2012-08-10

හොට්මේල් සදහා නව සංස්කරනයක් නිකුත්වේ........

මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදාක පවසා සිටියේ තම හොට්මේල සේවාවේ නව සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කර ඇති බවකි. වැඩිදියුනු කිරීම් කිහිපයක්ද සමග නිමවා ඇති මෙම නව සංකරනය සමග පහසුවෙන් සමාජ ජාල සමග සහයෝගයෙන් කටයුතු කරන්නට හැකිවීම කැපී පෙනෙන බවටයි පැවසෙන්නේ. ස්කයි ඩ්‍රයිව් සමග සහයෝගයෙන් කටයුතු කරන මෙම නව සංස්කරනය සමග විශාල මට්ටමේ දත්ත ගොනු පහසුවෙන් ඊමේල සමග දවටා යන්නට අවශ්‍ය විටකදී හොද සහයක් ලැබෙන බවටයි සටහන් වන්නේ. ඊට අමතරව තම ඊමේල ගිනුම තුල සිටිමින්ම ස්කයිප් භාවිතය ෆේස්බුක් හා ‍ටුවිටර් ගිනුම් වල පලකිරීම් පහසුවෙන් මෙම ගිනුම තුලට ගෙන්වා ගැනීමට හැකිවීම සටහන් වනවා.
                                           ජීමේල වලදී මෙන් ඊමේලයන් තුල තොරතුරු පෙරා ගැනීම් වලින් තොර සේවාවක් ලෙසට තම නව සේවාව හදුන්වා දෙන ආයතනය දැනටමත් හොට්මේල භාවිතාකරන්නන් සදහා පහසුවෙන් මෙම නව සංස්කරනය වෙත තම ගිනුම ඉහලතල ගන්වා ගැනීමකට ඉඩ සැලසෙන බවත් ඒ සමග අවශ්‍ය නම් පමනක් නව ඊමේල ලිපිනයක් ලබා ගතහැකිවනු ඇති බවටත් සදහන් කර සිටිනවා.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසී මෙන් මෙම සේවාව වෙත ඔබටත් ඇතුලුවිය හැකි වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...