2014-01-22

Google glass පැලද සිටි අයෙක් සිනමාහලෙන් පිටතට!!!!

  පසුගියදා Ohio  වල සිනමා ශාලාවක Google glass පැලද සිනමා පටයක් නරබමින් සිටි ප්‍රේක්ශකයෙකු බලධාරීන්ගේ සහයෙන්  සිනමා සාශාලාවෙන් ඉවත්කරට කටයුතු කල බවක් වාර්ථා වෙනවා. මස දෙකක් තිස්සේ අත්හදා බැලීමේ මට්ටමින් පවතින මෙම පලදින පරිගණක සහය ඇති උපාංගය භාවිතාකරමින් සිටි පුද්ගලයා AMC theater වල සිනමා පටයක් නැරබීමට තම Google glass භාවිතකරමින් සිටියේ තමා සදහා නිර්දේශිත විශේෂ කාච යෙදා එය නිර්මානය කර ගෙන තිබූ නිසා පවසන අතර අතර මැදදී නිල පැලදුමක් සහිතව පැමිනි අයෙක් තමන්ව ප්‍රේක්ශකාගාරයෙන් ඉවතට ගෙන තම උපකරනය ඔස්සේ පටිගතකිරිමක් කරාදැයි සොයන්නට කටයුතු කල අතර අවසානයේ එවන් යමක් සිදුව නැති බව තහවුරු වීමෙන් අනතුරුව නොමිලේ යල්සිනමා පටය නැරබීමට අවසර පතක් සමග නිදහස් කල බවටයි මාධ්‍ය වෙතට පවසා සිටියේ.

ජර්මනියේ ඊමේල මිලියන 16ක් පහර දෙන්නන් අතට....

  ඇමරිකානු වෙළඳ ආයතනයන් කිහිපයක්  වෙතට සිදුවූ සයිබර් පහර දීමක් ඔස්සේ ක්‍රේඩිට් පත් තොරතුරු රශියක් පහරදෙන්නන් අතට පත්වීමේ සිදුවීමේ උනුසුම මැකී යනවාත් සමගම ජර්මනියෙන් වාර්ථාවෙන්නේ මහා පරිමානයේ ඊමේල තොරතුරු රාශියක් පහර දෙන්නන් අතට පත්වීමක් පිලිබදව තොරතුරක්ය. ජර්මානු රජය පවසන්නේ එරට පුර වැසියන්ගේ ඊමේල මිලියන 16කට වැඩි ප්‍රමානයක් මෙලෙස මැල්වෙයාර් ක්‍රියාකාරීත්වයක් හරහා සයිබර් අපරාධකරුවන් අතර පත්ව ඇති බවයි. සයිබර් අපරාධ සම්බන්ද යෙන් ක්‍රියාත්මක වන ආයතනයක් විසින් නිකුත්කල මෙම තොරතුරු අතාර් තවමත් අදාල බොට්නෙට් කන්ඩායම පිලිබදව් හෝ වැඩි දුර තොරතුරු අඩංගුව නැති අතර සොයා බැලීම් සිදුවෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ. එටර රජය විසින් භාවිතාකරන්නන් හට තමන්ගේ ඊමේල ලිපිනයත් මෙම පහර දීම සරහා අපරාධ කරුවන් අතට පත්ව ඇත්දැයි සොයා බලන්නට වෙබ් අඩවියක් විවෘත කොට ඇතිමුත් මේ වන විට එම අඩවිය වෙත ඇදී එන පිරිස අධික බැවින් එම අඩවිය භාවිතාකිරීමේ අපහසු තාවක් ඇති බවටයි වාර්ථ වන්නේ. ආසාධිත පරිගණක හිමියන් වෙතට උපදෙස් දෙමින් එරට රජය පවසන්නේ පරිගණකයෙන් අදාල ආසාදිතයන් ඉවත් කර ගැනිමට කටයුතු කරන අතර තුර තම ඊමේල ලිපින හා අවසර පද වෙනස් කිරීමට කටයුතු කිරීම වැදගත් වනු ඇති බවකි.

2014-01-20

Text to Speech මෘදුකාංගයක්.....

