2013-02-07

තවත් බොට්නෙට් ජාලයක් අද බිඳ දමන්නට නියමිතය...



මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කොට සිටිනවා අද දිනයේ ඇමරිකානු රජ්‍ය ආයතනයක් හා ආරක්ශම මෘදුකාංග සමාගමක සහය ඇතිව තවමත් ක්‍රියාත්මකවෙමින් ඇති ප්‍රකට බොට්නෙට් ජාලයක් අඩ්පන කරන්නට කටයුතු කරන බව. Bamita ලෙසින් නම් වන මෙම බොට්නෙට් ජාලය වර්ජිනියා හා නිව් ජර්සි ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන මෙම ජාලය ඔස්සේ ආසාදනය කරන ලද පරිගණක වෙනත් වෙබ් අඩවි වෙතට යොමුකරවමින් හා භාවිතා කරන්නා නොමග යවමින් වෙළද දැන්වීම් ක්ලික් කරවීම ආදී නිති විරෝදී කටයුතු බොහොමයක් ගැන තමන් සතුව දත්ත ඇති බවටයි ආයතනය පවසන්නේ.
                                          ආයතනය භාවිතාකරන්නන් වෙත පවසා සිටින්නේ දැනටමත් මෙම ජාලය ආශ්‍රිතව තම පරිගණකය ආසාධිත තත්වයක ඇත්නම් ඔවුනගේ බ්‍රවුසරයන් නැවත මයික්‍රසොෆ්ට් වෙබ් අඩවිය වෙත යොමුකරවනු ඇති බවත් ආසාධිත තත්වය ගැන පැහැදිලි කිරීමක් මෙන්ම එම ආසාධනයන් තම පරිගණකයෙන් ඉවත්කර ගන්න ආකාරය ගැන පැහැදිලි කිරීමක්ද ලබා දෙනු ඇති බවත්ය.
 
 


CAPTCHA භාවිතය අත්හැරමෙන් පවතී....


අන්තර්ජාල භාවිතයේදී යම් තීරනත්මක තැන් වලදී පරිගණකය ඔබෙන් අසන ප්‍රශ්නයක් ඇත. එනම් ඔබ මිනිසෙක්ද යන්නය. එහෙත් එය කෙලින ඔබගෙන් නොවිසනමුත් පරිගණකයක් වැනි යාන්ත්‍රික ක්‍රියාවලියකට ඉ‍ටුකල නොහැකිමුත් මිනිසෙකුට පමනක් ඉ‍ටුකලහැකි කියවා තේරුම් ගෙන ලබාදී ඇති අවකාශයක නැවත සටහන් කලයුතු අක්ශර කිහිපයක් ලබාදීමයි.බාගත කිරීම් ලබා දෙන වෙබ් අඩවි මෙන්ම පෞද්ගලික ගිනුම් සපයන වෙබ් අඩවි සදහා මෙවැනි ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ මෘදුකාංග ඇසුරින් සකස් කරනු ලබන යාන්තරනයක් ඔස්සේ එම ගිනුම් වෙත පිවිසෙමින් අනවශ්‍ය තදබදයක් එම අඩවි මතට පැමිනීම වැලැක්වීම සදහාය.
                                    භාවිතාකරන්නන් සමහර විටකදී අපහසුවට පත්කරවන මෙම ක්‍රමවේදය ක්‍රමයෙන් භාවිතයෙන්  ගිලිහීම ඇරබී ඇති බවටයි විචාරකයින් පවසන්නේ. සමහර අවස්ථාවලදී භාවිතාකරන්නාහට එම සැකසුමේ "රෙප්‍රෙශ්" බටනය ඔස්සේ නව අක්ශර පෙලක් ඉල්ලා සිටින්නට වන්නේ අධික සංකීර්න ලෙසට එම අක්ශර වෙනස් හැඩතල ගන්වා ඇති නිසාය. ක්‍රමයෙන් වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් විකල්ප ක්‍රමවේද කරා නැබුරුවෙමින් සිටින බවට වාර්ථා වෙන අතර ප්‍රකට කරුනක් ආශ්‍රිතව විමසන ගැටලුවකට පිලිතුර තේරීම හෝ සටහන් කිරීම කුඩා කොටස් කිහිපයක් පුරවා සාම්පල් චිත්‍රය සම්පූර්න කිරීම ආදිය මේ වන විට වැඩි භාවිතාවකට පැමිනෙමින් ඇති බවටයි සටහන් වන්නේ.




