2012-08-06

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට............



ආශ්‍රම භූමිය පාමුල වන ගම්මානයේ ජීවිත රිද්මය මහත්සේ වෙනස්ය. කලබලකාරී නොසංසුන් මනසකට නොපෙනෙන මුත් කලක් ආශ්‍රමය ආශ්‍රිතව තැන්පත්වන මනසකට එම වෙනස හොදින් විදිය හැකිය.ග්‍රාම්‍ය බව වඩාත් ලංවන්නේ නොදියුනු බවට යයි පදනම මත සලකන විට ජීවිතයේ සාමන්‍ය ගැටලු කෙරෙහි ඔවුන්ගේ දැක්ම බොහෝ සෙයින් වෙනස්ය.ලෝකයේ මහත්සේ දියුනු යැයි සැලකෙන සමාජ යන් ආශ්‍රිතව සලකන විට ලිංගිකත්වය, තම දේපල ආදීවූ නෙක කාරනා වලදී ඔවුන් දක්වන මහත්සේ හික්මුනු ප්‍රතිචාරයන් සාමන්‍ය සමාජීය මනසකට පැහැදිලිකර ගත හැකි වනු ඇත්දැයි සැක සිතෙන තරම්ය.
                                                        මහත්සේ නිශ්චල ඔවුනගේ ජීවන රටව තුලදී , දියුනු යැයි සම්මත සමාජයන් වල සිදුවන නෙක හැල හැප්පීම් සමාජ විද්‍යාව අනූව සංස්කෘතික අසහනය ලෙස නම් කරමින් සමාව ඉල්ලා සිටින්නට තර්ක ගොඩ නගන සමාජ විද්‍යා විද්වතුන් මෙම පරිසරය තුලදීනම් මහත්සේ අසරන වනු නියතය. නොහික්මුනු තරගය වෙනුවට මෙහි ඇත්තේ අපූරු හික්මීමකින් වර්නවත් වූ තරගයකි.දියුනු සමාජ වලදී නම් සමහර විටක ගෝත්‍රික බවත් ඉක්මවා ගිය පුද්ගලත්වයේ ගොරෝසු මතුපිට වෙනුවට ගම්වැසියන් තුල දක්නට ඇත්තේ මහත්සේ සියුම්වූ පුද්ගලත්වයකි.එකි නෙකා පරයා යෑම තමන්ගේ දුර්වල බවක් ලෙසට හැගෙන සේ ඔවුනගේ සංස්කෘතිය කෙලෙස දැයි වටහා ගැනීම මහත්සේ අසීරු කාරනයකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...