  අන්තර්ජාලය තුලවන බොහෝ දෑ Text ආකාරයේ පවතී. භාවිතාකරන්නෙකුට මෙම Text ආකාරයේ පවතින දෑ ශ්‍රව්‍ය මට්ටමට පෙරලා ගැනීමට වන අවශ්‍යතාවය  බහුලව දැකිය හැකිය. විවෘත මෘදුකාංග ආකරයේ මෙම මෘදුකාංගය සමග බොහෝ ආකාරයට පවතින Text සටහන් කියවන්නට මෙන්ම බොහෝ ආකාරයට ඒවා save කර ගන්නට සහය දක්වන අතර උච්චාරනයන් වඩාත් පැහැදිලි කර ගැනීමට අවශ්‍යවන වෙනස්කම් සමග තවත් අංග කිහිපයකින්ම එය සමන්විතය. මෙම නොමිළේ භාවිතාකල හැකි මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.
http://www.cross-plus-a.com/balabolka.zip

ගූගල් ක්‍රෝම් භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවේ!!!!

  මෘදු හානිකරයන් පතුරන්නන් අතට පත්ව ඇති Chrome extensions ඔස්සේ ගූගල් ක්‍රෝම් භාවිතාකරන්නන් වෙතට "ඇඩ්වෙයාර්" හා  "මැල්වෙයාර්" ආසාධිතයන් බවට පත්කරවන උත්සාහයක් මේ වන විට හෙලිව තිබෙනවා. ගූගල් ආයතනය තම වෙබ් බ්‍රවුසරය සදහා යාවත්කාලීන පැමිනීමේ දී හදුන්වාදී ඇති නව 'silent updates' ක්‍රමවේදය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට නොදැනීම යාවත්කාලීන පැමිනීමේ හැකියාව සමග මෙම තත්වය වඩාත් දරුනුව ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. තම බ්‍රවුසරයවෙතට පැමිනෙන extensions යවත්කාලීනයන් භාවිතාකරන්නන් හට පැහැදිලිකර ගැනීමට නොහැකි වනවා පමනක් නොව ආරක්ශක මෘදුකාංග වලින් ගැලවී යාමේ හැකියාව සමග මෙම හනිකර බව පහසුවෙන් පැතිරීමට හැකි වන අතර අවසානයේ බ්‍රවුසර මෘදුකාංගය ඉවත්කිරීම හැරෙන්නට විකල්පයක් නොවන බවටයි දැක්වෙන්නේ.

2014-01-19

වින්XP සදහා SMRT පහසුව 2015 දක්වා......

  මයික්‍රසොෆ්ට් සමාගම තම භාවිතාකරන්නන් සදහා ප්‍රධාන වශයෙන් අරක්ශක මෘදුකාංග වර්ග දෙකක් නොමිලේ ලබා දෙන්නට කරයුතු කරයි. ඉන් එකක් වන්නේ ආරක්ශක මෘදුකාංගයක් ලෙසට වින්ඩෝස් මෘදුකාංග සමග භාවිතාකරන්නට හැකි Microsoft Security Essentials මෘදුකාංගයයි. ප්‍රාථමික මට්ටමේ ආරක්ශාව සලසන මෙම මෘදුකාංගය සාමාන්‍ය භාවිතවේදී සෑහෙන බවටයි පිලිගැනීම වන්නේ. මීට අමතරව එම ආයතනය තම භාවිතකරන්නන් වෙතට ආරක්ශක මෘදු ටූලයක්ද මාසික යාවත්කාලීඉනයන් සමග නිකුත්කරන්නට  කටයුතු කරනු ලබයි. තම මෙහෙයුම් පද්ධති සදහා හානිකවර හැසිරෙන බවට හදුනා ගන්නා මෘදු හානිකරයන් යම් පරිගණකයක ස්ථාපනය වී ඇත්නම් මෙම මෘදු ටූලය ඒ සදහා සහය වීමට සුදානමින් සිටින බවටයි ඔවුන් නිවේදනය කර සිටින්නේ. ඒ ඒ කාලවලදී පැතිරෙන හානිකරයන් සදහා මෙම මෘදු ටූලය භාවිතාකරන්නන් වෙතට ගෙනෙන්නේ මහත් සහයකි. Microsoft's Malicious Software Removal Tool ලෙසට නම්වන මෙම මෘදු සහය වින්ඩෝස් XP සදහා  එලබෙන අප්‍රේල් 8 දායින් පසුවද 2015 ජූලි 14 දක්වා නිකුත් කරන්නට තමන් කටයුතු කරන බවටයි පසුගියදා නිවේදනය කර සිටියේ. SMRT ලෙසට කෙටියෙන් හදුන්වන මෙම මෘදු ටූලය XP භාවිතාවේ තව දුරටත් හිදින්නට බලාපොරොත්තුවන භාවිතාකරන්නන් සදහා මද හෝ අත්වැසිල්ලක් වනු ඇති බවටයි බලාපොරොත්තු විය හැක්කේ.

