2011-05-31

ඉන්ටෙල් ආයතනයෙන් නවතම හදුන්වාදීම් දෙකක්

ඉන්ටෙල් ආයතනයෙන් නිකුත්වූ පුවතකින් කියවෙන්නේ තම නවතම හදුන්වාදීම් දෙකක් නෝට් බුක් හා නෙට්බුක් පරිගනක චිප් පත් සමග හදුන්වාදීමට සූදානම් බවයි. හදුන්වාදීම් පටයකින් කියවුනේ   නින්ද්‍රා තත්වයේ සිට නැවත් වේගවත් අවදියක් පරිගනකයට ලබා ගැනීමට හැකියාව උදා කරවන තාක්ශනය  ඉන් පලමුවන්න බවයි. ප්ලැෂ් මට්ටමේ මතකයක සිට මෙම තොරතුරු, සමහරවිටක බැටරිය ගලවා සවිකිරීමකින් පසුව උවද නැවත ලබා ගැනීමේ හැකියාවතුලින් මෙම පහසුව උදා වෙන බවයි. තප්පර 5-6 අතර කාලයකදීපරිගනකය නැවත අවදි කරවා ගැනීමකට භාවිතා කරන්නන්ට අවස්තාවක් ලැබෙන බවයි කියවෙන්නේ.
                                                        අනෙක් හදුන්වාදීම "ස්මාර්ට් කනෙක්ට් ටෙක්නොලොජි" ලෙස හදුන්වා දී තිබෙනවා. සූදානම් තත්වයේ තබන ලද පරිගනකයක් නිශ්චිත කාල පරසයකට වරක් ස්වංක්‍රීයව අවදිවෙමින් ඔබ සදහා ඊමේල් හෝ ‍ටුවිටර් වැනි සේවා ඔස්සේ ඔබ වෙත අලුත් යොමුවීම් ඇත්දැයි සොයාබලන අතර තොරතුරු ඇත්නම් අදාල මතක ගොනු යාවත්කාලීන කරගෙන නැවත සූදානම් තත්වයට ස්වංක්‍රීයව "සූදානම්" තත්වය කරා නැවත පැමිනීම මෙම හදුන්වා දීම වනු ඇති බවයි සටහන් වන්නේ. මෙම අංගයන් "සැන්ඩි බ්‍රිජ්" ලෙස නම් කරන ඉන්ටෙල් හි "කෝර් ප්‍රොසෙසර්වල" දෙවන පරම්පරවේ ප්‍රොසෙසර් සමග මෙම වසර අවසානයේ පමන වන විට  වෙලද පොලට හදුන්වා දෙන්නට බලාපොරොත්තු වන බවයි කියවෙන්නේ.

උදා නොවන්නේ නම් මොනතරම් හොදදැයි සිතූ දහවල උදාවිය........

බැදීම් මොනතරම් සියුම් දැයි තේරුම් ගත හැකිය. විටක සිත මොනතරම් සට කපටදැයි වැටහෙන විට තමන් ගැනම අසතුටක් සිත තුල උපදින බව වසා ගත නොහැකි තරම්ය. උදැසන සක්මන් මලුව පුරා වැතිර ඇති  පිනිකැට වෙනදා තරම් ගත සිත ප්‍රබෝධමත් නොකරන්නේදැයි සිත තුල සැකයක් මතුවී ඇතිවා විය යුතුය.
         උදා නොවන්නේ නම් මොනතරම් හොදදැයි සිතූ දහවල උදාවිය. ඔහු සමු ගැනීම සදහා මගේ කුටිය වෙතම පැමිනියාය."සමහර විටක අපි යලිත් හමුවේවි,එහෙම නෙවේද?" සුපුරුදු මද සිනාව සමග මගෙන් විමසුවාය. " ඔබ සංසාර ගමනේ මට හමුවූ හොදම අධ්‍යාත්මික මිතුරා, මට හිතෙනවා සංසාර සටහන අවසන් කරන්නට මොහොතකට හෝ පෙර අප නැවත හමුවේවි." උනුසුම් සමු ගැනීමක් පල කරමින් මම පැවසුවෙමි.ඔහුත් සමග නගරය දක්වා යන්නට මගේ සූදානම මම පලකලවිට, සන්සුන්  ස්වරයෙන් මෙම තාවකාලික සමුගැනීමේ අවසාන වචන කිහිපය මිමුනුවේය. "කරුනාකර ඔබෙන් ඈතට යන බැදීමට නිදහසේ යන්නට දෙන්න. ආශ්‍රම කදුපාමුල විසිර ඇති කුබුරු යාය මැදින් කුඩා තිතක් ලෙස මැකීයන මිතුරු බැදීම දෙස බලාසිට ඒ අපූරු දහම් පනිවිඩය වටහා ගන්න, හොදයි ඔබට ආයුබෝවන්"

