2013-10-04

Adobe හි ප්ලෑෂ් ප්ලේයරයට විකල්පයක් වෙමින් එන මොසිල්ලා වල "Shumway"!!!!

   Adobe හි Flash Player යනු අති බහුලව භාවිතාවනවා සේම පහර දෙන්නන්ගේද නිරන්තර  අවධානය ලබා ගන්නා මෘදුකාංගයකි. HTML5 භාවිතයට පැමිනෙනවාත් සමගම පලවූ අදහස් අතර නිරන්තරයෙන් කරදර කැදවන මෙම මෘදුකාංගයේ භාවිතයට විකල්පයක් එය ‍රැගෙන විත් ඇති බවය.මේ වන විට Firefox 27 සමග එය හා සම්බද වෙමින්ම HTML5 ආකාරයේ ප්ලෑෂ් ප්ලේයරයක් නිකුත්කරන්නට මොසිල්ලා කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ. "Shumway". ලේට නම්ව පැමිනෙන මෙම නව ප්ලේයරය SWF ආකරයේ ගොනු ධාව්නයේදී වඩාත් ආරක්ශිත මෙන්ම කාර්යක්ශම භාවිතාවක් ‍රැගෙන එන්නු ඇති බවටයි පැවසෙන්නේ.හදාරන්නට අනූව පැවසෙන්නේ මෙම නව ප්ලේයරය "ප්ලැෂ් ප්ලේයරය" සදහා සම්පූර්න විකල්පයක් වීම්ට තව දියුනු කිරිම් සමග මදකාලයක් ගත වෙනු ඇති බවකි.

මයික්‍රසොෆ්ට් මාසික යාවත්කාලීන ගොනුව සමග IE ගැටලුව විසදෙනු ඇත....

  මයික්‍රසොෆ්ට් සමාගමේ සුපුරුදු මාසික යාවත්කාලීන නිකුතුව මෙවර 8දාට නියමිතව තිබෙනවා. ආයතනය නිවේදනය් කරන්නේ ප්‍රධාන යාවත්කාලීන 8 කින් මෙවර යාවත්කාලීන ගොනුව සමන්විත වන බවයි. මෑතකාලයේ මහත් ආදෝලනාත්මක කාරනාවක් වූ ඔවුනගේ IE සංස්කරන වෙත බල පාමින් තිබෙන දුර්වලතා ගැටලුව සදහා අවසාන පූර්න යාවත්කාලීනයක් මෙවර මෙම ගොනුව සමග පැමි නෙන්නට නියමිත බවයි.මෙවර නිකුත්වන මෙම යාවත්කාලීන  අට අතරින් හතරක් නම්වන්නේ "Critical" මට්ටමේ ලෙසට වන අතර ඉන් එකක් ඉහතකී  Internet-Explorerගැටලුව ඉලක්ක කරමින් සිදුවනු ඇති අතර මයික්‍රසොෆ්ට් ආයතනය තවමත් නිල වශයෙන් වින්ඩෝස් 8.1 නිකුත්කර නොතිබුනද එම සංස්කරන සමග එන්නට නියමිත IE11 සංස්කරනය සදහාද වලංගුව මෙම නිකුතුව සිදු වනු ඇති බවටයි සටහන් වන්නේ. එම නිකුතව සමග ඒන අනෙකුත්   "Critical"  මට්ටමේ යාවත්කාලීනයන් තුනම නිල වශයෙන් සහය දැක්වීම අවසන් වීමට මාස හයක් පමනක් ඉතිරිව ඇති වින්ඩෝස් xp සදහා වන බවටයි නිවේදනය වන්නේ. එසේම "Important" ලෙසට නම් කරමින් පැමිනෙන එක යාවත්කාලීනයක් වන බවටත් ඔවුන් පවසනවා.

Skype නව සංස්කරනයක් නිකුත්වේ.......