2014 හා තොරතුරු ලෝකය....

  2014 විවිධ ආකාරයට අර්ථ දැක්වෙමින්  තිබෙනවා. කොනොම උනත් අපි දන්නවා මග හරින්න බැරි සාධක කිහිපයක්ම 2014 තුලින් තොරතුරු ලෝකය ඉල්ලා සිටිනවා. පලමු කාරනාව තමයි උපාංග අතර පරතරය වඩාත් අවමවීම. නිවසේ ඔබගේ ප්‍රධාන ඩෙස් ටොප් පරිගණකයෙන් ඇරබුනු කාරනාවක් අවසානයේ ඔබගේ ස්මාර්ට් දුරකථනයෙන් අවසන් කිරීමේ හැකියාව ඒ අතරින් ප්‍රධානයි. යම් යම් සීමාව්න් සමග උවත් එකම ඇප් එක සියලු උපාංග අතරින් අකංඩව ගලා යාමේ හැකියාව අනිවාර්ය වෙනවා. ක්ලවුඩ් අවකාශයත් සමග මේ බව වඩාත් පහසු වේවි කියලා අපිට හිතන්න පුලුවන්.
                       දෙවනි කාරනාව වේගයෙන් සංකීර්න වෙමින් ඇති පෞද්ගලික දත්ත භාවිතය දෛනිකව එක උපාංගයකට වඩා භාවිතාවට ඉල්ලා සිටීම මේ වන විට අනිවාර්ය වෙලා තිබෙනවා. එහිදී හමු විය හැකි සීමාවන් ජය ගන්නට නම් Personal cloud භාවිතාව සාමන්‍ය සරල දෙයක් වීම අනිවාර්ය වේවි. ඔබ භාවිතාකරන උපාංගය කුමක් වූවත් භාවිතාවට අවශ්‍ය වන්නේ කුමන පරිසරයක සිට උවත් පහසුවෙන් ඔබ ලග සිටින එකම පහසු සගයා වන්නේ Personal Cloud වීම අනිවාර්යයි. 2014 අවසන් වන්නේ ඔබගේ උපාංගයට වඩා ඔබගේ වඩාත් සුරක්ශිත ජීවවිද්‍යාත්මක සුරක්ශිත බවක් සමග එන දත්ත අනන්‍යතාවය වීම මග හරින්නට හැකි වන එකක් නැහැ.
                  තවත් අතකින් අපේ පෞද්ගලික දත්ත උපාංග විතරක් නෙවේ දනික ජීවිතට වටා නිවසේ කාර්යාලයේ තිබෙන බොහෝ අංගද ස්මාර්ට් වීමේ ප්‍රවනතාවය හොඳින් දැකිය හැකියි. මේ වන්න විට භාවිතය වැඩි වෙමින් ඇති ස්මාර්ට් රූපවාහිනිය , ශීතකරනය පමනක් නොව සියලු විද්‍යුත් භාණ්ඩ පමනක් නොව අවසානයේ නිවසේ තේ මේසය ,උඳුන ඇතුලු සමහර විටක අද වන විට සිතාගන්න බැරි බොහෝ දේ සදහා පැමිනෙන මේ ස්මාර්ට් ලේයරය සමග එකට බැදුනු උපාංග වලින් පිරි හෙට දවසේ සෑහෙන ආරම්භයක් 2014 තුලදී සටහන් වේවි යන්න අපට බලා පොරොත්තු විය හැකියි.

