2012-04-11

වින්ඩෝස් ආකෘතියේ ප්‍රති නිර්මාණය......


වින්ඩෝස් 8 යනු මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධතියයි. තවමත් පෙර බීටා මට්ටමේ සංස්කරනයක් පමනක්  නිකුත්කර ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ ගුනාංග ගැන මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටින්නේ එය සාම්ප්‍රධායික වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නැවත නිර්මාණය කිරීමක් ලෙසටයි.සාම්ප්‍රධායික ඩෙස්ටොප් ආකෘතිය මූලිකව නිර්මානයවී තිබූ පෙර මෙහෙයුම් පද්ධතිවලින් වින්ඩෝස් 8 බොහෝ සෙයින් වෙනස් වනයුරු දැනට මත බොහෝ දෙනාගේ කථාබහට ලක්ව ඇත.මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ ටැබ්ලට්  පරිගණකය වින්8 වල මූලික ඉලක්කය වන බවයි. වින්8 පෙර සංස්කරනයක් භාවිතාකරන අයෙකුව එය වඩාත් හොදින් පැහැදිලිවන අවස්ථාවක් වන්නේ මෙම මෘදුකාංගය ස්ථාපනය කොට පාරිගණකය පනගන්වනවිටදී පෙර සංස්කරන වලදීමෙන් ටාස්ක්බාරය , ස්ටාර්ට් බටනය ආදී දෑ සහිත ඩෙස්ක්ටොප් එක වෙනුවට සජීවී ටයිල්ස් වලින් සමන්විත මෙට්‍රෝ ආකාරයේ මුහුනතක් වෙත ගමන් කිරීමෙනි. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 වල (නිල ලෙස) භාවිතකරුවා හමුවන්නේ මෙම මුහුනත මතදී වන මුත් සාම්ප්‍රධායික ඩෙස්ටොප් යන්ත්‍රවලදී අවශ්‍ය නම් හුරුපුරුදු ඩෙස්ටොප් එක වෙත යාහැකි බවයි.පැරනි ඩෙස්ටොප් එකකදී මෙන් නොව මෙම ටයිල්ස් සජීවීව යාවත්කාලීනයන් ස්වංක්‍රීයව සිදුකරගමින් භාවිතයට සූදානම්ව තිබීම වඩා ලංවනුයේ වින්ඩෝස් 7 දුරකථන මෙහෙයුම් පද්ධතියට බවයි .
                                                වින්ඩෝස් 8 අප වෙතට ගෙන එන්නට පොරොන්දුවන්නේ හුදු දෘෂ්‍ය වෙනස්කම් කිහිපයක් නොවන බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.වැඩි ආරක්ශක උපංක්‍රම , භාවිතකාලය ආරම්භය මෙන්ම අවසානයේ වේගවත් බව , ස්වභාවයෙන් හුදකලා පරිගණකයක් මුත් අවශ්‍ය නම් ජාලයන් සමග සම්බන්ද විය හැකියයි වෙනුවට ස්වභාවයෙන් සම්බන්දිත වන මුත් අවශ්‍යනම් හුදකලා පරිගණකයක් ලෙසට භාවිතකල හැකි බව , ක්ලවුඩ් සහය ඔස්සේ උපකරන කිහිපයක් සමග උවත් සුපුරුදු භාවිතාකරන්නාගේ අන්‍යතාවය පවත්වාගෙන යාමට හැකිවීම , ජංගම උපකරන වලදී මෙන් නිරන්තර භාවිතයට සූදානමින් සිටින ස්වභාවය වැඩියෙන් ඉස්මතුව තිබීම ඉන් සමහරක් පමනී.
(දැනට නිර්මානය වෙමින් පවතින ප්‍රධාන වෙබ් අඩවියේ වින්ඩෝස්8 පි‍ටුව ඔස්සේ ඉදිරියේශී  වැඩිදුර විස්තර ලබාගත හැකි වන බව කරුනාවෙන් සලකන්න...)

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...