2012-04-30

හානිකර බව පැතිරීමේදී කාමුක අඩිවි පරයා ආගමික අඩවි ඉහලට.....


ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගමක් පසුගියදා පවසා සිටියේ හානිකර බව පතුරන වෙබ් අඩවි ලෙසට ඉහලින්ම සදහන්ව තිබූ කාමුක වෙබ් අඩවි වෙනුවට ආගමික හා මතවාදී වෙබ් අඩවි එම ස්ථානය අත්පත් කරගමින් සිටිනු දක්නට ලැබෙන බවකි.එසේම පහර දෙන්නන් ගේ වැඩි අවදානයක් ලබා ගනිමින්  සිටින මොබයිල් උපකරන සමග ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක ගත වීමේ වැඩි ප්‍රවනතාවයක් ලබමින් සිටින බවකි.
                   එම ආයතනය පවසන්නේ ආගමික අඩවි වල හානිකර බවේ සාමාන්‍ය 115 ලෙසට හදුනා ගන්නා විට කාමුක අඩවි වල හානිකර බවේ සාමාන්‍ය අඩවියකට 25 ලෙසට ගනනය වෙමින් පවතින බවයි. එසේම ඔවුන් පවසන්නේ කාමුක අඩවි වල ආසාදිත බව සියයට 2.4 වන විට බ්ලොග් අඩවි වල සියයට 20 ලෙසට හදුනා ගනිමින් සිටින බවයි. ඔවුන් උපකල්පනය කරමින් සිටින්නේ ආගමික අඩවි වලට වඩා කාමුක අඩවි වල හිමිකරුවන් ඉපයීම් කරමින් සිටින බැවින් තම අඩවි වෙත නැවත පැමිනීම තහවුරු කරගැනීමෙහිලා වැඩි අවදානයකින් කටයුතුකරමින් සිටිනවා විය හැකි බවකි.
                        වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ 2010 හා 2011 අතර මැල්වෙයා(ර්) පැතිරීම සියයට 81 කින් ඉහල ගොස් ඇත්තේ ඒවා යේ විවිදත්වය අතින්ද සියයට 41ක ඉහලයාමක් සමග උවත් ස්පෑම් වල පැතිරීම නම් මද පසුබෑමක් (සියයට 88.5 සිට 75.1) දක්නට හැකි බවයි.පසුගිය කාලයේ ප්‍රධාන පෙලේ බොට් නෙට් කිහිපයක කඩා වැටීම මෙයට හේතු විය හැකි බවටයි එම වාර්ථා පවසන්නේ. පහත දැක්වෙන වගුව හැදෑරීමෙන් ඔබටත් මේ පිලිබද වැඩි දුර තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...