'Internet of Things'

  තොරතුරු ලොවකයේ හෙට දවස පිලිබදව වන බලාපොරොත්තු අතර internet of things යන්න බෙහෙවින් සාකච්චාවට ලක්වෙමින් ඇති කාරනයකි. 2020 වන විට ලොව පුරා භාවිතාවන දත්ත උපාංග බිලියන 20ක් බවටයි ගනනය වෙමින් ඇත්තේ. නිවසක නැතිනම් ආයතනයක භාවිතාවන උපාංග අතර මිනිස් මැදිහත්වීමකින් තොරව සිදුවන අනඔන්‍ය කථා බහක් ඔස්සේ ඒවා වඩාත් කාර්යක්ශමව ක්‍රියාත්මක වීමේ හැකියාව මෙන්ම වඩාත් ඵලදායී  භාවිතාවක් ගෙන ඒම බලාපොරොත්තුවන මෙම ගොඩ නැගීම අපූරු අත්දැකීමක් වනු ඇත.
               දැනට මිනිස් භාවිතාකරන්නන් මූලිකව සිදුවන අන්තර්ජාල භාවිතාවට හමුවන දෙවන යුගයේ භාවිතාවක් විය හැකි එය මිනිසා වෙතට මහත් පහසුවක් ‍රැගෙන එනු ඇති බවටයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ. දැනට තනි තනිව දෛනික ජීවිතය වටා ක්‍රියාත්මක වන උපාංහ අතර දත්ත හුවමාරුව සදහා මිනිස් මැදිහත්වීමක් සිදුවන අතර විටක අකාරක්ශමතාවයද එහි ප්‍රථපලයක් ලෙසට බහුලව අත්විදිමින් තිබෙනවා. හෙට දිනයේ නිවසට ‍රැගෙන එන නව ස්මාර්ට් උපාංගය නිවසේදී වන පලමු ක්‍රියාත්මක වීමේදී නිවසේ Wi-Fi ජාලය හරහා තමන්ගේ පැමිනීම අනෙකුත් නිවසේ වන ස්මාර්ට් උපාංග වලට දන්වාසිටිනු ඇති අතර අනතුරුව අනෙකුත් උපාංග සමග දත්ත හුවමාරු කර ගනිමින් වඩාත්ඵලදායී ලෙසට කටයුතු කරගෙන යාමට එය සහය වනු ඇත.

XP වල තිබූ SVHOST දුර්වලතාවය පිලිසකර කෙරේ!!!

  වින්ඩෝස් XP සමු ගැනීමට කෙටිකාලයක් ඉතිරව ඇති මුත් භාවිතාව ඔවුන් සැලසුම් කල ආකාරයට අවමවීම ගැටලු සහගත තත්වයක තිබේ. මයික්‍රසොෆ්ට් ආයතනය විසින් තම12 වියැති මෙහෙයුම් පද්ධතිය වෙත තව දුරටත් යාවත්කාලීන නිකුත්කිරීම අවසන් කිරීම්සමග ලොව අපුරා හානිකරයන් පතුරවන්නන්ගේ වැඩි අවධානයක් එය වෙතට යොමු වනු ඇති බවටයි බිය පලවෙමින් ඇත්තේ. මෙ අතර පසුගිය මාස කිහිපයක් මුලුල්ලේ කථා බහට ලක්වෙමින් තිබූ තවත් කාරනාවක් වූවේ තම XP මෙහෙයුම් පද්ධතියේ දැනට හදුනා ගෙන තිබූ දුර්වලතාවයන් සදහා පිලිසකර නිකුත්කරන්නට ආයතනය කටයුතු නොකරාවිද යන්නය.
                 එසේ හදුනා ගෙන තිබූ දුර්වලතාවයක් වූ SVHOST ගැටලුව සදහා මයික්‍රසොෆ්ට් ආයතනය මෙවර මාසික යාවත්කාලීන ගොනු සමග පිලිසකර නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා. එම ගැටලුව සමග පරිගනකයේ CPU වල 100%ක භාවිතාවක් සිදු වූ අතර පසුගිය නොවැම්බරයේ ඒ සදහා පිලිසකරයක් නිකුත් කරන්නට කටයුතු කලමුත් එය එතරම් සාර්ථක නොවුනු බවටයි අත්දැකීම වූවේ. එසේම මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ යාවත්කාලීන ස්ථාපනයේදී පසුගිය යාවත්කාලීන පිලිබදව විමසන්නට අවශ්‍ය නොවන ලෙසට නව යාවකාලීන නිකුතු ක්‍රමය සකස් වීමේ එක් නිදර්ශනයක් මෙවර IE සදහා නිකුත්කල යාවත්කාලීනය සමග වන බවයි. ආයතනය පසුගියදා ප්‍රකාශකර සිටියේ XP වෙත සහය දැක්වීම අප්‍රේල් වලදී අවසන් වුනද තම ආරක්ශක මෘදුකාංගය 2015 වන තෙක් XP වෙතට සහය දක්වනු ඇති බවයි.

