ඉපයීම් කරමින් සිටින බැවින් තම අඩවි වෙත නැවත පැමිනීම තහවුරු කරගැනීමෙහිලා වැඩි අවදානයකින් කටයුතුකරමින් සිටිනවා විය හැකි බවකි.
                        වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ 2010 හා 2011 අතර මැල්වෙයා(ර්) පැතිරීම සියයට 81 කින් ඉහල ගොස් ඇත්තේ ඒවා යේ විවිදත්වය අතින්ද සියයට 41ක ඉහලයාමක් සමග උවත් ස්පෑම් වල පැතිරීම නම් මද පසුබෑමක් (සියයට 88.5 සිට 75.1) දක්නට හැකි බවයි.පසුගිය කාලයේ ප්‍රධාන පෙලේ බොට් නෙට් කිහිපයක කඩා වැටීම මෙයට හේතු විය හැකි බවටයි එම වාර්ථා පවසන්නේ. පහත දැක්වෙන වගුව හැදෑරීමෙන් ඔබටත් මේ පිලිබද වැඩි දුර තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

 

2012-04-29

මැක් යලිත් අනාරක්ශිත බවක.........


හානිකර මෘදුකාංග තනන්නන්ගේ අවධානය තව දුරටත් මැක් හා ජාවා වෙතින් ඉවත්වී නොමැති බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ පෙර  ජාවා දුර්වලතාවය  හරහා බොට් ආකාරයේ  නව පහරදීමක් හදුනා ගෙන ඇති අතර නව පහරදීමට පදනම් කරගෙන ඇති දුර්වල බව මැක් සදහා පමනක් නොව වින්ඩෝස් වෙතද පොදු ජාවා අවකාශයක්වීම සෙලකිය යුතු බවයි.
                                        ඔවුන් පවසනවා ආරක්ශක මෘදුකාංගයක විධිමත් ‍රැකවරනය වින්ඩෝස් භාවිතාකරන්නන් තුල වැඩි භාවිතාව නිසා මෙම නව හානිකරයද වැඩිලෙසට බලපාමින් ඇත්තේ මැක් පරිගණක වෙත බව දක්නට ඇති බවයි. එහෙත් නිසි ලෙස යාවත්කාලීන නොකල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිද මෙමනව පහරදීමට හොද සහයක් පලවීම ගැන භාවිතාකරන්නන්ගේ අවධානය යොමු විය යුතු බවයි.මෙම නව ප්‍රවනතාවය ගැන සදහන් කරන හදාරන්නන් 2010 ඔක්තොබරයේදී හදුනා ගත්  "Boonana"  නම් මැක් හා වින්ඩෝස් වලට පොදුලෙස බලපෑ ට්‍රොජනය පිලිබද මතකය යලි අවදිකර සිටිනවා.

2012-04-28

ෆයර්ෆොක්ස් 13 බීටා නවාංග කිහිපයක් සමග....


SPDY ප්‍රොටකෝල ලේයරයේ සහය සමග වැඩි වේගයක් හා ආරක්ශාවක් සහිත සේවයක් ලබා දෙන්නට පොරොන්දු වෙමින් ෆයර්ෆොක්ස් 13 බීටා මෘදුකාංගය නිකුත්කොට ඇති බවටයි සටහන් වන්නේ. වෙබ් පි‍ටුවක් බ්‍රවුසරය මතට ලබා ගැනීමේ වේගය මෙන්ම  එන්ක්‍රිප්ට් සබදතාවය වඩා සාර්තකව සැපයෙන නව තාක්ශනය මෙම නව ප්‍රොටකෝල ලේයරය සමග ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ.
                                                නව සංස්කරනය සමග බ්‍රවුසරයේ නිවෙස්න පි‍ටුව වෙනස් මුහුනුවරකට සකසා ඇති බවත් ඒ තුලින් "හිස්ට්ට්‍රි" "බුක්මාර්ක්" ආදිය පරිහරනයේදී භාවිතාකරන්නා හට පහසු වනු ඇති බවටයි සටහන් වන්නේ. නව ටැබ් එකක දිග හැරීමේදී වැඩි පහසුවක්  හා කාර්යක්ශම භාවයක් භාවිතාකරන්නා සදහා පොරොන්දු වෙමින් පැමින ඇති මෙම නව සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
http://www.mozilla.org/en-US/firefox/beta/

2012-04-27

උබුන්‍ටු නවතම සංස්කරනය නිකුත්වේ.....


උබුන්‍ටු භාවිතය ප්‍රිය කරන්නන් සදහා පලවන නවතම නිවේදනයකින් පැවසෙන්නේ එහි නවතම සංස්කරනය දැන් ලබා ගත හැකි බවකි.ඔවුන් පවසන්නේ මෙම නව සංස්කරනය සමග නවාංග එකතුවීමක් සිදුනොවී ඇති අතර භාවිතාවූ අංගයන් ගේ වූ අඩුපාඩුකම් සකසා සාර්ථක භාවිතයට අවශ්‍ය තත්වයන් කරා දියුබු කර ඇති බවකි. වැඩි දුරටත් පැවසෙන්නේ නව සංස්කරනය භාවිතයට පිවිසෙන්නෙකු සදහා ආයතනයෙන් දෙන පොරොන්දුවක් වන්නේ ඉදිරි වසර 5ක් සදහා යාවත්කාලීනයන් ආදිය ලබා දෙමින් මෙහෙයුම් පද්දතියේ යහ පැවැත්ම තහවුරු කරන්නට සහය වන බවකි. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් එම සංස්කරනය ලබා ගත හැකි වනු ඇත.

http://releases.ubuntu.com/precise/

2012-04-26

වින්ඩෝස් 8 බීටාව ජූනි මුලසතියේ......

මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ වින්ඩෝස්8 හි බීටා සංස්කරනය එලබෙන ජූනි මසයේ පෙර සතියේ නිකුත්කරන්නට සූදානම් වෙමින් සිටින බවකි. විචාරකයින් පවසන්නේ දැනට නිකුත් කර ඇති භාවිතාකරන්නන්ගේ පෙර සංස්කරනයද අවසාන වින්ඩෝස් 8 සදහා පූර්න පෙර සලකුනක් ලෙස නම්කල නොහැකි නමුත් බීටා සංස්කරනය අවසාන සංස්කරනය සදහා පූර්ව අදහසක් ලෙසට විස්වාසය තැබිය හැකි වනු ඇති බවය. දැනට පලවන තොරතුරු අනූව කියවෙන්නේ බොහෝ දුරට මේ සදහා වන නිල හමුව ජපානයේදී පැවැත්වනු ඇති බවය.

ගූගල් ඩ්‍රයිව් ක්‍රියාත්මකයි.......

පසුගියදා ගූගල් ආයතනය පවසා සිටියා ගිගා බයිට පහක නොමිලේ අවකාශයක් සමග "ගූගල් ඩ්‍රියිව්"  සේවය ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙත මුදා හැරීම ඇරබූ බව. ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ අමතර මිලදී ගැනීම් ඔස්සේ ටෙරා බයිට 16 දක්වා තම දත්ත ගබඩා පහසුව පුලුල් කර ගත හැකි වන බවයි. රදවන දත්ත ගොනු  ජීමේල් හා ගූගල්+ ඔස්සේ පහසුවෙන් අනකුන් හා බෙදා හදා ගැනීමට හැකිවනු ඇති බවත් ඇප්ස් ආධාරයෙන්ද මෙම භාවිතාවන් කල හැකි බවත් ඔවුන් පවසා සිටියා.   PCs, Macs and Android   සදහා දැනට මෙම ඇප්ස් සහය වන බවත්  iOS  සදහා නුදුරේදීම මෙම පහසුව නිකුත්වන බවත් එහි සටහන් වනවා.ගූගල් ඩොක්ස් මත මෙම පහසුව වැඩි දියුනු කිරීමක් ලෙසට පිහිටවෙන අතර ඩෙස් ටොප් මත සිටම පහසුවෙන් ගොනු හුවමාරු කිරීමට සහය වන ලෙස සේවය නිමව ඇති බවටයි පැවසෙන්නේ. පහත දැක් වෙන සබැදියාව ඔස්සේ ඔබටත් මෙම පහසුව සදහා අයදුම් කල හැකි වනු ඇත

https://drive.google.com/start?authuser=0#home

භාවිතාකල දෘඩ තැටිවලින් 48% පෙර තොරතුරු සහිතයි !!


බ්‍රිතාන්‍ය රාජ්‍ය මට්ටමේ ආයතනයක කල හැදෑරීමක ප්‍රතිපලයකින් කියවෙන්නේ වෙළඳ පොල වෙතින් මිලදී ගන්නා "හාර්ඩ් ඩිස්ක්" වලින් සියයට පනහකට වඩා ඒවායේ පෙර භාවිතකරුගේ දත්තයන් ‍රැදී ඇති බවයි.ඔවුන් විසින් යොදාගන්නා ලද හාර්ඩ් ඩිස්ක් වලින් සියයට තුනක පමන රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර පමනක් නොව බදු තොරතුරු පවා  නෑත ලබා ගත හැකි ආකාරයට තිබූ බවටයි කියවෙන්නේ.ඔවුන් පවසනවා  සමස්තයක් ලෙස සියයට 48ක පමන පෙර භාවිතාකරුගේ දත්ත අඩු වැඩි ලෙසින් නැවත ලබාගැනීමේ හැකියාව තිබූ බවයි.
                 සියයට 38ක් පමන දෘඩ තැටි වල පමනක් සාර්ථක ලෙස පෙර දත්ත මකා දැමීම් සිදුව තිබූ අතර සමස්තයක් ලෙස සියයට 52ක දත්ත නැවත ලබා ගත නොහැකි ලෙසට පැවතුන අතර සියයට 14ක පමන දෘඩ තැටි නැවත භාවිත කල නොහැකි තත්වයක පැවති බවටයි සටහන් වන්නේ.

2012-04-21

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට..........


