2012-08-17


පෞද්ගලික පරිගණකය වසර 30කට පසුව නැවත නිර්වචනය කරන්නට කාලය එලබ ඇත. මේසයක් මත ගරුගාම්භීරව වැතිර සිටි විශාල උපකරණයක් වූ පෞද්ගලික පරිගණකය පසුම්බියක් තුලට නැතිනම් සාක්කුවක් මතට කුඩා වෙමින් සිදුවෙමින් පවතින පරිනාමය හා ප්ලාස්ටික් හා ලෝහ සම්මිශ්‍රනයක සිරකරුවෙකුව සිටි ඔබගේ දත්ත ජීවිත්ය තව දුරටත් එසේ නොවන බව පවසමින් පැමිනෙමින් ඇති වින්ඩෝස් 8 ප්‍රමුක නව මෙහෙයුම් පද්ධති භාවිතාවන් ආදිය සමස්තයක් ලෙසට නම් වෙමින් ඇත්තේ පසු පෞද්ගලික පරිගණක යුගය ලෙසටය.
                                                   ගූගල් ග්ලාස් ලෙසට දැනට නම්ව ඇති විකාශනය මිනිස් සිරුරේ අති සංවේදීය ඉදුරෙකු සමග යාවෙමින් උකුල මතට හෝ දෑතේ අතැගිලි අතරට සීමා වෙමින් සිටින්නට තම අකමැත්ත  පැහැදිලි කරමින් සිටින දත්ත උපකරනයන්ගේ වේගවත් වර්ධනීය ගමන මිනිස් හිස මත පැලදෙන උපකරනයක්ව මිනිස් දත්ත මධ්‍යස්ථානය සමග කෙලින්ම සම්බන්ද වන දිනය දක්වා ගොස් තම මීලග දිශාව තීර්නය කරන තෙක් මද විරාමයක් ලබා ගනු ඇත.

මෝඩ කාන්තාවකට වැරදීමකින් ලබා දුන් ගුරු පත්වීමක් නිසා


පීඨාධිපති තුමා තම පැහැදිලි කරමින් සිටියා."ඔබගේ පිවිසුම් කාලය තුලදී වැඩිදුරටත් පැහැදිලි කල පරිදි මෙම අධ්‍යපන කාලය තුලදී ඔබ වාර්ෂික හෝ මොනයම්  ආකාරයේ වත් සාම්ප්‍රධායික දැනුම අවබෝදය විමසීමේ පර්යේක්ශනයකට මුහුන දෙන්නට සිදු නොවනු ඇති අතර දේශනයන් වලට ඔබ සහභාගී වන ආකාරය ප්‍රතිචාර ආදිය එවලේම ටීටාව විසින් විමසමින් ඔබ පිලිබද තක්සේරුවකට පිවිසෙනු ඇත. ආයතනය තුලදී සාකච්චා කෙරෙන කරුනු මතක තබා ගැනීම අවම ලකුනු මට්ටමක් ඔබ වෙතට ලබා ගන්නට හේතුවන අතර එතැන සිට ඉහලට එම කරුනු සමග ගොඩ නැගෙන නිර්මානශීලී කාරනා වලට ඔබේ ලකුනු මට්ටම ඉහල තලයකට ගෙන යන්නට සහය වනු ඇත.........
                                                                       මෝඩ කාන්තාවකට වැරදීමකින් ලබා දුන් ගුරු පත්වීමක් නිසා ප්‍රාතමික ශ්‍රේනි වලදී තමන් ලත් ශාරීරික හිරිහැර නිසා සිදුවු බුද්ධිහානීන් පසු කාලීනව ටීටාව ඇසුරින් ගත් වාර්ථා උපයෝගී කරගනිම්න් ආසියාතික රටක අයෙක් ගොනුකල නීතිමය ඉල්ලීම සලකා බලමින් අධිකරනයක විනිසුරු තුමෙක් තම තීන්දුව සමග මෙවන් හැගීම් බර සටහනක්ද විය " ඔබ වැනි තක්කඩි කාන්තාවක් ගුරුවරියක්ව සිටිමින් විනාශකරන ලද අනාගත ලොව විවර කරන නියුරෝන රටා සැබවින්ම අයිති එම පුද්ගලයාට නොව පෘතුවියට බව දැන්වත් වටහා ගත යුතුයි".  ඉතා දීර්ග ලෙස සටහන්වූ එම තීන්දුව පැහැදිලි කරමින් එම විනිසුරු තුමා කල දේශනය පසුකාලීනව නව අධ්‍යාපන රටාවක් නිර්මානය කරගැනීමේ උත්සාහයට මහත් සහයක් වී තිබුනා.

