2012-04-10

දත්ත මිනිසා.....

@@@@@@@@හෙට දිනක බිහිවෙතැයි "මනස් චිත්‍රනය" කරනලද සැබෑ මිනිස් දත්යන්ගෙන් සුසැදි දත්ත මිනිසා පිලිබදව අඳිනලද වචන සිත්තමේ පෙර සංස්කරනය කියවන්නට එන්න යැයි කෙරෙන ගෞරවනීය ආරාධනාවයි මේ.. @@@@@@@
                                                   නෙක වර්ණ ගැන්වී ඇති වලකුලු පොදිවලින් ගැවස ගත් සැදෑ අහසට ඔහු මහත්සේ ප්‍රිය කලාය.සක්මන් මලුව කෙරව ඇති කුඩ ගල් ආසනය මත වාඩිවී ඒ අපූරු සොබා චිත්‍රයේ රස විදින්නට කවදත් ඔහු ප්‍රිය කලාය. තම ආශ්‍රම ජීවිතයට දෙවසරක් පිරී ඇති බව දහවල් කාර්යාල අඩහෝරාවේදී ටීටා පරිගණකය දැන්වූ විට එකවරම පිලිගැනීමට නොහැකි තරම් විය. ඔහු අවසන් වරට තම කාර්යාලයට භෞතිකව ගොඩවී වසර දෙකක් ගෙවී අවසන්ය. එතැන්සිට ඔහුගේ සියලු රාජකාරී කටයුතු මනාව ඉ‍ටුකරන තම "දත්ත ප්‍රතිරූපය" මොනතරම් පහසුවක් තම ජීවිතයට ගෙනවිත ඇත්දැයි සිතන විට මහත් සතුටක් දැනින.තම උසස් අධ්‍යාපන කාලයෙන් පසුව ‍රැකියාවට බැදී තෙවසර සම්පූර්න වනවාත් සමග තම "දත්ත ප්‍රතිරූපය"  නිර්මානය හා පුහුනු වසර තුල නිරන්තරයෙන් තම රාජකාරී කාලයතුල "බීටා පරිගණකය" පැලද සිටින්නට සිදුවීම ගැන ඇතිවී තිබු නොරිස්සුම් ස්වභාවය ගැන අද වන විට මහත් කනගා‍ටුවක් දැනෙන්නට විය.
 
කාල අපගමන යන්ත්‍රනය ඔස්සේ යම් වැරදීමකින් මෙම සටහන වසර දෙදහස් දහය  වැනි කාලයකට ගියහොත් වියහැකි ආකූලත්වය සලකා යම් පැහැදිලි කිරීමකට යායුතු යැයි සිතෙන නිසාම දත්ත මිනිසා මෙසේ පැහැදිලි කල හැක. වසර දෙදහස් පහලොව පමන  වන විට පරිගනකය සම්පූර්නයෙන් ජංගම උපකරනයක් බවට පත්විය. තවත් අතකින් පරිගණකය අන්තර්ජාලය සම්බන්ද කරන උපකරනයක් බවට පමනක් ඌනනය විය. වලාකුලු තාක්ශනය නැතිනම් ක්ලවුඩ් තාක්ශනය ඉතිරි සියල්ල බාරගන්නට ඉදිරිපත්විය. ක්‍රමයෙන් ඊලග වසර පහ හය සමග පරිගණකය තවත් පරිනාමය......

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...