2012-08-15

Advanced SystemCare v6 Beta 1.1 මෘදුකාංගයේ නවතම බීටාවක් නිකුත්වේ

භාවිතාවන කාලය වැඩි වනවාත් සමග පරිගණක පද්ධතියේ නිරෝගීකම ‍රැක ගැනීම සදහා සහය වන මෘදුකාංගයක අවශ්‍යතාවය වැඩි ලෙස දැනෙන්නට පටන් ගනී.සරලව මෙම අවශ්‍යතාවයන් සැපරිම සදහා මෙහෙයුම් පද්ධතිය සමග  පහසුකම් කිහිපයක් පැමිනියද වඩාත් විදිමත්ව හා පහසුවෙන් එම කාරනා ඉ‍ටුකර ගැනීමට අමතර මෘදුකාංගයක සහය අමතක කල නොහැකි තරම්ය.නොමිලේ භාවිතාකල හැකි මේ සදහා වන සහය මෘදුකාංග අතර Advanced SystemCare v6 Beta 1.1 මෘදුකාංගයට හිමිවන්නේ ඉහල තැනකි. එහි නවතම බීටා සංස්කරනය සමග හානිකර මෘදුකාංග ඉවත් කිරීම රෙගිස්ට්‍රි ගැටලු සමනය කිරීම අනවශ්‍ය දත්ත ගොනු ඉවත්කිරීම ආදී බොහෝ අතින් ඔබට සහය වීමට සූදානමින් සිටින බවටයි පැවසෙන්නේ.
                ඔවුන් පවසන්නේ මෙම මෘදුකාංගය අත්දැකීම් බහුල භාවිතාකරන්නෙකු ලෙසට හෝ සරල භාවිතාකරන්නෙකු ලෙසට භාවිතාකිරීම තොරා ගැනීමේ හැකියාව ඇති අතර ඒ ඔස්සේ පද්ධතියේ වඩාත් සංකීර්න සැකසුම් වෙත ලගාවෙමින් අවශ්‍ය වෙනස්කම් සිදුකර ගැනීමේ හැකියාව භාවිතකරුට ලැබෙන බවයි.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් මෙම මෘදුකාංගය පිලිබද වැඩි දුර තොරතුරු හා එය බාගතකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

http://majorgeeks.com/Advanced_SystemCare_6_Beta_1.0_d6690.html

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...