2012-08-15

Advanced SystemCare v6 Beta 1.1 මෘදුකාංගයේ නවතම බීටාවක් නිකුත්වේ

භාවිතාවන කාලය වැඩි වනවාත් සමග පරිගණක පද්ධතියේ නිරෝගීකම ‍රැක ගැනීම සදහා සහය වන මෘදුකාංගයක අවශ්‍යතාවය වැඩි ලෙස දැනෙන්නට පටන් ගනී.සරලව මෙම අවශ්‍යතාවයන් සැපරිම සදහා මෙහෙයුම් පද්ධතිය සමග  පහසුකම් කිහිපයක් පැමිනියද වඩාත් විදිමත්ව හා පහසුවෙන් එම කාරනා ඉ‍ටුකර ගැනීමට අමතර මෘදුකාංගයක සහය අමතක කල නොහැකි තරම්ය.නොමිලේ භාවිතාකල හැකි මේ සදහා වන සහය මෘදුකාංග අතර Advanced SystemCare v6 Beta 1.1 මෘදුකාංගයට හිමිවන්නේ ඉහල තැනකි. එහි නවතම බීටා සංස්කරනය සමග හානිකර මෘදුකාංග ඉවත් කිරීම රෙගිස්ට්‍රි ගැටලු සමනය කිරීම අනවශ්‍ය දත්ත ගොනු ඉවත්කිරීම ආදී බොහෝ අතින් ඔබට සහය වීමට සූදානමින් සිටින බවටයි පැවසෙන්නේ.
                ඔවුන් පවසන්නේ මෙම මෘදුකාංගය අත්දැකීම් බහුල භාවිතාකරන්නෙකු ලෙසට හෝ සරල භාවිතාකරන්නෙකු ලෙසට භාවිතාකිරීම තොරා ගැනීමේ හැකියාව ඇති අතර ඒ ඔස්සේ පද්ධතියේ වඩාත් සංකීර්න සැකසුම් වෙත ලගාවෙමින් අවශ්‍ය වෙනස්කම් සිදුකර ගැනීමේ හැකියාව භාවිතකරුට ලැබෙන බවයි.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් මෙම මෘදුකාංගය පිලිබද වැඩි දුර තොරතුරු හා එය බාගතකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

http://majorgeeks.com/Advanced_SystemCare_6_Beta_1.0_d6690.html

වර්ග අගලකට දත්ත 100000ක් සටහන් වන මුද්‍රන තාක්ශනයක්....


ඡායාරූපයක පැහැදිලි බව නැතිනම් ස්වාභාවික බව වඩාත් ලබා ගන්නට නම් යම් තලයක් මතට සටහන් වන දත්ත ප්‍රමානය වැඩිවීම තීරනාත්මක සාධකයකි. සිංගප්පූරුවෙන් පලවන පුවතකින් පැවසෙන්නේ වර්ග අගලක් තුල තිත් 100000 පමන සටහන් වෙමින් වඩාත් පැහැදිලි හා වර්නවත් මුද්‍රනයක් ලබා ගන්නට සහය වන නැනෝ තාක්ශනය ආශ්‍රිත  තාක්ශනයක්  නිර්මානය කරගන්නට තමන් සමත් වී ඇති බවයි.
                           දැනට ලොව භාවිතාවන වැඩිම  resolution . සහිත මුද්‍රනයන් සදහා යොදාගත හැකි මෙම තාක්ශනය ආරක්ෂිත මුද්‍රන අවශ්‍යතා වලදී විශාල ප්‍රමානයේ දත්ත ගබඩා කිරීමේදී ආදීවූ බොහෝ කාරනාවලදී ප්‍රයෝජනවත් වනු ඇති බවටයි සටහන් වන්නේ.

2012-08-14

ගෞරවනීය මව් පදවියට ෆේස්බුක් තුලද ගෞරවනීය තැනක් වෙන්වේ....

