2014-01-19

'Internet of Things'

  තොරතුරු ලොවකයේ හෙට දවස පිලිබදව වන බලාපොරොත්තු අතර internet of things යන්න බෙහෙවින් සාකච්චාවට ලක්වෙමින් ඇති කාරනයකි. 2020 වන විට ලොව පුරා භාවිතාවන දත්ත උපාංග බිලියන 20ක් බවටයි ගනනය වෙමින් ඇත්තේ. නිවසක නැතිනම් ආයතනයක භාවිතාවන උපාංග අතර මිනිස් මැදිහත්වීමකින් තොරව සිදුවන අනඔන්‍ය කථා බහක් ඔස්සේ ඒවා වඩාත් කාර්යක්ශමව ක්‍රියාත්මක වීමේ හැකියාව මෙන්ම වඩාත් ඵලදායී  භාවිතාවක් ගෙන ඒම බලාපොරොත්තුවන මෙම ගොඩ නැගීම අපූරු අත්දැකීමක් වනු ඇත.
               දැනට මිනිස් භාවිතාකරන්නන් මූලිකව සිදුවන අන්තර්ජාල භාවිතාවට හමුවන දෙවන යුගයේ භාවිතාවක් විය හැකි එය මිනිසා වෙතට මහත් පහසුවක් ‍රැගෙන එනු ඇති බවටයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ. දැනට තනි තනිව දෛනික ජීවිතය වටා ක්‍රියාත්මක වන උපාංහ අතර දත්ත හුවමාරුව සදහා මිනිස් මැදිහත්වීමක් සිදුවන අතර විටක අකාරක්ශමතාවයද එහි ප්‍රථපලයක් ලෙසට බහුලව අත්විදිමින් තිබෙනවා. හෙට දිනයේ නිවසට ‍රැගෙන එන නව ස්මාර්ට් උපාංගය නිවසේදී වන පලමු ක්‍රියාත්මක වීමේදී නිවසේ Wi-Fi ජාලය හරහා තමන්ගේ පැමිනීම අනෙකුත් නිවසේ වන ස්මාර්ට් උපාංග වලට දන්වාසිටිනු ඇති අතර අනතුරුව අනෙකුත් උපාංග සමග දත්ත හුවමාරු කර ගනිමින් වඩාත්ඵලදායී ලෙසට කටයුතු කරගෙන යාමට එය සහය වනු ඇත.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...