සටහනක් නොතබාම ගලාගිය දිගුකාලයකට පසුව නැවත ආශ්‍රමය වෙතට පැමිනුනෙමි. ආශ්‍රමය වෙත පැමිනෙන්නන් අතරින් කලාතුරකින් අයෙකුට ලැබෙන අවස්ථාවක් වන්නේ ආශ්‍රමයේ බට හිර බෑවුමෙන් ගලයන ගංගාවෙන් ඔබ්බට වන ගැබුරු වන පියසේ භාවනාව සදහා අවස්ථාවක් ලැබීමය. බියකරු වන සතුන් අදුරු ඝන වන පියස අතරින් ගොස් එම කදුමුදුනතට වන්නට තැනින් තැන පිහිටි විශාල ගල් පියසක පලතුරු , පිරිසුදු ජලය  හා භාවනාව අතරින් ගලා ගිය දිගුකාලයේ  සටහන් එකතු වන්නේ සමාජීය සංකල්ප මත ඉදිවන දෛනික ජීවිතයට නොවේ. ජීවිතයෙන් ජීවිතයට ගලා ආ  සියුම්  පුරුදු පුරුදු ගොන්න ඔබ වෙත නිරාවරනය වෙන්නට වෙන්න්ට පටන් ගනී. ඇත්තෙන්ම ඔබට ඔබ නිරාවරනය වන්නට පටන්ගනී. විටක එය දැරිය නොහැකි තරමේ අත්දැකීමකි.ආරම්භයේදී නම් ඔබ බොහෝ විට අපහසුවට පත්වනු ඇත.
                                       භාහිර කලබලයෙන් වසා ගෙන සිටින ඔබගේ අභ්‍යන්තර කලබලය සැබෑවට තේරුම් ගැනීමේ දුර්ලභ අත්දෑකීම මුලින් හමු වන විට ඇති වන කැලබීම දරා සිටින්නට තරමේ සියුම් ශාන්ති බවක් මනස හුරු පුරුදුකර ගෙන සිටිය ඇත්තෙක් නම් ඔබ ඊලගට පිවිසෙන්නේ ආපසු නො එන ගැබුරු අධ්‍යාත්මික මාවත ඔස්සේ ඉදිරියටය. ක්‍රමයෙන් ඔබගේ රිද්මය තුනී වනු දැනෙන්නට පටන් ගනී. නොයෙකුත් වියතුන් මෙන්ම බොරුකාරයන් විවිද අලංකාර එක්කරමින්  සටහන් තබා ඇති සැබෑ නිවීමේ පහන් බව යාන්තමින් ඔබේ ජීවිතය මතට දැනෙන්නට පටන් ගැනෙනු ඇත.

වින්ඩෝස් 8 ඇප්ස් ස්ටෝර්ස් වඩාත් පුලුල්වේ.....


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා තම "වින්ඩෝස් ස්ටෝර්" වඩාත් පුලුල් කරන්නට තීර්නය කර ඇති බව.දැනට රටවල් පහක පමනක් පිහිටවා ඇති තම ස්ටෝස් (France, Germany, India, Japan , US)  වලට අමතරව ස්ථාන 38 රටවල් 28 පුරා (Australia, Austria, Belgium, Brazil, Canada, Chile, China, Columbia, Czech Republic, Denmark, Finland, Greece, Hong Kong, Hungary, Ireland, Israel, Italy, Korea, Luxembourg, Mexico, Netherlands, New Zealand, Norway, Poland, Portugal, Russia, Singapore, South Africa, Spain, Sweden, Switzerland, Taiwan,United Kingdom) දක්වා පුලුල් කරමින් වින්ඩෝස් 8 ඇප්ලිකේශනයන් සංවර්ධනය කිරීමේ අවස්ථාව වඩාත් පුලුල් කරන්නට ඔවුන් තීර්නය කර ඇති බවටයි පැවසෙන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ දැනට වින්ඩෝස්8 සහය වන භාෂාවලට තවත් නව භාෂා  හතක් එක් කරන්නට තීර්නය කර ඇති බවටත් ඒ අනූව වින්ඩෝස් 8 සහය දක්වන භාෂා 109ක් දක්වා වැඩි වනු ඇති බවත්ය.

2012-04-19

ආසාදනයන් කරා යොමුකරවන වෙබ් අඩවි 20000 ගැන සැක පල කෙරේ...


ගූගල් ආයතනය පවසනවා වෙබ් අඩවි 20000 අදික ප්‍රමානයක් මතට අනවසර පිවිසීම් කොට ජාවා ස්ක්‍රිප්ට්  "නැවත යොමුකරවන" ආකාරයේ හානිකර මෘදුකාංග වලින් සමන්විත ආසාදනයන් පෙන්නුම් කරමින් පවතින බව.ඔවුන් පවසන්නේ එම අඩවි වල ජාවා ස්ක්‍රිප්ට් ආකාරයේ මෘදු කොටස් මතට තවමත් අපැහැදිලි ජාවා කොටස් ඇතුලු කොට ඒමගින් හානිකර මෘදුකාංග පතුරවන වෙබ් අඩවි කරා අමුත්තන් යොමු කරවන්නට කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් වෙත අනතුරු අගවා සිටින්නේ තම අඩවියේ ගොනු අතර "eval(function(p,a,c,k,e,r)"   ආකාරයේ කෝඩ් අඩංගු වී ඇත්දැයි විමසිලි මත් වන ලෙසයි.
                                    තම වෙබ් අඩවි වල මෙම ආසාදනයන් හේතුකොට ගෙන  සීමිත ආකාරයේ හානිකර අඩවි ලෙසට නම්වීමට ඇති ඉඩකඩ ගැනත් ගූගල් ආයතනය අවධාරනය කරන අතර අඩවි වෙත එන්නන්ගේ ආරක්ශාව තහවුරු කරනු වස් තම අඩව්පවත්වාගෙන යාමේ සේවාව ලබාගන්නා ආයතනවල උපදෙස් සහය ලබා ගන්නා ලෙස පවසනවා.
                           එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ පසුගිය ජූලි මාසයේදී නොමිලේ ලබා ගත හැකි ඩොමෙන ආයතනයක් වූ "co.cc" ඔස්සේ ක්‍රියාත්මකවූ ආසාදිත අඩව්කරා පැමිනෙන්නන් ‍රැගෙන යන  වෙබ් ලිපින මිලියන 11 පමන හදුනා ගත් බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ  ලොව පුරා භාවිතාවන හානිකරයන් කරා යොමුකරවන ඩොමේනයන් ප්‍රමානය 50,000 කට ආසන්න විය හැකි බවයි.

Fedora Linux 17 හි පෙර සංස්කරනයක් නිකුත්වේ...

තම ප්‍රධාන නිකුතුව එලබෙන මස (මැයි) ට නියමිත Fedora Linux 17 මෘදුකාංගයේ  පෙර සංස්කරන නිකුත්වක් දැන් ලබා ගත හැකි බවටයි කියවෙන්නේ. ඔවුන් පවසනවා ප්‍රධන පෙලේ යාවත්කාලීනයන් හයක් සහිතව මෙම පෙර සංස්කරනය නිකුත්කොට ඇති බව.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මේ පිලිබදව වැඩි විස්තර මෙන්ම එම පෙර නිකුතුවත් ඔබට ලබා ගත හැකි වනු ඇත.

http://fedoraproject.org/wiki/Releases/17/FeatureList

බ්‍රිතාන්‍යතුල අන්තර්ජාල භාවිතාකරන්නන්ගේ තොරතුරු ‍රැස්කිරීමට යෝජනාවක්....

පලවන පුවතකට අනූව බ්‍රිතාන්‍ය රජය ගෙනෙන්නට බලාපොරොත්තුවන නවතම නෛතික ලියවිල්ලකින් එරට සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්හට තම සේවා ලබන්නන්ගේ අන්තර්ජාල හැසිරීම් පිලිබද තොරතුරු ‍රැස්කිරීමට බලකෙරෙනු ඇති බවටයි කියවෙන්නේ. උදාහරන ලෙස ඔවුන් පවසන්නේ ඊමේලයක අඩංගු තොරතුරු පමනක් නොව එය යවන ලද්දේ කවුරු විසින් කාවෙතද යන්නත් ඔවුන් යනෙන වෙබ් අඩවි මොනවාද යන්නත් පමනක් නොව වෙබ් අඩවි වල ඔවුන් පරිහරනය කරන දැ පිලිබදවත් කරුනු ‍රැස්කිරීමට නියමිත බවයි සටහන් වන්නේ.මතපලකරන්නන් පවසන්නේ මෙම පියවර ක්‍රියාත්මක කලහොත් අන්තර්ජාල බිල්පත් පවා වැඩි වීමකට හේතුඒනු ඇති බවයි.ඔවුන් පවසන්නේ සේවා සපයන්නන් විසින් මෙම අනපනත් ක්‍රියාත්මක කිරීමට යෙදෙවන වියහියදම් තම පාරිභෝගිකයන්ගේ බිල්පත්වලට එකතුකරන්නට කටයුතු කරනු ඇති බවයි. 2010 වසරේදිද මෙවැනි වැයමක් සිදුවූ අතර නිදහස් අදහස් පලවීමට  වන බලපෑම සලකමින් එම වැයම අත්හැර දැමීමට එරට රජය පසුව කටයුතු කල බවයි කියවෙන්නේ.මතවාදීන් පවසන්නේ ත්‍රස්ථවාදී ක්‍රියා පාලනය වැන කාරනා සදහා අන්තර්ජාලය යම් හැදෑඅරීමකට ලක් කලද එම ක්‍රමවේදය මීට වඩා වෙනස්වීම අනිවාර්ය විය යුතු බවයි.

Audacity නවතම සංස්කරනය දැන් ලබා ගත හැකියි..


ශ්‍රව්‍ය දත්ත ගොනු  සංස්කරනයේ පමනක් නොව වර්නවත් කිරීමෙහිලාත් අපූරු සහයක් පලකරන විවෘත මෘදුකාංග ගනයෙහිලා ගැනෙන Audacity 2.0  මෘදුකාංගයේ අලුත්ම පූර්න සංස්කරනය නිකුත්වී ඇති බවටයි වාර්ථාවන්නේ. හදුනාගන තිබූ ගැටලු සමනය කරමින් නවාංග කිහිපයක් හදුන්වාදෙමින් වසර කිහිපයකට පසුව බහුලභාවිතයක් ඇති මෙම මෘදුකාංගයේ සම්පූර්න සංස්කරනයක් ලැබීම බොහෝ භාවිතාකරන්නන්ගේ සතුටට හේතුවනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.පහත  දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් එම වෙබ් අඩවියට පිවිස මෘදුකාංගය ගැන වැඩි විස්තර මෙන්ම මෘදුකාංගය ලබාගැනීමටත් හැකි වනු ඇත.

ජී මේල් තාවකාලික බිඳවැටීමක්....

ගූගල් ආයතනය පවසනව ජීමේල් සේවාව මත පෙර දිනයේ ඇතිවූ ගැටලුව පෙර නිවේදනය කල ආකාරයට භාවිතාකරන්නන්ගෙන් සියයට 2ක් නොව සියයට 10 ලෙසට හදුනාගෙන ඇති බවයි. සංක්‍රිය මට්ටමේ ජීමේල් භාවිතාකරන්නන් මිලියන 350 පමන සිටින බවට ගනනය වන අතර මෙම ගැටලුව නිසා ආසන්න ලෙස භාවිතාකරන්නන් මිලියන 33.2කට නියමිත පරිදි ඊමේලයන් ලැබීමේ ප්‍රමාදයන් සිදුවූ බවටයි පැවසෙන්නේ.ගූගල් ආයතනය පසුව නිවේදනය කෙරුනේ භාවිතාකරන්නන්ගෙන් ලැබුන සහයට ස්තූති වන බවත් ඉදිරියේදී මෙවන් ගැටලු අවම කිරීම සදහා තමන් කටයුතු කරන බවත්ය.

වින්8 කරා සාර්ථකව උස්තල ගැන්වීමේ හැකියාව වින්7ට සීමාවේවි???

මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස් 7 ධාවනය වන පරිගණකයක වින්ඩෝස් 8 ධාවනයට හැකි වන බවයි. පසුගියදා එලි දක්වන ලද පාරිභෝගික පෙර සංස්කරනය සදහා පරිගණ්කය දෙසින් බලාපොරොත්තු වන හැකියා මට්ටම 1GB ,1GHz , DirectX 9 ලෙසට දක්වා තිබුනා. පසුගියදාක පැවති පුවත් හමුවකදී නව මෙහෙයුම් මෘදුකාංගය වින්ඩෝස් එක්ස්.පී හෝ විස්ටාවල සිට උස්තල ගැන්වීමට හැකිද ලෙසට යොමු කරන ලද ගැටලුවට පැහැදිලි පිලිතුරක් දීමෙන් වැලකී සිටින්නට මයික්‍රසොෆ්ට් ආයතනයේ නියෝජිතයන්  කටයුතු කල බවටයි වාර්ථාවන්නේ.වින්ඩෝස් 7 වල සිට උස්තල ගැන්වීම පූර්න ලෙසටත් විස්ටාවල  සිට මද සම්පූර්න උස්තලගැන්වීම කුත් හා එක්ස් පී වල සිට වින්ඩෝස් 8 කරා උස්තලගැන්වීමකට සමහර විටක  හැකි උනද එය බොහෝ දුරට දුර්වල තත්වයේ එකක් වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.

අනවසර පහර දෙන්නන් වෙතින් තවත් වෙබ් අඩවියක්.....

අනවසර හපන්කම් පෙන්වන්නට විකල්ප වෙබ් අඩවියක් එලිදක්වන්නට අනවසට පහරදෙන්නන්ගේ කන්ඩායම් වල එකතුවක් කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පවසන්නේ. අනවසර පහර දෙන්නන් පවසන්නේ පැවති වෙබ් අඩවියේදීට වඩා ආරක්ශා සහිතව ඔනෑම අයෙකුට තම වැරදි හපන්කම් සාධක සහිතව මෙහි පලකරන්නට අවස්ථාව ලැබෙන බවය.ඔවුන් පවසනවා මෙම වෙබ් අඩවිය පලකිරීම් වෙනස් කරන්නට අඩවිය වාරනය කරන්නට වැනි උත්සාහයන්ට ඉඩක් නොලැබෙන පරිදි නිර්මානය වි ඇති බවත් බ්‍රවුසර් ලේයර් මට්ටටමේ සිට එන්ක්‍රිප් ආකාරයේ ද්විදිසාවට වන සබදතාවය නිසා  කිසිවෙකුට අතර මැදින් වන කඩාවැදීමක් කරන්නට නොහැකි වන බවයි. පලකරන්නෙකුට මෙගා බයිට දෙකක් දක්වා වන වචන මය පලකිරීම් වලට ඉඩ ලැබෙන බවත් පලකිරීම් වෙබ් අඩවියේ පැවතිය යුතු කාලය ඔහුටම තීර්නය කල හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.

2012-04-18

AVG ඉදිරියෙන්ලු


මෑතකදී කල අත්හදා බැලීමකට අනූව නිකුත්වන වාර්ථාවකින් පැවසෙන්නේ "A.V.G" ආරක්ශක මෘදුකාංගය සමහර මුදල් ගෙවා ලබාගන්නා ආරක්ශක මෘදුකාංග වලටත් වඩා සාර්ථකව ක්‍රියාත්මකවන බවයි.ඔවුන් පවසන්නේ "A.V.G" වෙතට යොමුකල ප්‍රධාන පෙලේ හනිකර මෘදුකාංග අතරින් සියයට 98 පමන වලකාගන්නට සමත්ව ඇති බවයි.එසේම ඔවුන් පවසන්නේ හානිකර මෘදු කොටස් ලෙසට වරදවා වටහා ගැනීම් ප්‍රතිශතය සියයට 4 තරමේ අඩු අගයක් ගත් බවයි.
                                                 ෆයර් වෝලයක් නොමැතිවීම , රීකවරි සීඩී පහසුව නොමැතිවීම , ඊමේලයන් නිරීක්ශනය වැනි අඩුපාඩු උපාංග හැරුනු විට සමහර අවස්ථාවලදී මෙගා බයිට 250 මතක භාවිතයක් ලබාගත් අවස්ථාවන් අත්හදා බැලීම තුල දක්නට ලැබුනද ක්වික් ස්කෑන් අවස්ථවකදී විනාඩි 1යි තප්පර 10 වැනි අඩු කාලයක් තුල තම කාර්ය අවසන් කරන්නට සමත්වූ බවයි.මෘදුකාංගයේ  ප්‍රධාන කවුලුව තුල නිලදී ගත යුතු අංග කිහිපයක් සදහාම සබදතා දක්වාතිබීම මෙන්ම විශාල බැනරයක් සමග ගෙවා ලබා ගන්නා සංස්කරනයක් වෙත පෙලබ වන්නට උත්සාහ කිරීම වැනි කරුනු පැවතුනද සමස්තයක් ලෙස A.V.G මෘදුකාංගය ඉදිරියෙන් සිටින බවටයි පවසන්නේ.

2012-04-17

ඇමරිකානුවන්ගේ සෞඛ්‍ය වෙතට සමාජජාලා වලින් වැඩි බලපෑමක්..........

මෑතකදී ඇමරිකානු පාරිභෝගිකයන් 1040 යොදාගනිමින් කල මත විමසුමකට අනූව හෙලිවන්නේ ඔවුන් සමාජ ජාලා භාවිතයේදී සෞක්‍ය හා ඖෂධ පිලිබදව තොරතුරු විමසීමට වැදගත් තැනක් දෙමින් ඇති බවයි. වයස 18-24 අතර වන යෞවන වැඩිහිටියන් අතරින් සියයට 80 කට වැඩි පිරිසක් සෞඛ්‍ය හා සම්බන්ද තොරතුරු බොදා හදා ගැනීමටත් සියයට 90 පිරිස සමාජ ජාල වල පලවන  සෞක්‍ය සම්බන්දිත තොරතුරු කෙරෙහි වැඩි විස්වාසය තබන බවටත් හෙලිවී තිබෙනවා.මෙම තොරතුරු විමසීමට සම්බන්දවූ වයස 45-64 අතර පිරිසගෙන් සියයට 45 ක් පිරිස ෆේස්බුක් ‍ටුවිටර් වැනි අඩවි ඔස්සේ සෞක්‍ය පිලිබද තොරතුරු බෙදා හද ගැනීමට කැමැත්තක් දක්වන බවයි හෙලිවී ඇත්තේ. සමස්තයක් ලෙස සමජ ජාලවල පලවන සෞඛ්‍යය තොරතුරු උපදෙස් තම ඉදිරි තීර්නයන් ගැනීමේදී වැදගත් මැදිහත්වීමක්  සිදුකරන බවටයි ඔවුන්  පවසමින් සිටින්නේ.


වෙබ් අඩවි පහරදීම් වලට බොහෝ විට හේතුවක් වන්නේ.......


වෙබ් අඩවි නිර්මාණයේදී සිදුවන බොහොමයක් අතපසුවීම් කෙරෙහි ආයතන දක්වන නොසැලකිලිමත් බව අනවසර පිවිසෙන්නන් වෙත මහත් අවස්ථාවක් වෙමින් පැවතීමේ ප්‍රවනතාවය ක්‍රමයෙන් ඉහල  යමින් පවතින බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.වෙබ් අඩවි වෙත සංවර්ධකයන් අතින් සිදුවන ප්‍රධාන ගනයේ දුර්වලතා  ප්‍රමානයේ වසරින් වසර අඩුවීමක් දක්නට ඇති මුත් සමහර අවස්ථාවලදී යම්දුර්වලතාවයක් සදහා පිලිසකර යාවත්කාලීනයන් හදුන්වාදුන්නද ඒවා සැකසීමේදී සාමන්‍යයෙන් දින සියයකට වඩා ගන්නා බවටයි හෙලිවී ඇත්තේ.
                           පසුගිය කාලයේ සිදුවූ ප්‍රධාන පෙලේ වෙබ් අඩවි අනවසර ඇතුලුවීම් බොහොමයක් සදහා එම ආයතන  තම වෙබ් අඩවි පවත්වාගෙන යාම වෙනුවෙන් අඩු සැලකිල්ලක් දැක්වීම කැපී පෙනන හේතුවක් ලෙසට දක්නට හැකි බවටයි ඔවුන් පවසන්නේ. මූල්‍ය හා ප්‍රධාන පෙලේ වෙබ් අඩවි වෙත කාලීන වෙනස්කම් මුදාහරින්නට පෙර විදිමත් හැදෑරීම් අවස්තාවන් ලබා නොගැනීම බාහිර අනවසර පිවිසෙන්නන් වෙත අනගි අවස්ථාවක් නිර්මනය කරදීමක් ලෙසටයි ඔවුන් පවසමින් සිටින්නේ.

වින්ඩෝස්8 ප්‍රවනතා 1

වින්ඩෝස්8 ‍රැගෙන එන්නට බලාපොරොත්තු පලකරන නවාංග පිලිබදව විවිදවූ මත පලවනු දැකිය හැකියි. එකග වන්නන් මෙන්ම එරෙහි වන්නන් ගෙන් සුසැදි මෙම මත පලකරන්නන් බහුතරයක් එකගවන සමහර කාරනා පොදුවේ වින්ඩෝස් 8 සමග එන ප්‍රවනතා ලෙසට අපට හදුනා ගත හැකි වනු ඇත.පහත දැක්වෙන්නේ එලෙස පොදුවේ වැඩි එකගතාවයක් දක්නට ලැබෙන වින්ඩෝස්8 ප්‍රවනතා කිහිපයකි.

සංක්‍රීය ටයිලයන් :-  වින්ඩෝස් 8 දැනට පලවී ඇති අවසන් සංස්කරනය මතදී ප්‍රමුකතාවය දී ඇත්තේ මෙට්‍රො මුහුනතටයි. මෙට්‍රො මුහුනත ආරම්භක මුහුනත ලෙසට භාවිතාකරන්නාට හමුවන අතර සාම්ප්‍රධායික ඩෙස්ටොප් මුහුනත මෙන් නොව තිරය පුරා විසිරුනු ටයිලයන් ලෙස නම් වන අංගයන්ගෙන් එය සමන්විතවේ.මෙම ටයිලයන් සංක්‍රීය මට්ටමේ පවතින අතර එය "ඇප්" එකක සබදතාවක් නොව පූර්න යාවත්කාලීනව භාවිතයට සූදානම් එකකි.උදා හරනයක් ලේ "මියුසික්" ටයිලය මේ මොහොතේ වාදනය වෙමින් පවතින වාදන කාන්ඩය පිලිබද ව තොරතුරු පවසන අතර "මේල්" ටයිලය තවමත් විවෘත නොකල ඊමේල ප්‍රමානය ගැන තොරතුරු සපයයි.