සමාජ ජාලා භාවිතය  ලාංකීය පොදු සමාජ භාවිතය තුල විසුලු කාරනාවක් වීම කෙසේ වෙතත් දියුනු  සමාජයන් තුල දෛනික ජීවිතාය වඩාත් සුවපහසු කරන්නට යොදා ගන්නා බව මග හරින්නට ඒවායේ අතිශය කලාතුරකින් සිදුවන රිනාත්මක කාරනා මතුකර පෙන්විමෙන් තම ගොත්‍රික බව වසා ගන්නා සම හරක්ට තම දෙතොල මතට සිහින් සිනහවක් ගෙනෙන්නට සමත් නවාංගයක් පිලිබදව පසුගියදා ෆේස්බුක් ආයතනයෙන් නිවේදනයක් නිකුත් වෙනු ලැබුවා.
                               ඔවුන් පවසා සිටියේ තම භාවිතාකරන්නන් අතරින්  මවු පදවිය බලාපොරොත්තු වෙන්නියන් සදහා ෆේස්බුක් හි  "ලයිෆ් ඉවෙන්ට්" යටතේ ඒ පිලිබදව සටහන් කරන්නට හැකි වන බවයි. ඔවුන් පවසනවා මෙම නිවේදනය කිරීම "සෙලිබ්‍රේෂන්" යටතේ සටහන් වන්නට නියමිත බව.මේ යටතේ සදහන්වන අනෙකුත් කාරනා අතර භාවිතා කරන්නාගේ උපන්දිනය වැනි  සැමරුම් සහිත කාරනා පෙල ගැස්වෙනු දැකිය හැකියි.කෙසේ වෙතත් සමාජ ජාලා භාවිතයේ ප්‍රධානතම රීතිය වන "මොන සීමා කිරීම් යටතේ උවත් ලොවම දැන ගන්නවාට ඔබ අකමැති කිහිදු කරුනක් සමාජ ජාලා සටහන් මතට නොගෙනෙන්නට වග බලා ගත යුතුය" යන්න මතක් කර දෙන්නට කැමැත්තෙමි.

2012-08-10

හොට්මේල් සදහා නව සංස්කරනයක් නිකුත්වේ........

මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදාක පවසා සිටියේ තම හොට්මේල සේවාවේ නව සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කර ඇති බවකි. වැඩිදියුනු කිරීම් කිහිපයක්ද සමග නිමවා ඇති මෙම නව සංකරනය සමග පහසුවෙන් සමාජ ජාල සමග සහයෝගයෙන් කටයුතු කරන්නට හැකිවීම කැපී පෙනෙන බවටයි පැවසෙන්නේ. ස්කයි ඩ්‍රයිව් සමග සහයෝගයෙන් කටයුතු කරන මෙම නව සංස්කරනය සමග විශාල මට්ටමේ දත්ත ගොනු පහසුවෙන් ඊමේල සමග දවටා යන්නට අවශ්‍ය විටකදී හොද සහයක් ලැබෙන බවටයි සටහන් වන්නේ. ඊට අමතරව තම ඊමේල ගිනුම තුල සිටිමින්ම ස්කයිප් භාවිතය ෆේස්බුක් හා ‍ටුවිටර් ගිනුම් වල පලකිරීම් පහසුවෙන් මෙම ගිනුම තුලට ගෙන්වා ගැනීමට හැකිවීම සටහන් වනවා.
                                           ජීමේල වලදී මෙන් ඊමේලයන් තුල තොරතුරු පෙරා ගැනීම් වලින් තොර සේවාවක් ලෙසට තම නව සේවාව හදුන්වා දෙන ආයතනය දැනටමත් හොට්මේල භාවිතාකරන්නන් සදහා පහසුවෙන් මෙම නව සංස්කරනය වෙත තම ගිනුම ඉහලතල ගන්වා ගැනීමකට ඉඩ සැලසෙන බවත් ඒ සමග අවශ්‍ය නම් පමනක් නව ඊමේල ලිපිනයක් ලබා ගතහැකිවනු ඇති බවටත් සදහන් කර සිටිනවා.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසී මෙන් මෙම සේවාව වෙත ඔබටත් ඇතුලුවිය හැකි වනු ඇත.

ෆේස්බුක් ඊමේල ඔස්සේ ලැබෙන සැකසහිත ඊමේලයන්........



