2012-04-17

ගූගල් ඩ්‍රයිව් එලබෙන සතියේ????


ගූගල් ආයතනය පවසනවා එලබෙන සතියේදී තම ගූගල් ඩ්‍රයිව් පහසුව  ගිගා බයිට 5ක නොමිලේ ලැබෙන ඉඩකඩක්ද සහිතව ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බව. පලවනතොරතුරු අනූව වෙබ් බ්‍රවුසරය මූලිකව මෙම  ඉඩකඩ සමග කටයුතු කරන්නට හැකි වන අතර අමතරව ඩ්‍රොප් බොක්ස් ආකාරයේ ඩෙස්ටොප් මෙහෙයුම් උපාංගයක් සමගද මෙම ඉඩකඩ හසුරාවාගන්නට භාවිතාකරන්නෙකුට අවස්ථාව ලෙබෙන බවටත් සටහන් වනවා.
               මීට පෙර සදහන්ව තිබුනේ ගුගල් ඩ්‍රයිව් ගිගා බයිට එකක නොමිලේ ලැබෙන අවකාශයක් සමග පැමිනෙන්නට නියමිත බවක් වුවද සමන්තර මෙවැනි සේවා සපයන්නන් හා සැසදීමේදී ස්තාවරයක් ලබා ගන්නට නම් එම ප්‍රමානය වැඩි කරන්නට සිදුවන බවට ඔවුන් තීර්නයක් ගන්නට ඇති බවයි විචාරනය වෙන්නේ.ඩ්‍රොප් බොක්ස්  ගිගා බයිට 2,  බොක්ස් ගිගාබයිට 5ක් , මයික්‍රසොෆ්ට් ස්කයි ඩ්‍රටිව් ගිගා බයිට 25 සමග ගිගා බයිට 5ක සමාන්තර ගොනු යාවත්කාලීනයක් ලෙසට සමාන්තර තරග කරුවන් මේ වන විටත් සම සේවාව සපයමින් සිටින බවටයි පලවන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...