සොබා දහම ආශ්‍රමයට කියා වෙනසක් නැතිවම සිදුවීම් ගෙන එන්නේ භාහිර ලෝකයේදීමෙන් හඩා වැටෙන්නට සුසුම්ලන්නට නොව අවබොදය ගෙන එන්නට යැයි මම සිතමි. ගතවූ රාත්‍රියේ අදික සුලග විසල් රුක්ෂයන් අබරමින් මහ හඩින් ආශ්‍රම භූමිය හරහා ගලා ගියාය. එකවරම නැගුනු මහත් හඩ නිසා සාමාන්‍ය ආශ්‍රම කුටි භාවිතාවේදී අපහට තහනම් කර ඇති කටයුත්තක් මා හටත් කරන්නට සිදුවිය. කුටියේ ප්‍රධාන දොරටුව විවෘත කොට සක්මලුවට ඔබ්බෙන් පිහිටි කුඩා ගල්තලාවට ගොඩවී අවට ගැන විමසන්නට වූයෙමි. ගමානය දෙසින් ආශ්‍රම දෙසට වේගයෙන් චලනයවන පන්දම් එලි ක්‍රමයෙන් කදුමුදුනත දෙසට ගමන් කරනු දුටු මාහට යමක් වැරදී ඇති බවට වූ සැකය නැවත තහවුරු විය. කුටියේ තිබූ කුඩා පන්දමක් දල්වාගෙන අසලතම කුටියේ වෙසෙන හෙට දිනයේ අපගෙන් සමුගෙන යන්නට නියමිත ටිබෙට් ජාතික මහතා වෙසෙන කුටිය දෙසෙට වහ වහා යන්නට වුනෙමි. දුටු දෙයින් මා සිත මහත් කැලබිල්ලකට පත්විය. එතුමාගේ කුටියේ ඉදිරිපස කොටසේ වහලය සම්පූර්නයෙන් සුලග විසින් ඉවත් කර තිබිනි. මොහොතකින් ගබඩා බාරකරු ලොකුස්වාමීන් වහන්සේ පෙරටු කරගෙන එතැනට පැමිනියාය. ගම් වැසියන්ද දහ දොලොස් දෙනෙක්ද ඔවුන් සමග පැමිනියාය.ලොකුස්වාමීන් වහන්සේ කුටියේ දොරටුවට තට්‍ටු කොට බැලූ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැති තැන ගම්වාසී තරුනයකුට කීවේ දොර විවෘත කරන ලෙසයි.
ඔබට එය විස්වාසකරන්නට බැරුවීම මගේ වරදක් නොවන බව මුලින්ම පැවසිය යුතුය. අප දුටුවේ කුටියේ ඉදිරිපස මහ වරුසාවේ තෙමෙමින් මේ කිසිදු හිරිහැරයකින් බිද නොවැටී තම දැහැනට සමවැදී සිටින ටිබෙට් ජාතික මහතාය. ඔබට කරුනු දෙකක් හෙලි කල යුතුය. ඒ මොහොත ගැන ඔබ සිතන හැටි වැරදි බවයි. ඔහු අපට වඩා සුරක්ෂිතය. සමහර විට ඔබ දෙවන වරත් සිතූ ආකාරය නිවැරදි නොවන බව කිව යුතුය. එවන් ගැබුරු සමාධියක් ඉදිරියේ මහ වැස්සක් ගිගුරුම් හඩක් යනු ඉතාම අල්ප දේවල් පමනී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-05-02
2011-04-29
."භාෂාවේ ඉසව්වට ඔබ්බෙන් බුදු දහමට ඇතුලුවීමේ මාවත සෙන් දහම යැයි මම සිතමි."
ආශ්‍රම ජීවිතයේදී මට හමුවු අපූරුතම අයෙක් සමුගෙන යන්නට සැරසෙයි. එතුමා ටිබෙට් ජාතික සෙන් දහමට මහත්සේ ප්‍රිය කරන අයෙකි.එතුමාගේ හොදම මිතුරා අපූරුලෙස කැටයම් කල බට නලාවකි.බටහිර කදුබැවුමේ ගලාගෙන යන විශාල ගංගාවේ අසිරිය විදින්නට ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු ආශ්‍රමවාසී අපි සියල්ලන්ම පාහේ ගිය ගමනේදී එතුමා ගැබුරු සෙන් දහමේ සංකල්ප පැහැදිලි කල ආකාරය , මගේ ජීවිතයේ කවරදාකවත් අමතකල නොහැකි මතකයකි."භාෂාවේ ඉසව්වට ඔබ්බෙන් බුදු දහමට ඇතුලුවීමේ මාවත සෙන් දහම යැයි මම සිතමි."
