2012-04-16

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 යනු.....


ශක්ති වැය උපකරනයක් ගැන තීර්නයක් ගැනිමේදී ප්‍රධාන සාධකයකි. එය ජංගම මට්ටමේ උපකරනයක් නම් ප්‍රධානතම සාධකයද විය හැකියි. ලැප්ටොප් ටැබ් එකක් වැනි උපකරනයක් සමග වින්8 කටයුතුකිරීමේදී මීට පෙර කිසිදු මෙහෙයුම් පද්ධතියක් ලබා නොදුන් තරමේ ශක්ති පිරිමැස්මකට සහය වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහෙයුම් පද්ධතිය ආරම්භය මෙන්ම අවසානයේ වැඩි වේගවත් බවක් ලබා දෙන අතරම දත්ත හුවමාරුව , බ්ලුටූත් , වයර්ලස් සබදතාවයකදී අඩු ශක්ති වැයකින් ක්‍රියාත්මක වෙමින් ඔබගේ ජංගම උපකරනයේ බැටරිය එක් බල ගැන්වුමකින් මෙතෙක් අත් නොවිදි උපරිම භාවිතකාලයක් ලබා දෙනු ඇති බවටයි ඔවුන් පොරොන්දු වෙමින් ඇත්තේ.
                                                  බ්‍රවුසරය වැදගත්ම මෘදු උපාංගයකි.  මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 යනු වින්ඩෝස් 8 සමග ඔවුන් බලාපොරොත්තු වන වැඩිවන උපකරන වපසරියට වඩාත් ගැලපෙන ලෙස සංවර්ධනය කර ඇති මෘදුකාංගයක් බවයි.ස්පර්ශක තිර පමනක් නොව ටැබ් වැනි උපකරනයක් සමග භාවිතයේදී දෑතම රදවා ගැනීම සමග අපහසුවකින් තොරව ඇගිලිවලින් හැසිරවිය හැකි ආකාරයේ (සමස්තයක් ලෙස මෙම ස්වභාවය වින්8 පුරාවටම දැකිය හැකිය) නිමැවුම ඔවුන් පෙන්වා දෙන්නේ වෙබ් බ්‍රවුසරය මත විවෘතවන දෑ වෙනුවෙන් උපරිම අවකාශය ලබා දීමත් දියුනු කල ආරක්ශක  ක්‍රමවේදයන් හා වේගවත් බවත් සමග එන පහසු ගලායාමේ ස්වභාවය අවදාරනය කරමින්ය.හානිකර මෘදුකාංගවල බැලපෑම අවම කිරීම සදහා වැඩි භාවිතාවක් ඇති සමාජ ජාලා භාවිතයේදී පහරදෙන්නන් යොදා ගන්නා උපංක්‍රම ඉක්මවන තාක්ශන හැකියාවන් හොදින් වැඩි දියුනු කර ඇති බවටයි පවසන්නේ . ස්මාර්ට් ස්ක්‍රීන් පිල්ටර්  වැනි තාක්ශනයන් ගැන ඔවුන් මෙහිදී වැඩි දුරටත් භාවිතාකරන්නන්ගේ අවධානය යොමු කර සිටිනවා. එච්.ටි.එම්.එල් 5 හා සී එස් එස් වනි භාවිතාවන් සදහා  මනා නම්‍ය සහයක් වින්ඩෝස් එක්ස්ප්ලොරා 10 සමග බලාපොරොත්තු විය හැකි බවටයි ඔවුන් පොරොන්දු වෙමින් සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...