මයික්‍රසොෆ්ට් සමාගම තම භාවිතාකරන්නන් සදහා ප්‍රධාන වශයෙන් අරක්ශක මෘදුකාංග වර්ග දෙකක් නොමිලේ ලබා දෙන්නට කරයුතු කරයි. ඉන් එකක් වන්නේ ආරක්ශක මෘදුකාංගයක් ලෙසට වින්ඩෝස් මෘදුකාංග සමග භාවිතාකරන්නට හැකි Microsoft Security Essentials මෘදුකාංගයයි. ප්‍රාථමික මට්ටමේ ආරක්ශාව සලසන මෙම මෘදුකාංගය සාමාන්‍ය භාවිතවේදී සෑහෙන බවටයි පිලිගැනීම වන්නේ. මීට අමතරව එම ආයතනය තම භාවිතකරන්නන් වෙතට ආරක්ශක මෘදු ටූලයක්ද මාසික යාවත්කාලීඉනයන් සමග නිකුත්කරන්නට කටයුතු කරනු ලබයි. තම මෙහෙයුම් පද්ධති සදහා හානිකවර හැසිරෙන බවට හදුනා ගන්නා මෘදු හානිකරයන් යම් පරිගණකයක ස්ථාපනය වී ඇත්නම් මෙම මෘදු ටූලය ඒ සදහා සහය වීමට සුදානමින් සිටින බවටයි ඔවුන් නිවේදනය කර සිටින්නේ. ඒ ඒ කාලවලදී පැතිරෙන හානිකරයන් සදහා මෙම මෘදු ටූලය භාවිතාකරන්නන් වෙතට ගෙනෙන්නේ මහත් සහයකි. Microsoft's Malicious Software Removal Tool ලෙසට නම්වන මෙම මෘදු සහය වින්ඩෝස් XP සදහා එලබෙන අප්‍රේල් 8 දායින් පසුවද 2015 ජූලි 14 දක්වා නිකුත් කරන්නට තමන් කටයුතු කරන බවටයි පසුගියදා නිවේදනය කර සිටියේ. SMRT ලෙසට කෙටියෙන් හදුන්වන මෙම මෘදු ටූලය XP භාවිතාවේ තව දුරටත් හිදින්නට බලාපොරොත්තුවන භාවිතාකරන්නන් සදහා මද හෝ අත්වැසිල්ලක් වනු ඇති බවටයි බලාපොරොත්තු විය හැක්කේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...