සයිබර් අවකාශය කියවන්නට............


ඉලෙක්ට්‍රොනිකත්වය ඔබේ ජීවිතය වසාගැනීම නතර කරන්නට ඔබ උත්සාහ කිරීම යනු අනාගතයෙන් සැගවෙන්නට ඔබ මවන සිහිනයක් පමනකි. අනාගතයේ සොදුරු බව අනිවාර්යෙන්ම ඩිජිටල් තාක්ශනය මත්තෙන් බව වලකන්නටනම් තවමත් මිනිස් වර්ගයාට හමු නොවූ වෙනත්ම තාක්ශනයක් හෝ දරුනුම තලයේ පෘතුවි වියසනයකට පමනක් හැකි වනු ඇත. ඔබට දැනෙන ඩිජිටල් වෙහෙස මෙසේ වටහා ගත හැක. ඔබ ගෙවමින් සිටින්නේ මිනිස් වර්ගයාගේ මීලග යුගයට හැඩ ගැසීමේ කාලයයි. මින් මත්තෙන් උදා වෙන්නේ ඩිජිටල් ජීවිතය විදීමේ යුගයයි.............
   {තොරතුරු අවකාශයට ඔවුන් බියවනේය. මක්නිසාදයත් ඔවුන්ගේ සහනශීලී සීමිත බව එය විසින් බිය ගන්වන නිසාය.}
       පරිගණක ලොව නැවුම් පුවත් කියවන්නට.......     www.siriwansa.wordpress.com  
---------------------------------------------------------------------------------------------------------------------------
සයිබර් අවකාශයේ සරන්නන් ගොනු කිහිපයකට වෙන් කල හැක. සයිබර් පුරවැසියන් මින් ප්රධාන තැන ගනු ඇත.ඔවුන් තමගේ සැබෑ නාමයෙන් හෝ කොටසකින් ඇරබෙන ඊමේල් ගිනුමක සිට ප්රොෆයිලයක් නැතිනම් බ්ලොග් අඩවියක් එසේත් නැතිනම් වෙබ් අඩවියක් දක්වා තම සැබෑ අනන්යතාවයරැකගෙන පවත්වාගෙන යන්නෝ වෙති. අනෙකුන් සයිබර් අවකාශය කිලිටි කිරීම තමන්ටත් පහත් ලෙස හැසිරෙන්නෙට බල පත්රයක් ලෙස නොසල කමින් විධිමත් තම සයිබර් අනන්යතාවයරැක ගැනීමට කටයුතු කරයි. මෙම කොටසේ වපසරිය විධිමත් පුද්ගල අනන්යතාවල සිට විධිමත් ආයතන දක්වා විසිර යයි.......... 


             {පරිගනක ලොව නව ප්‍රවනතා විමසුම් ඇසකට.}
                              www.it-tutor.tk

පරිගනක ලොව නව ප්‍රවනතා විමසුම් ඇසකට............