ටාස්ක් මැනේජර් :-  පැරනි සංස්කරන වලට වඩා බොහෝ තොරතුරු මෙන්ම පහසු පාලන අවස්තා ‍රැගෙන විත් ඇත. ප්‍රොසෙසරයේ භාවිතය , ‍රැම් මතකයේ භාවිතය , නෙට්වර්ක් භාවිතය ආදියෙහි පැහැදිලි ප්‍රස්ථාර ආකාරයේ තොරතුරු ‍රැගෙන එන අතර ඇප්ස් වල ක්‍රියාතමක භාවය එවා භාවිතකරමින් සිටින මතක ප්‍රමානය හා පහසුවෙන් ඒවා අවසන් කරදැමීමේ පහසුව දක්නට හැකිය. ආරම්භක මෘදුකාංග ධාවනය  පාලනය කරන්නට අමතර විධානයක් යටතේ(msconfig) වෙහෙසෙන්නට සිදු නොවන අතර ටාස්ක් මැනේජර් කවුලුව මත සිටම පහසුවෙන් එය කර ගත හැකි වනු ඇත.


ISO and VHD :- මෙම ඉමේජ් ආකාරයේ භාවිතාවන් සදහා පෙරදී මෙන් ඩීවීඩී තැටි සපයා ගනිමින්  අමතර මෘදුකාංග සමග ඒවා භාවිතකල හැකි ලෙසට සකසා ගැනීමට වෙහෙස වන්නට නුවමනා වන අතර මෙවන් ආකාරයේ ඉමේජ් ෆයිලයක් මත දිග හැර ගන්නා කුඩා මෙනුවකින් "මවුන්ට්" වැනි සරල විධානයක් ඔස්සේ පරිගණකය වෙත ස්ථාපනය ආරම්භකර ගැනීමට හැකි වනු ඇත.

වින්ඩෝස්8 නිල නාමය වෙනු ඇති බවට....


වින්ඩොස් 8 යනු සංකේත නමයක් පමනක් වනු ඇති බවට පැවති සැකය දුරුකරන්නට සමත් පුවතක් පලවනවා. වින්ඩෝස් කන්ඩායමෙන් නිකුත්වන ලිඛිත සටහනකට අනූව මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්දතියේ නිල නාමය වින්ඩෝස් 8 වනු ඇති බවටයි එහි සදහන් වන්නේ. එම නව මෙහෙයුම් පද්ධතිය අනු සංස්කරන පහකින් පමන සමන්විත වන බවටත්  ඒවා පහත දැක්වෙන ලෙසට නම් වෙනු ඇති බවටත් තොරතුරු පලවනවා.

Windows 8
Windows 8 pro
Windows 8 Local Language
Windows 8 RT
Windows 8 Enterprise

                                  වින්ඩෝස් 8 සාමාන්‍ය භාවිතාකරන්නන් ඉලක්කකොටගෙන නිර්මානය වී ඇති බවත් ඔවුනගේ සාමන්‍ය භාවිතාව සදහා සැහෙනු ඇති බවටත් කියවෙන අතර වින්ඩෝස්8 ප්‍රො ව්‍යාපාරික හා තාක්ශනික වෘතිකයන් ඉලක්ක කොටගෙන නිර්මානය වී ඇති බවත් වින්ඩෝස් මීඩියා සෙන්ටර් වෙනමම ලබාගත යුතු මෘදුකාංග කොටසක් ලෙස වින්ඩෝස් ප්‍රො වෙත ලබාගත හැකි වන බවත් පවසන අතර වින්ඩෝස් ප්‍රො සංස්කරනය වින්ඩෝස් 8 හි උපරිම ශක්‍යතාවය ‍රැගෙන එන සංස්කරනය වනු ඇති බවටයි පැවසෙන්නේ.
                                          ඒ ආර් එම් මට්ටමේ ප්‍රොසෙසර් වලින් සමන්විත උපාංග වෙනු වෙන් නිකුත්වන වින්ඩෝස් 8 සංස්කරනය "වින්ඩෝස්8 ආර් ටී" ලෙස නම් වන බවත් , මයික්‍රසොෆ්ට් ඔෆ්ෆීස් හි අවබල ගන්නවන ලද සංස්කරනයක් ද මෙම මෙම සංස්කරනයට සමන්විත කර ඇති බවටත් පැවසෙන අතර "මෙට්‍රෝ ඇප්ස් " වල භාවිතාව මූලිකව නිර්මානය කර ඇත්තේ මෙම භාවිතාව  වෙතට බවත් කිය වෙනවා.

පහත දැක්වෙන වගුව හැදෑරීමෙන් මේ පිලිබද වැඩි දුර විස්තර ඔබට ලබ ගත හැකි වනු ඇත.


වින්8 "ඇප්ස් ස්ටෝර්" වෙතට ‍ටුවිටර් සහය ඇප් එකක්!!!


වින්8 ස්ටෝර් වෙත ‍ටුවිටර් හා ෆේස්බුක් වෙත සහය වන ඇප් පහසුවක්  එක්වී ඇති බවටයි පැවසෙන්නේ. වින්ඩෝස් 8 පෙර සංස්කරනය භාවිතාකරන අයවලුන් සදහා නොමිලේ ක්‍රියාත්මක වන මෙම ඇප්ස් ස්ටෝර් වෙතට ‍ටුවිටර් සද සහය වන පලමු ඇප් පහසුව ලෙසටයි සටහන් වන්නේ. ෆේස් බුක් ගිනුම් වලටද සහය දක්වන මෙම ඇප් පහසුව සමග තම ගිනුමට එක්වී ඇති නව පලකිරීම්  කියවන්නට , තම ගිනුම් ගැන නව දැනුම්දීම්  කියවන්නට  මෙන්ම යාවත්කාලීනයන් ලබා දෙන්නට තම පරිගණකයේ මෙට්‍රෝ ස්ටාර්ට් තිරය මත සිටම හැකි වන බවටයි පැවසෙන්නේ. වර්ඩ්ප්‍රෙස් හා සම්බන්දිත ඇප් පහසුව මත තිබූ ගැටලු සහිත බව එහි නව සංස්කරනය සමග අවසන්වී ඇති බවටත් වැඩිදුරටත් තොරතුරු පවසන්වා.
                                                    මේ අතර තවමත් විවිධත්වය අතින් මෙන්ම ප්‍රමානත්වයෙන්ද අඩු මට්ටමක පවතින ඇප්ස් ස්ටෝ පහසුව වින්ඩෝස් 8 මීලග සංස්කරනය සමග පුලුල් වෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

ෆේස්බුක් ඊමේල සේවාවට වෙනසක්......


ෆේස්බුක් ආයතනය පවසනවා ඉදිරියේදී භාවිතාකරන්නෙකුගේ ප්‍රොෆයිල් නාමය මූලික ඊමේල ලිපිනයක් ලබාදීමට කටයුතු කරන බවට. ඔවුන් පවසන්නේ නව ගිනුම් සමග ක්‍රියාතමක වන්නට නියමිත මෙම වෙනස සමග පෙරදී මෙන් ෆේස්බුක් ( www.facebook.com/sanath ) නාමයට පසුව එන භාවිතාකරන්නාගේ නාමය වෙනුවට සාමන්‍යයෙන් භාවිතාවන  ඊමේල් ලිපින ආකෘතියට අනූව (sanath@facebook.com ) නව ලිපිනයේ ස්වභාවය සමන්විත වනු ඇති බවය.
                                                     මීට අමතරව නව වෙනස් කම් සමග භාවිතාකරන්නෙකුට තම ෆේස්බුක් ගිනුම තුල සිටම භාහිර ඊමේල් ගිනුමක සිට පැමිනෙන ඊමේලයක් ලබා ගැනීමේ අවස්ථාවත් එසේම තම ඊමේල් ගිනුම තුලින් වෙනත් බාහිර ඊමේල ගිනුමකට ඊමෙලයක් යැවීමේ අවස්ථාවත් ලබෙනු ඇති බවටත් පැවසෙනවා.

ගූගල් ඩ්‍රයිව් එලබෙන සතියේ????


ගූගල් ආයතනය පවසනවා එලබෙන සතියේදී තම ගූගල් ඩ්‍රයිව් පහසුව  ගිගා බයිට 5ක නොමිලේ ලැබෙන ඉඩකඩක්ද සහිතව ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බව. පලවනතොරතුරු අනූව වෙබ් බ්‍රවුසරය මූලිකව මෙම  ඉඩකඩ සමග කටයුතු කරන්නට හැකි වන අතර අමතරව ඩ්‍රොප් බොක්ස් ආකාරයේ ඩෙස්ටොප් මෙහෙයුම් උපාංගයක් සමගද මෙම ඉඩකඩ හසුරාවාගන්නට භාවිතාකරන්නෙකුට අවස්ථාව ලෙබෙන බවටත් සටහන් වනවා.
               මීට පෙර සදහන්ව තිබුනේ ගුගල් ඩ්‍රයිව් ගිගා බයිට එකක නොමිලේ ලැබෙන අවකාශයක් සමග පැමිනෙන්නට නියමිත බවක් වුවද සමන්තර මෙවැනි සේවා සපයන්නන් හා සැසදීමේදී ස්තාවරයක් ලබා ගන්නට නම් එම ප්‍රමානය වැඩි කරන්නට සිදුවන බවට ඔවුන් තීර්නයක් ගන්නට ඇති බවයි විචාරනය වෙන්නේ.ඩ්‍රොප් බොක්ස්  ගිගා බයිට 2,  බොක්ස් ගිගාබයිට 5ක් , මයික්‍රසොෆ්ට් ස්කයි ඩ්‍රටිව් ගිගා බයිට 25 සමග ගිගා බයිට 5ක සමාන්තර ගොනු යාවත්කාලීනයක් ලෙසට සමාන්තර තරග කරුවන් මේ වන විටත් සම සේවාව සපයමින් සිටින බවටයි පලවන්නේ.

2012-04-16

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 යනු.....


