2012-08-04

ලැප්ටොප් යන්තරයට මෘදු ආරක්ශකයෙක්...

වර්තමානය වන විට යමෙකුගේ දත්ත උපකරනයක් සොරා ගැනීමකට ලක්වීම තුලදී එහි හිමිකරුට සිදුවන හානිය එම උපකරනයේ වෙළද වටිනාකමතුලින් පමනක් තක්සේරු කල නොහැකි වනු ඇත.බොහෝ විට එම මුදක ගෙවා එවන් උපකරනයක් නැවත අත්පත් කරගත හැකි උවද  එම උපකරන යත් සමග අහිමිවන වන දත්තගොනු කිසි සේත් එලෙස යලි අත්පත්කර ගන්නට නොහැකි විය හැක. ලැප්ටොප් යන්ත්‍රයන් මෙම අනතුර සදහා වැඩියෙන්ම නිරාවරනය වී ඇති උපකරනයකි.
                            මෘදුකාංග නිර්මාන කරුවන් මේ සදහා  විසදුම් කිහිපයක් ‍රැගෙන විත් ඇත. එම යන්ත්‍රය ලොවකොතැනක සිට හෝ අන්තර්ජාලය හා සම්බන්ද වුව හොත් ක්ෂනිකව  ඒ බව දැනගත හැකි ආකාරයේ සහය , එම උපකරනය දුරස්තව අගුලු ලෑමේ හැකියාව මෙන්ම එහි ඇති සංවේධී මට්ටමේ දත්තයන් මකා දැමීමේ හැකියාව ඒ අතර පවතියි. විවිද මිල ගනන් යටතේ මෙවන් මෘදුකාංග මිලදී ගත හැකි වුවද නොමිළේ එම සේවාව සපයා ගත හැකි මෘදුකාංගද නැතිවම නොවේ. පහත දැක්වෙන ලිපින ඔස්සේ පිවිස එසේ නොමිලේ භාවිතාකල හැකි මෘදුකාංග කිහිපයක් පිලිබද වැඩි දුර තොරතුරු හා බාගතකර ගැනීමේ අවස්ථාවද ඔබට ලබා ගත හැකි වනු ඇත.

http://www.frontdoorsoftware.com/

http://www.thelaptoplock.com/




Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...