" ඔය බෝඩ් ලැල්ල පසකට දමන්න " ......

ආශ්‍රම ජීවිතයේදී මට හමුවූ ආදරනීයතම මිනිසා, ටිබෙට් ජාතික මිත්‍රයා සමුගෙන යන්නට සූදානම් වෙයි. සෙන් දහම තුල සැගවී ඇති සියුම්  පැති ඔහු මට පහදා දුන්නේ අපූරු ආකාරය කිසිදාකමට අමතක කල නොහැකි වනු ඇත.මා ඔහුගෙන් හැදින ගත් ආකාරයට සෙන් දහම ඔබට ගෙන එන්නේ  වෙනත්ම ආකාරයේ පිවිසීමකි. තේරවාදී ක්‍රමවේදය හුරු මට  එය වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වූ ආකාරය හරිම අපූරුය. වඩාත් ප්‍රායේගික පිලිවලකට ඔහු මා දහම වෙත ගෙන ගියාය. ඔහු මෙහි ආ අලුත සැදෑ සමාලෝචන හමුවකදී ඔහු ඇතැම් දහම් කරුනු හදුන්වාදුන් ආකාරයට මෙහි සිටි බොහෝදෙනා ඔහු වෙත ආකර්ශනය වෙනු දු‍ටු ලාන්කික  මහතෙක් මහත් උරනව ඔහු වෙත දෝශාරෝපනය කරන්නට පටන් ගත්තාය. දිර්ඝ කතවකට පසුව ලොකු ස්වාමීන් වහන්සේ දෙස බැලුවේ තමන් අනුමත කරනු ඇතැයි කියා විය යුතුය. සරල පිලිතුරක් ලැබිනි. " ඔය බෝඩ් ලැල්ල  පසකට දමන්න මහත්මයා" කියා පමනි.

2011-05-29

පිටතට පෙනෙන මිනිසා පිටස්තරයන්ට ඒත්තුගන්වන්නට පමනක් වෙනස් කරගත් පමනින්....

"පිටතට පෙනෙන මිනිසා පිටස්තරයන්ට ඒත්තුගන්වන්නට පමනක් වෙනස් කරගත් පමනින් ඔබ දහමට ඇතුලු වූවෙන් නොවනු ඇත." ඔහු  ඉතා ධනවත් ව්‍යාපාරික මහතෙකු උවාය. ඇවිදින විට සිනසෙනවිට විට පමනක් නොව කවර හැසිරීමකදී උවද සිත්ගන්නාසුලු බවක් පල කලාය. පැමින නොබෝ කලකින්ම ඉඩක් ලත් විට විසුලු කතාවක් කියමින් කාගෙත් සිත් ගන්නට සමත් වූවාය.
        එහෙත් භාවනාව ඔහුට දරා ගත නොහැකි බවක් පලවිය. සමූහ භාවනවට  අසුන් ගෙන විනාඩි කිහිපයකින් නැගිට ශාලාවෙන් පිටතට යාම පුරුද්දක් වූවාය. ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවේ, සමූහ භාවනාව අනිවාර්ය නොවේ. වැදගත් වන්නේ ඔබ ඔබ සමග කරන භාවනාව පමනී කියාය.
   කාලයත් සමග කරුනු හෙලිවන්නට විය. දිනක් සැදැසමාලෝචන හමුවේදී ඔහු මහත් අපහසුවෙන් තම සැබැව වමාරන්නට විය. ව්‍යාපාරික අරමුනු  සදහා තමන් මහත් මහන්සියෙන් නඩත්තු කරන තම ස්වභාවය ඇත්තෙන්ම තමන්ට මහත් ආගන්තුක  බවත් , සත්‍ය ඉදිරියේ තමන් මහත්  පිඩාවට පත්ව ඇති බවක් පිලිගත්තාය.මා පලමුවෙන් සටහන් කලේ ලොකුස්වාමීන් වහන්සේ එම මහතා වෙත යොමුකල කෙටි පිලිතුරයි.