  බහුල භාවිතාවක් ඇති මෘදුකංග පහර දෙන්නන්ගේ වැඩිම ආකර්ශනයකට ලක්වන  මෘදුකාංග වේ. බොහෝ විට ඔවුන් උත්සාහ කරනුයේ අඩු වෙහෙසකින් වැඩි හානිකරයක් ලබගැනීම  වීම මීට හේතුවකි.Skype යනුද මෙවැනි ආකාරයේ ලොව පුරා බහුල භාවිතාවක් ඇති මෘදුකාංගයකි. ලොව පුරා මිලියන ගනනක් භාවිතාකරන්නන් මුදල් ගෙවන හෝ නොමිලේ ලැබෙන සේවාවක් ලෙසට ස්කයිප් දෛනිකව භාවිතා කෙරේ.එසේම පරිගණකය ඔස්සේ පමනක් නොව මොබයිල් උපකර ඔස්සේ මෙන්ම ස්මාර්ට් මට්ටමේ රූපවාහිනී යන්ත්‍ර ඔස්සේද මෙම භාවිතාව සිදුවේ.කුඩා මුදලක් ගෙවීම ඔස්සේ දුරකථන වලට ඇමතුම් ලබා ගැනීම SMS යැවීම කන්ඩායන් සාකච්චා වීඩියෝ පහසුව ද සමග පැවැත්වීම ආදී වඩාත් පහසුකම් ලබා ගත හැක. මේ වන විට skype  මෘදුකාංගයේ නව සංස්කරනයක් නිකුත්ව තිබෙනවා.භාවිතාකරනන් තමන් භාවිතාකරන මෘදුකාංග වඩාත් අලුත්ම සංස්කරන ඔස්සේ යාවත්කාලීනව තබා ගැනීම ඔවුන්ගේ ආරක්ශා සදහා වැද ගත් වනු ඇති බවටයි හදාරන්නන් නිතරම උපදෙස් දෙනු ලබන්නේ.
http://www.skype.com/go/getskype-full
http://portableapps.com/apps/internet/skype_portable
http://www.skype.com/go/getskype-macosx.dmg

Samsung වෙතින් එන region lock බාදකය අනෙකුත් Galaxy උපාංග වෙතටත්!!!!

  ස්මාර්ට් දුරකථන භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ගත් සමාගමක් වන Samsung වෙතින් පසුගිය කාලයේ නිකුත්වූ පුවත නම් ඔවුන් තුල එතරම් ප්‍රසාදාත්මක වූවේ නැත. region lock සමග පැමිනෙන Galaxy Note 3 පිලිබදව පුවතයි ඒ.එම තත්වය යටතේ එම උපකරනය  European වල දී භාවිතාවන සිම් පතක් ඔස්සේ activate කරගත් පසු පසුව යලිත් එම උපකරනය Africa හෝ  Asia ප්‍රදේශ වලදී භාවිතාවන සිම් පතක් ඔස්සේ භාවිතාකරන්නට නොහැකි වීමයි. පලවන නවතම පුවතක් පවසන්නේ මෙම සීමාකාරී කිරීම එම උපකරනයට පමනක් සීමා නොවන බවත් අනෙකුත් Galaxy උපාංග වෙතටත් පැමිනෙනු ඇති බවත්ය. පැමිනෙන්නට නියමිත Android 4.4 KitKat ඔස්සේ මෙම නව භාවිතාව Note 2 හා Galaxy S3 වෙතත් පැමිනෙනු ඇති බවටයි  එයින් පැවසෙන්නේ. ආයතනය දෙසින් පැවසෙන්නේ මෙම භාවිතාව ගෙනෙන්නට හේතුව වන්නේ නීති විරෝධී ලෙස මෙම උපකරන ආනයනය වීම වැලක්වීම බවයි. භාවිතාකරන්නන් අතර අප්‍රසාදයක් නිර්මානය කර ඇති මෙම පියවර ඔස්සේ ඔවුනට වඩාත් මිලැති roaming පහසුව වැනි විකල්පයකට යාමට සිදුවනවා ඇත

Xbox One console සමග එන Kinect 2.0 කැමරාව....

