2012-04-19

ආසාදනයන් කරා යොමුකරවන වෙබ් අඩවි 20000 ගැන සැක පල කෙරේ...


ගූගල් ආයතනය පවසනවා වෙබ් අඩවි 20000 අදික ප්‍රමානයක් මතට අනවසර පිවිසීම් කොට ජාවා ස්ක්‍රිප්ට්  "නැවත යොමුකරවන" ආකාරයේ හානිකර මෘදුකාංග වලින් සමන්විත ආසාදනයන් පෙන්නුම් කරමින් පවතින බව.ඔවුන් පවසන්නේ එම අඩවි වල ජාවා ස්ක්‍රිප්ට් ආකාරයේ මෘදු කොටස් මතට තවමත් අපැහැදිලි ජාවා කොටස් ඇතුලු කොට ඒමගින් හානිකර මෘදුකාංග පතුරවන වෙබ් අඩවි කරා අමුත්තන් යොමු කරවන්නට කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් වෙත අනතුරු අගවා සිටින්නේ තම අඩවියේ ගොනු අතර "eval(function(p,a,c,k,e,r)"   ආකාරයේ කෝඩ් අඩංගු වී ඇත්දැයි විමසිලි මත් වන ලෙසයි.
                                    තම වෙබ් අඩවි වල මෙම ආසාදනයන් හේතුකොට ගෙන  සීමිත ආකාරයේ හානිකර අඩවි ලෙසට නම්වීමට ඇති ඉඩකඩ ගැනත් ගූගල් ආයතනය අවධාරනය කරන අතර අඩවි වෙත එන්නන්ගේ ආරක්ශාව තහවුරු කරනු වස් තම අඩව්පවත්වාගෙන යාමේ සේවාව ලබාගන්නා ආයතනවල උපදෙස් සහය ලබා ගන්නා ලෙස පවසනවා.
                           එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ පසුගිය ජූලි මාසයේදී නොමිලේ ලබා ගත හැකි ඩොමෙන ආයතනයක් වූ "co.cc" ඔස්සේ ක්‍රියාත්මකවූ ආසාදිත අඩව්කරා පැමිනෙන්නන් ‍රැගෙන යන  වෙබ් ලිපින මිලියන 11 පමන හදුනා ගත් බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ  ලොව පුරා භාවිතාවන හානිකරයන් කරා යොමුකරවන ඩොමේනයන් ප්‍රමානය 50,000 කට ආසන්න විය හැකි බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...