2011-05-23

සමහර විට ඔබට නොවැටහෙනු ඇත, සමහර විටක සිත මතට අමනාපයක්ද පැමිනිය හැක....

සමහර විට ඔබට නොවැටහෙනු ඇත, සමහර විටක සිත මතට අමනාපයක්ද පැමිනිය හැක. එහෙත් මෙම කරුන කිවයුතු යැයි මම සිතමි. මා මෙහි ගත කාලය මුලුල්ලේ විවිධ ජාතීන්ට හා ආගම් වලට අයත් අපමන පිරිසක් මෙහි යනු එනු දැක ඇත්තෙමි. සැදෑ සමාලොචන හමුවේදී බොහෝ කරුනු හුවමරු වන තැනකි. සමහරුන් තම ආගම දහම ගැන මහත් කලකිරීමකින් කතා කරනු මම අසා දැක ඇත්තෙමි. මේ කිසිදු විටක ලොකු ස්වාමීන්වහන්සේ තම දහම වෙත එන්නයැයි යෝජනා නොකරයි. වරක් මේ ගැනම කරුනු හුවමාරුවකදී උන් වහන්සේ පැවසුවේ අනෙකුත් බොහෝ දහම් වලට වඩා මෙම දහම විවෘතය. ඔබ මෙහි පැමිනීම සමාජීය සංකේත රාශියක් මැදින් කල යුතු නැත. ඔබ කොතැන සිට හෝ  යහපත් යමක් කරන විටකදීම ඔබ මට මහත් මිතුරෙකි. මගේ සගයෙකි. මට තවකෙකුට දහම පහදා දිය හැක මෙහි එන්නයැයි කීම මහත් ලැජ්ජාවක් උපදවන කරුනකි. දහම් ශාලාවේ සටහන් කර තිබූ වැකියක් නම් "මෙහි එන්න, ඔබ මොබ ඇවිදින්න. ඔබේ දහමට වඩා මෙම දහම හොදයැයි මම නොකියමි. කැමතිනම් පමනක් මෙහි නවතින්න."

2011-05-22

ගම් වැසියන් කිසිවෙකු මස් මාංශ අනුභව නොකරයි. එසේ කරන්නේ ඇයි දැයි කිසිවෙකු නොදනී

මෙහි ගම් වැසියන් කිසිවෙකු මස් මාංශ අනුභව නොකරයි. එසේ කරන්නේ ඇයි දැයි කිසිවෙකු නොදනී. කොටින්ම කිසියම් කටයුත්තකට නගරයට ගිය ගම් වැසියෙකු නගරයේ ආපන ශාලාවකදී  මස් මාංශ අලවිය සදහා තිබෙනු දු‍ටු විට, ගමට විත් ඒ ගැන පවසන්නේ, නගරයේ වෙසෙන අවසනාවන්ත මිනිසුන් ගැන මහත් කම්පාවෙන් බව ගබඩා භාරකරු වරක් මට පැවසුවේය.
    මීට බොහෝ කලකට පෙර මා සේවය කල විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට  පැමිනි  මහාචාර්ය වරයෙකු පැවසූ කරුනක් මතකයට නැගේ. " පෘතුවි තලයේ සමහර භූමිභාගයන්ගේ  විසූ සමහර ජන කොටස් වල සුවිශේෂී ලක්ෂන දැකිය හැකියි.මෙවා ක්‍රමයෙන් දියුනුවූ ලක්ෂන හැටියට හදුනා ගත නොහැක්කේ, ඊට පෙර විසූ කිසිදු ආශ්‍රිත සමාජයක  මෙම ලක්ෂන දැකිය නොහැකි නිසායි. මේවා ගැන විවිද විද්වතුන් විවිධ ලෙස අර්ත නිරූපනය කර තිබෙන බව හැදැරීමේදී අපට වටහා ගත හැකියි. කෙසේ නමුත් මම මෙම කරුන ඔබ ඉදිරියේ විවෘතව තබනවා..." ගම් වාසීන් තරග නොකරයි. ඉතාම කලාතුරකින්  තාවකාලිකව නොහික්මුනු තරුනයෙක් ඉස්මතු වුවද දවසක දෙකක කාලය ඔහු නැවත යතාතත්වය කරා ගෙන යයි.එහෙත් ඔබ සිතන ආකාරයත් නිවැරදි නොවේ මෙම ගම්මානය මහත් අලස ගම්මානයක් නොවේ. ප්‍රබෝධය සතුට ඔවුන් ලග බොහෝ ඇත.