දෘඩ තැටියේ ඉඩකඩ ඉතිරිකර ගන්නට සහය වන මෘදුකාංගයක්.....


පරිගණකයේ දෘඩ තැටිය මහ සමහර විටක එකම ගොනුව කිහිප තැනක තැන්පත්ව සිටිමින් ඔබගෙන් විශාල ඉඩක් සොරා ගෙන සිටින බව ඔබ නොදන්නවා විය හැක. clutter ලෙසින් නම් වන මෙම ක්‍රියාවලිය පාලනය කිරීම සදහා මෙම මෘදුකාංගයේ නොමිළේ භාවිතා කල හැක.ඔවුන් පවසන්නේ මෙම නව සංස්කරනය සමග සංගීත ගොනු චලන පට මෙන්ම අවුට්ලුක් ඊමේල ෆෝල්ඩරය වෙත තැන්පත්වන එක සමාන ඊමේලයන් පවා හදුනා ගෙන ඒවා ඉවත්කර දමන්නට සහය වනු ඇති බවය.
 

 

ගිගා බයිට 50ක "ඔන්ලයින්" ඉඩක් නොමිළේ.........


අනවසර දත්ත ගොනු බෙදා හැරීමේ චෝදනාව ඔස්සේ පසුගිය කාලයේ ඇමරිකානු බලධාරීන්ගේ උදහසට ලක්වූ මෙගා අප්ලෝඩ් "ඔන්ලයින් " දත්ත ගබඩා අඩ්විය දැන් නවාංග කිහිපයක් සහිතව මෙගා නමින් දැන් ක්‍රියාත්මක බවටයි සටහන් වන්නේ. තම තරග කරුවන්ට වඩා වැඩි ගුනයක එනම් ස්කයි ඩ්‍රයිව් මෙන් හත් ගුනයක්ද ඩ්‍රොප් බොක්ස් මෙන් විසිපස් ගුනයක්ද නැතිනම් ගිගා බයිට 50ක අවකාශයක් භාවිතකිරීමේ අවස්ථාව ‍රැගෙන හා එන්ක්‍රිප්ට් ආකාරයෙන් ගොනු ආරක්ශා කිරීම සහිතව නව සේවාව ලබා දෙන බවටයි සටහන් වන්නේ. ඔබ හා ඔබ විසින් ආරධනා කරනු ලබන්නන් හට පමනක් භාවිතාකිරීමට අවසර ලබෙන මෙම නව සේවාව හා සම්බන්ද වන මොහොතේ ඔබ ලබා දෙන අවසර පදය අහිමි වුව හොත් නැවත එම ගිනුමට ඇතුලුවීමේ අවස්ථාව අහිමිවීමේ අනතුර පිලිබදවද ඔවුන් අවධාරනය කර සිටිනවා.

http://siriwansa.com/WEBSITES.php
   
                                      

මයික්‍රසොෆ්ට් සදහා sign up හා sign in කවුලූන් වෙනස්වේ.....



මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් සදහා වූ sign in හා sign up සදහා වන කවුලූන් නවීන උපාංග සදහා වඩාත් ගැලපෙන සේ "යලි සැකසිමට" තමන් තීර්නය කර ඇති බවකි. ක්ලවුඩ් මූලික නව ක්‍රියවලිය අලුතින් හදුන්වා දුන් Office 365 Home Premium සංස්කරනය සමග ක්‍රියාත්මක වනු ඇති බවටයි පැවසෙන්නේ. දවසේදී එක උපාංගයකට වඩා භාවිතාකිරීම නිස නැවත නැවත තම ගිනුමට  ඇතුලුවීමේ ක්‍රියාවලිය අවම කිරීම හා සාම්ප්‍රාධායිකව වූ බ්‍රවුසරය ඔස්සේ පැමිනීමේ දී වන ප්‍රමාදයන් අවම කිරීම මෙම නව යුසර් ඉන්ටර්ෆේසය සමග බලාපොරොත්තු වන කාරනා බවටයි ආයතනය පවස  සිටින්නේ. තවමත් සම්පූර්නයෙන් මුදා හැරනැති මෙම නවාංගය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටද අත්විදිය හැකි වනු ඇත.
http://login.microsoftonline.com/optin.srf

 


2013-02-06

ෆේස්බුක් එක අතකින් ඔබ සනසයි, තව අතකින් ඔබව විකුනයි?????



