2012-04-10

ඔබගේ විසිත්ත කාබරය ඔවුන්ගේ ඉලක්කයයි....


මූලිකව මයික්‍රසොෆ්ට් හෝ ගූගල් ආයතන වල පලමුතරගය බවට පත්ව ඇත්තේ තම සෙයුම් යන්තර වලට නොවේ. ඔබගේ විසිත්ත කාබරය අතපත් කරගැනීම දෙසටයි. හදාරන්නන පවසනවා.පසුගිය පෙබරවාරියේ ගූගල් වෙතින් පැමිනි නොනිල පුවතකට අනූවද පැවසුනේ ගූගල් ආයතනය ක්ලවුඩ් මූලික ස්ට්‍රීම් ආකාරයේ සංගීතය නිවස කරා ‍රැගෙන ඒමට අවශ්‍ය වයර්ලස් ආකාරයේ ස්පීකර්ස් නිපදවීමේලා දැඩි අවධානයක් යොදවා ඇති බවයි. සැබවින්ම ඔවුන්ට අවශ්‍ය වන්නේ නිවසේ එක් අංගයක් දෙකක් තම ග්‍රහනයට ගැනීම නොව විදුලු බුබුලක දැල්වීම හෝ නොදැල්වීම ඔබගේ කැමැත්ත පරිදි සිදුකරදීම දක්වාම ඔවුන් සපයන සේවාවක් බවට පත්කරගැනීම බවයි පැවසෙන්නේ.
                                        මයික්‍රසොෆ්ට් ආයතනයද එක්ස් බොක්ස්  විනෝදාස්වාදන උපාංග ඔස්සේ නිවස කරා පැමිනෙමින් ඔබට වඩාත් සුවපහසු හැසිරවීම් රටාවලට එකගවෙමින් සිටින්නේ එම තරගය මතම බවටයි ඔවුන් පවසන්නේ.කට හඩ සිරුරුඒ චලනයන් මත පාලනය වන්නට පොරොන්දු වෙමින් ඔබගෙන් ඉල්ලා සිටින්නේ අනාගතයේදී නිවසේ පාලනය ඔවුන් වෙත ලබාදීම බවටයි කියවෙන්නේ.
                                                   ඔවුන් දෙපිරිසම එක් කාරනාවකදී හොදින් එකගවී ඇතිබවක් පැවසෙනවා. එනම් ක්ලවුඩ් තාක්ශනය ගැනයි. උපකරන අනන්‍යතාවයන්ට ඉහලින් පාවන මෙම තාක්ශනය ඔස්සේ ඔබගේ ප්‍රියතම රූපවාහිනී වැඩසටහන , පෞද්ගලික ලිපිගොනු ආදීවූ සියලු කාරනා ඔබ පසුපසින් සොයා ඒමයි.ඔබගේ කාර්යාල භාවිතාවන්ද ක්ලවුඩ් තාක්ශනය ඔස්සේ ඔබ වෙතට පැමිනෙමින් සාම්ප්‍රදායික අනන්‍යතාවයන් ඉක්මවන නව රටාවක අවශ්‍යතාවය භාවිතාකරන්නාගේ ජීවිතවලට හදුන්වා දෙමින් සිටින බවටයි සටහන් වන්නේ. " මීට පෙර යුගයේදී අප කථාබස් කලේ ‍රැහැනක් ඔස්සේ කාර්යාලය ඔබගේ විසිත්ත කාබරයට ගෙන ඒම ගැන උවත් එලබෙමින් ඇත්තේ වඩාත් සුව පහසු තැනකදී වඩාත් සුව පහසු උපකරනයක් ඔස්සේ තම කාර්යාලයට ගොඩවන මිනිසෙකු ගැනයි" ඔවුන් පවසනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...