2012-08-14

ගෞරවනීය මව් පදවියට ෆේස්බුක් තුලද ගෞරවනීය තැනක් වෙන්වේ....

සමාජ ජාලා භාවිතය  ලාංකීය පොදු සමාජ භාවිතය තුල විසුලු කාරනාවක් වීම කෙසේ වෙතත් දියුනු  සමාජයන් තුල දෛනික ජීවිතාය වඩාත් සුවපහසු කරන්නට යොදා ගන්නා බව මග හරින්නට ඒවායේ අතිශය කලාතුරකින් සිදුවන රිනාත්මක කාරනා මතුකර පෙන්විමෙන් තම ගොත්‍රික බව වසා ගන්නා සම හරක්ට තම දෙතොල මතට සිහින් සිනහවක් ගෙනෙන්නට සමත් නවාංගයක් පිලිබදව පසුගියදා ෆේස්බුක් ආයතනයෙන් නිවේදනයක් නිකුත් වෙනු ලැබුවා.
                               ඔවුන් පවසා සිටියේ තම භාවිතාකරන්නන් අතරින්  මවු පදවිය බලාපොරොත්තු වෙන්නියන් සදහා ෆේස්බුක් හි  "ලයිෆ් ඉවෙන්ට්" යටතේ ඒ පිලිබදව සටහන් කරන්නට හැකි වන බවයි. ඔවුන් පවසනවා මෙම නිවේදනය කිරීම "සෙලිබ්‍රේෂන්" යටතේ සටහන් වන්නට නියමිත බව.මේ යටතේ සදහන්වන අනෙකුත් කාරනා අතර භාවිතා කරන්නාගේ උපන්දිනය වැනි  සැමරුම් සහිත කාරනා පෙල ගැස්වෙනු දැකිය හැකියි.කෙසේ වෙතත් සමාජ ජාලා භාවිතයේ ප්‍රධානතම රීතිය වන "මොන සීමා කිරීම් යටතේ උවත් ලොවම දැන ගන්නවාට ඔබ අකමැති කිහිදු කරුනක් සමාජ ජාලා සටහන් මතට නොගෙනෙන්නට වග බලා ගත යුතුය" යන්න මතක් කර දෙන්නට කැමැත්තෙමි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...