ඇත්තෙන්ම ඒක ද්විතීක ක්‍රියාවක්. එක් දෙසකින් හරිම ධනාත්මකයි. අපූරු අත්දැකීමක් ගෙනෙන සුලුයි. තවත් දෙසකින් අනුකම්පා විරහිතයි.හැකි හැම අයුරකින්ම ඔබව අලවි කරන්නට තමයි සුදානම්  වෙන්නේ. මම කියන්න යන්නේ මේ වන විට ලොව වැඩිම භාවිතාවක් ඇති සමාජ ජාලා අඩවිය වන භාවිතාකරන්නන් බිලියනය ඉක්මව ඇති ෆේස්බුක් සමාගමෙන් මෑතකදී හෙලිවූ කරුනක් ගැනැයි.ෆේස්බුක් ආයතනය මේ දවස්වල ස්මාර්ට් මට්ටමේ දුරකථන සදා ඇප්ලිකේෂන් එකක් නිර්මානය කරමින් පවතිනවා.ඔවුන් පවසන්නේ එම ඇප්ලිකේෂනය ඔබගේ දුරකථනයට ස්ථාපනය කලාම ඒක ක්‍රියාත්මක කලත් නැතත්සිදුවන දේ තමයි ඔබ ඒ මොහොතේ සිටින ස්ථානය පිලිබද අවධානයෙන් සිටීම.එසේ සිටිමින් ඔබට ලබා දෙන පහසුව තමා ඔබ අවට සිටින ඔබේ ෆේස්බුක් මිතුරන් පිලිබදව ඔබව දැනුවත් කරන එක.
                                              මේ දිනවල ෆේස්බුක් වෙත එල වෙමින් ඇති දැඩි විවේචනයක් තමයි භාවිතාකරන්නාව සීමාව ඉක්මවා හදාරන්නට අවස්ථාවක් ලබා ගැනීම. ඔහු යන එන කරන කියන දේ පිලිබදව මෙලෙස එකතුවන දත්ත වෙළඳ වටිනාකම උපක්ක්‍රමශීලීව යොදා ගනිමින් විශාල ධනයක් ඉපදවීමට යොදා ගැනීම අසාධාරන බවටයි ඔවුන් පවසන්නේ. එලබෙන මාර්තුවේ නිකුත්වීමට නියමිත මෙම ඇප්ලිකේෂනය කෙරෙහි දැඩි විරෝධයක් ඔවුන් දක්වමින් සිටිනවා.
-නන්නාදුනන දේශකයාගේ වාචික සටහනකින් උපුටනයක්-