2011-04-28
ඔහු ක්‍රිස්තු භක්තික ධනවත් මහතෙකු වූවාය.........
ඔහු ක්‍රිස්තු භක්තික ධනවත් මහතෙකු වූවාය. තම පල්ලියේ ස්වාමී සමග ඇතිවූ සිත් අමනාපයක අවසනයේ බුදු දහම වැලද ගැනීමට තීර්නය කලා වියයුතුය. ආශ්‍රමය වෙත පැමිනෙන සියලුම දෙනා පාහේ අවසාන කදුයයවල් දෙක පසුකරන්නේ තනියමය. එනමුත් තැනින් තැන හමුවන ගම් වාසීන් එම අමුත්තන් රැක බලා ගන්නේය. නමුත් මා පෙර කී මහතා පැමින සිටියේ නගරයෙන් විසාල මුදලක් ගෙවා සේවය ලබා ගත් කුලී සේවකයින් දෙදෙනෙකුද සමගය.
පසුදින සැදැ සමාලෝචන රැස්වීමේදී එතුමා තම අත්දැකීම ලොකුස්වාමීන් වහන්සේ ඉදිරියේ හෙලිකරන්නට පටන් ගත්තේ තම ආගම ගැන පවා මහත් උපහාසයෙන් මෙනි. ලොකුස්වාමීන් වහන්සේ සුපුරුදු කාරුනික මද සිනාව සමග මෙසේ පිලිතුරු දුන්නාය. "අමානුශික ගති පැවතුම් නැති සියලුම ආගම් ඇත්තෙන්ම ගෞරවනීයයි. අනික් අතින් බොහෝ ආගම් වලට අමානුශික ගති පැවතුම් පැමින ඇත්තේ සංස්කෘතිකව වන සංස්කරනයේදී මිස මුල් දහමේ ස්වභාවය තුල නොවන බව අපි වටහා ගත යුතුයි. මම ඔබට විසුලු සහගත උනත් ගැබුරු අර්තයක් සහිත පුංචි කතාවක් කියන්නම්. දෙවියන් වහන්සේ දර්මය මිනිසාටදී එය සංවිධානය කිරීමේ කට යුත්ත යක්ෂයාට භාරදුන්නලු. බෝ දහම් ගැන මිනිසුන් කලකිරෙන්නේ එම දහමේ මුල් පිරිසිදු කියවීම් තුල නොව ඉහතකී පසු සංස්කෘතිකමය හා සමාජීය සංස්කරනයන් සමග කටයුතු කිරීම තුල බව කරුනා කර වටහා ගන්න. ඔබ කැමති කාලයක් මෙහි සිටින්න. මා ඇතුලු මෙහි සිටිම මිනිසුන් විදින සහනසීලී සැහැල්ලුව ඔබත් හිමි කර ගන්නට උත්සාක කරන්න. මතක තබා ගන්න ඒ සදහා ඔබ බුදු දහම වැලද ගන්නට උවමනාම නැති බව. හොදයි මහත්මයා මේ බව තේරුම් ගන්න. මේ මානුශික ක්‍රියා වලියේ සහනය විදින්නට ඔබ "බෞද්ධයන් සදහා පමනක්" ලෙස නම් කර ඇති බෝඩ්ලැල්ලක් එල්ලා ඇති දොරටුවෙන්ම ඇතුලු විය යුතු නැහැ.
