2012-04-08

"පියාබන කාරය" සූදානම්!!!!!


මිනිස් නිර්මණශීලීත්වයට සීමා මායිම් නොමැති බව මිනිස් වර්ගයාගේ කථාන්දරයතුල සනාතවී ඇත්තේ එක් වරක් දෙවරක් නොවේ. එක් යුගයක අපූර්ව සිහිනයක් ලෙස මිනිස් සන්තානය තුල වැජබුන දෑ තවත් යුගයක සරල දෛනික භාවිතාවන්වී ඇති අයුරු දැකගත හැකිය.
                                                   .............. ඔහු සාමාන්‍යයෙන් රාජකාරී ස්ථානය කරා ගමන් කරන්නට බොහෝ විට යොදාගනු ලැබුවේ වසර සිය දහස් ගනනක් පැරනිමුත් මිනිස්වර්ගයා වෙතට යෝධ පිම්මක්වූ  සාම්ප්‍රධායික මාවත්ය.කාර්ය බහුල අහස්මාවත ඔස්සේ තම රාජකාරී ස්ථානය වෙත අවසන් වතාවට ගොස් ඇත්තේ මීට වසර හත අටකට පමන පෙර බව මතකය.ජනංප්‍රිය අහස් මාවත් භාවිතය වැඩිවීමත් සමග නගරසභාවන් උත්සාහ කලේ ප්‍රධාන මාවත් දෙපස විසිතුරු තුරුගොමු රටා ආදියෙන් අලංකාර කරමින්  වැඩි වැඩියෙන් ජනතාව සාම්ප්‍රදායික මංමාවත් භාවිතය වෙත ආකර්ෂනය කරවා ගැනීමටය.........
                                              මෙවන් සටහන් තවදුරටත් මනෝරූපී කාරනා නොවන බව සනාත කරමින් පලවෙමින් ඇති නවතම පුවතකින් කියවෙන්නේ "පියාබන කාරය" මෙම සතියේ නිව්යෝර්ක් වල පැවැත්වීමට ප්‍රදර්ශනයක් සදහා ඉදිරිපත්කිරීමට සමාගමක් සූදානම් වෙමින් ඇති බවයි. එහෙත් කුඩා ගැටලුවක් වන්නේ මෙම කාරය පොලවෙන් අහසට පරිනාමය වූවක් වෙනුවට අහසින් පොලවට පරිනාමය වූවක් වීමය.එනම් මංමාවත් වලද ධාවනය කල හැකි කුඩා අහස් යානයක් වීමය. අහස්යානා සදහා භාවිතාවන මූලිකාංග සපුරාලීමෙන් පමනක් මෙම වාහනය භාවිතාකිරීමට සිදුවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. ඩොලර් 270,000 සිට මිලකොට ඇති මෙම වාහනය එලබෙන කාලය තුලදී සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා සුදුසු මට්ටමකට වර්ධනය වනු ඇති බවට බලාපොරොත්තු පලකරමින් සිටිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...