සොදුරුතම මිතුරා සමුගෙන ගොස් තිබිනි. මාගේ අපූරුතම මිතුරා වූ ටිබෙට් ජාතික මහතාගේ ජීවිතයේ දුක සැප දෙකෙහිදීම ලගම සිටි මිතුරා වූ අලංකාර ලෙස කැටයම කල බටනලාව පෙරදා ඇදවටුනු කුටියේ වහලයේ යමකට යටවී පතුරු ගැසී විනාශ වී තිබුනි. යාන්තමින් එලිය වැටීගෙන එනවිටම පහල ගම් වාසීන් කිහිප දෙනෙකු පැමින කුටියේ ප්රතිසංස්කරනය ආරම්භකරන ලදී.
කුටියේ ආසන්නයේ වූ සක්මන් මලුවට ඔබ්බෙන් බිම වාඩිවී දුක්මුසු ලෙස අනන්ත නැගෙන හිර අහස් දෙස නෙත් යොමාන සිටින මිතුරා දකිද්දීම යමක් වැරදී ඇති බව මට වැටහුනි. නිහඩවම මම ඔහු අසලම වාඩිවෙත්ම කොටසක් සම්පූර්නයෙන්ම දුහුල්ව ගොස් ඇති බට නලාව මා වෙත යොමු කලාය. ඔහුට වුවමනාවී තිබුනේ බටහිර බැවුමෙන් ගලා බසින ගංගාව වෙත සමුගත් මිතුරා පුදකරන්නය. බටහිර බෑවුමේ ගං ඉවුර වෙත අපදෙදෙනාට ලගා වෙන්නට ගතවූ හෝරා දෙකකට අදික කාලය තුල අප අතර වචන තුන හතරකට වඩා හුවමාරු නොවිනි.
වෙර යොදා ගංගාවේ මැද දෙසට ඔහු තම ආදරනීය මිතුරාට සමුදුන් ඔහු නිහඩවම කදු බෑවුමේ අඩක් පමන පසු කලාය. මගදී හමුවන විශාල ගල් තලාවේ මැදහරියේදී ගිමන් නිවන්නට මෙන් නැවතුනු ඔහු ආපසු හැරී මාහට කීවේ " ඒක සමහර විට තවත් අයෙකුට කිසිම තේරුමක් නැති බැදීමක් ලෙස දැනෙන්නට පුලුවන්. බරපතල බැදීම් වලින් සමුගත්තහම තමයි තේරෙන්නේ ඒ බැදීම් කොයි තරම් බර පතල විදිහට අපේ ජීවිත වලට බලපාලා තිබුනද කියලා."