2014-01-18

Intel පියවරක් පසුපසට ගනී!!!!

  ලොව ප්‍රධානත චිප් නිපදවන්නෙකු වන ඉන්ටෙල් සමාගම ප්‍රකාශ කරන්නේ  මෙම වසර අවසානය වන විට තම සේවක පිරිසෙන් සියයට පහක් පමන ආයතනයෙන් ඉවත් කරන්නට තමන් සූදානම් වන බවයි. දැනට 108000 පමන වන සේවක පිරිසෙන් 5000 පමන පිරිසක් ඒ අනූව ඉවත් කරන්නට සැලසුම්ව ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. PC වෙළඳ පොල තුල මතුව ඇති අඩුවීම සමනය කර ගැනීම සදහා තම ආයතනයට මෙම පියවර ගන්නට සිදුව ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම ඉවත්වීමෙන් වැඩි පිරිසක් ඉක්මන් විශ්‍රාම යාම් වලින් හා කැමැත්තෙන් ඉවත්ව යාම් වලින් සමන්විත බවටයි එම නිවේදනය පැහැදිලි කර සිටින්නේ. පසුගිය වසරේ ආයතනයේ ලාබ ලැබීම් බලාපොරොත්තුවූවාට වඩා අඩු ප්‍රථිශතයක පෙන්වූ බවට පවසන එම ආයතනය යෝජිතව තිබූ Arizona වෙහි නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීම නවතා දමන්නට මෙන්ම පවතින නිෂ්පාදනාගාර තුනක් යාවත්කාලීන කිරීම මෙ වන විට නවතා දමන්නට තම තිර්ර්නය කර ඇති බවටත් පවසා සිටිනවා.

පරිගණකය වේගවත් කරගන්නට

  පරිගණක ක්‍රීඩා භාවිතාකරන්නන් සදහා විටක හමුවන අවශ්‍යතාවයක් වන්නේ පරිගණකයේ උපරිම හැකියාව තම ක්‍රීඩාව සදහා යොමුකරවා ගන්නට උවමනා වීමය. පලපුරුදු භාවිතාකරන්නන්මෙවැනි අවස්ථාවලදී තම පරිගණකයතුල ධාවනය වන අත්‍යාවශ්‍ය නොවන සමහර වැඩසටහන් මැනුවල් ආකාරයට නතර කර දමන්නට පෙලෙබෙනු දැකිය හැකිය. මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ එවැනි අවස්ථවලදීය. එක් ක්ලික් කිරීමක් ඔස්සේ පරිගණකයේ වෙනස්කම් කරමින් එහි හැකියාවෙන් වැඩිම ප්‍රමානය් ඔබගේ පරිගණක ක්‍රියාව සදහා යොදවා ගන්නට එය නොමිළේම සහය වීම වඩාත් සිත් ගන්නා සුලු කාරනාවක් විය හැක.

පහසු වීඩියෝ ගොනු Converter මෘදුකාංගයක්!!!!

  ඔබගේ භාවිතාව අනූව වීඩියෝවන් එක් ගොනු වර්ගයක සිට තවත් ගොනු වර්ගයකට පෙරල ගැනීමට අවශ්‍ය වීම නිතර හමුවන්නකි. විශේෂයෙන් ඒවා ධාවනය කරන්නට බලාපොරොත්තුවන උපාංගය අනූව මෙන්ම සමහර විටක ඔබ භාවිතාකරන ප්ලේයරය සමහර ගොනු වර්ග සදහා සහය නොදැක්වීම වැනි හේතු නිසා එම අවශ්‍යතාවය හමුවනවා විය හැක.පහත දැක්වෙන මෘදුකාංග ඔබගේ සහයට එන්නේ එවන් අවස්ථාවලදීය. නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් වීම මෙන්ම , පහසුවෙන් භාවිතාකල හැකි ප්‍රධාන කවුලුවක් තිබීම මෙන්ම , වෙගවත් ක්‍රියාකාරීත්වය මෙන්ම සියලුම පාහේ ගොනු වර්ග සදහා සහය දැක්වීම ඔබට වඩාත් පහසුවක් වනු ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...