ශක්ති වැය උපකරනයක් ගැන තීර්නයක් ගැනිමේදී ප්‍රධාන සාධකයකි. එය ජංගම මට්ටමේ උපකරනයක් නම් ප්‍රධානතම සාධකයද විය හැකියි. ලැප්ටොප් ටැබ් එකක් වැනි උපකරනයක් සමග වින්8 කටයුතුකිරීමේදී මීට පෙර කිසිදු මෙහෙයුම් පද්ධතියක් ලබා නොදුන් තරමේ ශක්ති පිරිමැස්මකට සහය වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහෙයුම් පද්ධතිය ආරම්භය මෙන්ම අවසානයේ වැඩි වේගවත් බවක් ලබා දෙන අතරම දත්ත හුවමාරුව , බ්ලුටූත් , වයර්ලස් සබදතාවයකදී අඩු ශක්ති වැයකින් ක්‍රියාත්මක වෙමින් ඔබගේ ජංගම උපකරනයේ බැටරිය එක් බල ගැන්වුමකින් මෙතෙක් අත් නොවිදි උපරිම භාවිතකාලයක් ලබා දෙනු ඇති බවටයි ඔවුන් පොරොන්දු වෙමින් ඇත්තේ.
                                                  බ්‍රවුසරය වැදගත්ම මෘදු උපාංගයකි.  මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 යනු වින්ඩෝස් 8 සමග ඔවුන් බලාපොරොත්තු වන වැඩිවන උපකරන වපසරියට වඩාත් ගැලපෙන ලෙස සංවර්ධනය කර ඇති මෘදුකාංගයක් බවයි.ස්පර්ශක තිර පමනක් නොව ටැබ් වැනි උපකරනයක් සමග භාවිතයේදී දෑතම රදවා ගැනීම සමග අපහසුවකින් තොරව ඇගිලිවලින් හැසිරවිය හැකි ආකාරයේ (සමස්තයක් ලෙස මෙම ස්වභාවය වින්8 පුරාවටම දැකිය හැකිය) නිමැවුම ඔවුන් පෙන්වා දෙන්නේ වෙබ් බ්‍රවුසරය මත විවෘතවන දෑ වෙනුවෙන් උපරිම අවකාශය ලබා දීමත් දියුනු කල ආරක්ශක  ක්‍රමවේදයන් හා වේගවත් බවත් සමග එන පහසු ගලායාමේ ස්වභාවය අවදාරනය කරමින්ය.හානිකර මෘදුකාංගවල බැලපෑම අවම කිරීම සදහා වැඩි භාවිතාවක් ඇති සමාජ ජාලා භාවිතයේදී පහරදෙන්නන් යොදා ගන්නා උපංක්‍රම ඉක්මවන තාක්ශන හැකියාවන් හොදින් වැඩි දියුනු කර ඇති බවටයි පවසන්නේ . ස්මාර්ට් ස්ක්‍රීන් පිල්ටර්  වැනි තාක්ශනයන් ගැන ඔවුන් මෙහිදී වැඩි දුරටත් භාවිතාකරන්නන්ගේ අවධානය යොමු කර සිටිනවා. එච්.ටි.එම්.එල් 5 හා සී එස් එස් වනි භාවිතාවන් සදහා  මනා නම්‍ය සහයක් වින්ඩෝස් එක්ස්ප්ලොරා 10 සමග බලාපොරොත්තු විය හැකි බවටයි ඔවුන් පොරොන්දු වෙමින් සිටින්නේ.

වින්ඩෝස් 8 යනු තවදුරටත් "දත්ත දූපතක්" නොවේ.....


වින්ඩෝස් 8 තවදුරටත් "දත්ත දූපතක්" නොවේ.පෙර භාවිතාවූ සියලුම ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධති මෙන් නොව වින්8 ඔබව හුදකලා භාවිතයෙන් පිටතට කැදවන්නට මුල් ස්වභාවයෙන්ම නිර්මානය වී ඇත. ක්ලවුඩ් තාක්ශනය සමග තවත් වින් 8 උපකරනයක් තුලින් ඔබේ සැකසුම් පෞද්ගලික වටපිටාවට ක්ශනයෙන් සම්බන්ද විය හැකි බවටයි පැවසෙන්නේ. මයික්‍රසොෆ්ට් ලයිව් ගිනුම ඔස්සේ ක්ලවුඩ් පහසුවත් සමග ඔබගේ භෞතික පරිගණකයේ සීමාව ඔබගේ වින්ඩෝස් 8 වල සීමාව නොවන බව අත්විදිය හැකි වනු ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ.ඔබේ පරිගණකයෙන් පටන් ගන්නා ව්‍යාපෘතියක් තවත් තැනක ඇති වෙනත් පරිගණකයක් ඔස්සේ අවසන් කරන්නේ ඔබට හුරු පුරුදු ඩෙස්ටොප් පරිසරයේදීම වනු ඇති බවයි ඔවුනගේ පොරොන්දුව වන්නේ.ඔබගේ සරල අනු මැතියක් යටතේ ඔබ භාවිතාවන් ක්ලවුඩ් මතට නංවා ඔබ අනන්‍යතාවය නිදහස් කොට ඇත.
                                        පෙරදී මෙන් මෘදුකාංග අතර යමක් හුවමාරුවේදී අත්විදි අපහසුව ඇප්ස් සමග අවම වී ඇත.සමහර අවස්තාවලදී ස්වංක්‍රීයව හදුනා ගැනීම් සමග ඔබට යෝජනා ආකාරයෙන් සහය වන්නට පවා කටයුතු කරනු ඇත.එසේම ෆේස්බුක් ජීමේල්.. ආදී වූ බොහොමයක් දෛනික භාවිතාවන්ද නිරන්තර සම්බන්දව සිටිමින් අවසන් මොහොත තෙක්ම යාවත්කාලීනව ඔබ වෙතට සූදානමින් සිටීම දැකිය හැකි වනු ඇත.සරල පවසන්නේ නම් පෙරදී මෙන් ආයාසයකින් සම්බන්ද වන්නට නොව ස්වභාවයෙන් සම්බන්දව සිටින අතර ආයාසයෙන් විසංදී වීමට සිදුවීම වින්8 ස්වභාවය වනු ඇත.

2012-04-15

ඇප්ස් භාවිතය සමග වින් 8.....


දත්ත උපකරනය හා ඔබ අතර සංනිවේදනය විධිමත් බව වැඩිකරන්නට උත්සාහ කිරීම වින්8 සමග ගෙන ඇති පියවරක් ලෙසටයි සටහන් වන්නේ. ස්පර්ශක තිර හැකියාව ඇති උපකරනයක් සමග "තිර කීබෝඩයේ" භාෂාව  ස්වංක්‍රීයව වෙනස් වන අතර  කීබෝඩයේ ප්‍රමානය පවා දෙයා කාරයකින් ‍තෝරා ගත හැකි ලෙසට ලබාදී තිබෙනවා. යතුරුකරනයේදී සිදුවිය හැකි වැරදීම් නිවැරදිකර දීමට ස්වංක්‍රීයව පහසුකම් සලසා තිබෙනවා.සමස්තයක් ලෙසට සලකන විට මවුසය කීබෝඩය තිරකීබෝඩය ස්පර්ශක ආදී වූ මොනයම් භාවිතාවක් තුලදී වුවද පහසු සරල ගලයාමක් භාවිතාකරන්නා වෙත කැදවන්නට වොන්ඩෝස් 8 පෙර සංස්කරනයේදීම කටයුතු කොට ඇති බවට දැකිය හැකියි.
                                              ඇප්ස් වින්ඩෝස් 8 වල හදවත මෙනැයි ඔවුන් පවසනවා.සාමාන්‍ය භාවිතාවේදී අදාල වන ඇප්ස් කිහිපයක්ම මෙහෙයුම් මෘදුකාංගය මතම පැමිනෙන අතර "ඇප්ස් ස්ටෝර්" වෙතින් විශාල තේරීමක් අතුරින් අමතර ක්‍රියාකාර කම් සදහා අවශ්‍ය වන ඇප්ස් ‍තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.සාම්ප්‍රදායික අයිකනයක භාවිතාවේ සිට බලන විට ඇප්ස් නියෝජනය කරන ටයිලයන් බොහෝ දුරට දියුනු කරන ලද භාවිතාවක් ගෙනෙන්නට සුදානම් බවයි හැගවෙන්නේ. මේල් , කැලැන්ඩර් , ෆොටෝස් .. ලෙසට වන බොහෝ ඇප්ස් නියෝජනයන් සජීවීව පවතිනු දැකිය හැකි අතරම ඇප්ස් අතර දත්ත ගොනු හුවමාරුවට නම්‍ය සහයක් දෙන්නට  සුදානමින් සිටිනවා.විචාරකයින්ට අනූව පැවසෙන්නේ වින්ඩෝස් 8 ඇපස් සමග බාහිර මෘදුකාංග වලින් තොරව පවතින්නට වැඩි කැමැත්තක් දක්වන බව පැහැදිලි බවයි. ඔවුන් පවසනවා එය ආරක්ශාව , වෙගවත් බව , බෙදාගැනීමේදී ආදීවූ සියලු කාරනා වලදී හොද පදනමක් වන බවයි.

එය වින්ඩෝස් 7 වලින් ඉවතට චලනයක් නොවේ.....


වින්ඩෝස් 8 යනු භාවිතාකරන්නාගේ ඩිජිටල් ජීවිතය ගැන නැවත  වෙනස් ආකාරයකට සිතා බැලීමකි ඔවුන් පවසනවා. නෙත්කලු බව , පහසු ගලා යාම , වෙගවත් බව , වැඩි ආරක්ෂාව , පහසුවෙන් වෙනත් උපාංග හා සම්බන්දවීමේ හැකි යාව වැනි බොහෝ ප්‍රවනතාවලින් සමන්විත මෙම නව මෙහෙයුම් පද්ධතිය තවමත් පෙර අත්හදා බැලීමේ නිකුතුවකට පමනක් සිමා වී තිබෙනවා.ඔවුන් පවසන්නේ මෙතෙක්වූ සාම්ප්‍රධායික අන්තර්ජාල භාවිතයේ මූලික ස්වභාවය වූ "සෙවීම" වෙනුවට සබදතා කාර්යක්ශම කිරීමේ අරමුන නව මෙහෙයුම් පද්ධතියත් සමග ප්‍රමුකතාවයට කැදවන්නට උත්සාහ කර ඇති බවයි.දෘඩාංග මට්ටමේ සිටම පහසු සරල බව නිර්මාණයවී ඇතිබවටයි මෙහි නිර්මාතෘ සමාගම පවසන්නේ. මෙම මෘදුකාංගයත් සමග හදුන්වාදෙන "ඇප්ස් ස්ටෝර්" වෙතින් මෙහෙයුම් පද්ධතියේ මූලික හැකියාවන්ට අමතරව පහසුවෙන් අමතරව පහසුකම් සලසන මෘදුකාංග එක්කර ගතහැකි බවටයි.සමස්තයක් ලෙස ස්පර්ශක තිර පහසුවේ සිට ක්ලවුඩ් මූලික(ඔබේ ගිනුම දෘඩාංග සීමාව ඉක්මවායන්නට සහයවන මෙම පහසුව නිසා නිවසේදී මද දුරකර නිමකල කාර්යයක් උවත් කාර්යාලයේදී වෙනත් උපකරනයක් සමග ඔබගේ ගිනුමට සම්බදවීම තුලින් ඉදිරියට කරගෙන යාමට හැකි වනවා)  සබදතාවය දක්වාම වැඩි පහසුවක් භාවිතාකරන්නාට මෙම නව මෙහෙයුම් පද්ධතියෙන් ‍රැගෙන එනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තුව පලකරන්නේ.
                                                              "එය වින්ඩෝස් 7 වලින් ඉවතට චලනයක් නොවේ" අවධාරනය කර සිටිනවා. සාර්ථක මෙහෙයුම් පද්ධතියක්වූ වින්ඩෝස් 7 මත සිටගෙනම වැඩි දෘඩාංග වපසරියකට එකගතාවය පලවන නම්‍ය භාවිත හැකියාව ගෙනෙන සංවර්ධනය කිරිමක් ලෙසට වින්ඩොස් 7 ප්‍රියකරන්නෙකුට සැලකිය හැකිවන බවකුයි දැක්වෙන්නේ.භාවිතාකරන්නන්ගේ සිත්දිනාගත් වින්ඩෝස් 7 බොහෝ උපාංග ඒ අයුරින්ම මෙම පෙර අංස්කරනය තුල දැකිය හැකි බවටයි විචාරකයින් පවසන්නේ.
                                                       නව "ස්ටාර්ට්" තිරය සාම්ප්‍රදායික හුරුව විසින් කොතරම් ප්‍රතික්ෂේප කිරීම් කලද පහසු භාවිතයට හොද කැදවීමක් බවයි සමහරුන්ගේ පිලිගැනීම වන්නේ.පැරනි අයිකනයන් මෙන් නොව සජීවී නියෝජනයක් සමග එන ටයිලයන් භාවිතාකරන්නාහට ක්ශනිකව ඇරබුමකට සහය වනවා. සබදතා, පුවත් , කාලගුනික තොරතුරු ,ඊමේලයන් .... ලෙසින් වන දෛනික සබදතාවයන් අන්තිම මොහොත තෙක්ම යාවත්කාලීනව සුදානමින් ස්ටාර්ට් තිරය මතට පැමින තිබෙන බවටයි පැවසෙන්නේ.