  මයික්‍රසොෆ්ට් ආයතනය තම තම මීලග  Xbox One console සමග පැමිනෙන්නට නියමිත Kinect 2.0 කැමරාව පිලිබදව දැඩි අවධානයකින් කටයුතු කරන බවටයි පලවන වාර්ථා පවසන්නේ. භාවිතාකරන්නා හට වැනස්ම අත්දැකීමක් ගෙනෙන්නට සහය වනු ඇති බවට විස්වස කෙරෙන මෙම දෘඩාංග එකතුව සමග සමස්ත උපකරනයේ මිල ඩෝලර් 100 කින් පමනෛහල යනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.මෙම  Kinect 2.0 සමග පැමිනෙන එක් අංගයක් වනුයේ time-of-flight යන්නයි. එහිදී සිදුවනුයේ කැමරාවෙන් පිටවන ආලෝක තරංග නැවත පැමිනෙන්නට ගතවන කාලය අනූව භාවිතාකරන්නාගේ කාබරයේ සැකැස්ම ගැන අවබෝදයක් උපකරනය ලබා ගැනීමයි.ඉතා සංස්කීර්න ක්‍රියාවලියන් ඔස්සේ කාබරයේ ඉදිරිපස මෙන්ම පසු පසින් වන බාහිර සැමසුම ගැන කැමරාව ලබා ගන්නා අවබෝදය වඩාත් නිවැරදි කර ගැනීමට එහි නිර්මාන කරුවන් මහත් වෙහෙසකින් කටයුතු කරන බවටයි පැවසෙන්නේ. නොවැම්බර් 22 නිකුත්කිරීමට නියමිත Xbox One console සමග පැමිනෙන Kinect 2.0 සමග තමන් ඉදිරියේ සිටින භාවිතාකරන්නාව හදුනා ගැනීමටත් ඔහුගේ චලනයන හදුනා ගැනීමටත් හැකිවීම කොතරම් සියුම් මට්ටමක් දක්වා හැකිවන්නේද යන්නට හොදම උදාහරනය වන්නේ එම භාවිතාකරන්නාගේ හදවතෙහි රිද්මය පවා නිවැරදිව හදුනා ගන්නට එම එය සමත්විම දැක්විය හැකියි.

Adobe වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක්!!!!

  බහුල භාවිතාවක් ඇති Flashහා  Adobe-Readerවැනි මෘදු සේවාවන් සපයන ආයතනයක් වන Adobe ආයත්නය පවසන්නේ  තමන් වෙත සැලකිය යුතු මට්ටමේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවකි. ඔවුන් පවසන්නේ එහි ප්‍රතිපලයක් ලෙසට තම සර්වරයන් වලවූ භාවිතාකරන්නගේ තොරතුරු විශාල ප්‍රමානයක් ඉවත්කරන්නට එම ප්‍රහාරකයින් කටයුතු කර ඇති බවකි. මීට අමතරව තමන් සපයන සේවාවන් වන Adobe Acrobat, ColdFusion, ColdFusion Builde වැනිමෘදු සේවලට අදාල  source code බොහොමයක්ද තම සර්වරයන් ගෙන් ඉවත්කර දමන්නට මෙම ප්‍රහාරකයින් කටයුතු කර ඇති බවටත් ඔවුන් පවසනවා.තම පාරිභෝගිකයන් මිලියන 2.9ක   customer names, encrypted credit හෝ debit card numbers, expiration dates තොරතුරු තම සර්වරයන් ගෙන් ඉඅවත්කර දමන්නට මෙම ප්‍රහාරකයින් කටයුතු කොට ඇති බවට තමන් විස්වාස කරන බවටත් එම ආයතනය පවසා සිටිනවා.මේ වන විට තම භාවිතාකරන්නන්ගේ අවසර පද ආදිය reset කරන්නට මෙන්ම ඒ පිලිබදව තොරතුරු භාවිතාකරන්නන් වෙත ඊමේල් කරන්නට කටයුතු කරමින් සිටින බවටත් ආයතනය් නිවේදනය කරන අතර භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබා ගැනීමක් සීදුව නැති බවට මෙන්ම තමන්ගේ මෘදු සේවාවන් වලට හානිකරන  මට්ටමේ හැකියාවක් පිලිබදව තමන් විස්වාස නොකරන බවටත් වැඩි දුරටත් ඔවුන් පවසා සිටිනවා.

2013-10-03

Nexus 5 මෙමස අවසානයේ වෙළඳ පොලට.....

