2012-04-21

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට..........


සටහනක් නොතබාම ගලාගිය දිගුකාලයකට පසුව නැවත ආශ්‍රමය වෙතට පැමිනුනෙමි. ආශ්‍රමය වෙත පැමිනෙන්නන් අතරින් කලාතුරකින් අයෙකුට ලැබෙන අවස්ථාවක් වන්නේ ආශ්‍රමයේ බට හිර බෑවුමෙන් ගලයන ගංගාවෙන් ඔබ්බට වන ගැබුරු වන පියසේ භාවනාව සදහා අවස්ථාවක් ලැබීමය. බියකරු වන සතුන් අදුරු ඝන වන පියස අතරින් ගොස් එම කදුමුදුනතට වන්නට තැනින් තැන පිහිටි විශාල ගල් පියසක පලතුරු , පිරිසුදු ජලය  හා භාවනාව අතරින් ගලා ගිය දිගුකාලයේ  සටහන් එකතු වන්නේ සමාජීය සංකල්ප මත ඉදිවන දෛනික ජීවිතයට නොවේ. ජීවිතයෙන් ජීවිතයට ගලා ආ  සියුම්  පුරුදු පුරුදු ගොන්න ඔබ වෙත නිරාවරනය වෙන්නට වෙන්න්ට පටන් ගනී. ඇත්තෙන්ම ඔබට ඔබ නිරාවරනය වන්නට පටන්ගනී. විටක එය දැරිය නොහැකි තරමේ අත්දැකීමකි.ආරම්භයේදී නම් ඔබ බොහෝ විට අපහසුවට පත්වනු ඇත.
                                       භාහිර කලබලයෙන් වසා ගෙන සිටින ඔබගේ අභ්‍යන්තර කලබලය සැබෑවට තේරුම් ගැනීමේ දුර්ලභ අත්දෑකීම මුලින් හමු වන විට ඇති වන කැලබීම දරා සිටින්නට තරමේ සියුම් ශාන්ති බවක් මනස හුරු පුරුදුකර ගෙන සිටිය ඇත්තෙක් නම් ඔබ ඊලගට පිවිසෙන්නේ ආපසු නො එන ගැබුරු අධ්‍යාත්මික මාවත ඔස්සේ ඉදිරියටය. ක්‍රමයෙන් ඔබගේ රිද්මය තුනී වනු දැනෙන්නට පටන් ගනී. නොයෙකුත් වියතුන් මෙන්ම බොරුකාරයන් විවිද අලංකාර එක්කරමින්  සටහන් තබා ඇති සැබෑ නිවීමේ පහන් බව යාන්තමින් ඔබේ ජීවිතය මතට දැනෙන්නට පටන් ගැනෙනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...