2012-04-13

ඇපල් ආසාධිතය පහතට....



ඇපල් ආයතනය මහත් අසීරුතාවයකට පත්කල ප්‍රකට ප්ලෑෂ්බෑක් මෘදුකාංගය සමග ආසාධිත පත් පරිගණක ප්‍රමානය පෙර දිනයේ ඇපල් සමාගමෙන් නිකුත්කල නවතම යාවත්කාලිනයත් සමග 270000 දක්වා පහත වැටී ඇති බවටයි පැවසෙන්නේ. ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් පවසන්නේ එම සංක්‍යාව පසුගිය සතිය වන විට 600,000 ලෙසට සටහන්ව තිබූ බවයි. මෙම ඇපල් යාවත්කාලීනයන් දෙයාකාරයකට නිකුත්ව තිබූ අතර ඒවා os x lion , mac os x 10.06(snow Leopard) ලෙසට සටහන් වනවා. මෙම අවසාන යාවත්කාලීනයද ජාවා   SE 6 version 1.6.0_31  සංකරනය හා ඊට පෙරසංස්කරන ඉලක්ක කොටගෙන සකසා ඇති බවටයි පැවසෙනේ.

නොමිලේ වෙබ් ලිපිනයක් ලබා ගන්නට(2 වන සංස්කරනය)...

ඔබගේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවිය සදහා .TK ආකාරයේ ඩොමේනයක් නොමිළේ ලබා ගැනීමේ අවස්ථාවට  ප්‍රධාන වෙබ් අඩවිය ඔස්සේ දැන් පහසුකම් සලසා තිබෙනවා.දෑ අවුරුද්දක් තිස්සේ අප විසින් මෙම ඩෝමේන පහසුව භාවිතාකර ඇති අතර නිශ්චිත අමුත්තන් පිරිසක් එම අඩවියට පැමිනිය යුතුය යන කොන්දේසිය හැරුනු විට වෙනත් කිසිදු බාදාවක් අත්විද නොමැති බවනම් අපහට පැවසිය හැකිය. මෙම අඩවියේ වම් පස ඇති  බැනර් සබදතාවය ඔස්සේ හෝ www.siriwansa.com අඩවියේ පහලින් පිහිටවා ඇති බැනරය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් මෙම පහසුව ලබා ගත හැකි වනු ඇත.

අයි පෑඩියන් මෘදුකාංගය.....


අයි පෑඩ් අත්දැකීම ඔබගේ පරිගණකයේ මුහුනතට කැදවන්නට උදවුවන මෘදුකාංගයකි මෙය. මෙම මෘදුකාංගයේ නිර්මාපකයන් පවසන්නේ මෙම මෘදුකාංගය සමග භාවිතාකරන්නෙකුට අයි පෑඩයේ අත්දැකීම සම්පූර්නයෙන්ම පාහේ තම ඩෙස්ටොප් එක මතදී විදගන්නට ඉඩ සලසන බවයි.මෘදුකාංගය සමග සෆාරි බ්‍රවුසරයත් , ඇප් ස්ටෝර් මෙන්ම ප්‍රකට ක්‍රීඩා මෘදුකාංගයක් වන ඇන්ග්‍රි බර්ඩ් මෘදුකාංගයද ලැබෙනු වනු ඇති බවටත්ය. ස්ථාපනයකින් තොරව භාවිතකලහැකි  මෙම මෘදුකාංගය පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීමෙන් නොමිලේ ලබා ගත හැකි වනු ඇත.

2012-04-12

ඔෆ්‍ෆිස් 2007 සදහා සාමාන්‍ය පසුසේවාව මාස6 කින් ඉදිරියට....

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසෙන්නේ  ඔෆ්ෆීස් 2007 සදහා සාමාන්‍ය සහයකාලය මාස හයකින් දීර්ග කර ඇති බවයි. තම මෘදුකාංග සදහා වන පස්වසරක පසුසේවා කාලය අවසන් වීමට නියමිතව තිබුනේ අප්‍රේල් මාසයේදී වන අතර වින්ඩෝස් විස්ටා සමගම අවසන්වූ මෘදුකාංගයක් ලෙසට නම්වීමට නියමිතව තිබිනි. මෙම නිවේදනයට අනූව ඔ‍ෆිස් 2007 සදහා සාමාන්‍ය සහය කාලය 2012 ඔක්තෝබර් දක්වා දීර්ගවනු ඇත. මයික්‍රසොෆ්ට් සාමාන්‍ය සම්ප්‍රදාය අනූව ඉන් පසුව ඇරබෙන්නේ ආයතනය සමග එකගතාවයක් මත ක්‍රියාත්මක වෙන දීර්ගකරන ලද පස් වසරක සහය කාලය වන අතර ඒ සදහා මයික්‍රසොෆ්ට් සමග මුදල් ගෙවා ලබාගන්නා සේවාවක් ලෙසට එය ලබා ගතයුතු වේ. ඔෆ්ෆීස් 2003 සදහා දැනට ක්‍රියාත්මක වන මදල්ගෙවා  ලබා ගන්නා පසුසේවා කාලය 2014 වන විට අවසන්වීමට නියමිත බවටයි සටහන් වන්නේ.

ගූගල්+ වෙනස් වෙලා......

මේ වන විට මිලියන 170ක භාවිතාකරන්නන් පිරිසක් එක්කර ගන්නට සමත්වී සිටින ගූගල්+ සමාජ ජාලා වෙබ් අඩවිය ගැන නිකුත්වන නවතම පනිවිඩයකින් පැවසෙන්නේ "පහසු භාවිතය හා නෙත්කලු  පෙනුම " මූලික කරගනිමින් නව පෙනුමැති ආකෘතියක් කරා තම ගිනුම් පි‍ටු වෙනස් කර ඇති බවයි.ඔවුන් පවසනවා නව සැකසුම තුලදී භාවිතාකරන්නන් හට තම භාවිතාරුචිකත්වය මත යම්යම් වෙනස් කම් කරමින් තම ගූගල්+ ප්‍රධාන පි‍ටුව වඩාත් ප්‍රිඅ කරන තැනක් බවට පත්කර ගැනීම ඉඩ සලසා ඇති බව.පහත දැක්වෙන සබදියාව ඔස්සේ පිවිසීමෙන් වැඩි දුර විස්තර ලබා ගත හැකි වනු ඇත.

2012-04-11

වින්ඩෝස් ආකෘතියේ ප්‍රති නිර්මාණය......


වින්ඩෝස් 8 යනු මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධතියයි. තවමත් පෙර බීටා මට්ටමේ සංස්කරනයක් පමනක්  නිකුත්කර ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ ගුනාංග ගැන මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටින්නේ එය සාම්ප්‍රධායික වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නැවත නිර්මාණය කිරීමක් ලෙසටයි.සාම්ප්‍රධායික ඩෙස්ටොප් ආකෘතිය මූලිකව නිර්මානයවී තිබූ පෙර මෙහෙයුම් පද්ධතිවලින් වින්ඩෝස් 8 බොහෝ සෙයින් වෙනස් වනයුරු දැනට මත බොහෝ දෙනාගේ කථාබහට ලක්ව ඇත.මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ ටැබ්ලට්  පරිගණකය වින්8 වල මූලික ඉලක්කය වන බවයි. වින්8 පෙර සංස්කරනයක් භාවිතාකරන අයෙකුව එය වඩාත් හොදින් පැහැදිලිවන අවස්ථාවක් වන්නේ මෙම මෘදුකාංගය ස්ථාපනය කොට පාරිගණකය පනගන්වනවිටදී පෙර සංස්කරන වලදීමෙන් ටාස්ක්බාරය , ස්ටාර්ට් බටනය ආදී දෑ සහිත ඩෙස්ක්ටොප් එක වෙනුවට සජීවී ටයිල්ස් වලින් සමන්විත මෙට්‍රෝ ආකාරයේ මුහුනතක් වෙත ගමන් කිරීමෙනි. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 වල (නිල ලෙස) භාවිතකරුවා හමුවන්නේ මෙම මුහුනත මතදී වන මුත් සාම්ප්‍රධායික ඩෙස්ටොප් යන්ත්‍රවලදී අවශ්‍ය නම් හුරුපුරුදු ඩෙස්ටොප් එක වෙත යාහැකි බවයි.පැරනි ඩෙස්ටොප් එකකදී මෙන් නොව මෙම ටයිල්ස් සජීවීව යාවත්කාලීනයන් ස්වංක්‍රීයව සිදුකරගමින් භාවිතයට සූදානම්ව තිබීම වඩා ලංවනුයේ වින්ඩෝස් 7 දුරකථන මෙහෙයුම් පද්ධතියට බවයි .
                                                වින්ඩෝස් 8 අප වෙතට ගෙන එන්නට පොරොන්දුවන්නේ හුදු දෘෂ්‍ය වෙනස්කම් කිහිපයක් නොවන බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.වැඩි ආරක්ශක උපංක්‍රම , භාවිතකාලය ආරම්භය මෙන්ම අවසානයේ වේගවත් බව , ස්වභාවයෙන් හුදකලා පරිගණකයක් මුත් අවශ්‍ය නම් ජාලයන් සමග සම්බන්ද විය හැකියයි වෙනුවට ස්වභාවයෙන් සම්බන්දිත වන මුත් අවශ්‍යනම් හුදකලා පරිගණකයක් ලෙසට භාවිතකල හැකි බව , ක්ලවුඩ් සහය ඔස්සේ උපකරන කිහිපයක් සමග උවත් සුපුරුදු භාවිතාකරන්නාගේ අන්‍යතාවය පවත්වාගෙන යාමට හැකිවීම , ජංගම උපකරන වලදී මෙන් නිරන්තර භාවිතයට සූදානමින් සිටින ස්වභාවය වැඩියෙන් ඉස්මතුව තිබීම ඉන් සමහරක් පමනී.
(දැනට නිර්මානය වෙමින් පවතින ප්‍රධාන වෙබ් අඩවියේ වින්ඩෝස්8 පි‍ටුව ඔස්සේ ඉදිරියේශී  වැඩිදුර විස්තර ලබාගත හැකි වන බව කරුනාවෙන් සලකන්න...)