භාවනා කරන්නේ කෙසේද? වැනි පොත්පත් වලින් පිරුනු පොත් ගුල් මෙහි නොමැත

මෙහි එන සමහරුන්ට කොතෙක් කල් ගතවුනද ආශ්‍රමය දරා ගත නොහැකි තරම් ආගන්තුක තැනක් ලෙස හැසිරෙනු දැකිය හැකිය. ලොකු ස්වාමීන් වහන්සේගේ හැසිරීම් රටවන් වලට සිනාසෙනවාද නැතිනම් හඩනවාදැයි සිතාගත නොහැකිව අසරනවන බවක් පෙන්වයි. විටක වැරයොදා භාවනාව සදහා සුදානම්වේ. හොරාවකින් දෙකකින් පෙර සිටියාටත් වඩා අපහසුවට පත්ව සිටිනු අයුරු දැකිය හැකිවේ.
        භාවනා කරන්නේ කෙසේද? වැනි පොත්පත් වලින් පිරුනු පොත් ගුල් මෙහි නොමැත. ඔබ මෙහිවිත් දින දෙකක් හෝ තුනකින් ලොකු ස්වාමීන් වහන්සේ පෞද්ගලික හමුවක් තුල කරුනු කාරනා කිහිපයක් පහදා දෙනු ඇත.ඒ අනූව ඔබට ඔබගේ උත්සාහයේ යෙදිය හැකිය. යම් ගැටලුවක් ඇත්නම් මෙහි සිටින ඔනැම අයෙක්  උදවු කරනු ඇත. මේ භූමියට අදාල මාවතට එන්නට ඔබ නොහැකි වන්නේ නම් හා උත්සාහය හැර දමන්නේ නම් ඔබට මෙතැනින් පිට වෙන ලෙස පවසන්න කිසිවෙකු මෙහි නොමැත. දැරිය නොහැකිම තැන සිය කැමැත්තෙන්ම පිටව යන කිහිප දෙනෙකුම, මම මෙහි ගතකල වසර කිහිපය තුල දැක ඇත්තෙමි.

2011-05-18

සද එලිය විසිරුනු කදුමුදුනතට ආසන්නයේ පිහිටි මගේ කුටියේ සක්මන් මලුව...

සද එලිය විසිරුනු කදුමුදුනතට ආසන්නයේ පිහිටි මගේ කුටියේ සක්මන් මලුව නිර්වානය නැතිනම් සියල්ල විසිරයන මොහොත දක්වා මගේ මතකයෙන් මැකී නොයනු ඇත.ඈතින් ගලා එන සිහින් පිරිත් හඩ සසර පුරා පුරුදු කල පහන් බවක් සිත තුල අවදිකරනවා දැයි මට සිතේ. ලොකු ස්වාමීන්වහන්සේ ඇත්තෙන්ම මිනිසෙක් වියහැකිදැයි මගෙම සිත මගෙන්ම විමසයි. ‍රැස්වුනු ආහාර පාන ස්වාමීන්වහන්සේලාට දෙවනුව ගිහි සිල් ඇත්තන්ට තෙවනුව නිරන්තරයෙන්සහය සදා මෙහි ‍රැදී සිටින සියල්ලන්ටම සපයා අවසානයේ දානකුටිය අසබටවිත්  සිටින සතෙකු සිව්පාවෙකැ ඇත්නම් ඔහුගේ කුසද සනහාලීමෙන් පසුව පසකට වී සතුටින් ඉතිරිවන යමකින් තම කුස සනහා ගන්නේ අපමන පහන් සතුටකින් සැහැල්ලුවකිනි.

