2012-08-10

ෆේස්බුක් ඊමේල ඔස්සේ ලැබෙන සැකසහිත ඊමේලයන්........



ලොව ප්‍රකටතම සමජ ජාලාව වන ෆේස්බුක් අඩවිය නිරන්තරයෙන් තම භාවිතාකරන්නන් සයිබර් පහරදීම් වලින් ‍රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටී.පසුගිය ජූලි මාසයේ හදුන්වා දුන් නවාංගයකින් ආසාධිත තත්වයේ පරිගණකයක් ඔස්සේ ෆේස්බික් අඩවිය වෙත පිවිසීමට උත්සාහ කරන විට එය වලකාලන්නට ක්‍රමවේදයක් හදුන්වා දුන් අතර අදාල ආසාධිත බව පරිගණකයෙන් ඉවත්කලයුතු බවට භාවිතාකරන්නා හට දැනුම් දීමටද හැකිවෙකිවන ලෙසට  එම පද්ධතිය කටයුතු කරන්නට හැකිවන ලෙසට නිමවා තිබිනි.
                                                   ෆේස්බුක් ආයතනය අලුතින්ම හදුන්වාදී ආරක්ශක පියවරක් පැහැදිලි කරමින් ඔවුන් පවසා සිටින්නේ භාවිතාකරන්නන් වෙත එහි ඊමේල ලිපිනය ඔස්සේ ලැබෙන සැකසහිත ඊමේලයන් ඔවුන් විසින් අලුතින් හදුන්වා දී ඇති   phish@fb.com  ඊමේල ලිපිනය ඔස්සේ ආයතනය වෙත යොමු කරන ලෙසටයි.එවිට ආයතනය විසින් එම ඊමේලයන් සමග භාවිතාකරන්නන්ගේ තොරතුරු පැහැරගැනීමේ අදහසින් ක්‍රියාත්මකවන ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමුකරවා ගන්නට ගන්නා උත්සාහයන් හදුනා ගනිමින් එම අඩවි වලකන්නට කටයුතු කරන බවයි.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...