තොරතුරු තාක්ශනය බොහෝ දෑ මිනිසුන් වෙත ගෙනැවිත් තිබේ..

තොරතුරු තාක්ශනය බොහෝ දෑ මිනිසුන් වෙත ගෙනැවිත් තිබේ. එලබෙන හෙට දිනයේ තවත් බොහෝ දෑ ගෙනෙන්නට පොරොන්දු වෙමින්ද සිටී.එහෙත් ගෙනැවිත් ඇති දෑ සමග මිනිස් ජීවිතවල් ඇති නොගැලපීම් විසින් නිර්මාණය කරන ගැටලුද නැතිවා නොවේ. සමාජ ජාලා භාවිතය පිලිබද නැගෙන මැවිසිලි මේ අතර ප්‍රමුක තැනක් ගනී. ලෝකයේ සමහර රටවල විවාහ අවසන්වීමේ ප්‍රවනතාවයේ ඉහල සාධකයක් වන බවට සමාජ ජාලා  චෝදනා ලබමින් සිටී."හොදයි අපි මෙහෙම හිතමු. වෙළද පොලට පිහි භාවිතය පැමිනි මුල්කාලයේ එය භාවිතාකරන්නට ගොස් අත කපා ගැනීම් බහුල වෙන්නට ඇති.එහෙත් පිහිය අසමත් උපකරනයක් ලෙසට නම් කොට මිනිස් සංස්කෘතියෙන් ඉවත දමනවා වෙනුවට මිනිසුන් එයට හුරුවූ බවට අපට වටහා ගත හැකියි.." නන්නාදුනන දේශකයා තම වැඩසටහනකදී ප්‍රකාශකර සිටියේ අසන්නන්ගේ සිනා හඩ මධ්‍යයේයි.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ "හොදයි, මම එකග වෙනවා ඔබලගේ ප්‍රතික්ෂේප කිරීම.දිගුකාලීන පරිනාමයක් ඇති උපකරනයක් හා ක්ෂනිකව සංස්කෘතියට කඩා වැදුනු උපකරනයක් හා හැගෙන දෙයක්  ලෙස කථා කරන්නට උත්සාහ කලාට. ඒත් වැදගත් ඔබතුමාලා ඇයි තවමත් වනාන්තරවලින් වත් එලියට එන්න බැරිවුනු අපේම සහෝදර පෘතුවි වැසි කොටස් දෙස උපහාසයෙන් බලන්නේ. එම උපහාසාත්මක බව ඔබ වෙතට ගෙනෙන්නට පදනම් කරගන්නා දියුනු කම  වේගවත් බව සියුම් බව අපට  නැතිකම අයි සෙවන් වෙගයක් සහිත පරිගණකයක් හිමිකර ගත් පමනින් වසා ගන්නට පුලුවන් බවක් ඔබ සිතනවාද??..........."

"මැක් ඔ එස්" පරිගණක භාවිතාකරන්නන් සදහා.......

ව්‍යාජ ප්ලැෂ් ප්ලේයරයක් සමගින් "මැක් ඔ එස්" පරිගණක වෙත මහා පරිමානයේ ප්‍රහාරයක් එල්ල කරමින් සිටින හානිකර මෘදුකාංගය ඉවත් කිරීම සදහා කැස්පර් ආයතනයෙන්ද  මෘදුකාංගමය උපාංගයක් නිකුත්කොට ඇති බවට පැවසෙනනවා. ට්‍රෝජන ආකරයේ හානිකර බවකින්යුත් මෙම මෘදුකාංගය ප්ලෑෂ්බෑක් ලෙසට නම් කොට තිබෙනවා. 2011 දී මුලින්ම හදුනාගෙන තිබූ මෙම හානිකර මෘදුකාංගය නියමිත ලෙසින් යාවත්කාලීන නොවී ඇති ජාවා දුර්වලතාවයක් හරහාක්‍රියාත්මක වන බවටයි පැවසෙන්නේ. කැස්පර්ස්කි ආයතනය විසින් නිකුත්කොට ඇති මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් මැක් ඔ එස් පරිගණකයක් දැනට ආසාදිත තත්වයට පත්ව ඇතැයි අනුමාන කරන පරිගණක 700000 අතර සිටින්නේදැයි වමසා බැලිය හැකි බවටත් , එම ආයතනය විසින්ම නිකුත්කර ඇති මෙම මෘදු ටූලය එම වෙබ් අඩවිය ඔස්සේ ලබාගෙන ආසාධනයක් පවතින්නේ නම් ඉවත්කර ගැනීම සදහා කටයුතුකරගත හැකි බවටත් පැවසෙනවා.

වින්ඩෝස් 8 සදහාද ප්‍රථම පිලිසකර යාවත්කාලීනය...

මයික්‍රසොෆ්ට් ආයතනයේ සුපුරුදු මාසික යාවත්කාලීන  දෙවන අගහරුවාදා  සමග මෙවර ආරක්ශක පිලිසකර යාවත්කාලීනයන් හයක් නිකුත්කර ඇති බවටයි පැවසෙන්නේ. මෙවා අතරට සොයලුම මයික්‍රොසොෆ්ට් භාවිතාවන් සදහා අදාල වන සීරෝ ඩේ ආකාරයේ දුර්වලතාවයක් සදහාද යාවත්කාලීනයක් සමන්විත වන බවටයි සටහන් වන්නේ.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සදහා වන යාවත්කාලීනයක්ද සමන්විත වන අතර එය ආසාධිත වෙබ් අඩවියකට පැමිනි විට විය හැකි හානිකර ආසාධනයන් වලකන ආකාරයේ බවත් හැකි ඉක්මනින් මෙම යාවත්කාලිනය ලබා ගැනීම වැදගත් බවටත් පැවසෙනනවා.වින්ඩෝස් 8 සදහාද ප්‍රථම පිලිසකර යාවත්කාලීනය මෙම නිකුතුව සමග වන බවටයි සටහන් වන්නේ.

2012-04-10

windows xpට සමු දෙන්නට පසු ගනනය ඇරබේ.......


මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති අතරින් දීර්ගතම භාවිතකාලයක් සනි‍ටුහන් කරගත් වින්ඩෝස් එක්ස් පී මෙහෙයුම් පද්ධතියේ හා ඔෆ්ෆීස් 2003 සදහා නිල අවසානය සදහා දෑ අවුරුදු  පසු ගනනය ඊයේ දිනයෙන් ඇරබුනු බවටයි වාර්ථාවන්නේ.ඒ අනූව 2014 අප්‍රේල් මස 8 වන දින වන විට මයික්‍රසොෆ්ට් ආයතනය මෙම දෑ මෘදුකාංග සදහාම නිල සහය දැක්වීම සම්පූර්නයෙන් අවසන් වනු ඇති බවටයි පැවසෙන්නේ.
                    වින්ඩෝස් එන්.ටී මෘදුකාංගය සදහා මයික්‍රසොෆ්ට් ආයතනය සහය දැක්වූ සම්පූර්න කාලය වසර 11 කුත් මාස 5ක් ලෙස දැක් වෙනමුත් එක්ස්.පී සදහා වසර 12යි මාස 5 සහය දක්වමින් වැඩිම කාලයක් තිස්සේ මයික්‍රසොෆ්ට් ආයතනයේ සහය හිමිකරගත් මෙහෙයුම් පද්ධතිය ලෙසට එක්ස්.පී සටහන් වන බවටයි කියවෙන්නේ.
                                                     පසුගිය පෙබරවාරී මාසය වන විට වින්ඩෝස් එක්ස්.පී වල භාවිතය සියයට 30 ලෙසට සටහන් වූ අතර හදාරන්නන් පවසන්නේ 2014 වන විට එම ප්‍රතිශතය සියයට 17.1 දක්වා අඩු වනු ඇති බවට අනුමාන කල හැකි වනු ඇති බවයි.

ජීවිතයේ සොදුරුතම රිද්මය සොයා........

@@@@@@@@@@නෙක අරුමෝසම් සංස්කෘතික සංස්කරනයන්ගෙන් විකෘති නොවූ කොන්ක්‍රීට් ප්ලාස්ටික් ලෝහ රජකරන සංස්කෘතියෙන් බොහෝ ඈත විසල් කදුපෙල කිහිපයකට ඔබ්බෙන් විසිතුරු  විසල් කදුයායක නැගෙන හිර බෑවුමේ වැතිරගත් මිනිස් රිද්මයේ උත්තරීතර සුසරයෙන් අග තැන්පත් මිහිසුන් වෙසෙන අපූරු ආශ්‍රමයක වග අකුරු කෙරුන සටහනක පෙර සංස්කරනයක් කියවන්නට කෙරෙන ආදරනීය ඇරයුමයි මේ.......@@@@@@
                    ..........මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්‍රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී ‍රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී.....
                                  ඉතිරිය.....

දත්ත මිනිසා.....

@@@@@@@@හෙට දිනක බිහිවෙතැයි "මනස් චිත්‍රනය" කරනලද සැබෑ මිනිස් දත්යන්ගෙන් සුසැදි දත්ත මිනිසා පිලිබදව අඳිනලද වචන සිත්තමේ පෙර සංස්කරනය කියවන්නට එන්න යැයි කෙරෙන ගෞරවනීය ආරාධනාවයි මේ.. @@@@@@@
                                                   නෙක වර්ණ ගැන්වී ඇති වලකුලු පොදිවලින් ගැවස ගත් සැදෑ අහසට ඔහු මහත්සේ ප්‍රිය කලාය.සක්මන් මලුව කෙරව ඇති කුඩ ගල් ආසනය මත වාඩිවී ඒ අපූරු සොබා චිත්‍රයේ රස විදින්නට කවදත් ඔහු ප්‍රිය කලාය. තම ආශ්‍රම ජීවිතයට දෙවසරක් පිරී ඇති බව දහවල් කාර්යාල අඩහෝරාවේදී ටීටා පරිගණකය දැන්වූ විට එකවරම පිලිගැනීමට නොහැකි තරම් විය. ඔහු අවසන් වරට තම කාර්යාලයට භෞතිකව ගොඩවී වසර දෙකක් ගෙවී අවසන්ය. එතැන්සිට ඔහුගේ සියලු රාජකාරී කටයුතු මනාව ඉ‍ටුකරන තම "දත්ත ප්‍රතිරූපය" මොනතරම් පහසුවක් තම ජීවිතයට ගෙනවිත ඇත්දැයි සිතන විට මහත් සතුටක් දැනින.තම උසස් අධ්‍යාපන කාලයෙන් පසුව ‍රැකියාවට බැදී තෙවසර සම්පූර්න වනවාත් සමග තම "දත්ත ප්‍රතිරූපය"  නිර්මානය හා පුහුනු වසර තුල නිරන්තරයෙන් තම රාජකාරී කාලයතුල "බීටා පරිගණකය" පැලද සිටින්නට සිදුවීම ගැන ඇතිවී තිබු නොරිස්සුම් ස්වභාවය ගැන අද වන විට මහත් කනගා‍ටුවක් දැනෙන්නට විය.
 