2011-05-17

......... බහු චලනයන් හා බුද්ධිමය ලක්ෂනයන් සහිත තොරතුරු ජීවියෙකු ලෙස .......

….. මෙම පියවර තවත් කෝනය කින් විමසන විට අපට හැගෙනුයේ සයිබර් අවකාශය වඩාත් සත්‍ය සමාජය හා අනුගත වීම කෙරෙහි වැදගත් වන බවයි.මූලික මිනිස් සමාජ ස්වභාවයන් වැඩිවැඩියෙන් සයිබර් අවකාශයට පිවිසීම යනු යාන්ත්‍රික තොරතුරු සපයන්නෙකු නම් මූලික ස්වරූපයේ සිට සජීවී සහයකයෙකු බවට පත්වීමට තරම් තමන් හැදී වැඩී ඇති බවට සමාජයට කරන ඉගියක් ලෙසද අපට වටහා ගත හැකි වනු ඇත. අවසාන ලෙසින් කිව හැක්කේ එක්දිසාවකට පමනක් චලනය වන තොරතුරුමය ජීවියෙකු ලෙස ඇරබි තම ජීවය බහු චලනයන් හා බුද්ධිමය ලක්ෂනයන් සහිත තොරතුරු ජීවියෙකු ලෙස හැදී වැඩෙන්නට අවැසි සක්‍යතාවය තමන් සතු බවට පැහැදිලි ඉගියක් මේ තුල සැගැව ඇති බවය

$$$$$$$ අසීමිත තොරතුරු අවකාශයට ඔවුන් බියවනේය. මක්නිසාදයත් ඔවුන්ගේ සහනශීලී සීමිත බව එය විසින් බිය ගන්වන නිසාය.$$$$$$$
                                                 www.siriwansa.wordpress.com

2011-05-16

"දහම බොහෝ අයට නොවැටහේ, හේතුව ඉතා සරලය , බොහෝ අයට දහම ඉතා සරල වැඩිය"


"දහම බොහෝ අයට නොවැටහේ, හේතුව ඉතා සරලය , බොහෝ අයට දහම ඉතා සරල වැඩිය" මට හමුවූ ආදරනීයතම දහම් මිතුරා සැදැසමාලෝචන ‍රැස්වීමකදී තම දහම ගැන දැක්ම පැහැදිලිකලේ එලසය.ලොකු ස්වාමීන්වහන්සේ මද සිනාවක් සමග විමසා සිටියේ " ඔබේ සමීපතම මිතුරා වූ වස් දඩුව ගැන දැන් සිත්න්නේ කුමක්ද කියායි?" ඇත්තෙන්ම මම සිතා ගෙන සිටියේ එය නැතිව එක දවසක්වත් මට සිටින්නට නොහැකි වේයයි සිතා ගෙනයි. එය මගෙන් සමුගත් දිනයක මමද මිය යනු ඇතැයි සිතුවා. ඇත්තෙන්ම අහිමිවීම සමුගැනීම ජීවිතය සැහැල්ලුවක් කැදවන බව දහම් කරුනක් ලෙස මාතුල වූ අවබෝදයට ඉහලින්  සැගවී එය පිලිබදව වූ මගේ බැදීම පැවතුන බව අද මට වැටහෙනවා.

2011-05-14

විදුලි බුබුලු කොඩි වැල්වලින් ඔබතුමන්ලා වසාගන්නට තැත්කරන්නේ ජීවිතයේ අධර්මී......

