2013-02-05

වින්ඩෝස් 8 වෙත නවකයන් පහසුවෙන් හුරුවෙමින් සිටී... -මයික්‍රසොෆ්ට් පවසයි-



වින්ඩෝස්8 යනු ඔබ සිතනා තරමේ ආගන්තුකයෙකු නොවේ. මයික්‍රසොෆ්ට් ආයතනයට මේ බව නැවත නැවත පවසන්නට ඇති උවමනාව ඇත්තෙන්ම වෙළද කාරනයක්ම පමනද? විචාරකයින් විමසමින් සිටිනවා.ඇත්තෙන්ම  "මොඩර්න් යුසර් ඉන්ටර්ෆේස්" එක සංකීර්න බවින් වැඩි අත්දැකීමක්ද. සමහර විට වඩා සංකීර්න භාවිතාවකට හුරුව සිටින ඔබට එහි ඇති සරල බව අපහසුවක් ගෙනෙනවාද? විවිධ මත පලවෙමින් තිබේ.
                              ආයතනය පවසන්නේ නව භාවිතාකරන්නන්ගෙන් සියයට පනහක් පමනම වින්8 සමග වන පලමු හමුවේදී ප්‍රථම විනාඩි 5 තුලදී ආගන්තුක බවින් මිදෙන්නට හැකිවන බවයි. පලමු දිනය අවසන් වන විට සියල්ලන්ම පාහේ ඇප් එකක් ක්‍රියාත්මක කරවන්නට ඩෙස්ක් ටොප් එක වෙත යන්නට චාර්ම් බාරය හදුනා ගන්නට සමත් වන බවයි.එම නව භාවිතාකරන්නන්ගෙන් භාගයක් පමනම පලමුදිනය තුලදී ඇප්ස් ස්ටෝර්ව වෙත යන්නට හුරු පුරුදු වන අතර පලමු දෙසතිය වන විට ඔවුනගෙන් බහුතරයක් තම ස්ටාර්ට් ස්ක්‍රීනය මත ඇති ටයිලයන් ප්‍රමානය දෙගුනයක් කරගන්නට පෙලබෙන බවටයි සටහන් වන්නේ.ආයතනය පවසන්නේ සජීවී ටයිලයන් භාවිතාකරන්නන් වෙත මහත් පහසුවක් ගෙනෙන අතර ගෙවී ගිය ජනවාරි මාසයේ මුල් භාගයවන විට එම ටයිලයන් වෙත පැමින ඇති තොරතුරු යාවත්කාලීනයන් ප්‍රමානය බිලියන 45ක් පමන වන බවයි.ආයතනය පවසන්නේ මේ වන විට වින්ඩෝස් 8 බලපත්‍ර මිලියන 60ක් අලවි කර ඇති බව වන අතර වින්8 ඇප්ස් ස්ටෝර්ව වෙතින් ඇප්ස් බාගත කරගැනීම් මිලියන 100 ඉක්මවා ගොස් ඇති බවයි.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...