ලොව ප්‍රකටතම සමජ ජාලාව වන ෆේස්බුක් අඩවිය නිරන්තරයෙන් තම භාවිතාකරන්නන් සයිබර් පහරදීම් වලින් ‍රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටී.පසුගිය ජූලි මාසයේ හදුන්වා දුන් නවාංගයකින් ආසාධිත තත්වයේ පරිගණකයක් ඔස්සේ ෆේස්බික් අඩවිය වෙත පිවිසීමට උත්සාහ කරන විට එය වලකාලන්නට ක්‍රමවේදයක් හදුන්වා දුන් අතර අදාල ආසාධිත බව පරිගණකයෙන් ඉවත්කලයුතු බවට භාවිතාකරන්නා හට දැනුම් දීමටද හැකිවෙකිවන ලෙසට  එම පද්ධතිය කටයුතු කරන්නට හැකිවන ලෙසට නිමවා තිබිනි.
                                                   ෆේස්බුක් ආයතනය අලුතින්ම හදුන්වාදී ආරක්ශක පියවරක් පැහැදිලි කරමින් ඔවුන් පවසා සිටින්නේ භාවිතාකරන්නන් වෙත එහි ඊමේල ලිපිනය ඔස්සේ ලැබෙන සැකසහිත ඊමේලයන් ඔවුන් විසින් අලුතින් හදුන්වා දී ඇති   phish@fb.com  ඊමේල ලිපිනය ඔස්සේ ආයතනය වෙත යොමු කරන ලෙසටයි.එවිට ආයතනය විසින් එම ඊමේලයන් සමග භාවිතාකරන්නන්ගේ තොරතුරු පැහැරගැනීමේ අදහසින් ක්‍රියාත්මකවන ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමුකරවා ගන්නට ගන්නා උත්සාහයන් හදුනා ගනිමින් එම අඩවි වලකන්නට කටයුතු කරන බවයි.

2012-08-06

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට............



ආශ්‍රම භූමිය පාමුල වන ගම්මානයේ ජීවිත රිද්මය මහත්සේ වෙනස්ය. කලබලකාරී නොසංසුන් මනසකට නොපෙනෙන මුත් කලක් ආශ්‍රමය ආශ්‍රිතව තැන්පත්වන මනසකට එම වෙනස හොදින් විදිය හැකිය.ග්‍රාම්‍ය බව වඩාත් ලංවන්නේ නොදියුනු බවට යයි පදනම මත සලකන විට ජීවිතයේ සාමන්‍ය ගැටලු කෙරෙහි ඔවුන්ගේ දැක්ම බොහෝ සෙයින් වෙනස්ය.ලෝකයේ මහත්සේ දියුනු යැයි සැලකෙන සමාජ යන් ආශ්‍රිතව සලකන විට ලිංගිකත්වය, තම දේපල ආදීවූ නෙක කාරනා වලදී ඔවුන් දක්වන මහත්සේ හික්මුනු ප්‍රතිචාරයන් සාමන්‍ය සමාජීය මනසකට පැහැදිලිකර ගත හැකි වනු ඇත්දැයි සැක සිතෙන තරම්ය.
                                                        මහත්සේ නිශ්චල ඔවුනගේ ජීවන රටව තුලදී , දියුනු යැයි සම්මත සමාජයන් වල සිදුවන නෙක හැල හැප්පීම් සමාජ විද්‍යාව අනූව සංස්කෘතික අසහනය ලෙස නම් කරමින් සමාව ඉල්ලා සිටින්නට තර්ක ගොඩ නගන සමාජ විද්‍යා විද්වතුන් මෙම පරිසරය තුලදීනම් මහත්සේ අසරන වනු නියතය. නොහික්මුනු තරගය වෙනුවට මෙහි ඇත්තේ අපූරු හික්මීමකින් වර්නවත් වූ තරගයකි.දියුනු සමාජ වලදී නම් සමහර විටක ගෝත්‍රික බවත් ඉක්මවා ගිය පුද්ගලත්වයේ ගොරෝසු මතුපිට වෙනුවට ගම්වැසියන් තුල දක්නට ඇත්තේ මහත්සේ සියුම්වූ පුද්ගලත්වයකි.එකි නෙකා පරයා යෑම තමන්ගේ දුර්වල බවක් ලෙසට හැගෙන සේ ඔවුනගේ සංස්කෘතිය කෙලෙස දැයි වටහා ගැනීම මහත්සේ අසීරු කාරනයකි.