ඔහු ඉතා ධනවත් මහතෙකු වියයුතුය.අපත් සමග මෙහි ගතකරන 5 වන දවස වූවාය. භාවනාව පිලිබද එතරම් සැලකිල්ලක් නොදැක්වූ මුත් භාහිර ජීවිතය ගැන නම් මහත් කල්පනාකාරී බව හැසිරීමතුලින් අපහට මනාව වැටහී තුබුනේය. පෙර දිනයේ සැදැ සමාලෝචන හමුවේදී හදිස්සියේම නැගී සිටියාය. "ඔබ වහන්සේ අවසර දෙනවානම් මේ මුලු ආශ්‍රමය පුරාවටම  කොඩිවලින් අලංකාර කරන්නට තමන් සූදානම් බව පැවසුවාය.බෞද්ධයන් වන සියල්ලන්ටම උතුම්මවන දිනයක් උදා වමින් පවතින බවත් කොඩිවැල් අලංකර පහන් නොදැල් වීම දහමට කරන අගෞරවයක් නොවේදැයි විමසා සිටියාය.(දින ගනනක සිට අඛන්ඩව ඇසෙන පිරිත් හඩ ඔහුටනම්  නෑසෙනවා විය යුතුය) ලොකු ස්වාමීන් වහන්සේ පිලිතුරු දුන්නාය, මහත්මයානනි නෙක දිලිසෙන විදුලි බුබුලු කොඩි වැල්වලින් ඔබ තුමන්ලා වසාගන්නට තැත්කරන්නේ ජීවිතයේ අධර්මී භාවය විය නොහැකිද?

2011-05-12

මිනිසෙකු ලෙස ඉපදීම පිලිබදව සතු‍ටු වීමේ සතිය උදාවී ඇත........

මිනිසෙකු ලෙස ඉපදීම පිලිබදව සතු‍ටු වීමේ සතිය උදාවී ඇත. ගබඩා භාරකරු මෙම සතිය හැදින්වූයේ එලෙසයි. ඈත වනයෙන් සිල් ඇත්තන් තෙදෙනෙක්ම අප සමග  මෙම සතිය ගත කරන්නට මෙහි පැමින තිබීම මෙහි වෙසෙන කාගෙත් සිත් සතන් මහත් ප්‍රබෝදයට පත් කර ඇත.නොකඩවා සතියක් මුලුල්ලේ ගැයෙන පිරිත් ගායනය ඇරබී ඇත.උදා හා දහවල සදහා පිඬුසිගා වැඩීම ආරම්භවී ඇත. අඛන්ඩව පිරිත් දේශනය පවත්වා ගැනීම සදහා නතරවන කිහිප නමක් හැරුන විට සියල්ලන්ම පහල පිහිටි ගම්මාන සිසාරා වැඩම කරයි. කාලය ඉතිවන ප්‍රමානය අනූව ගම් වාසීන් සමග දහම ගැන කරුනු බෙදා හදා ගනියී. අවසනයේ ආශ්‍රමයේ දානශාලා භාර කරුට තමන් ‍රැගෙන ආ සියල්ල භාර දෙයි.ගබඩා භාරකරු සියලු ආහාර තමන්ට රිසි පරිදි ලබා ගත හැකිවන පරිදි එක් තැනකට සකස් කරයි. පූජා කරනු ලබන සියල්ලම ගබඩාකරු භාරයට පත් වෙයි. ඉන් පසු තමන්ට අවැසි පරිදි එම සම්පත් මෙහි වෙසෙන ඇත්තන්ට බෙදා ගතහැකි පරිදි තැන් පත් කරයි.

