2011-04-28

ඔහු ක්‍රිස්තු භක්තික ධනවත් මහතෙකු වූවාය.........

ඔහු ක්‍රිස්තු භක්තික ධනවත් මහතෙකු වූවාය. තම පල්ලියේ ස්වාමී සමග ඇතිවූ සිත් අමනාපයක අවසනයේ බුදු දහම වැලද ගැනීමට තීර්නය කලා වියයුතුය. ආශ්‍රමය වෙත පැමිනෙන සියලුම දෙනා පාහේ  අවසාන කදුයයවල් දෙක  පසුකරන්නේ තනියමය.  එනමුත් තැනින් තැන හමුවන ගම් වාසීන් එම අමුත්තන් ‍රැක බලා ගන්නේය. නමුත් මා පෙර කී මහතා පැමින සිටියේ නගරයෙන් විසාල මුදලක් ගෙවා සේවය ලබා ගත් කුලී සේවකයින් දෙදෙනෙකුද සමගය.
 පසුදින සැදැ සමාලෝචන ‍රැස්වීමේදී එතුමා තම අත්දැකීම ලොකුස්වාමීන් වහන්සේ ඉදිරියේ හෙලිකරන්නට පටන් ගත්තේ තම ආගම ගැන පවා මහත් උපහාසයෙන් මෙනි. ලොකුස්වාමීන් වහන්සේ සුපුරුදු කාරුනික මද සිනාව සමග මෙසේ පිලිතුරු දුන්නාය. "අමානුශික ගති පැවතුම් නැති සියලුම ආගම්  ඇත්තෙන්ම ගෞරවනීයයි. අනික් අතින් බොහෝ ආගම් වලට අමානුශික ගති පැවතුම් පැමින ඇත්තේ සංස්කෘතිකව වන සංස්කරනයේදී මිස මුල් දහමේ ස්වභාවය තුල නොවන බව අපි වටහා ගත යුතුයි. මම ඔබට විසුලු සහගත උනත් ගැබුරු අර්තයක් සහිත පුංචි කතාවක් කියන්නම්. දෙවියන් වහන්සේ දර්මය මිනිසාටදී එය සංවිධානය කිරීමේ කට යුත්ත යක්ෂයාට භාරදුන්නලු. බෝ දහම් ගැන මිනිසුන් කලකිරෙන්නේ එම දහමේ මුල් පිරිසිදු කියවීම් තුල නොව ඉහතකී පසු සංස්කෘතිකමය හා සමාජීය සංස්කරනයන් සමග කටයුතු කිරීම තුල බව කරුනා කර වටහා ගන්න. ඔබ කැමති කාලයක් මෙහි සිටින්න. මා ඇතුලු මෙහි සිටිම මිනිසුන් විදින සහනසීලී සැහැල්ලුව ඔබත් හිමි කර ගන්නට උත්සාක කරන්න. මතක තබා ගන්න ඒ සදහා ඔබ බුදු දහම වැලද ගන්නට උවමනාම නැති බව. හොදයි මහත්මයා  මේ බව තේරුම් ගන්න. මේ මානුශික ක්‍රියා වලියේ සහනය විදින්නට ඔබ "බෞද්ධයන් සදහා පමනක්" ලෙස නම් කර ඇති බෝඩ්ලැල්ලක් එල්ලා ඇති දොර‍ටුවෙන්ම ඇතුලු විය යුතු නැහැ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...