පසුදින සැදැ සමාලෝචන රැස්වීමේදී එතුමා තම අත්දැකීම ලොකුස්වාමීන් වහන්සේ ඉදිරියේ හෙලිකරන්නට පටන් ගත්තේ තම ආගම ගැන පවා මහත් උපහාසයෙන් මෙනි. ලොකුස්වාමීන් වහන්සේ සුපුරුදු කාරුනික මද සිනාව සමග මෙසේ පිලිතුරු දුන්නාය. "අමානුශික ගති පැවතුම් නැති සියලුම ආගම් ඇත්තෙන්ම ගෞරවනීයයි. අනික් අතින් බොහෝ ආගම් වලට අමානුශික ගති පැවතුම් පැමින ඇත්තේ සංස්කෘතිකව වන සංස්කරනයේදී මිස මුල් දහමේ ස්වභාවය තුල නොවන බව අපි වටහා ගත යුතුයි. මම ඔබට විසුලු සහගත උනත් ගැබුරු අර්තයක් සහිත පුංචි කතාවක් කියන්නම්. දෙවියන් වහන්සේ දර්මය මිනිසාටදී එය සංවිධානය කිරීමේ කට යුත්ත යක්ෂයාට භාරදුන්නලු. බෝ දහම් ගැන මිනිසුන් කලකිරෙන්නේ එම දහමේ මුල් පිරිසිදු කියවීම් තුල නොව ඉහතකී පසු සංස්කෘතිකමය හා සමාජීය සංස්කරනයන් සමග කටයුතු කිරීම තුල බව කරුනා කර වටහා ගන්න. ඔබ කැමති කාලයක් මෙහි සිටින්න. මා ඇතුලු මෙහි සිටිම මිනිසුන් විදින සහනසීලී සැහැල්ලුව ඔබත් හිමි කර ගන්නට උත්සාක කරන්න. මතක තබා ගන්න ඒ සදහා ඔබ බුදු දහම වැලද ගන්නට උවමනාම නැති බව. හොදයි මහත්මයා මේ බව තේරුම් ගන්න. මේ මානුශික ක්‍රියා වලියේ සහනය විදින්නට ඔබ "බෞද්ධයන් සදහා පමනක්" ලෙස නම් කර ඇති බෝඩ්ලැල්ලක් එල්ලා ඇති දොරටුවෙන්ම ඇතුලු විය යුතු නැහැ.
2011-04-27
තර්කානුකූල බුද්ධියේ සැගව ඇති සැබෑ අතාර්කික බව වටහා ගන්නට ......
බොහෝ වියත් මහතුන් ජීවිතකාලයක් පූරා කටපාඩම් කර ගත් බොහෝ දැ මේ ආශ්‍රම භූමියතුලදී ඉවත ලන්නේ පුදුමාකර සැහැල්ලුවකින්ය. තම ජීවන උපාය පවත්වාගෙන යම සදහා ඇරුන විට මෙහි එන්නට පෙර තමන්ගේ ජීවිතය උදසායැයි විශ්වාස කරමින් එක් රැස් කරගත් බොහෝ දැහි ඇති නිස්සාර බව ඔවුනට අවබෝධ වන්නේ නිතැතින්ය.තර්කානුකූල බුද්ධියේ සැගව ඇති සැබෑ අතාර්කික බව වටහා ගන්නට අපූරු බිමක් ලෙස මේ ආශ්‍රම භූමිය මට හැගේ.
එය අති පිරිසිදු කුඩා වීදුරු ගොලයක් නම්...........
එය අති පිරිසිදු කුඩා වීදුරු ගොලයක් නම්. අනන්තයක් තරම් කුඩා පුලිගු හැම ක්ශනයකම ඔබ මොබ විසිරෙන අයුරු සිතන්න. මහත් සංකීර්න දැලක් මෙන් මොහොතින් මොහොත පසිදුරන් ඔස්සේ ගලා එන අලුත් දැනීම් ඔස්සේ නැවත නැවත මේ දැල ශක්තිමත් වේ, තවත් විටක කඩා වැටේ. එනමුත් එක තැන නැවත නැවත සරන බවක් කිසිදා අපට නොහැගේ. වඩාත් දැනෙන ඊලග මොහොතක් ගැන සිහිනයක් සමග අප නැවත නැවත ........................
ආශ්‍රම කදු වැටිමත්තෙන් දිවෙන කුඩා මාවත ඔස්සේ........
ආශ්‍රම කදු වැටිමත්තෙන් දිවෙන කුඩා මාවත ඔස්සේ දකුනු දෙසට වන්නට හොරා දෙක තුනක පා ගමනක අවසානයේ පිවිසෙන්නේ තෘන විසිර ගත් විශාල නිම්නයකටය. ආශරමයෙන් උදැසන මද අදුරත් සමග ගමන ආරම්භ කලවිට ආශ්‍රම පරිසරයේදී මා දුටු තවත් අපූරුතම දසුනක් දැක ගත හැක. තන නිල්ල මත විසිරුනු කුඩා පිනි බිදු මතට ඇදවැටෙන උදා හිරු කිරන මවන අසිරිමත් දසුනකි එය. දිලිසෙන පිනි බිදු, මිනිකැට විසිරුනු පාරදීසයක අසිරියක් මවනවා වැනිය. ඉතාම කලා තුරකින් දකින ගැමියෙකු හැරුනු විට ඔබේ දැහැන බිදින්නට ආගන්තුක කිහිදු කාරනාවක් නොමැතිය. වනසීමාවට ඔබ්බෙන් වන ගල්කුලක පහසුවෙන් අසුන්ගත හැකි තැනක් තෝරා ගත හොත් සැදැ අදුර තෙක් මනසේ ශාන්තිමත් ස්තරය සමග කාලය ගතකරන්නට හැකි වනු ඇත.