2011-05-05

පිනි කැට විසිරුනු සක්මන් මලුව ශාන්තිමත් දවසකට පිවිසීම් දොර‍ටුව බදුය

පිනි කැට විසිරුනු සක්මන් මලුව ශාන්තිමත් දවසකට  පිවිසීම් දොර‍ටුව බදුය. හිමිදිරි උදයේ සක්මන් භාවනාව යනු අසීමිත ලෙස දවස ප්‍රබෝදමත් කරන ක්‍රියාවකි.සංසාරය පුරාවට ‍රැස්කරගෙන ඇති බොහෝ දැ නිවා දමන්නට මේ සක්මන් මලුව මාහට පිහිට වී ඇති ප්‍රමානය අප්‍රමානයෙයි මට සිතේ.මා මිත්‍ර ටිබෙට් ජාතික මහත අප සමග තවත් මාසයක කාලයක් ‍රැදෙන්නට තීර්නය කිරීම මට මහත් සතුටකි. කදුමුදුනත ඔස්සේ දකුනතට හෝරා තුන හතරක ගමනකින් පසුව මුන ගැසෙන ගම්මනයේ අසිරිය ඈතින් සිට නරබන්නට යන්නට ඔහුට මා කල ආරාධනය ඔහු සතුටින් භාර ගත්තාය.උදැසන අහරින් පසුව ගමන අරබන්නට අපි කතිකා කරගත්තාය.

2011-05-03

සොදුරුතම මිතුරා සමුගෙන ගොස් තිබිනි

සොදුරුතම මිතුරා සමුගෙන ගොස් තිබිනි. මාගේ  අපූරුතම මිතුරා වූ ටිබෙට් ජාතික මහතාගේ ජීවිතයේ දුක සැප දෙකෙහිදීම ලගම සිටි මිතුරා වූ අලංකාර ලෙස කැටයම කල  බටනලාව පෙරදා ඇදවටුනු කුටියේ වහලයේ යමකට යටවී පතුරු ගැසී විනාශ වී තිබුනි. යාන්තමින් එලිය වැටීගෙන එනවිටම පහල ගම් වාසීන් කිහිප දෙනෙකු පැමින කුටියේ ප්රතිසංස්කරනය ආරම්භකරන ලදී.
කුටියේ ආසන්නයේ වූ සක්මන් මලුවට ඔබ්බෙන් බිම වාඩිවී දුක්මුසු ලෙස අනන්ත නැගෙන හිර අහස් දෙස නෙත් යොමාන සිටින මිතුරා දකිද්දීම යමක් වැරදී ඇති බව මට වැටහුනි. නිහඩවම මම ඔහු අසලම වාඩිවෙත්ම කොටසක් සම්පූර්නයෙන්ම දුහුල්ව ගොස් ඇති බට නලාව මා වෙත යොමු කලාය. ඔහුට වුවමනාවී තිබුනේ බටහිර බැවුමෙන් ගලා බසින ගංගාව වෙත සමුගත් මිතුරා පුදකරන්නය. බටහිර බෑවුමේ ගං ඉවුර වෙත අපදෙදෙනාට ලගා වෙන්නට ගතවූ හෝරා දෙකකට අදික කාලය තුල අප අතර වචන තුන හතරකට වඩා හුවමාරු නොවිනි.
වෙර යොදා ගංගාවේ මැද දෙසට ඔහු තම ආදරනීය මිතුරාට සමුදුන් ඔහු නිහඩවම  කදු බෑවුමේ අඩක් පමන පසු කලාය. මගදී හමුවන විශාල ගල් තලාවේ මැදහරියේදී ගිමන් නිවන්නට මෙන් නැවතුනු ඔහු ආපසු හැරී මාහට කීවේ " ඒක සමහර විට තවත් අයෙකුට කිසිම තේරුමක් නැති බැදීමක් ලෙස දැනෙන්නට පුලුවන්. බරපතල බැදීම් වලින් සමුගත්තහම තමයි තේරෙන්නේ බැදීම් කොයි තරම් බර පතල විදිහට  අපේ ජීවිත වලට බලපාලා තිබුනද කියලා."

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...