කාල අපගමන යන්ත්‍රනය ඔස්සේ යම් වැරදීමකින් මෙම සටහන වසර දෙදහස් දහය  වැනි කාලයකට ගියහොත් වියහැකි ආකූලත්වය සලකා යම් පැහැදිලි කිරීමකට යායුතු යැයි සිතෙන නිසාම දත්ත මිනිසා මෙසේ පැහැදිලි කල හැක. වසර දෙදහස් පහලොව පමන  වන විට පරිගනකය සම්පූර්නයෙන් ජංගම උපකරනයක් බවට පත්විය. තවත් අතකින් පරිගණකය අන්තර්ජාලය සම්බන්ද කරන උපකරනයක් බවට පමනක් ඌනනය විය. වලාකුලු තාක්ශනය නැතිනම් ක්ලවුඩ් තාක්ශනය ඉතිරි සියල්ල බාරගන්නට ඉදිරිපත්විය. ක්‍රමයෙන් ඊලග වසර පහ හය සමග පරිගණකය තවත් පරිනාමය......

ඔබගේ විසිත්ත කාබරය ඔවුන්ගේ ඉලක්කයයි....


මූලිකව මයික්‍රසොෆ්ට් හෝ ගූගල් ආයතන වල පලමුතරගය බවට පත්ව ඇත්තේ තම සෙයුම් යන්තර වලට නොවේ. ඔබගේ විසිත්ත කාබරය අතපත් කරගැනීම දෙසටයි. හදාරන්නන පවසනවා.පසුගිය පෙබරවාරියේ ගූගල් වෙතින් පැමිනි නොනිල පුවතකට අනූවද පැවසුනේ ගූගල් ආයතනය ක්ලවුඩ් මූලික ස්ට්‍රීම් ආකාරයේ සංගීතය නිවස කරා ‍රැගෙන ඒමට අවශ්‍ය වයර්ලස් ආකාරයේ ස්පීකර්ස් නිපදවීමේලා දැඩි අවධානයක් යොදවා ඇති බවයි. සැබවින්ම ඔවුන්ට අවශ්‍ය වන්නේ නිවසේ එක් අංගයක් දෙකක් තම ග්‍රහනයට ගැනීම නොව විදුලු බුබුලක දැල්වීම හෝ නොදැල්වීම ඔබගේ කැමැත්ත පරිදි සිදුකරදීම දක්වාම ඔවුන් සපයන සේවාවක් බවට පත්කරගැනීම බවයි පැවසෙන්නේ.
                                        මයික්‍රසොෆ්ට් ආයතනයද එක්ස් බොක්ස්  විනෝදාස්වාදන උපාංග ඔස්සේ නිවස කරා පැමිනෙමින් ඔබට වඩාත් සුවපහසු හැසිරවීම් රටාවලට එකගවෙමින් සිටින්නේ එම තරගය මතම බවටයි ඔවුන් පවසන්නේ.කට හඩ සිරුරුඒ චලනයන් මත පාලනය වන්නට පොරොන්දු වෙමින් ඔබගෙන් ඉල්ලා සිටින්නේ අනාගතයේදී නිවසේ පාලනය ඔවුන් වෙත ලබාදීම බවටයි කියවෙන්නේ.
                                                   ඔවුන් දෙපිරිසම එක් කාරනාවකදී හොදින් එකගවී ඇතිබවක් පැවසෙනවා. එනම් ක්ලවුඩ් තාක්ශනය ගැනයි. උපකරන අනන්‍යතාවයන්ට ඉහලින් පාවන මෙම තාක්ශනය ඔස්සේ ඔබගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන , පෞද්ගලික ලිපිගොනු ආදීවූ සියලු කාරනා ඔබ පසුපසින් සොයා ඒමයි.ඔබගේ කාර්යාල භාවිතාවන්ද ක්ලවුඩ් තාක්ශනය ඔස්සේ ඔබ වෙතට පැමිනෙමින් සාම්ප්‍රදායික අනන්‍යතාවයන් ඉක්මවන නව රටාවක අවශ්‍යතාවය භාවිතාකරන්නාගේ ජීවිතවලට හදුන්වා දෙමින් සිටින බවටයි සටහන් වන්නේ. " මීට පෙර යුගයේදී අප කථාබස් කලේ ‍රැහැනක් ඔස්සේ කාර්යාලය ඔබගේ විසිත්ත කාබරයට ගෙන ඒම ගැන උවත් එලබෙමින් ඇත්තේ වඩාත් සුව පහසු තැනකදී වඩාත් සුව පහසු උපකරනයක් ඔස්සේ තම කාර්යාලයට ගොඩවන මිනිසෙකු ගැනයි" ඔවුන් පවසනවා.

2012-04-09

මයික්‍රසොෆ්ට් තම ලොකුම දුර්වලතාවයට වගකීම අවසන් කරයි...


මයික්‍රසොෆ්ට් සමාගමෙන් පැවසෙන නවතම නිවේදනයකට අනූව විස්ටා මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් සාමාන්‍ය සහය ලබාදීම අද දිනයෙන් අවසන් වන බවටයි සටහන් වන්නේ.ඒ අනූව වසර පහක නොමිලේ ලැබෙන සමාගමේ ‍රැකවරනය අවසන් වන බවත් අමතර සහය 2017 අප්‍රේල් 17 තෙක් ගාස්තු යටතේ ලබාගත හැකි බවටයි කියවෙන්නේ.
  මයික්‍රසොෆ්ට් ආයතනය විස්ටා මෙහෙයුම් පද්ධතිය මෘදුකාංගයක් ලෙස අලවිය 2010 ඔක්තෝබරයේ අවසන් කල අතර පරිගනකවන ස්ථාපනයකොට අලවිය 2011 ඔක්තෝබරයේ අවසන් කල බවටයි සටහන් වන්නේ.විචාරක මතය වන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ දුර්වලතම නිෂ්පාදනය විස්ටා වන බවත් දෘඩාංග හා නොගැලපීම ඉන් ප්‍රධානතම සාධකය බවත්ය.මෙම වසර අගදී වින්ඩෝස් 8 එලිදක්වීමට නියමිත ඇති මුත් තවමත් වින්ඩෝස් 7 සහය සදහා කාල වකවානු තවමත් ප්‍රකාශයට පත්කර නොමැති බවත් වැඩිදුරටත් සදහන් වනවා.

අනාගතය මිනිසා ජීවත් කරවයි


අනාගතය මිනිසා ජීවත් කරවයි.ඔවුන් එලබෙන හෙට දිනය දෙසට තබන බලාපොරොත්තු ඒ සදහා ශක්තිය
සපයයි.මේ බව අදාල වන්නේ එක් විෂයකට පමනක් නොවේ.ගෙවෙමින් පවතින කාලයේ  විද්‍යාත්මක ලෝකයට මෙම ස්වභාවය වැඩියෙන් දැකිය හැකිවා සේය.වියතුන් පවසන්නේ 2000 වසර බොහෝ චින්තකයන් වෙතට අපූරු ඉලක්කයක්ව තිබූ බවයි.න්‍යෂ්ටික වාහන , කුඩා පෙත්තක් මතට ගොනු කල පූර්න පෝෂනය , බුබුලාකාරයකට ගොඩ නගෙන නගර පිලිබද බලාපොරොත්තු බොහෝ වියතුන් අතීතයේ බලාපොරොත්තු පලකොට තිබිනි.
                   ඉතිරිය.....

වෙනස් සමාජ ජාලා අත්දැකිමකට.....



සමාජ ජාලා ගැන නිරන්තරයෙන්ම එල්ල වෙමින් පවතින විවේචනයන් වලට තරමක් දුරට හෝ සහනයක්
සලසන්නට මෙම නවතම හදුන්වාදීම පිහිට වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.මෙම නවතම සේවාව යටතේ
සුරක්ෂිත කරන ලද දත්ත ගොනු හුවමාරුව, අතර මැදි වෙබ් අඩවිය ආදියෙන් තොරවන නිසා භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වයට විය හැනි හානිය අවම වන බවටයි සටහන් වන්නේ.පහසුකම් රාශියකින් සමන්විත මෙම නව සේවාව ගැන වැඩිදුර තොරතුරු පහත දැක්වෙන අඩවියෙන් ලබා ගත හැකි වනු ඇත.

http://retroshare.sourceforge.net/index.html

2012-04-08

"පියාබන කාරය" සූදානම්!!!!!


මිනිස් නිර්මණශීලීත්වයට සීමා මායිම් නොමැති බව මිනිස් වර්ගයාගේ කථාන්දරයතුල සනාතවී ඇත්තේ එක් වරක් දෙවරක් නොවේ. එක් යුගයක අපූර්ව සිහිනයක් ලෙස මිනිස් සන්තානය තුල වැජබුන දෑ තවත් යුගයක සරල දෛනික භාවිතාවන්වී ඇති අයුරු දැකගත හැකිය.
                                                   .............. ඔහු සාමාන්‍යයෙන් රාජකාරී ස්ථානය කරා ගමන් කරන්නට බොහෝ විට යොදාගනු ලැබුවේ වසර සිය දහස් ගනනක් පැරනිමුත් මිනිස්වර්ගයා වෙතට යෝධ පිම්මක්වූ  සාම්ප්‍රධායික මාවත්ය.කාර්ය බහුල අහස්මාවත ඔස්සේ තම රාජකාරී ස්ථානය වෙත අවසන් වතාවට ගොස් ඇත්තේ මීට වසර හත අටකට පමන පෙර බව මතකය.ජනංප්‍රිය අහස් මාවත් භාවිතය වැඩිවීමත් සමග නගරසභාවන් උත්සාහ කලේ ප්‍රධාන මාවත් දෙපස විසිතුරු තුරුගොමු රටා ආදියෙන් අලංකාර කරමින්  වැඩි වැඩියෙන් ජනතාව සාම්ප්‍රදායික මංමාවත් භාවිතය වෙත ආකර්ෂනය කරවා ගැනීමටය.........
                                              මෙවන් සටහන් තවදුරටත් මනෝරූපී කාරනා නොවන බව සනාත කරමින් පලවෙමින් ඇති නවතම පුවතකින් කියවෙන්නේ "පියාබන කාරය" මෙම සතියේ නිව්යෝර්ක් වල පැවැත්වීමට ප්‍රදර්ශනයක් සදහා ඉදිරිපත්කිරීමට සමාගමක් සූදානම් වෙමින් ඇති බවයි. එහෙත් කුඩා ගැටලුවක් වන්නේ මෙම කාරය පොලවෙන් අහසට පරිනාමය වූවක් වෙනුවට අහසින් පොලවට පරිනාමය වූවක් වීමය.එනම් මංමාවත් වලද ධාවනය කල හැකි කුඩා අහස් යානයක් වීමය. අහස්යානා සදහා භාවිතාවන මූලිකාංග සපුරාලීමෙන් පමනක් මෙම වාහනය භාවිතාකිරීමට සිදුවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ඩොලර් 270,000 සිට මිලකොට ඇති මෙම වාහනය එලබෙන කාලය තුලදී සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා සුදුසු මට්ටමකට වර්ධනය වනු ඇති බවට බලාපොරොත්තු පලකරමින් සිටිනවා.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...