  පසුගිය කාලයේ Nexus 5 පිලිබදව පැතිර තිබුනේ එත් නරම් සුබදායී පුවත් නොවීය. විටක පැවසුනේ LG ආයතනය Nexus 5 නිෂ්පාදනයෙන් බැහැර වනු ඇති බවටත්ය. අවසානයේ මේ වන විට ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ Nexus 5 මෙම මාසය තුලදී නිලලෙස නිවේදනය වන්නට නියමිත බවත් හා මෙම මාසයේ අවසාන සතිය වන විට එය වෙළඳ පොලට නිකුත් කරන්නට සූදානම් වෙමින් ඇති බවකි. තවමත් නිශ්චිතව දිනයක් නියම නොවුනද පලමු නිකුතුව  UK වෙතට නිකුත්වන්නට නියමිත බවත් එය £275  ලෙසට මිල වනු ඇති බවටත් නිවේදනය වනවා. ඉන් පසුව ක්‍රමයෙන් අන් රටවල් වල වෙළඳ පොලවෙත නිකුත් කිරීම ඇරබෙන බවටත් බලාපොරොත්තු වනවා
               නිල නොවන වාර්ථා වැඩි දුරටත් පවසන්නේ මෙම දුරකථනය  iPhone 5s වෙතට තරගකාරී පිවිසුමක් ලෙසට පැමිනෙනු ඇති බවට වන අතර එය 64GB ගබඩා හැකියාවක්ද සමග බලසම්පන්න ප්‍රොසෙසර් හැකියාවක්ද සහිතව පැමිනෙන්නට නියමිත බවයීසේම 4GB ‍රැම් බලයක්ද සහිතව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය "ඩෙස්ටොප්" ආකරයේ අත්දැකීමක් භාවිතාකරන්නා වෙත ගෙනෙන්නට හැකිවන බවටයි පැවසෙන්නේ.එසේම ඇන්ඩ්‍රොයිඩ් නව සංස්කරනය "KitKat" ස්ථාපිතව එය පැමිනීමේ හැකියාවක් ගැනද හදාරන්නන් අදහස් පලකරමින් සිටිනවා.

Visual Studio 2013 නිකුතුවට දින නියමවේ!!!!!

  කාලයක තිස්සේ භවිතාකරන්නන් බලාපොරොත්තුවෙන් සිටි මයික්‍රසොෆ්ට් හි  Visual-Studio-2013 නිකුතුවට මේ වන විට දින නියමිත වී තිබෙනවා.ආයතනය පවසන්නේ එම නිකුතුව සමරමින් virtual ආකාරයේ හමුවක් පැවැත්වෙනු ඇති බවකි. මෘදුකාංග සංවර්ධකයින් ගේ වඩාත් සිත්ගන්නා සුලු මෙම පුවතට අනූව එම නිකුතුවට නියමිත දිනය වන්නේ නොවැම්බර් මස 13 ලෙසටයි නිවේදනය වන්නේ.ආයතනය වැඩි දුරටත් පවසන්නේ මෘදුකාංගයේ නිල නිකුතුව එදිනට යෙදී ඇති මුත් MSDN subscribers සදහා ඔක්තෝබර 18 එනම් වින්ඩෝස් 8.1 නිල නිකුතුව සිදුවන දිනයේ පටන් මෙම මෘදුකාංගය බාගත කර ගැනීමේ හැකියාව පවතිනු ඇති බවයි. මිලගනන් සැලකීමේදී බොහෝ දුරට  2012 සංස්කරනයට සමාන බවට පැවසෙන මුත් 2012 සංස්කරනය භාවිතාකරන්නෙකුට 2013 සංස්කරනය සදහ උස්තල ගැන්වීමට යාමේදී නොවැම්බර් 1 සිට ජනවාරි 31 දක්වා ඩොලර් 99 කට හැකිවන අතර ඉන්පසුව ඩොලර් 299 වන සාමාන්‍ය මිල බවට එය පත්වෙනු ඇති බවටයි නිවේදනය වන්නේ.

ලබන අප්‍රේල් 8 දායින් පසුව වින් XP භවිතාකරන්න බලාපොරොත්තු වන්නේනම්!!!!