2011-04-26
මෙහි තරගයක් නොමැත. ඔබ පුදුම වනු ඇත.
මෙහි තරගයක් නොමැත. ඔබ පුදුම වනු ඇත. බොහෝ කලක් දහම ප්‍රගුන කරමින් උසස් ශාන්තිමත් තලවලට පිවිසි සිල් ඇත්තන් මෙහි වෙසෙන බවට මටනම් කිසිදු සැකයක් නොමැත. සමහර විටක ආගන්තුක සිල ඇත්තෙකුට තම අසුන පිරිනමා පසකටවන උසස් සිල් ඇත්තන් තුල ඒ ගැන කිසිදු ගැටලුවක් නැතිය. අර කී සිල් ඇත්තන්ගෙන් රැස්මාලා විහිදෙන්නේ වත් පිච්චමල් සුවද විහිදෙන්නේවත් නැත.පැහැදිලිවම ඒ ඇත්තනුත් මිනිසුන්ය. එම මිනිසුන් තුල ප්‍රගුන කල දහම විසින් හික්මවන ලද අවබෝදයෙන් උසස් මනසක් තිබෙනවා විය යුතුයැයි මම සිතමි. විටක ඈත හිමයෙන් මෙහි වඩින උසස් සිල් ඇත්තන් මෙහි අසනීපව සිටි ආගන්තුකයෙකුව නහවා පිරිසිදු කොට ආහර ගැනීමට පවා සහයවනු මම සියසින් දැක ඇත්තෙමි.
සමහරු පිරිතේ මහා බලයක් ගැන කතා කරති, සුලගේ සැගව ඇති බුදුවදන්..........
සමහරු පිරිතේ මහා බලයක් ගැන කතා කරති, සුලගේ සැගව ඇති බුදුවදන් සොයන්නට මහත්සේ උත්සාහා කරයි. බුදුන් වහන්සේගේ බලයක් ගැන කතා කරති. ඒවා ගැන අනුන්ට වටහා දෙන්නට මහත්සේ වෙහෙසෙති , විටක විශාල ලෙස මුදල්ද පවා අයකරති.තමන් තුල සැගව ඇති තමන්ට පමනක් අවදිකර ගත හැකි අපමන දහම් ශක්තිය ගැන ඔවුහු අමතක කරති. වරක් ඉන්දියාවේ යෝගී ආශ්‍රමයකදී මට හමුවූ ඇමරිකානු තරුනයෙකු වර්තමාන දහම් වියතුන් උපහාසයට ලක් කරමින් මට කිවේ" වෙලාවට ඔයගොල්ලන්ගේ බුදු හාමුදුරුවන් මීට අවුරුදු දහස් ගනනකට ඉස්ස්සල්ලා ඉපදිලා තියෙන්නේ,මේ කාලේ එහෙම ඉපදුනානම් බුදු දහම ගැන බුදුහාමුදුරුවන්ටත් අපේ දේශපාලකයොයි විද්වතුනුයි සමහර ස්වාමීන් වහන්සේලායි කියලදෙයි" කියාය.
ඔවුහු ශාන්තිවාදී මනසක් ගැන බොහෝ දේ කියති..............
ඔවුහු ශාන්තිවාදී මනසක් ගැන බොහෝ දේ කියති. සිරුර මතුපිට බොහෝ සංකේතද එල්ලා ගෙන සිටිති. සමහර විටක පිරිසක් ඉදිරියේ මහා මිහිරි හඩකින් දහම ගායනාද කරයි. පිරිසක් සමග සිටින විටදී වුවද විහාරස්තානයේ ලොකු ස්වාමීන් වහන්සේගේ පලමු පිලිගැනීමේ සිනාව ලබන්නට තරම් දක්ෂද වේ. මේවා බොහෝ දේ අපූරුය වාසනාවන්තය (භාවිත දහමට අනූව) , අවසනාවන්තම කරුන නම් ඔවුන්ගේ දහම මෙතැනින් අවසන්වේ. ජීවිතය තුලට එබී බලන අයෙකුට හැගෙන්නේ ප්‍රාතමික සංස්කෘතික විනය වත් ඔවුන් තුල නැති බවයි.