2013-02-05

වින්ඩෝස් 8 වෙත නවකයන් පහසුවෙන් හුරුවෙමින් සිටී... -මයික්‍රසොෆ්ට් පවසයි-



වින්ඩෝස්8 යනු ඔබ සිතනා තරමේ ආගන්තුකයෙකු නොවේ. මයික්‍රසොෆ්ට් ආයතනයට මේ බව නැවත නැවත පවසන්නට ඇති උවමනාව ඇත්තෙන්ම වෙළද කාරනයක්ම පමනද? විචාරකයින් විමසමින් සිටිනවා.ඇත්තෙන්ම  "මොඩර්න් යුසර් ඉන්ටර්ෆේස්" එක සංකීර්න බවින් වැඩි අත්දැකීමක්ද. සමහර විට වඩා සංකීර්න භාවිතාවකට හුරුව සිටින ඔබට එහි ඇති සරල බව අපහසුවක් ගෙනෙනවාද? විවිධ මත පලවෙමින් තිබේ.
                              ආයතනය පවසන්නේ නව භාවිතාකරන්නන්ගෙන් සියයට පනහක් පමනම වින්8 සමග වන පලමු හමුවේදී ප්‍රථම විනාඩි 5 තුලදී ආගන්තුක බවින් මිදෙන්නට හැකිවන බවයි. පලමු දිනය අවසන් වන විට සියල්ලන්ම පාහේ ඇප් එකක් ක්‍රියාත්මක කරවන්නට ඩෙස්ක් ටොප් එක වෙත යන්නට චාර්ම් බාරය හදුනා ගන්නට සමත් වන බවයි.එම නව භාවිතාකරන්නන්ගෙන් භාගයක් පමනම පලමුදිනය තුලදී ඇප්ස් ස්ටෝර්ව වෙත යන්නට හුරු පුරුදු වන අතර පලමු දෙසතිය වන විට ඔවුනගෙන් බහුතරයක් තම ස්ටාර්ට් ස්ක්‍රීනය මත ඇති ටයිලයන් ප්‍රමානය දෙගුනයක් කරගන්නට පෙලබෙන බවටයි සටහන් වන්නේ.ආයතනය පවසන්නේ සජීවී ටයිලයන් භාවිතාකරන්නන් වෙත මහත් පහසුවක් ගෙනෙන අතර ගෙවී ගිය ජනවාරි මාසයේ මුල් භාගයවන විට එම ටයිලයන් වෙත පැමින ඇති තොරතුරු යාවත්කාලීනයන් ප්‍රමානය බිලියන 45ක් පමන වන බවයි.ආයතනය පවසන්නේ මේ වන විට වින්ඩෝස් 8 බලපත්‍ර මිලියන 60ක් අලවි කර ඇති බව වන අතර වින්8 ඇප්ස් ස්ටෝර්ව වෙතින් ඇප්ස් බාගත කරගැනීම් මිලියන 100 ඉක්මවා ගොස් ඇති බවයි.

ෆේස්බුක් තම 9 වන වසර සපුරයි - සුබ උපන්දිනයක් ෆේස්බුක්-


ෆේස්බුක් තම නමවන වසර සම්පූර්න කර ඇති බවටයි සටහන් වන්නේ. දැනට බිලියනයකට වඩා භාවිතාකරන්නන් පිරිසක් දිනාගෙන ඇති මෙම වෙබ් අඩවිය 2004 පෙබරවාරි 4 මාර්ක් සකර්බර්ග් ඇතුලු කිහිපදෙනෙකුගේ එකමුතුවෙන් "Thefacebook" නමින් ඇරබි බවටයි පැවසෙන්නේ.පලමු මාසය තුලදීම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසෙන් අඩකට වඩා එහි  ගිනුම අරබවා ගන්නට සමත්වූ මෙම සමාජ ජාලා අඩවිය සකර්බර්ග් මහතා වෙත බිලියන ගනනක් ‍රැගෙන එන්නට සමත්විය. මුලින්ම හාවර්ඩ් වෙත පමනක් විවෘත වූ මෙම අඩවිය පසුව ඒ හා අවට ඇති අධ්‍යාපන ආයතන වෙතද විවෘත වූ අතර අනතුරුව ලොවපුරා භාවිතයට විවෘතවූ බවටයි සටහන් වන්නේ.

ඇන්ඩ්‍රොයිඩ් ඔස්සේ පරිගණකවෙත පැමිනෙන හානිකරයක් හදුනා ගැනේ...



ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි  ආයතනය පවසන්නේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා සහය මෘදුකාංගයක් ලෙසට පවසමින් හැසිරෙන Superclean හා  DroidCleaner ඇප් මෘදුකාංගයන් එම දුරකථන ඔබගේ පෞද්ගලික් පරිගණක වෙත සම්බන්ද කල විට එහි "ඔටෝ රන්" ක්‍රියාකාරීත්වය හරහා පරිගණකය වෙත ස්ථාපනයවී ඔබ පරිගණකය සමග ඔඩියෝ ආකාරයට සිදුකරන සියලු ක්‍රියා කාරකම් පටිගත කරමින් එම මෘදුකාංගය හසුරවන්නන් වෙත රහසිගතව යැවීමේ කේයාදාමයක් තමන් හදුනා ගෙන ඇති බවකි.කැස්පර් ආයතනය පවසන්නේ ආසාධනය වන පරිගණකය හරහා දුරකථනයන් වෙත හානි පමුනවන මැල්වෙයා ආකාරයේ මෘදුකාංග මින් පෙර හමුව ඇති මුත් ප්‍රථම වතාවට දුරකථනය හරහා පරිගණකය ආසාධනය කරමින්  පරිගණකයට හානි පමුනවන මෘදුකාංගයක් හමුවූ මුල් වතාව මෙය වන බවයි.තවමත් හැදෑරමින් පවතින මෙම තත්වය ගැන එම ආයතනය පවන්නේ  පරිගණකයේ "ඔටෝ රන්" උපාංගය අක්‍රියව තැබීම මෙන්ම මෙහෙයුම් පද්ධති නිවැරදිව යාවත්කාලීනකර තැබීම වැදගත් වන බවයි.