  වින්ඩෝස් XP භාවිතාව අවසන් කිරීමට මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස දින නියම කොට හමාරය. ඉතිරිව ඇත්තේ තවත් හය මසක කාලයක් පමනී. ඉන් පසුව XP  භාවිතය පිලිබදව හදාරන්නන් අනතුරු හගවන්නේ පහසුවෙන් සයිබර් පහර දෙන්නන්ගේ ගොදුරක් වීමට ඇති අවස්ථාව අවධාරනය කරමිනි. මෙහෙයුම් පද්ධතියක නිල සහය කාලය අදාල ආයතනය විසින් හමාර කිරීම යනු එම මෘදුකාංගයේ දුර්වලතා සදහා යාවත් කාලීනයන් නිකුත් කිරීම අවසන් කිරීම ප්‍රධාන වේ.අනෙක් පසින් භාහිර  ආයතන එනම් ආරක්ශක මෘදුකාංග ආයතන පවා තම ආරක්ශක මෘදුකාංග නිර්මානය කිරීමේදී එම මෙහෙයුම් පද්ධතියේ සමහර අනන්‍යතා නොසලකා හරිමින් පැමින ඇති වඩාත් නවීනතම මෙහෙයුම් පද්ධතිවල ස්වභාවයට ගැලපෙන සේ ඒවා නිර්මානය කරන්නට පටන් ගැනීමද සිදුවේ.එසේම පැමිනෙන නව මෘදුකාංග හෝ භාවිතාවන මෘදුකාංග වල නව සංස්කරන තවදුරටත් එම මෙහෙයුම් පද්ධතිය සදහා සහය නොදැක්වීමද සිදුවනු ඇත.
                                    එලබේ අප්‍රේල් 8 දායින් පසුව තවදුරටත් වින්ඩෝස් XP භාවිතාකරන ඔබට ගත යුතු වන පලමු පියවර වන්නේ හැකි හැමවිටම offlineසිටීම බව හදාරන්නන්ගේ පලමු උපදෙසයි.හානිකරයන් ගලා ඒමේ වඩාත් සංවේධීතම මාරගය එයින්වැලකීම සිදුවනු ඇති බවට ඔවුන් පවසනවා.එසේම බොහොමයක් ආරක්ශම මෘදුකාංග සමාගම තම මෘදුකාංග  වල 2014 සංස්කරන සදහා xpසහය ලැබෙන බවට ප්‍රකාශ කර ඇති නිසා මීලග ආරක්ශක මෘදුකාංග ‍තෝරා ගැනීමේ 2014 එසේ XP සදහා සහය දක්වන මෘදුකාංගයක් තොරා ගැනීම වැදගත් වනු ඇති බවත් ඔවුන් පවසා සිටිනවා.ඔබ වින්ඩෝස් XPහි Service-Pack3  නොවන්නේ නම් භාවිතාකරන්නේ මෙහෙයුම් පද්ධතිය එම සංස්කරනය දක්වා ඉහල නංවා ගැනීමද වඩාත් ආරක්ශාකාරී පියවරක් වනු ඇති බවටත් ඔවුන් උපදෙස් දෙනු ලබනවා.මීට  අමතරව  මයික්‍රසොෆ්ට් වෙබ් අඩවිය ඔස්සේ SP3 මෙහෙයුම් පද්ධතියේ පිටපතක් ලබා ගෙන එය සු‍රැකිව තබා ගැනීම මෙන්ම භාවිතවෙමින් ඇති xp පද්ධතියේ සම්පූර්න backup එකක් ලබගෙන ඒය සු‍රැකිව තබා ගැනීමද වැද ගත් වනු ඇති බව උපදෙස් ලැබෙන අතර අවශ්‍ය වන ද්ර්ඩාංග උස්තල ගැන්වීමක් ලගදී බලපොරොත්තු වන්නේ නම් එයත් සමග අවශ්‍ය සියලු සියලු මෘදුකාංග වල පිටපත්ක්ද තබා ගැනීම වැදගත් බව මතක්කර සිටිනවා.

‘wearable technology’ කථාවේ ස්මාර්ට් අත් ඔරලෝසුව නියමුවෙකි!!!!

