2012-04-26

ගූගල් ඩ්‍රයිව් ක්‍රියාත්මකයි.......

පසුගියදා ගූගල් ආයතනය පවසා සිටියා ගිගා බයිට පහක නොමිලේ අවකාශයක් සමග "ගූගල් ඩ්‍රියිව්"  සේවය ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙත මුදා හැරීම ඇරබූ බව. ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ අමතර මිලදී ගැනීම් ඔස්සේ ටෙරා බයිට 16 දක්වා තම දත්ත ගබඩා පහසුව පුලුල් කර ගත හැකි වන බවයි. රදවන දත්ත ගොනු  ජීමේල් හා ගූගල්+ ඔස්සේ පහසුවෙන් අනකුන් හා බෙදා හදා ගැනීමට හැකිවනු ඇති බවත් ඇප්ස් ආධාරයෙන්ද මෙම භාවිතාවන් කල හැකි බවත් ඔවුන් පවසා සිටියා.   PCs, Macs and Android   සදහා දැනට මෙම ඇප්ස් සහය වන බවත්  iOS  සදහා නුදුරේදීම මෙම පහසුව නිකුත්වන බවත් එහි සටහන් වනවා.ගූගල් ඩොක්ස් මත මෙම පහසුව වැඩි දියුනු කිරීමක් ලෙසට පිහිටවෙන අතර ඩෙස් ටොප් මත සිටම පහසුවෙන් ගොනු හුවමාරු කිරීමට සහය වන ලෙස සේවය නිමව ඇති බවටයි පැවසෙන්නේ. පහත දැක් වෙන සබැදියාව ඔස්සේ ඔබටත් මෙම පහසුව සදහා අයදුම් කල හැකි වනු ඇත

https://drive.google.com/start?authuser=0#home

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...