2012-04-16

වින්ඩෝස් 8 යනු තවදුරටත් "දත්ත දූපතක්" නොවේ.....


වින්ඩෝස් 8 තවදුරටත් "දත්ත දූපතක්" නොවේ.පෙර භාවිතාවූ සියලුම ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධති මෙන් නොව වින්8 ඔබව හුදකලා භාවිතයෙන් පිටතට කැදවන්නට මුල් ස්වභාවයෙන්ම නිර්මානය වී ඇත. ක්ලවුඩ් තාක්ශනය සමග තවත් වින් 8 උපකරනයක් තුලින් ඔබේ සැකසුම් පෞද්ගලික වටපිටාවට ක්ශනයෙන් සම්බන්ද විය හැකි බවටයි පැවසෙන්නේ. මයික්‍රසොෆ්ට් ලයිව් ගිනුම ඔස්සේ ක්ලවුඩ් පහසුවත් සමග ඔබගේ භෞතික පරිගණකයේ සීමාව ඔබගේ වින්ඩෝස් 8 වල සීමාව නොවන බව අත්විදිය හැකි වනු ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ.ඔබේ පරිගණකයෙන් පටන් ගන්නා ව්‍යාපෘතියක් තවත් තැනක ඇති වෙනත් පරිගණකයක් ඔස්සේ අවසන් කරන්නේ ඔබට හුරු පුරුදු ඩෙස්ටොප් පරිසරයේදීම වනු ඇති බවයි ඔවුනගේ පොරොන්දුව වන්නේ.ඔබගේ සරල අනු මැතියක් යටතේ ඔබ භාවිතාවන් ක්ලවුඩ් මතට නංවා ඔබ අනන්‍යතාවය නිදහස් කොට ඇත.
                                        පෙරදී මෙන් මෘදුකාංග අතර යමක් හුවමාරුවේදී අත්විදි අපහසුව ඇප්ස් සමග අවම වී ඇත.සමහර අවස්තාවලදී ස්වංක්‍රීයව හදුනා ගැනීම් සමග ඔබට යෝජනා ආකාරයෙන් සහය වන්නට පවා කටයුතු කරනු ඇත.එසේම ෆේස්බුක් ජීමේල්.. ආදී වූ බොහොමයක් දෛනික භාවිතාවන්ද නිරන්තර සම්බන්දව සිටිමින් අවසන් මොහොත තෙක්ම යාවත්කාලීනව ඔබ වෙතට සූදානමින් සිටීම දැකිය හැකි වනු ඇත.සරල පවසන්නේ නම් පෙරදී මෙන් ආයාසයකින් සම්බන්ද වන්නට නොව ස්වභාවයෙන් සම්බන්දව සිටින අතර ආයාසයෙන් විසංදී වීමට සිදුවීම වින්8 ස්වභාවය වනු ඇත.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...