2012-04-17

වෙබ් අඩවි පහරදීම් වලට බොහෝ විට හේතුවක් වන්නේ.......


වෙබ් අඩවි නිර්මාණයේදී සිදුවන බොහොමයක් අතපසුවීම් කෙරෙහි ආයතන දක්වන නොසැලකිලිමත් බව අනවසර පිවිසෙන්නන් වෙත මහත් අවස්ථාවක් වෙමින් පැවතීමේ ප්‍රවනතාවය ක්‍රමයෙන් ඉහල  යමින් පවතින බවටයි හදාරන්නන් යෝජනා කරමින් සිටින්නේ.වෙබ් අඩවි වෙත සංවර්ධකයන් අතින් සිදුවන ප්‍රධාන ගනයේ දුර්වලතා  ප්‍රමානයේ වසරින් වසර අඩුවීමක් දක්නට ඇති මුත් සමහර අවස්ථාවලදී යම්දුර්වලතාවයක් සදහා පිලිසකර යාවත්කාලීනයන් හදුන්වාදුන්නද ඒවා සැකසීමේදී සාමන්‍යයෙන් දින සියයකට වඩා ගන්නා බවටයි හෙලිවී ඇත්තේ.
                           පසුගිය කාලයේ සිදුවූ ප්‍රධාන පෙලේ වෙබ් අඩවි අනවසර ඇතුලුවීම් බොහොමයක් සදහා එම ආයතන  තම වෙබ් අඩවි පවත්වාගෙන යාම වෙනුවෙන් අඩු සැලකිල්ලක් දැක්වීම කැපී පෙනන හේතුවක් ලෙසට දක්නට හැකි බවටයි ඔවුන් පවසන්නේ. මූල්‍ය හා ප්‍රධාන පෙලේ වෙබ් අඩවි වෙත කාලීන වෙනස්කම් මුදාහරින්නට පෙර විදිමත් හැදෑරීම් අවස්තාවන් ලබා නොගැනීම බාහිර අනවසර පිවිසෙන්නන් වෙත අනගි අවස්ථාවක් නිර්මනය කරදීමක් ලෙසටයි ඔවුන් පවසමින් සිටින්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...