  එය ඔබගේ ස්මාර්ට් අත් ඔරලෝසුව වන විට එය අන්තර්ජාලය හා සම්බන්ද වන්නේ Bluetooth සැබැදියවක් ඔස්සේ ඔබගේ smart phone එහ හරහා වනු ඇත.ස්පර්ශක තිරයක සහිතව පැමිනෙන එය  පිලිබදාඵොනෙ ඔස්සේ ඇති notifications ඔබට ගෙන ඒමට කටයුතු කරනු ඇත. ඒවා අතර Email මෙන්ම text messageද වනු ඇත.විටක දුරකථනය ඔස්සේ එනු ලබන දුරකථන ඇමතුන් වලටද පිලිතුරු සැපයීමට එය සහය වනු ඇත.Nissanආයතනය පවසන්නේ තමන් හදුන්වාදෙන ස්මාර්ට් අත් ඔරලෝසුව ඔස්සේ  ඔබ ධාවනය කරමින් සිටින වාහනයේ දත්තයන් පහසුවෙන් ඔබවෙත ‍රැගෙන එන්නට කටයුතු කරනුඇති බවකි.එම දත්ත අතර වාහනයේ වේගය ඉන්දන වැයවීම පමනක් නොව ඔබගේ වෙහෙසකර බව ගැනද අවධානයෙන් සිටිනු ඇති බවටයි පවසන්නේ.
                ‘wearable technology’යනු 1980 ගනන් වලදී කුඩා ගනකයක් සහිතව  පැමිනි අත් ඔරලෝසුව වැනි උපාංග වලසිට වර්ධනය වූවකි.බහුල භාවිතාවක් ‍රැගෙන පැමිනි මෙවැනි තාක්ශනයන් අතර fitness monitors ඔස්සේ සිරුරේ සෞක්‍ය පිලිබදව අවධානයෙන් සිටින තාක්ශනය සහිත ස්මාර්ට් අත් ඔරලෝසු තවත් ජනංප්‍රියවූ අංගයන් විය.මෑතකදී නිකුත් වූ Samsung Galaxy Gear ස්මාර්ට් අත් ඔරලෝසුව Android 4.3 මෙහෙයුම් පද්ධතිය සමග පැමිනි අතර එහි මෙගා පික්සල 1.9ක කැමරාවක් මෙන්ම app සදහා සහය දැක්වීමේ පහසු කම්වලින්ද සම්න්විතව විය.ඇපල්  වලින් පැමිනෙන්නට නියමිත ‘iWatch’පිලිබදව මේ වන නිවේදනය වී ඇති අතර එය ඇප්ල්හි සාමන්‍යය සම්ප්‍රධාය වන තීරනාත්මක වෙනස් කම් වලින් යුතුව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

මයික්‍රසොෆ්ට් තම Surface 2 ප්‍රචානයටද street art භාවිතාවට.....

  2012 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම  Surface RT tablet උපකරන හදුන්වාදීමේදී සාම්ප්‍රධායික ප්‍රචාරන ක්‍රම මෙන්ම විකල්ප ක්‍රමවේදද භාවිතාකරන ලදී.ඒ අතර උපාංගය නිකුතුවට දෙමසකට පමන පෙර සිට ඇමරිකාවේ ප්‍රධාන නගර වල ගොඩනැගිලි මත street art ආකාරයට තම උපාංගය පිලිබදව සටහන් තබන්නට කටයුතු කලාය.ආයතන තම ෆේස්බුක් පි‍ටුවෙහි මෙම ඡායාරූ එකතුවක්ද දක්වන්නට කටයුතු කරන ලදි.මේ වන විට ආයතනය තම Surface 2 හා Surface Pro 2 tablets උපාංග සදහාද පෙර ටත් වඩා විශාල හා සවිස්තරාත්මක street art  භාවිතාකරන්නට කටයුතු කොට ඇති බවටයි දැක්වෙන්නේ.ඔක්තෝබර 22 සිට වෙළඳ පොල වෙත පැමි නෙන්නට නියමිත මෙම උපාංග සදහා යොදා ගැන ඇති නව street art වල එම උපාංග ‍රැගෙන එන්නට නියමිත සුවිශේෂී කාරනා ඉස්මතුවන ලෙසට ඒවා නිර්මානය කර ඇති අයුරු දක්නට හැක.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...