2011-04-23
සමහර විට ඔබත් මේහි එන්නෙට කැමැත්තෙන් සිටිනවා විය හැකියි.........
සමහර විට ඔබත් මේහි එන්නෙට කැමැත්තෙන් සිටිනවා විය හැකියි. ඇත්තෙන්ම එය මිනිසෙකුට තම ජීවිතයතුලදී ලැබිය හැකි අපූරුතම අත්දැකීමකි, වාසනාවන්තම අත්දැකීමකියැයි මම විස්වාශකරමි.ආශ්‍රම කදු පන්තියෙන් භාගයක උස දවසින් වැඩි හරියක් පවතින්නේ මීදුම් වලාවන් දවටා ගෙනය. බොහෝ ආගම්වල පවසන දෙව් ලොව මෙවැනි විය හැකියයි මම අනුමාන කරන්නේ අරකී අපූරු සොබා දහම සමග ආදරනීය මිනිසුන් පිරිසක් මෙහි වෙසෙන බැවිනි. මිනිස් ශිස්ඨාචාරයේ පවතින නායකයා හා යටහත් වැසියාගේ සිට සියලුදෙනාම සමාන පුර වැසියන් යන දැක්‍රම වෙදයන්ම ඉක්මවා ගිය හොදින් වැඩූ දහම් සිත නිසා මෙහි එකිනෙකා පාලනය වන්නේ ස්වංඅවබොදයකිනි. ඉතාමත්ම කලා තුරකින් අයෙක් පමනක් මෙම වැඩූ දහම් සිතමත පිහිට ගත් සමාජ ක්‍රියා වලිය විද දරා ගත නොහැකිව මෙයින් පිටව යනු දැකිය හැකියී.සරලම උදාහරනය නම් ඔබේ යම් අපහසුතාවයක් ඉදිරියේ නායක ස්වාමීන් වහන්සේ තම දානය වැලදීම පසකලා ඔබේ ආහාරය පිලියල කර දෙන්නට ඉදිරිපත් වනු ඇත. එසේ වීම උන්වහන්සේ ඉක්මවා යන්නට සිත් දෙන ක්‍රියාවක් ලෙස මෙහි කිසිවෙකු හදුනා නොගනී. ඔබට අවැසිනම් අද මෙහි පැමින හෙට මෙහි නායකයා විය හැකිය.ඊලග දිනය වන විට ඔබ වටහා ගන්නේ මෙවන් ශාන්තිමත් මනසවල් ගොන්නක් ඉදිරියේ ඔබ මොන තරම් හිස් කුනු රොදක්ද කියාය. ඉලග දිනය වන විට ඔබ මෙතැනින් පලාගිය හොත් මම ඒ ගැන පුදුම නොවෙමි.
2011-04-17
භාවනව යනු ඔබේ මනස තුල ඇති ශාන්තිමත්ම ස්තරය කරා නැවත ඔබේ මනස ..........
"භාවනව යනු ඔබේ මනස තුල ඇති ශාන්තිමත්ම ස්තරය කරා නැවත ඔබේ මනස ගෙනයන්නට දරන ආදරනීය උත්සාහය පමනී. ඔබේ ව්‍යාකූල භාවය ඔබ සිතන්වාට වඩා මහත්සේ බරපතලය. ආපසු ගමන මෙතරම් නම් ගොඩකින් හදුන්වන තැන් රාශියක් පසුකරන්නට සිදුවන්නේ මේ නිස විය යුතුය. බිදෙන් බිද ඔබ ඒ ශාන්තිමත් බවකරා ලංවනවිට ඔබ තුලම කලබලනිසාම මග හැරී තිබූ අපූරු ශක්ති කාන්ඩ නිරාවරනය වන්නට පටන් ගනී. මෙය අප අදහන ආගම දහම පිලිබද ගැටලුවක් නොවේ. සියලු මිනිසුන්ට පොදු කාරනාවකි. සමහර විටක ඔබේ දහම සංස්කෘතිය තුල සංවිධානය වීමේදී මේ සොදුරුතම තත්වයන් මගහැරීතිබීම ඔබ අදහන දහමේ අඩුපාඩුවක් නොනු ඇත." ආශ්‍රමයට පිවිසෙන ආගන්තුක අමුත්තෙකුට මුලින්ම ලබා දෙන පත්‍රිකාවක තිබූ සටහනක කොටසකුයි ඒ.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...










