2012-05-02

වඩාත් පූර්න ආරක්ශක මෘදුකාංගයක් නොමිලේ......


නොමිලේ ලබා ගත හැකි වඩාත් පූර්න ආරක්ශක මෘදුකාංග කට්ටලය ලෙසට නම් කලහැකි මෘදුකාංග ගොනුවක් ZoneAlarm ආයතනය විසින් මේව වන විට  නිකුත්කර තිබෙනවා. ඔවුන්ගේ නිකුත්කිරීමේ නිවේදනයට අනූව මිලදී ගත යුතු සංස්කරනය හා නොමිලේ ලබා ගත යුතු සංස්කරන අතර වෙනස වනුයේ අමතර සේවාවන් කිහිපයක් හා යාවත්කාලීන ගොනු ලබා ගැනිමේ යාන්ත්‍රනය දිනකට වරක්(මුලදී ගත යුතු සංස්කරනයේදී මෙය පැයකට වරක් වේ) වැනි සාමාන්‍ය භාවිතාකරන්නෙකුට එතරම් ගැටලුවක් නොගෙනෙන අංග ලෙස නම් කර තිබීම දක්නට පුලුවන්.
                            ද්වි දිශා ෆයර් වෝලයේ 2013 සංස්කරනය සමග මෙම මෘදුකාංගය රූට්කිට් ආකාරයේ හානිකර මෘදුකාංග සදහාද සාර්තක ආරක්ශාවක් ‍රැගෙන එන බවටයි පැවසෙන්නේ. ලාබ නොලබන ආයතන හා පෞද්ගලික භාවිතය සදහා නිකුත්කොට ඇති මෙම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.zonealarm.com/security/en-us/zonealarm-free-antivirus-firewall.htm

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...