2012-05-01

වින්8 ඉරනම විස්ටා හා සමානද??


වින්ඩෝස් 8 කෙරෙහි පැවති අවධානය ක්‍රමයෙන් අවම වෙමින් පවතින බවට තොරතුරුපල වනවා. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් 7 හි බීටා සංස්කරනයට සාපේක්ශව මේ වන විට වින්8 කෙරෙහි පවතින අවධානය අඩක මට්ටමට පත්ව ඇති බවයි.ගතව ගිය සතිය සලකන විට "ඔන් ලයින් " මට්ටමේ පැවති වින්8 පෙර සංස්කරන සහිත පරිගණක වල ප්‍රතිශතය සියයට 0.11 දක්වා පහල අගයක දක් නට ලැබුනු බවයි. ඔවුන් පවසනවා වින්ඩෝස් 7 පෙර සංස්කරනයන් මුදා හැර පලමු දෙමාසය තුල ඔන් ලයින් ආකාරයෙන් භාවිතාවීම් සියයට 0.26 ක ප්‍රමානයක් පෙන්වූ බවයි.
                          විචාරකයින් පවසනවා වින්8 යනු මෙහෙයුම් පද්ධතියක් ලෙසට ඊ පෙර වූ සංස්කරනය වන වින්7 වලින් කැපී පෙනෙන දිගුවක් ලෙස අනන්‍යතාවයක් අත් නොකර ගෙන සිටීම මෙම අවභාවිතයට හේතුවක් විය හැකි බවයි.එසේම ඔවුන් පවසන්නේ වින්8 යනු භාවිතකල හැකි උපකරන පරාසයේ දිගුවක් ලෙසට මිස වැඩි සුව පහසු නවාංග සමග වින්ඩෝස්  එක්ස්.පී හා වින්ඩෝස් 7 ආකාරයේ වෙනසක් ‍රැගෙන එන්නෙකු වීමට නොහැකිව ඇති බවයි.එම කෝනයේදී විස්ටා වල ඉරනම වින්8 වෙතට පත්වීමේ අනතුර ඔවුන් මතක්කර දෙමින් සිටිනවා.
                           එම හැදෑරීම් වාර්ථාවන් පවසමින් සිටින්නේ විස්ටා තම නිල මුදා හැරීමේ සිට 29 වන මාසය වන විට වින්ඩෝස් භාවිතාවන පරිගණක වලින් සියයට 19 අත්පත් කරගෙන සිටිය මුත් වින්ඩෝස් 7 එම කාලය අවසන්වන විට සමස්ත වින්ඩෝස්  භාවිතවන පරිගණක වලින් සියයට 41 ක් අත්පත්කර ගන්නට සමත්ව ඇති බවයි.
                                          විස්ටා හා වින්ඩෝස් 7 තම බීටා සංස්කරන නිකුත් කොට පිලිවලින්  මාස අට හමාරක් හා නමයකින් අනතුරුව තම අවසන් සංස්කරනය නිකුත්කරන්නට කටයුතු කල බවත් ඒ අනූව සලකන විට වින්ඩෝස් 8 අවසාන සංස්කරනය එලබෙන නොවැම්බරයේ දෙවන භාගයේ නිකුත්වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...