2012-04-17

වින්ඩෝස්8 ප්‍රවනතා 1

වින්ඩෝස්8 ‍රැගෙන එන්නට බලාපොරොත්තු පලකරන නවාංග පිලිබදව විවිදවූ මත පලවනු දැකිය හැකියි. එකග වන්නන් මෙන්ම එරෙහි වන්නන් ගෙන් සුසැදි මෙම මත පලකරන්නන් බහුතරයක් එකගවන සමහර කාරනා පොදුවේ වින්ඩෝස් 8 සමග එන ප්‍රවනතා ලෙසට අපට හදුනා ගත හැකි වනු ඇත.පහත දැක්වෙන්නේ එලෙස පොදුවේ වැඩි එකගතාවයක් දක්නට ලැබෙන වින්ඩෝස්8 ප්‍රවනතා කිහිපයකි.

සංක්‍රීය ටයිලයන් :-  වින්ඩෝස් 8 දැනට පලවී ඇති අවසන් සංස්කරනය මතදී ප්‍රමුකතාවය දී ඇත්තේ මෙට්‍රො මුහුනතටයි. මෙට්‍රො මුහුනත ආරම්භක මුහුනත ලෙසට භාවිතාකරන්නාට හමුවන අතර සාම්ප්‍රධායික ඩෙස්ටොප් මුහුනත මෙන් නොව තිරය පුරා විසිරුනු ටයිලයන් ලෙස නම් වන අංගයන්ගෙන් එය සමන්විතවේ.මෙම ටයිලයන් සංක්‍රීය මට්ටමේ පවතින අතර එය "ඇප්" එකක සබදතාවක් නොව පූර්න යාවත්කාලීනව භාවිතයට සූදානම් එකකි.උදා හරනයක් ලේ "මියුසික්" ටයිලය මේ මොහොතේ වාදනය වෙමින් පවතින වාදන කාන්ඩය පිලිබද ව තොරතුරු පවසන අතර "මේල්" ටයිලය තවමත් විවෘත නොකල ඊමේල ප්‍රමානය ගැන තොරතුරු සපයයි.


ටාස්ක් මැනේජර් :-  පැරනි සංස්කරන වලට වඩා බොහෝ තොරතුරු මෙන්ම පහසු පාලන අවස්තා ‍රැගෙන විත් ඇත. ප්‍රොසෙසරයේ භාවිතය , ‍රැම් මතකයේ භාවිතය , නෙට්වර්ක් භාවිතය ආදියෙහි පැහැදිලි ප්‍රස්ථාර ආකාරයේ තොරතුරු ‍රැගෙන එන අතර ඇප්ස් වල ක්‍රියාතමක භාවය එවා භාවිතකරමින් සිටින මතක ප්‍රමානය හා පහසුවෙන් ඒවා අවසන් කරදැමීමේ පහසුව දක්නට හැකිය. ආරම්භක මෘදුකාංග ධාවනය  පාලනය කරන්නට අමතර විධානයක් යටතේ(msconfig) වෙහෙසෙන්නට සිදු නොවන අතර ටාස්ක් මැනේජර් කවුලුව මත සිටම පහසුවෙන් එය කර ගත හැකි වනු ඇත.


ISO and VHD :- මෙම ඉමේජ් ආකාරයේ භාවිතාවන් සදහා පෙරදී මෙන් ඩීවීඩී තැටි සපයා ගනිමින්  අමතර මෘදුකාංග සමග ඒවා භාවිතකල හැකි ලෙසට සකසා ගැනීමට වෙහෙස වන්නට නුවමනා වන අතර මෙවන් ආකාරයේ ඉමේජ් ෆයිලයක් මත දිග හැර ගන්නා කුඩා මෙනුවකින් "මවුන්ට්" වැනි සරල විධානයක් ඔස්සේ පරිගණකය වෙත ස්ථාපනය ආරම්භකර ගැනීමට හැකි වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...