ඇත්තෙන්ම ඒක ද්විතීක ක්රියාවක්. එක් දෙසකින් හරිම ධනාත්මකයි. අපූරු අත්දැකීමක් ගෙනෙන සුලුයි. තවත් දෙසකින් අනුකම්පා විරහිතයි.හැකි හැම අයුරකින්ම ඔබව අලවි කරන්නට තමයි සුදානම් වෙන්නේ. මම කියන්න යන්නේ මේ වන විට ලොව වැඩිම භාවිතාවක් ඇති සමාජ ජාලා අඩවිය වන භාවිතාකරන්නන් බිලියනය ඉක්මව ඇති ෆේස්බුක් සමාගමෙන් මෑතකදී හෙලිවූ කරුනක් ගැනැයි.ෆේස්බුක් ආයතනය මේ දවස්වල ස්මාර්ට් මට්ටමේ දුරකථන සදා ඇප්ලිකේෂන් එකක් නිර්මානය කරමින් පවතිනවා.ඔවුන් පවසන්නේ එම ඇප්ලිකේෂනය ඔබගේ දුරකථනයට ස්ථාපනය කලාම ඒක ක්රියාත්මක කලත් නැතත්සිදුවන දේ තමයි ඔබ ඒ මොහොතේ සිටින ස්ථානය පිලිබද අවධානයෙන් සිටීම.එසේ සිටිමින් ඔබට ලබා දෙන පහසුව තමා ඔබ අවට සිටින ඔබේ ෆේස්බුක් මිතුරන් පිලිබදව ඔබව දැනුවත් කරන එක.
මේ දිනවල ෆේස්බුක් වෙත එල වෙමින් ඇති දැඩි විවේචනයක් තමයි භාවිතාකරන්නාව සීමාව ඉක්මවා හදාරන්නට අවස්ථාවක් ලබා ගැනීම. ඔහු යන එන කරන කියන දේ පිලිබදව මෙලෙස එකතුවන දත්ත වෙළඳ වටිනාකම උපක්ක්රමශීලීව යොදා ගනිමින් විශාල ධනයක් ඉපදවීමට යොදා ගැනීම අසාධාරන බවටයි ඔවුන් පවසන්නේ. එලබෙන මාර්තුවේ නිකුත්වීමට නියමිත මෙම ඇප්ලිකේෂනය කෙරෙහි දැඩි විරෝධයක් ඔවුන් දක්වමින් සිටිනවා.
-නන්නාදුනන දේශකයාගේ වාචික සටහනකින් උපුටනයක්-