2012-08-04

මයික්‍රසොෆ්ට් "මෙට්‍රෝ" යෙදුම අත්හරී.....


පසුගියදාක මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පැවසුනේ වින්ඩෝස් 8 සමග බෙහෙවින් කථාබහට ලක්වූ යෙදුමක් වන මෙට්‍රෝ යෙදුම අත්හැර දමන්නට තමන් තීර්නය කර ඇති බවකි. " මෘදුකාංග සංවර්ධන තත්වයන් සමග  සංකේථ නාම ලෙසට භාවිතවූ මෙම යෙදුමන් සුපුරුදු සාම්ප්‍රධායික ආකාරයට එහි අවසාන සංස්කරනයත් සමග වෙළද නාමයන් බවට පත්වන බවත්, ඒ අනූව මෙට්‍රෝ යෙදුම "වින්8 ආකාරයේ මුහුනතක්" ලෙසට වෙනස් වන බවත්" පවසා සිටියා.

Attack Surface Analyzer හි අවසන් සංස්කරනය නිකුත් වෙයි....

පද්ධති කලමනා කරුවන්ට මෙන්ම  මෘදුකාංග සංවර්ධනය කරන්නන් අදී බොහෝ අයට සහය වනමෘදුකාංගයක් ලෙසට මයික්‍රසොෆ්ට් සමගමෙන් නිකුත්වූ  Attack Surface Analyzer නැමති මෘදුකාංගයේ සම්පූර්න සංස්කරනයක් මේ වනවිට නිකුත්වී ඇති බවටයි වාර්ථාවන්නේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් මතට ස්ථාපනය වන තවත් මෘදුකාංගයකින් එම මෙහෙයුම් පද්ධතියට සිදුවියහැකි අනතුරු පිලිබදව හැදෑරීමක් මෙම නොමිළේ භාවිතකල හැකි මෘදු උපකරනය මගින් සිදුකර ගත හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔසේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය ගැන වැඩිදුර තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

http://www.microsoft.com/en-us/download/details.aspx?id=24487

ලැප්ටොප් යන්තරයට මෘදු ආරක්ශකයෙක්...

වර්තමානය වන විට යමෙකුගේ දත්ත උපකරනයක් සොරා ගැනීමකට ලක්වීම තුලදී එහි හිමිකරුට සිදුවන හානිය එම උපකරනයේ වෙළද වටිනාකමතුලින් පමනක් තක්සේරු කල නොහැකි වනු ඇත.බොහෝ විට එම මුදක ගෙවා එවන් උපකරනයක් නැවත අත්පත් කරගත හැකි උවද  එම උපකරන යත් සමග අහිමිවන වන දත්තගොනු කිසි සේත් එලෙස යලි අත්පත්කර ගන්නට නොහැකි විය හැක. ලැප්ටොප් යන්ත්‍රයන් මෙම අනතුර සදහා වැඩියෙන්ම නිරාවරනය වී ඇති උපකරනයකි.
                            මෘදුකාංග නිර්මාන කරුවන් මේ සදහා  විසදුම් කිහිපයක් ‍රැගෙන විත් ඇත. එම යන්ත්‍රය ලොවකොතැනක සිට හෝ අන්තර්ජාලය හා සම්බන්ද වුව හොත් ක්ෂනිකව  ඒ බව දැනගත හැකි ආකාරයේ සහය , එම උපකරනය දුරස්තව අගුලු ලෑමේ හැකියාව මෙන්ම එහි ඇති සංවේධී මට්ටමේ දත්තයන් මකා දැමීමේ හැකියාව ඒ අතර පවතියි. විවිද මිල ගනන් යටතේ මෙවන් මෘදුකාංග මිලදී ගත හැකි වුවද නොමිළේ එම සේවාව සපයා ගත හැකි මෘදුකාංගද නැතිවම නොවේ. පහත දැක්වෙන ලිපින ඔස්සේ පිවිස එසේ නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංග කිහිපයක් පිලිබද වැඩි දුර තොරතුරු හා බාගතකර ගැනීමේ අවස්ථාවද ඔබට ලබා ගත හැකි වනු ඇත.

http://www.frontdoorsoftware.com/

http://www.thelaptoplock.com/




Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...