අන්තර්ජාල භාවිතයේදී යම් තීරනත්මක තැන් වලදී පරිගණකය ඔබෙන් අසන ප්‍රශ්නයක් ඇත. එනම් ඔබ මිනිසෙක්ද යන්නය. එහෙත් එය කෙලින ඔබගෙන් නොවිසනමුත් පරිගණකයක් වැනි යාන්ත්‍රික ක්‍රියාවලියකට ඉටුකල නොහැකිමුත් මිනිසෙකුට පමනක් ඉටුකලහැකි කියවා තේරුම් ගෙන ලබාදී ඇති අවකාශයක නැවත සටහන් කලයුතු අක්ශර කිහිපයක් ලබාදීමයි.බාගත කිරීම් ලබා දෙන වෙබ් අඩවි මෙන්ම පෞද්ගලික ගිනුම් සපයන වෙබ් අඩවි සදහා මෙවැනි ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ මෘදුකාංග ඇසුරින් සකස් කරනු ලබන යාන්තරනයක් ඔස්සේ එම ගිනුම් වෙත පිවිසෙමින් අනවශ්‍ය තදබදයක් එම අඩවි මතට පැමිනීම වැලැක්වීම සදහාය.
භාවිතාකරන්නන් සමහර විටකදී අපහසුවට පත්කරවන මෙම ක්‍රමවේදය ක්‍රමයෙන් භාවිතයෙන් ගිලිහීම ඇරබී ඇති බවටයි විචාරකයින් පවසන්නේ. සමහර අවස්ථාවලදී භාවිතාකරන්නාහට එම සැකසුමේ "රෙප්රෙශ්" බටනය ඔස්සේ නව අක්ශර පෙලක් ඉල්ලා සිටින්නට වන්නේ අධික සංකීර්න ලෙසට එම අක්ශර වෙනස් හැඩතල ගන්වා ඇති නිසාය. ක්‍රමයෙන් වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් විකල්ප ක්‍රමවේද කරා නැබුරුවෙමින් සිටින බවට වාර්ථා වෙන අතර ප්‍රකට කරුනක් ආශ්‍රිතව විමසන ගැටලුවකට පිලිතුර තේරීම හෝ සටහන් කිරීම කුඩා කොටස් කිහිපයක් පුරවා සාම්පල් චිත්‍රය සම්පූර්න කිරීම ආදිය මේ වන විට වැඩි භාවිතාවකට පැමිනෙමින් ඇති බවටයි සටහන් වන්නේ.