2013-02-04

මයික්‍රසොෆ්ට් හා ගූගල් ඉදහිට හෝ මිතුරෝද වෙති....



ඇමරිකානු රාජ්‍ය ආයතනයක යෝජනාවක් වන විශාල නාගරික මෙන්ම පිටපලාත් ආවරනය වන පරිදි නොමිලේ ක්‍රියාත්මක වන වයි-ෆයි ජාලාවන් ගොඩ නැගීමේ සැලස්ම තුලදී මයික්‍රසොෆ්ට් ආයතනය මෙන්ම ගූගල් ආයතනය එක්ව වැඩකිරීමේ එකගතාවය හොදින් පවතින බවටයි වාර්ථා පවසන්නේ. වෙබ් මූලික සේවා රාශියක හිමිත්වය දරන ගූගල් ආයතනය මෙන්ම ක්‍රමයෙන් වඩ වඩාත් අන්තර්ජාලය මිත්‍ර සේවා සදහා පිවිසෙමින් සිටින මයික්‍රසොෆ්ට් ආයතනයද භාවිතාකරන්නන් වඩවඩාත් අන්තර්ජාලයට සම්බන්ද වීම වැදගත් කොට සැලකීම මෙයට හේතුව බවටයි සැලකෙන්නේ. ඔෆ්‍ෆිස් නවසංස්කරනය සමග "ඔන් ලයින්" ආකාරයේ ක්ලවුඩ් මූලික ඔෆ්‍ෆිස් භාවිතාවක්ද මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා හදුන්වාදුන් අතර වැඩි වැඩි යෙන් දත්ත උපකරන අන්තර්ජාලගතවීමේ හැකියාව වැඩිවීම එම සේවාවන් භාවිතයට වැඩි වැඩියෙන් භාවිතාකරන්නන් පොලබවා ගැනීමට හොද සාධකයක් වනු ඇති බවටයි විචාරක මතය වෙමින් ඇත්තේ.

වින්7 භාවිතය අවම වෙමින් වින්8 භාවිතය ඉහලයාම ඇරබේ.....


පලවන වාර්ථා පවසන්නේ ප්‍රථම වතාවට සමස්ථ ලොව භාවිතය තුල වින්ඩෝස් 7 භාවිතාවන ප්‍රතිශතය පහල වැටීම ගෙවී ගිය ජනවාරියේ සිට ඇරබී ඇති බවයි. ගෙවීගිය වසරේ දෙසැම්බරයේ සටහන් වුනු 45.11% ජනවාරි මාසයේදී 22.48% දක්වා අඩුවීමක් ලෙසට ගනනය වෙමින් පවතින බවටයි සටහන් වන්නේ.ගෙවී ගිය දෙසැම්බරයේ 5.6% ලෙසින් වූ විස්ටා භාවිතය ජනවාරියේදී 5.24% ලෙසට පහත වැටෙමින් අවම වීමක් වාර්ථා කල අතර එක්ස් පී භාවිතය 0.43%ක අවම වීමක් වාර්ථා කරමින් සිටින බවටයි පැවසෙන්නේ. වින්ඩෝස් භාවිතය ගෙවී ගිය දෙසම්බරය වන විට භාවිතයේ සිට 0.66%ක වර්ධනයක්  පෙන්වමින් ජනවාරි වන විට 2.36%ක භාවිත ප්‍රථිශතයක් වාර්ථා කරන බවටයි සටහන් වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...