2011-04-23

සමහර විට ඔබත් මේහි එන්නෙට කැමැත්තෙන් සිටිනවා විය හැකියි.........

සමහර විට ඔබත් මේහි එන්නෙට කැමැත්තෙන් සිටිනවා විය හැකියි. ඇත්තෙන්ම එය මිනිසෙකුට තම ජීවිතයතුලදී ලැබිය හැකි අපූරුතම අත්දැකීමකි, වාසනාවන්තම අත්දැකීමකියැයි මම විස්වාශකරමි.ආශ්‍රම කදු පන්තියෙන් භාගයක උස දවසින් වැඩි හරියක් පවතින්නේ මීදුම් වලාවන් දවටා ගෙනය. බොහෝ ආගම්වල පවසන දෙව් ලොව මෙවැනි විය හැකියයි මම අනුමාන කරන්නේ අරකී අපූරු සොබා දහම සමග ආදරනීය මිනිසුන් පිරිසක් මෙහි වෙසෙන බැවිනි. මිනිස් ශිස්ඨාචාරයේ පවතින නායකයා හා යටහත් වැසියාගේ සිට  සියලුදෙනාම සමාන පුර වැසියන් යන දැක්‍රම වෙදයන්ම ඉක්මවා ගිය හොදින් වැඩූ දහම් සිත නිසා මෙහි එකිනෙකා පාලනය වන්නේ ස්වංඅවබොදයකිනි. ඉතාමත්ම කලා තුරකින් අයෙක් පමනක් මෙම වැඩූ දහම් සිතමත පිහිට ගත් සමාජ ක්‍රියා වලිය විද දරා ගත නොහැකිව මෙයින් පිටව යනු දැකිය හැකියී.සරලම උදාහරනය නම් ඔබේ යම් අපහසුතාවයක් ඉදිරියේ නායක ස්වාමීන් වහන්සේ තම දානය වැලදීම පසකලා ඔබේ ආහාරය පිලියල කර දෙන්නට ඉදිරිපත් වනු ඇත. එසේ වීම උන්වහන්සේ ඉක්මවා යන්නට සිත් දෙන ක්‍රියාවක් ලෙස මෙහි කිසිවෙකු හදුනා නොගනී. ඔබට අවැසිනම් අද මෙහි පැමින හෙට මෙහි නායකයා විය හැකිය.ඊලග දිනය වන විට  ඔබ වටහා ගන්නේ මෙවන් ශාන්තිමත් මනසවල් ගොන්නක් ඉදිරියේ ඔබ මොන තරම් හිස් කුනු රොදක්ද කියාය. ඉලග දිනය වන විට ඔබ මෙතැනින් පලාගිය හොත් මම ඒ ගැන පුදුම නොවෙමි.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...